Chitika Smowtion 468x60


Sunday, June 3, 2012

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පනියි.


කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියක් නුගේගොඩ දුම්රිය ස්ථානයේදී පිලී පැනීම හේතුකොට ගෙන පරණ කැස්බෑව මාර්ගය හා නාවල -පරණ පාර ඇතුළු මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප‍්‍රමාදයක් සිදුවිය හැකි බවයි තවදුරටත් වාර්තා වනවා. 

එම අවස්ථාවේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ 'බහුජන හිතාය' දේශනාව සහ ඕමල්පේ සෝබිතගේ 'මරා හිතාය' දේසනාව.!


මහාචාර්ය 
බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ 'බහුජන හිතාය' දේශනාව සහ ඕමල්පේ සෝබිතගේ 'මරා හිතාය' දේසනාව.!

පූජක වරුන්ට සමාජයේ ඇති ගෞරවය තව දුරටත් තබා ගැනීමට නම් සියළු ආගම්වල පූජක වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම වළකාලන සංශෝධනයක් කළ යුතු යැයි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමෙන් පසු එය විකෘති ආකාරයකින් ජාතික හෙළ උරුමයේ චීවරධාරීන් විසින් අර්ථ ගන්වමින් තිබේ. ඔවුන් පවසන්නේ එයින් භික්ෂූන්ට දේශපාලනය කිරීමේ මූලික අයිතිය උල්ලංඝනය වන බවයි. එවැන්නක් එම යෝජනාවේ සඳහන් නොවූවද කබරගොයා තලගොයා කර ගැනීමේ දක්ෂ හෙළ උරුමය එලෙස අර්ථ ගන්වයි. යොජනාවේ සඳහන් වන්නේ සියළු ආගමික පූජක වරුන් සඳහා වන බව හෝ නොසලකයි.

භික්ෂූන් කුමන දේශපාලනයක් දෙසූවද ඔවුන් බුදුරජානන් වහන්සේගේ ධර්මය අනුව ක්‍රියා කරන්නේ නම් ප්‍රථමයෙන්ම සංඝයා වෙනුවෙන් බුදුන් දෙසූ 'බහුජන හිතාය, බහුජන සුඛාය' යන පදනමින් පිට පැනිය නොහැක. මේ කාරණාව රටේ ප්‍රධාන සංඝයා වහන්සේලා දෙදෙනෙක් අද කරන ලද ප්‍රකාශ දෙකකින් ජනතාවට තේරුම් ගත හැකි වනු ඇත.

මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන හිමියන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා වූ සංසදය මගින් 'ජාතික ප්‍රතිසංධානය සහ සමාජ සාධාරණත්වය' මැයෙන් කොළඹදී අද සංවිධානය කළ සම්මන්ත්‍රනයකදී මෙසේ පැවසූහ.

කොළඹ හමුදා මාර්ග බාධක වලින් හමුදාව ඉවත් වේ

යුදහමුදාව විසින් පවත්වාගෙන ගිය කොළඹ නගරයේ මුර කපොළු වලින් යුද හමුදාව ඉවත් වී ඒවා පොලිසිය වෙත ඊයේ සිට බාර දුන් බව යුදහමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. දිනෙන් දින කොළඹ ආරක්ෂක තත්ත්වය හොඳ අතට හැරෙන බැවින් මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කරයි.

මේ අනුව කැළණි පාලම මාර්ග බාධකය, කොටුවේ මාර්ග බාධකය, අක්බාර් මාවතේ මාර්ග බාධකය, කොල්ලූපිටිය මංසන්ධියේ මාර්ග බාධකය, මැලේ වීදියේ මාර්ග බාධකය, ඕල්කොට් මාවත මාර්ග බාධකය, වැල්ලවත්ත මාර්ග බාධකය පාමංකඩ මාර්ග බාධකය සහ බම්බලපිටිය මුහුදු මාර්ගයේ මාර්ග බාධකය යන හමුදා මාර්ග බාධක වලින් හමුදාව 
ඊයේ සිට ඉවත්වනවා ඇත.

දුමින්ද සිල්වා ලබන මස ලංකාවට


කොලොන්නාවේ ඇති වූ වෙඩි තැබීමේ සිදුවීමකින් හිසට වෙඩි උණ්ඩ දෙකක් ඇතුළු වී බරපතල තත්වයෙන් රෝහල් ගත කල පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැඩි දුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවේ "ද මවුන්ට් එලිසබෙත්" රෝහල වෙත ඇතුලත් කරන ලදී.

මාස හයකට අධික කාලයක් එම රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට මිලියන 18 කට වඩා රෝහල් ගාස්තු වැයවී ඇති බව අප මෙයට පෙර වාර්තාකරනු ලැබුවා.

ජනාධිපති උපදේශක භාරත ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුද දුමින්ද සිල්වා වේ.දුමින්ද සිල්වා ඇල්ලීමට වරෙන්තු නිකුත් කල විට රහස් පොලිසිය එය පමා කල අතර පසුව පැවසුවේ දුමින්ද සිල්වා සිංගප්පුරුවේ රෝහලක සිහි මද ගතියෙන් පසුවන බවයි.

Share this article with your friends