Chitika Smowtion 468x60


Thursday, May 31, 2012

එක වසරකට කාන්තාවන් 607 ක් සහ ළමයින් 1180 ක් දූෂණය කරන ආශ්චර්යමත් දූපතක්


පොලිස් වාර්තාව හෙළිකරයි.!
ලමයින්ට වැඩියෙන්ම අපරාධ කර ඇත්තේ ලඟම නෑදෑයන් සහ භාරකරුවන් බව හෙලිවේ.!

ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් වැදගත් දත්ත සංඛ්‍යා ලේඛණ රැසක් එළිදක්වන පොලීසිය ඒවා ඉදිරිපත් කරන්නේ ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි වැරදි වැලැක්වීමට මිස ළමයින්ට හා කාන්තාවන්ට එරෙහිව අපරාධ විශාල සංඛ්‍යාවක් සිදුවී ඇතැයි හුවා දැක්වීමට නොවණ බව ප්‍රකාශ කරයි.

අද සවස පොලිසිය විසින් නිකුත් කරන ලද ළමා හා කාන්තා අපරාධ සම්බන්ධ සංක්ෂිප්ත වාර්තාව පහත පරිදිය.

2011 වර්ෂය සඳහා ළමයින්ට පහරදීම් සිද්ධින් 252 ක් ද, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධ වැරදි (වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට ස්ත්‍රී දූෂණය සිදු කිරීම) 1169 ක් ද, ව්‍යාභිචාරය හෙවත් ලේ ඥාතීන් අතින් සිදුවූ ලිංගික අපරාධ 11 ක් ද වාර්තා වී ඇති අතර මනුෂ්‍ය ඝාතන වලට ගොදුරු වූ ළමයින් සංඛ්‍යාව 27 කි.

2012 වර්ෂයේ ජනවාරි 01 දින සිට මාර්තු 31 දින දක්වා පළමු කාර්තුව තුල ළමයින්ට පහරදී තුවාල සිදු කිරීම් 90 ක් ද, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ 317 ක් ද, ව්‍යාභිචාර 05 ක් ද ළමයින් මරණයට පත් කිරීම් 14 ක් ද වාර්තා වි ඇත

මෙම සිද්ධින් වලින් 95% සම්පූර්ණයෙන්ම විසඳා සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇත. ළමා අපරාධ බොහොමයක් වාර්තා වි ඇත්තේ අනුරාධපුරය, අම්පාර, කුරුණෑගල, මොණරාගල, රත්නපුර, පොළොන්නරුව, පානදුර, මාතලේ, හලාවත, කෑගල්ල, තංගල්ල, මහනුවර සහ ගම්පහ ප්‍රදේශ වලිනි

හිලරිට දුන්නෙ තමන්ට පෙන්නපු එකමද කියල ආණ්ඩුවෙ අයටම සැකයි


පසුගිය 29 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පැලවත්ත ප්‍රධාන කාර්යාලෙදි මුණගැහුණා. "ජිනීවා යෝජනාවල ආණ්ඩුවේ කැමැත්ත අනුව කළ යුතුයිකියලා තියෙන නිසා ආණ්ඩුව විරුද්ධ වෙලා. ඒත් මෙහෙම විරුද්ධයි කියන අතරේ පස්සා දොරෙන් හිලරි ක්ලින්ටන්ට යෝජනා බාර දෙනවා."අනුර දිසානායක මහතා කිව්වෙ, ඇමරිකාවට පෙන්නපු හදිසි ක්‍රියාකාරී සැලැස්ම ගැන ආණ්ඩුව ඇතුලෙ ලොකු ආන්දෝලනයක් තියෙන බවයි. "හිලරිට දුන්නෙ තමන්ට පෙන්නපු එකමද කියලා සමහරුන්ට සැකයි. තවත් අය එක එක පක්ෂවලට පෙන්නුවෙත් වෙනස් එකක් බව කියනවා." මෙහිදි ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ මහතා ආණ්ඩුව හිලරි ක්ලින්ටන්ට දීපු ක්‍රියාකාරී සැලැස්ම රහසිගතව තිබීම භයානක තත්වයක් බව කියා සිටියා.

රටට ප්‍රශ්නයක් ඇතිකරන එකක් නොවෙයිනම් ආණ්ඩුව කිසිසේත්ම එය රහසිගත විදියට තබා නොගන්න බව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කිව්වා. ඇත්ත වාර්තාව රටට හෙළිදරව් කර ගැනීමේ අවශ්‍යතාව මතු කරපු සෝමවංශ මහතා ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව පාර්ලිමේන්තුවේ 23/2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ලෙස අනුර දිසානායක මහතාට කිව්වා.

ආණ්ඩුව තේරීම් කාරක සභා ප්‍රෝඩාවක් නැවතත් තොරොම්බල් කරමින් ඉන්න බව ලාල් කාන්ත මහතා පෙන්වා ජ.වි.පෙ. ස්ථාවරය, ජාතික ගැටලූව විසඳීම සඳහා වන කෙටි කාලීන හා දිගු කාලීන යෝජනා මාලාවක් සහිතව ඉදිරි කාලයේදී රටට ඉදිරිපත් කළ යුතු කළ බවට සියලූ දෙනා එකඟවුණා.

අහිතවත් තානාපති කාර්යාල වර්ජනය කරන්න !


රෙජීමාධිපතිගෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්ට නියෝග.

මරා රෙජීමයට හිතවත් නැති තානාපති කාර්යාල වල උත්සව සඳහා සහභාගී නොවන ලෙස රෙජීමාධිපති රාජපක්ෂ මහතා විසින් මීට දින කිහිපයකට පෙර පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී උපදෙස් දී ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව යනු එම පක්ෂයේ තීන්දු ගන්නා ඉහළ සංවිධානයයි. එජාපයෙන් ආණ්ඩුවට පනින ලද ජොන්ස්ටන් වැනි ප්‍රබල ඇමැති වරුන් පවා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය නොකරයි. නමුත් කරුණා අම්මාන් නියෝජනය කරයි.

මෙහිදී රෙජීමාධිපතිවරයා හිතවත් නැත්තේ කුමන තානාපති කාර්යාලදැයි නම් වශයෙන් හඳුන්වා දී නැත. ශ්‍රීලනිප පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග කාලාන්තරයක් තිස්සේ හිතවත් තානාපති කාර්යාල සමග ඔවුනොවුන් සම්බන්ධතා පවත්වන අතර එහිදී සම්මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන්ට කිසිසේත්ම එකඟ නැතිව මරා රෙජීමය විසින් මේ වන විට කරගෙන යන විකෘති සහ විනාශකාරී ක්‍රියා ගැන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ඒ ඒ තානාපති කාර්යාල සමග සුහදව තොරතුරු හුවමාරු කරගෙන තිබේ.

‘මැජෙස්ටික් සිටි ප‍්‍රභා’ අතුරුදහන් කිරීමට හතුරුසිංහ සම්බන්ධයි


කොළඹ ‘මැජෙස්ටික් සිටි’ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ තුන් වෙනි මහලේ 3-26 සහ 3-27 යන ස්ථානයන්හි ‘පැනමා ටේ‍්‍රඩර්ස්’ නමින් ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමේ ආයතනයක් පවත්වාගෙන ගිය රාමසාමි ප‍්‍රභාකරන් (42) නොහොත් ‘මැජෙස්ටික් සිටි ප‍්‍රභා’ අතුරුදහන් කිරීමට උතුරේ ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා සම්බන්ධ බව ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත හෙළිදරව් කළේය.
නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩූල් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන යන අයට එරෙහිව මොහු විසින් ජනාධිපති නිතීඥ රොමේෂ් සිල්වා මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් නඩුවක් ගොනු කර තිබූ අතර, එය 2012 පෙබරවාරි 13 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබියදී පෙබරවාරි 11 වනදා සුදු වෑන් රථයකින් මොහුව පැහැරගෙන යනු ලැබීය. වැල්ලවත්ත, චැපල් බෑන්ක් මාවතේදී එදින පස්වරු 3.30 ට පමණ මොහුව පැහැරගෙන ගොස් ඇති අතර, එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ කි‍්‍රයාත්මක වන ‘සුදු වෑන්’ කල්ලිය විසින් සිදු කරනු ලැබූ බවට වාර්තා වේ.

ජනපති නියමයෙන් ජොනී නිදහස් කිරීම ගැන විරෝධයක්


ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සිටි වකවානුවේදී එවකට කුරුණෑගල ශී‍්‍ර ල.නි.ප. ආසන සංවිධායකවරයාව සිටි ජයරත්න හේරත් මහතාගේ නිවසට බලහත්කාරයෙන් කඩා වැදී එහි නිවැසියන් බියගන්වා නිවසට අලාභහානි සිදු කිරීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුව ජනාධිපතිවරයාගේ බලපෑම් මත අධිකරණය විසින් හකුලා ගැනීම පිළිබඳව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ශී‍්‍ර ල.නි.ප. මැති ඇමැතිවරුන්ගේ බලවත් කෝපයට හේතු වී තිබේ.

මර්වින් නිදහස්


මාධ්‍යයට කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මර්වින් සින්ල්වා ඇමතිවරයාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු නිදහස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා අරලියගහ මන්දිරයේදී පවතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මාධ්‍යවල පළවුයේ තමන් විසින් පවසන ලද දේවල් නොවන බවත් තමන් එවැනි ප්‍රකාශ නොකළ බවත් මර්වින් සිල්වා මෙහිදී මධ්‍යම කාරක සභාවට ලිඛිතව දන්වා තිබේ.
එහිදී පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය මර්වින් සිල්වා මහතා වෙනුවෙන් කතා කරමින් පත්තරවල පලවන සියලු දේ සත්‍ය ලෙස ගත නොහැකි බවත් පුවත් පත් වාර්තා අනුව කෙනෙකුට දඬුවම් කිරීම සුදුසු නොවන බවත් පෙන්වා දී තිබේ.

Fill - T හා පිංපොන් බයිට් වුන හැටි



ලංකාවේ එකම ගැන්ග්ස්ටර් රැපර් ලෙස හදුන්වා ගන්න fill - T හා ස්වර්ණවාහිනියේ තට්ටු ගෙවල් ඔස්සේ ජනප්‍රියත්වයට පත් හිරාන් නොහොත් පිං පොං පසුගියදා අපුරු සිදුවීමකට මුහුණ දීමට සිදුවුවා.

ඒ ප්‍රශ්න පහක් ඇසීමට යයි ඔවුන්ව කැඳවා සිදුකරන ලද පටිගත කිරීමක් හේතුවෙනුයි.මෙම වැඩ සටහන "මෙගා බයිට්" ලෙස හදුන්වා දී ඇති අතර මෑතකදී විකාශය කල හිරු ටීවී ඔස්සේ විකාශය විය. 

fill - T හා හිරාන් සහභාගී වූ එම වැඩසටහන් දෙක පහතින් බලන්න 

සාලියගේ අලුත් පෙම්වතිය


විලාසිතා මගින් ජනප්‍රියත්වයට පත් නව පරපුරේ රංගන ශිල්පී සාලිය සත්යජිත්ගේ විවාහය පසුගිය වසරේ අසාර්ථක වූ අතර ඔහු එයට හේතුන් වශයෙන් කියා සිටියේ ඔවුන් අතර තිබු නොගැලපීම් එයට බලපෑ බවයි.

සාලිය සත්‍යජිත් මේවනවිට පෙම්වතෙකු වන අතර ඔහුගේ පෙම්වතිය වී ඇත්තේ 20 හැවරිදි නැටලි ප්‍රනාන්දු වේ.ඇය වෘතිමය නිරූපණ ශිල්පිනියක වන අතර සාලියට ඇය මුණ ගැසී ඇත්තේ විලාසිතා දැක්මකදීය.

මොවුන් දෙදෙනාගේ ආදරයට වයස් පරතරය බලපා නොමැති අතර නැටලි මේ වනවිට සිය උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

සාලිය ගොතික් විලාසිතාවන් අනුගමනය කරන අතර ඔහුගේ පෙම්වතියද ගොතික් විලාසිතාවන්ට ප්‍රියකරන බව වාර්තා වෙයි.


සාලිය හා නැටලිගේ ජායාරුප එකතුවක් පහතින් බලන්න   

නෙහාරා යලි මේනකට ලං වෙයි


නෙහාරා - මේනක තිරය පිටුපස ආදර කතාව බොහෝ දෙනකුට පසුගිය කාලයේ රහසක් වුවද මේනක රාජපක්ෂගේ දික්කසාදය ලැබීමත් සමග නෙහාරා සහ මේනක ප්‍රසිද්ධියේ පෙම්වතුන් මෙන් හැසිරීමට පටන්ගෙන තිබුණි.

මේ අතර මේනක රාජපක්ෂ රඟන චරිත ඇතුලත් ටෙලි නාට්‍යය වලට නෙහාරා ද දායකවීමේ වුවමනාවක් පසුගිය කාලයේ තිබු අතර ඒ අනුව නෙහාරා හා මේනක යලිත් එක්ව රඟපාන ටෙලි නාට්‍යයවන "සංසාර සක්මන" ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුනා.

එය සෆ්රාස්ගේ අධ්‍යක්ෂණයක් වන අතර හෙරල්ඩ් විජේසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.එම අවස්ථාවේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 


රොෂාන් - චතුරිකා රහසේ විවාහ වෙයි?



ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය සමග පමාවූ විවාහය පිලිබඳ පසුගිය කාලයේ බොහෝ මාධ්‍යය වල කතාබහට ලක්වුවා.

විවාහය පමාවීම පිලිබඳ එසේ මාධ්‍යය පුවත් පළකරද්දී රන්ජන් රාමනායක ප්‍රසිද්ධියේ පුවත්පතකට කියා තිබුනේ තමා චතුරිකාට ආදරේ බවත් එවන් සම්බන්ධතාවයක් තිබිමටද හැකි බවය.

නමුත් පසුගිය සතියේ පුවත්පතකට දෙන ලද ප්‍රකාශයකින් කියා තිබුනේ ඔවුන් දෙදෙනා දැනටමත් විවාහ වී අවසන් බවය. තවමත් කැන්දන් යාම සිදු කර නොමැති බවත් ගෙදර වැඩ කටයුතු අවසන් වූ විගස කැන්දන් යාමේ මංගල උත්සවය ඉටු කරන බව ඔවුන් දෙදෙනා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනා.


ඒ පිළිබඳව අදහස් දක්වන චතුරිකා 

රටට වින කරන වෙබ් අඩවි පිලිබඳ ජනපති හෙළි කරයි


වෙබ් සයිට් 8 ක්ම කරන්නේ එක පුද්ගලයෙක් 

මේ දිනවල තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් රටට වින කරන වෙබ් අඩවි පිලිබඳ හෙළිදරව්වක් සිදුකරනු ලැබුවා.

පහතින් දැක්වෙන්නේ එහිදී ජනාධිපතිතුමා විසින් සිදුකල කතාවයි.
පහුගිය අවරුදු 30 ක කාලයක් අපේ රටේ තිබ්බ ත්‍රස්තවාදය අවසන් කරලා අද රට සියලු ජාතීන්ට සිංහල වේවා ඉස්ලාමිය වේ වා ජාතීන්ට එකමුතුව එකම රටක් තුල සහයෝගීත්වයෙන් ජිවත් වීමේ පරිසරයක් ගොඩ නගා තිබෙනවා.ශ්‍රී ලංකාව අද 8.3% වර්ධන වේගයක් පවත්වාගෙන යනවා.
පහුගිය අවරුදු දෙකේම 8% කට වඩා වර්ධන වේගයක් පවත්වාගැනීමට හැකි වුනා.උතුරේ සංවර්ධනය 22% වැඩි වෙලා තියෙනවා කිව්වම එකෙන් පේනවා අපි මොන තරම් වැඩ කොටසක් උතුරට කරලා තියෙනවද කියල.

පිටරැටියන්ට ලංකාවේ වැඩි හරියක් තොරතුරු ලබාගන්න පුළුවන්කම තියෙන්නේ වෙබ්සයිට් එකෙන්.

Wednesday, May 30, 2012

අර්ථ සාධක අරමුදල වෙනුවෙන් දිවිපිදූ රොෂාන්


කටුනායක රොෂාන් කම්කරු පංතියේ ඉල්ලීම් උඩ කල සටනේ දී මියගිය විරුවා ලෙසටයි ඉතිහාස ගත වෙන්නේ. තම යුද්ධ ජය උඩ ලොකුවට බලය පෙන්නූ ආණ්ඩුවකට මාස කිහිපයක් ඇතුලත පංති සටන තුල දී පරාජය බාර ගන්න සිද්ධ වුනා. ඒ වුනේ රොෂාන් වගේ එඩිතරව සටන් කල නායකයින් සිටි නිසා.
ආණ්ඩුව බලය එක අහුරට අතට අරන් හිතූ මනාපේ කම්කරුවන් යට කරගෙන ක්‍රියා කලා. මේ තැන දී හැදුවේ කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල් රජයට උවමනා විදියට ආයෝජනය කිරීමට බල තල හදා ගන්නටයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුුදලත් දිගින් දිගට ම කියා සිටියේ මේ වගේ පරම්පරා ගණනාවක එකතු වුන මුදල් ගොඩ ගැහිල තියෙන විට ඇයි ඕගොල්ලෝ අපි ගාවට ඇවිත් සල්ලි ඉල්ල්නේ කියල යි. ඔවුන්ට උවමනා වුනේ කොහොම හරි මේ එකතු වුන මහා ප්‍රාග්ධනය තමන්ගේ සංවර්ධන වැඩ පිළිවෙලට උචිත හැටියට යොදැ ගැනීමට යි.
මේක දැනගත්ත ගමන් සර්පයෝ වගේ සේවකයන් නැගී හිටිය. ආණ්ඩුව හිතාගෙන හිටියේ ජාතිවාදී යුදවාදී මානසිකත්වය උඩ ඕනම දෙයක් කරල බේරිලා ඉන්න පුළුවන් කියලයි. දැන් උන්නැහේට තරමකට හෝ තේරිලා ඇති ගමන සුබ නෑ කියල. මේ බව එළිදරව් වුනේ රොෂාන් වගේ එඩිතර කම්කරු සටන්කාමීන් හිටිය නිසයි.

කුඩා තේවතු හිමියන් විනාශ කරන ගමනක් ආණ්ඩුව යන්නේ


අද වන විට කුඩා තේවතු හිමියන් බරපතල ගැට`ඵ ගණනාවකට මුහුණපාමින් සිටිනවා. අපේ රටේ ජාතික තේ නිශ්පාධනයෙන් 76% සිදුවන්නේ කුඩා තේවතුවලිනි. මාතර, දෙනියාය, ගාල්ල, රත්නපුරේ, ආදී ප්‍රදේශවල මෙය වැඩි වශයෙන් ව්‍යාප්තව පවතිනවා.
කුඩා තේවතු ජීවනෝපාය කර ගනිමින් පවුල් ලක්ෂ 5 (30%ක්) ආසන්න ප්‍රමාණයක් ජීවත්වන අතර තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් පමණ සපයනවා. රටේ ජනගහනයෙන් සැපකිය යුතු පිරිසක් ජීවත්වන්නේ මෙම ආදායමෙන්. රටට මිලියන ගණනින් ආදායම් උපයා දෙනවා. අපි අරගල කරල රුපියල් 5000ට තිබුන පොහොර මිටිය 1000ක් කර ගත්තා. ඒකට මහින්ද චින්තනය කියල ලේබල් ගහල එවනව. ඒව බාල පොහොර. ඒව වගාවට දැම්මම ගස් මැරෙනව.
අපේ තේ කර්මාන්තය ආරක්ෂා කර ගන්න කියල අපෙන් සෙස් මුදලක් අය කරනව. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දේශීය ආදායම් මාර්ග උහුරුවමින් ඉන්නව. කර්මාන්තයක් වෙනුවෙන් 90%ක් දේශීයවම අමුද්‍රව්‍ය හොයා ගන්න එකම කර්මාන්තය තේ කර්මාන්තයයි. ඇඟළුම් කම්හලක් ගත්තත් ඒකෙ ඉඳිකට්ටෙ නූලෙ ඉඳල සිය`ඵම දේ ගේන්නෙ පිටරටින්. අපේ තියෙන්නෙ ශ්‍රමය විතරයි. තේ කර්මාන්තයේදී ඒක එහෙම නැහැ. තේ වවන මහ පොළොවෙ ඉඳල සියල්ල අපේ. අපේ නිශ්පාදන, අපේ අමුද්‍රව්‍ය. ඒ නිසා ආණ්ඩුව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුව තිබුනත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කුඩා තේවතු හිමියා විනාශකරමින් යන ගමනක් තමයි යමින් ඉන්නෙ. දැනට අපි ප්‍රධාන වශයෙන් හඳුන ගත්ත කරුණු 4ක් තියෙනව

‘දි අයිලන්ඞ්’ පුවත්පතට ගෝඨාගෙන් බලපෑම්


‘දි අයිලන්ඞ්’ පුවත්පත සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වාර්තා පළ කිරීමේදී ඔහුගේ නම ඉදිරියෙන් ‘ජෙනරාල්’ සරත් ෆොන්සේකා ලෙස සඳහන් කිරීමෙන් වලකින ලෙස ආරක්‍ෂක අමාත්‍යංශය එම පුවත්පතේ කර්තෘ ප‍්‍රභාත් සහබන්දු මහතාට කිහිප වරක්ම දැනුම් දී ඇතත්, ඔහු ඒ පිළිබඳව කිසිදු ලෙසකින් මායිම් නොකිරීමත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ බලවත් කෝපයට හේතු වී ඇතැයි අප වෙත වාර්තා වේ.
ආරක්‍ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් එම පුවත්පත ප‍්‍රකාශයට පත් කරනු ලබන උපාලි පුවත්පත් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම මහතාටද දැනුම් දී ඇතත් මෙතෙක් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැතැයි ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

ජෙනරාල් සුදු කොඩි නඩුවේ දඩ මුදල ගෙවයි: තීන්දුව පිළිගැනීමක් ද?

ජනාධිපති කොන්දේසි මත නිදහස් කෙරුණු හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි නඩුවෙන් නියම වු රුපියල් 5000 ක දඩ මුදල අද කොළඹ මහාධිකරණය වෙත ගෙවා තිබේ. අදාල නඩුවෙන් වරදකරු කෙරුණු ෆොන්සේකා මහතාට වසර 03 ක සිර ද~ුවමක් සහ රුපියල් 5000 ක දඩයක් නියම වී තිබිණ. එම ද~ුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බැවින් එකළ එම දඩ මුදල ගෙවා තිබුනේ නැත.

සමාව දීමේ කොන්දේසි අනුව සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන් විසින් අභියාචනය ඉල්ලා අස්කර ගැණින. ඒ අනුව අද ෆොන්සේකා මහතා අදාල දඩ මුදල කොළඹ මහාධිකරණයට ගෙවීය. ජනාධිපතිගේ සමාව දුන් ක්‍රමය වී තිබුනේ ඉදිරිකාලයේ සිර ද~ුවම් ඉවත් කිරීම පමණි.

මාධ්‍ය මර්දනයට හමුදාව සම්බන්ධ කෙළේ ජනාධිපති


ජෙනරාල් ෆොන්සේකා බීබීසියට කියයි !

ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති වරයා බව හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බීබීසී ය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. එම බීබීසී වාර්තාව මෙසේය.

බීබීසී සංදේශය සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු ජනරාල් සරත් ෆොන්සේකා ඒ බව ප්‍රකාශ කළේ කීත් නොයාර් සහ නාමල් පෙරේරා වැනි මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාරවලට යුද හමුදාව සම්බන්ධ බවට එල්ලවූ චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

'ඔය කොළඹ ප්‍රදේශයේ වෙච්ච පොඩි පොඩි වටිනාකමක් නැති නීති විරෝධී වැඩවලට අපට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ,' ඔහු සඳහන් කළේය.

කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් ඔහුට දරුණු අන්දමින් පහරදී අත්හැර දමා ගොස් තිබුණු අතර, කොළඹ පිහිටි බි්‍රතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිළධාරියෙකුගේ වාහනයෙන් ගමන් කරමින් සිටියදී නාමල් පෙරේරා පැහැරගැනීමට දැරුණු උත්සාහයක් ව්‍යවර්ථ කෙරුණු නමුත්, එහිදී පහරකෑමට ලක්වුනු ඔවුන් දෙදෙනාම රෝහල් ගත කිරීමට සිදුවිය.

චැනල්4 චෝදනා
--------------------

බල්ලන් වෙනුවෙන් ඔටාරා රඟපෑමට


ඔඩෙල් සමූහ ව්‍යාපාර‍යේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඔටාරා ගුණවර්ධන විසින් චිත්‍රපට රංගනයට පිවිස ඇත.මෝස්‌තර නිරුපන ශිල්පිනියක් ලෙසින්ද කටයුතු කරන ඇය මෙම චිත්‍රපටය සඳහා ආරාධනය පිළිගෙන ඇත්තේ එය සතුන් පිළිබඳව සිදුකරන ලද චිත්‍රපටයක් වීම හේතුවෙනි.

ඇය විසින් embark නිෂ්පාදන වෙළද පොළට හදුන්වා දීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේද අනාථ වූ සුනඛයන්ට පිහිට වීමයි.

ඔටාරා ගුණවර්ධන රංගනයට පිවිසෙන්නේ නිශාන්ත ප්‍රදීප් කරුණාරත්න නිෂ්පාදනය කරන හීරෝ නීරෝ චිත්‍රපටිය තුළිනි. එහි සංගීතා වීරරත්න, මහින්ද පතිරගේ. දූලීකා මාරපන යන නළු නිළියෝ රංගනයෙන් දායකත්වය ලබා දෙති.


එම චිත්‍රපටය තිරගත වීමට නියමිත වන්නේ ලබන වසරේදීය.ඇය චිත්‍රපටය රුගත කර අවස්ථාවේදී ලබාගත් ජායාරූප එකතුවක් පහතින් බලන්න 

අතුල හා අමායා පවුලේ තුන්වෙනියා වෙනුවෙන් සැරසෙයි



අතුල අධිකාරි සමිතා මුදුන්කොටුව සමග පවතී විවාහය අවසන් වීම හේතුවෙන් නිරුපන ශිල්පිනියක වූ අමායා සමග විවාහ වූ බව පසුගියදා මාධ්‍යයට ප්‍රකාශකොට තිබුණි.

කෙසේ නමුත් මෙම විවාහය වසර දෙකක පමණ රහසක්ව පැවතිනි.ඒ අතර ඔවුන් මාධ්‍යයට පවසා තිබුනේ ඔවුන්ගේ පවුලට තුන්වන්නෙක්ද එකතුවීමට සුදානම් බවයි.

පහතින් දැක්වෙන්නේ අප වෙත ලැබුණු අතුල - අමායා කැදැල්ලේ ජායාරුප එකතුවකි.

පෙට්‍රල් හා ඩිසල් මිල ඉහල දැමීමට IOC අවසර ඉල්ලයි


පෙට්‍රල් 10 කින් ඩිසල් 13 කින් වැඩිකරන්න ඉල්ලයි 

පෙට්‍රල් හා ඩිසල් මිල ඉහල දැමීමට ලංකා IOC අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කිනුත් ඩිසල් ලීටරයක් රුපියල් 13 කිනුත් ඉහල දැමීමට ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් එම සමාගම ඉල්ලුම්කොට ඇත.

ලෝක වෙළඳපොලේ මේවනවිට තෙල් මිල පහල වැටි ඇති අතර එම සහනය ජනතාවට ලබාදීම පිලිබඳ පැන නගූ ගැටළු වලට ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය පමණින් දේශිය වෙළඳපොලේ මිල ඉහළ දැමීමට රජය කිසිවිටක ක්‍රියාකර නොමැති මෙන්ම ලෝක වෙලදපොලේ යම් ප්‍රතිශතයකින් අඩු වු පමණින් මෙරට ඉන්ධන මිල අඩු කළ නොහැකි බවය.

ෆේස්බුක් වෙතින් ස්මාර්ට් ජංගම දුරකතනයක් හදුන්වාදීමට යයි


ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කිරීමට සුදානමින් පසුවන බව වාර්තා වනවා.කෙසේ නමුත් මෙය තවමත් නිල වශයෙන් වාර්තා වී නොමැති අතර 2013 වසරේදී මෙම දුරකථනය හදුන්වා දීමට නියමිත බවට වාර්තා වනවා.

විවිධ දුරකථන සමාගම් මගින් "ෆේස්බුක් ෆෝන්" නමින් දුරකථන ඉදිරිපත් කලද ෆේස්බුක් විසින් ඔවුන්ගේම දුරකතනයක් නිපදවා තිබුනේ නැහැ.විවිධ ජංගම දුරකථන සඳහා ඇප්ලිකේෂන් සංවර්ධනය කිරීමෙන් ඒ සඳහා ෆේස්බුක් සමාගම දැනටමත් පළපුරුද්දක් ලබාගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලංකාවෙන් සොයාගත් ජංගම දුරකථන මයිටාවා ලොවට හදුන්වා දීමට යයි


ජංගම දුරකතනවල වාසය කරන මයිටාවන් විශේෂයක් පිළිබඳව මෙයට පෙර අප පුවත් පල කළා.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසන්නේ මෙම සතුන් තවමත් වර්ගීකරණයට ලක් කරමින් සිටින බවයි. සාමන්‍යය මයිටාවන්ට වඩා මොවුන් විශාල බැවින් පර්යේෂණ සිදුකල යුතු බව ඔහු පෙන්වා දෙයි.

මාලක සිල්වා සමාජ සුබසාධනය කරන්නේ ගිනි අවියෙන්ද?


ව්‍යාපාර කටයුතු හා සමාජ සුබසාධන සේවා වෙනුවෙන් තමා කාර්ය බහුල වුවත් තමාට දේශපාලනයට පැමිණීමට ජනතාව ප්‍රසිද්දියේ ඉල්ලීමක් කළොත් පියාගේ හා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ තමා දේශපාලනයට පිවිසෙන බව පසුගියදා මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුතු වන මාලක සිල්වා පුවත්පතකට ප්‍රකාශකොට තිබුනා.

නමුත් ඔහු සඳහන් කර තිබු ව්‍යපාර කටයුතු මෙන්ම සමාජ සුබසාධන කටයුතුද බොහෝ දෙනෙකුට ගැටළුවක් වී තිබුණු බව පෙනුනා.

සමාජ සුබසාධනය කෙසේ වෙතත් ගිනි අවියක් සහිතව සිටින මාලක සිල්වාගේ ජායාරුපයක් අප වෙත ලැබී තිබෙනවා. එම ජායාරුපය බලන්න පහතින් 

ඩිල්ශාන්ගේ පුතුගේ පළමු උපන්දිනය



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් හා ටෙලි නාට්‍යය නිලි මංජුලා තිළිණිගේ පුතු වන දිහේල දින්හාස් පසුගිය සෙනසුරාද දිනයේ සිය පළමු උපන්දිය සමරනු ලැබුවා.

දිහේලගේ උපන්දින උත්සවය සැමරීම සඳහා දිල්ශාන් හා මංජුලා විසින් මවුන්ට් ලැවිනියා හෝටලයේ සාදයක් සුදානම් කර තිබුන අතර එම අවස්ථාවේ ජයාරූප පහතින් බලන්න 

ඉන්දීය නිළියන් නරඹා ගන්න මෝඩ චූන් වෙනුවෙන් මහජන මුදල් කෝටි ගණනින් විනාස කරයි


මේ දිනවල රාජපක්ෂ පුත්‍රයන්ගේ සතුට වෙනුවෙන් තරඟ කරන කාල්ටන් සුපර් සෙවන් රගර් තරඟාවලිය චමත්කාර කිරීමට ඉන්දියාවෙන් ගෙන්වනු ලබන එක ඉන්දීය බොලිවුඩ් තරුවක් සඳහා රුපියල් කෝටියක් ගෙවන බව 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. 

ප්‍රීති සින්ටා, විවේක් ඔබ්රෝයි, බිපාෂා බාසු, සමීරා රෙඩ්ඩි ඇතුළු බොලිවුඩ් තරු 5 ක් සඳහා කෝටි 5 ක් ගෙවීම් කර තිබේ.

මෙම ගෙවීම එම තරුවකට අතට ගෙවන මුදල පමණි. මීට අමතරව ඔවුන් වෙනුවෙන් ගුවන් ටිකට් පත් සහ නැවතීමේ හෝටල් ආහාර පාන වියදම් වෙනම වියදමක් වේ. එයද ඉතා විශාල වියදමක් වන්නේ මේ එක් තරුවක් සඳහා පරිවාර සේවක සේවිකාවන් 15-20 ක් පමණ පැමිණ ඇති බැවිනි. එවිට ගුවන් ටිකට්, ඉඳුම් හිටුම් සහ ආහාර පාන සැපයිය යුතු අවම පිරිස සියයක් පමණ ය.

මෙම වියදම දරන්නේ රජයට පවරා ගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය ය.

ලසිත් මාලිංග කතා කරයි !


ඉදිරි වසර සඳහා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්සන් කිරීම සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මීට හේතු වී ඇත්තේ ඔහුට ලැඛෙන ප්‍රතිශතය ගැන ඔහු සෑහීමකට පත්ව නැති නිසා ය. මේ නිසා ලබන වසරේ ශ්‍රී ලංකාව බිහිකළ මේ සුපිරි වේග පන්දු යවන්නාගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අහිමි වීමේ අවදානමක් තිබේ.

මේ සම්බන්ධයෙන් ලසිත් මාලිංග මහතා පෞද්ගලික ගුවන් විදුලි සේවාවක් සමග මෙසේ පවසයි.

ඉතාලියේ භූමිකම්පා ජාලයකින් ශ්‍රී ලාංකිකයෝ 28 ක් අවතැන්


ඉතාලියේ භූමිකම්පා ජාලයකින් මේ වන විට 22 දෙනෙකු මියගොස් ඇතැයි 
අප වෙබ් අඩවියේ රෝම වාර්තාකරු පවසයි. අවතැන් පිරිස් අතර ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් සිටින බවත් ශ්‍රී ලාංකික මරණ වාර්තා වී නැති බවත් අප වාර්තාකරු පවසයි. මෙම භූමිකම්පා සිදුවී ඇති ප්‍රදේශය ඉතාලියේ මෝදනා නගරයට ආසන්න කුඩා නගරයක් වන මිරන්දෝලා ප්‍රදේශයේ ය.

මේ වන විට 8000 ක් පමණ දෙනා අවතැන්ව සිටිති.

අද දිනය තුල භූමි කම්පා 7 ක් පමණ සිදුවී ඇත. අවසන් භූමි කම්පා මීට මොහොතකට පෙර එනම් ඉතාලි වේලාවෙන් දහවල් 1.01 ට සිදුවී ඇති අතර එය රික්ටර් මාපක අංක 5.1 ක් ප්‍රබල භූමි කම්පා දෙකක් ලෙස සටහන් වී ඇත. ඊට මොහොතකට පෙර දහවල් 12.56 ට රික්ටර් මාපක අංක 5.3 ක් ප්‍රබල භූමිකම්පාවක් තත්පර 30 ක් පමණ වේලාවක් පැවතියේය. මෙතෙක් සිදුවූ භූමිකම්පා අතරින් අද දහවල් 12.56 ට සිදුවූ භූමිකම්පාව වඩාත් දරුණු එක විය. එය අසල්වැසි ඕස්ටි්‍රයාවට පවා දැනී තිබිණ.

අද පැවැති භූමිකම්පාවන්ගෙන් මේ වන විට 15 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම භූමිකම්පා ආරම්භ වූයේ පසුගිය 20 දා පාන්දර 4.04 ටය. එදින භූමිකම්පාවෙන් 7 දෙනෙක් මියගියෝය.

පවරා ගත් සෙවනගලේ සීනි ටොන් 600 කට මොකදවුනේ?


දයා සමූහ ව්‍යාපාරයට අයත්ව තිබී ඌණ උපයෝජිත පනත යටතේ ආණ්ඩුවට පවරා ගැනීමෙන් පසුව මේ වන තෙක් සෙවනගල සීනි කම්හලේදී උක් ටොන් 14,000ක් අඹරා ඇතත්, එමකම්හලෙන් වෙළෙඳ පොට නිකුත් කර ඇත්තේ සීනි ටොන් 380ක් පමණි.

එහෙත්, එවැනි උක් ප්‍රමාණයකින් සාමාන්‍යයෙන් සීනි ටොන් 1,120ක් නිපදවිය හැකි බව දයා සමූහ ව්‍යාපාරයේ සභාපති දයා ගමගේ මහතා පැවසීය.

මේ බව එම කම්හලේ සේවකයින් ද තහවුරු කර සිටින අතර, ඔවුන් පවසන්නේ, රු. මිලියන 54ක් වටිනා සීනි ටොන් 600ක් පමණ හොර පාරෙන් කම්හලෙන් පිට කොට ඇති බවයි.

මෙම වංචාව පිටුපස ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු සිටින අතර, ඉන් එක් අයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ අයෙකු බව වාර්තා වේ.

Tuesday, May 29, 2012

කාල්ටන් සුපර් සෙවන් හේතුවෙන් ලංකාවට පෑයූ බොලිවුඩ් තරු


කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරඟය පසුගියදා ආරම්භ වූ අතර ඒ වෙනුවෙන් බොලිවුඩ් තරු කිහිපයක් ලංකාවට පැමිණෙන බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

ඒ අනුව පසුගියදා ප්‍රීති සින්ටා හා විවේක් ඔබරෝයි ලංකාවට පැමිණි අතර ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමකට ලක්කොට තිබුනා.

එහිදී බොලිවුඩ් නිලි ප්‍රීති සින්ටා සමග ජනපති ආර්යාව සමගින් සුහද කතාබහක නිරත වූ අතර විවේක් ඔබරෝයි සමගින් පිටිය වටා සැරිසැරීමට අනර්කලී ආකර්ෂා ඉදිරිපත්වී සිටියා.

එහි 
ජායාරූප එකතුවක් පහතින් බලන්න

බිපාෂාව ගන්න නාමල් මිලියන 60ක් වියදම් කරලා


කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගවලියේ අවසානයේ (ජුනි 03) පැවැත්වීමට නියමිත ප‍්‍රසංගය සඳහා ඉන්දීය කලාකරුවන් ගෙන්වීමට වැයකරනු ලබන මුදල රුපියල් මිලියන 150 ක් බව වාර්තා වේ.
පැය දෙකකින් සමන්විත මෙම ප‍්‍රසංගය සඳහා බොලිවුඕ තිරයේ අතිශය ජනපි‍්‍රය බිපාෂා බාසු හා සමීරා රෙඞ්ඩි ද සහභාගි වෙති.
බිපාෂා කාල්ටන් සුපර් සෙවන්ස් ප‍්‍රසංගයට ගෙන්වා ගැනීම සඳහා රුපියල් මිලියන 60ක් වියදම් කිරීමට ඇස්තමේන්තු සකසා ඇතැයි පැවසේ.
ඇය සමඟ ඇගේ පරිවාර සේවයට තවත් 15 දෙනෙකු පැමිණෙන බවද වාර්තා වේ.

'යුද වීරයින්' කපා හැර, වන්දි බට්ටයකු හමුදාපති කිරීමේ සැලසුමක්


ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ සුවචකීකරු යුදහමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගෙන් පසු තවත් එවැනිම අයෙකු එම තනතුරට පත් කිරීමේ සූදානමක් පවතී. ඒ අනුව එල්ටීටීඊ සංවිධානයේ සමූල ඝාතනය කිරීම යුද මෙහෙයුමේ ජනප්‍රිය චරිත කපා හැර, තමාට මුළුමනින්ම අවනත අයෙකු යළි යුද හමුදාපති ධුරයට පත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා සැලසුම් කරමින් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ඒ අනුව යුද පෙරමුණේ ජනප්‍රිය චරිත බවට පත්ව සිටි දයා රත්නායක, ශවේන්ද්‍ර සිල්වා, චාවි ගාල්ලගේ, ජගත් ඩයස් වැනි මේජර් ජනරාල්වරු කපා හැර මහින්ද හතුරුසිංහ හෝ සුමේද පෙරේරා යන අය මේජර් ජනරාල්වරුන් දෙදෙනාගෙන් එක් අයකු යුද හමුදාපති කිරීමට යැයි.

Localadclick.net අහුවුනාද ? අහුකරන්න කව්රුහරි හදනවාද ?


ලංකාව තුල පිළිලයක් මෙන් සීඝ්‍රයෙන් වර්ධනය වන මෙම Localadclick.net නම් වන ව්‍යාපෘතිය ලංකාවේ ජනතාවගේ මුදල් කාබාසිනීයා කරන තවත් එක් ව්‍යපෘතියකි.

එම වෙබ් අඩවියේ පවසන අන්දමට $500 (ලංකා මුදලින් රුපියල් 60000 පමණ) ගෙවා ලියාපදිංචි විය යුතු අතර එම වෙබ් අඩවිය විසින් සතියකට $50 වැඩ ලබාදීමක් සිදුකරනු ලබන බව පවසයි. (මෙම සතියේ ගෙවීම සිදුකරනු ලබන්නේ වෙබ් බැනර් 5 ක් නැරඹීම සඳහාය) 


ආයතනයක වෙබ් අඩවියක් ජනප්‍රිය කිරීමට එම වෙබ් අඩවියට මිනිසුන් ගෙන්වා ගැනීමට කොතෙකුත් ලාභදායී ක්‍රම ඇති අතර මෙවන් වියදමක් සිදුකරනු ඇතැයි සිතිය නොහැකිය. එසේම මෙහි ඇති ලාභය නම් තවත් කෙනෙකුට ඔහුගේ ගිණුමේ ඇති මුදල් අලෙවි කර තමන් ගේ මුදල් ලබාගැනීමයි මෙය පිරමීඩ් ක්‍රමයකි. 


නිරුවත්විම විලාසිතාවක් කරගත් පුනම් පාන්ඩේ


ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණ කිරීමත් සමග බොහෝ දෙනෙකු පුනම් පාන්ඩේ යන නිරුපිකාව පිලිබඳ කතාබහට ලක් කළා.

ඒ ඇය ඉන්දියාව දිනුවොත් නිරුවතින් සිටින බවට කල ප්‍රකාශයක් හේතුවෙනුයි.නමුත් පුනම් පාන්ඩේ තමාගේ පොරොන්දුව නම් ලෝක කුසලානෙන් පසු ඉටු කලේ නැහැ.

නමුත් පසුගිය දිනවල එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දියානු පිල උද්යෝගිමත් කිරීම සඳහා ලෝක කුසලාන සමයේ වූ පොරොන්දුවෙන් අඩක් ඉටු කරන බව පුනම් පාන්ඩේ පසුගියදාසිය ට්විටර් ගිණුම මගින් ප්‍රසිද්ධ කොට සිටියේ අඩ නිරුවත් ජායාරුපයක්ද සමගිනි.

ජංගම දුරකතනයේ කෘමියා නිසා ජනතාව කැළඹේ


ජංගම දුරකථන වල සිටින මයිට් නම් කෘමි විශේෂක් පිළිබඳව අප ඊයේ පුවතක් ගෙන ආවා.

එම පුවත ලෝකයේ පලමු සොයාගැනීම බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසුවත් අප විසින් පල කළ ලිපියට ලැබුන ප්‍රතිචාර වලින් පැහැදිලි වූයේ 2005 වැනි බොහෝ කලකට පෙර ඒ පිළිබඳව ලිපි හා යූ ටියුබ් වීඩියෝ අන්තර්ජාලය පුරා දක්නට ලැබෙන බවයි.


ඒ අනුව එම මයිටි නම් ජීවියා ජංගම දුරකථන වල පමණක් නොව නිවසේ දුවිලි රැඳී ස්ථාන බොහෝමයක ජිවත්වන බවය.මේ පිළිබඳව පර්යේෂණ මෙයට පෙර සිදුකර ඇති අතර එම සත්වයා මගින් යම් ආසාත්මික තත්ත්ව ඇති කිරීමට හැකි වුවත් සැලකිය යුතු තරම් භයානක තත්වයක් ඇති කිරීමට තරම් හැකියාවක් නොමැති බවයි.(මෙම ජීවියා දුවිලි මයිටාවෙක්ද යන්න තවම නිශ්චිතව සොයාගෙන නැත)

වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් මෙම පර්යේෂණය සිදුකොට තිබුනේ ඔවුන් සතුව තිබු එක් ජංගම දුරකතනයක පමණක් වන අතර වෙනත් දුරකථන වල එම සතුන් ජිවත් වනවාදැයි යන්න සොයා නොතිබිණි.


ටෙලි නිළිය වරද පිළිගනියි


තම පියාගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක් උඩ ටෙලි නාට්‍ය නිලියක් වන අනුෂ්කා සොනාලි සායක්කාර පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමේ පුවතක් මෙයට පෙර අප විසින් වාර්තා කරනු ලැබුවා.

අනුෂ්කා සොනාලි තවත් පිරිසක් සමග කොම්පඥ්ඥ විදියේ පිහිටි ඇයගේ පියාගේ කාර්යාලයට ගොස් පියාගෙන් රුපියල් පනස්දහසේ සිට ලක්ෂය දක්වා විටින්විට කප්පම් මුදල් ඉල්ලා ඇති අතර මෙම කප්පම් මුදල් ලබා නොදෙන්නේනම් පාතාල සාමාජිකයන්ට කියා පියාව ඝාතනය කරන බව නිළිය විසින් තර්ජනය කර ඇත.

ඒ අනුව අනුෂ්කා සොනාලි සායක්කාර ගේ පියා වන චන්ද්‍රසිරි සායක්කාර මහතා ගොනු කල පැමිණිල්ලකට අනුව එම නඩුව පසුගියදා විභාගයට ගැනුන අතර එහිදී ටෙලි නිළිය තම වරද පිළිගෙන ඇත.


Monday, May 28, 2012

චම්පිකට අපූරු පැනයක් !


පැය දෙකක් ලයිට් නිවා දමා නිවසේ බලශක්ති ඇමැති විය හැකි යයි සිසුන් ගොනාට අන්දන චම්පිකට අපූරු පැනයක් !

විධිමත් ලෙස බලශක්ති සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් පාසල් ශිෂ්‍ය ප්‍රජාව යොමුකරවීම මගින් ශිෂ්‍යයන්ට නිවසේ බලශක්ති ඇමති බවට පත්විය හැකියැයි විදුලිබල සහ බල ශක්ති ඇමැති ජාතිවාදී චම්පික රණවක මහතා අද පැවසීය.

ඔහු මෙසේ කීවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය මත කලාප අධ්‍යාපන කාර්යාල ආශ්‍රයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත පාසල් බලශක්ති සංරක්ෂණ වැඩමුළු මාලාවක සමාරම්භක උළෙල අද කොළඹ විශාකා විද්‍යාලයේදී ආරම්භ කරමිනි. මේ සඳහා පාසල් 30 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 1000 ක් සහභාගී වූහ.

හතලිස් දෙලක්ෂයක් වන සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාවම තම දායකත්වය ලබාදෙන්නේ නම් රටේ පවතින විසිහය ලක්ෂයක් ශීතකරණ, සවස 6.30 ත් රාත්‍රී 9.30 ත් අතර කාලයේ පැය 02 කට නිවා තැබීම මගින් මෙගාවොට් 215 ක විදුලි ධාරිතාවක් ඉතිරි කරගත හැකියැයිද, ශිෂ්‍යයන් වොට් 60 ක එක් විදුලි බුබුළක් ඒ කාලයේ නිවාදමන්නේ නම් මෙගා වොට් 175 ක ධාරිතාවක් නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ධාරිතාවක් මෙන්ම ඒ සඳහා වැයකරන මුදල්ද ඉතිරි කරගැනීමට හැකිවන බව චම්පික ඇමැති පැවසීය.

දුනේෂ් ගන්කන්දට එරෙහිව ක්‍රියාත්මක කළ නීතිය සුදර්මන් රදලියගොඩ ලඟ බලූ වුනේ ඇයි?

ව්‍යාපාරික පුද්ගලයෙකුට පහරදී නාසය සපා කෑමේ ගෝරියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද අද පෙරවරුවේ කොල්ලූපිටිය පොලිසිය වෙත භාර වී තිබේ. 

මන්ත්‍රීවරයා නීතිඥවරයෙකු මාර්ගයෙන් භාර වී ඇත. පෙරේදා රාත්‍රියේකොළඹ සමාජ ශාලාවකදී පොරොන්දු ඉටු නොකළ 41 හැවිරිදි ව්‍යාපාරිකයෙකුට පහරදී නාසය සපා කෑ බවටද මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබිණ. පොලිසිය වෙත බාර වූ මන්ත්‍රීවරයා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

බෝට්ටුවකින් පිටරට යන්න සිටි 113 ක් අසුවෙලා

නීති විරෝධී ලෙස ඕස්ටේ්‍රලියාව හෝ විදේශීය රටකට බලා යැවීමට සැලසුම් කර සිටි පුද්ගලයින් 113 දෙනෙක් ගෝල්ෆේස් සහ මීගමුව ප්‍රදේශ වලදී, අත් අඩංගුවට ගෙන තිබේ. අද (28) පාන්දර කොළඹ වංචා විමර්ශන අංශය මගින් කරන ලද විශේෂ වැටලීමකදී මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඔස්ටේ්‍රලියාව බලා යැවීමට කටයුතු සංවිධානය කල ඒජන්තවරුන් හය දෙනෙක් ද අත් අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව ඔවුන් බෝට්ටුව තෙක් රැගෙන යමින් තිබූ ලොරියක් සහ ඩොල්පින් වර්ගයේ වෑන් රථ හතක් ද අත් අඩංගුවට ගෙන ඇත.

ටීඑන්ඒ සමුළුවට ආ බස් රථයකට ගහලා - සම්බන්ධන්ට හූ කියලා


පිල්ලෙයාන් මරාගේ උණ ඇඟට අරන්!

දෙමළ ජාතික සන්ධානයේ 14 වන සංවත්සරයට යාපනයේ සිට පැමිණි බස්රථයකට පිල්ලෙයාන්ගේ මැරයන් විසින් පහර දී ඇතැයි වාර්තා වේ. අද මඩකලපුවේ ඌරනි හිදී පැවැති මෙම සමුළුව පැවැත්වීමට නියමිතව තිබූ ශාලාවට පෙරේදා ගිනිතබා විනාශ කෙරිණ.

අද සමුළුවට සහභාගී වීමට යාපනයේ සිට පැමිණි බසයට මෝටර් සයිකල් වලින් පොලූ සහ ගල් රැගෙන පැමිණි මැරයන් විසින් පහර එල්ල කර තිබේ. මෙම මැර පිරිස නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන්ගේ මැරයන් බව දෙමළ සන්ධානය චෝදනා කරයි.

මේ අතර අද පැවැති සමුළුවේදී දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සමුළුව අමතද්දී කඩා වැදී ඇති පිරිසක් ඔහුගේ කතාවට බාධා පමුණුවා තිබේ. මෙම කණ්ඩායමද මෙහෙයවා ඇත්තේ පිල්ලෙයාන් විසින් බව චෝදනා කෙරෙති.

නර්මදාගේ විවාහයේ ජායාරූප එකතුව

ජනප්‍රිය නිරූපිකාවක හා රූපවාහිනී නිවේදිකාවක වන නර්මදාගේ විවාහය පසුගියදා සිදුවුණා. එම උත්සවයේ ජායාරූප එකතුවක් පහතින්




පී.බී. සහ ෆර්ඩිගේ ගැටුමෙන් අමාත්‍යාංශ කිහිපයක වැඩ ඇණහිටියි


මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සී.එම්. ෆර්ඩිනැන්ඩෝ මහත්වරුන් අතර පවතින දීර්ඝ කාලීන ගැටුම මේවනවිට උච්චස්ථානයකට පත්වීම නිසා අමාත්‍යාංශ කිහිපයකම පරිපාලන කටයුතු සම්පූර්ණයෙන් වාගේ ඇණහිට ඇති බව අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.


පසුගිය දා ජනාධිපතිවරයා හමුවී ඇති ආචාර්ය පී.බී. ජයසුන්දර අවධාරණයෙන් යුතුව පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩෝ මහතා එම තනතුරින් ඉවත් නොකරන්නේ නම් තමාට වහාම විශ‍්‍රාම ගැනීමට අවශ්‍ය බවයි. නමුත් මෙහිදී ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි ගාමිණී සෙනරත් මහතා සහ ජනාධිපතිවරයාගේ අතිශය සමීප දෙමළ කෝටිපති ව්‍යාපාරිකයින් වන සුරේශ් සුබ‍්‍රමනියම් සහ මනිමුත්තු යන අය ඉදිරිපත් වී ඇත. මේ වනවිට ජනාධිපතිවරයා ෆර්ඩිනැන්ඩෝ මහතා සම්බන්ධයෙන් උභතෝකෝටිකයකට මැදි වී සිටී.

ජෙනරාල්වරයාගේ ගමන් බිමන් පිළිබඳව හමුදාව සහ දෙමළ තරුණයන් විමසිල්ලෙන්


පසුගියදා ජනාධිපති සමාව ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ගමන් බිමන් පිළිබඳව ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ නාඳුනන දෙමළ තරුණයන් ඒකාබද්ධව විමසිල්ලෙන් සිටින බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ බව අනාවරණය වන්නේ ඊයේ (27) පොලිසිය විසින් ජෙනරාල්ගේ නිවස අසලදී පරීක්ෂා කරන්නට යෙදුනු සැකසහිත ලෑන්ඞ්රෝවර් රථයක් හේතුකොට ගෙනය.

‘‘අහමඞ් ටී’’ ආයෝජන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට !


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තේ අපනයන සමාගමක් වන ‘‘අහමඞ් ටී’’ සමාගම විසින් ආරම්භකිරීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 200ක් පමණ වටිනා තේ ඇසුරුම් කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවීමට යන බව තේ නිෂ්පාදකයින්ගේ සංගමයේ උසස් නිලධාරියෙකු අප වෙබ් අඩවිය වෙත පැවසීය.


ලසිත් මාලිංග අවසන් තීරණය ගනියි - ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප මෙයට පෙරහෙළි කළා.

පසුව මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා තිබුනේ තමා තමාව ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග ඒ පිලිබඳ සාකච්ජා කරන බවත්ය.


තෙවන ජනප්‍රියම නායකයා මහින්ද රාජපක්ෂ....


ගෝල්අප් (Gallup) සමීක්ෂණයට අනුව ආසියාවේ තෙවෙනි ජනප්‍රියම නායකයා වීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වී තිබෙනවා.

ඇමරිකාවේ සමීක්ෂණ සමාගමක් වන ගෝල්අප් (Gallup) සමාගම විසින් මෙම සමීක්ෂණය කර ඇති අතර මේ සඳහා ආසියාවේ රටවල් 21 ක් තෝරා ගැනුනා.

එහිදී ශ්‍රී ලාංකිකයින් 91% ක් මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ට කැමත්ත ප්‍රකාශ කර ඇති අතර 6% ක් එම වැඩ පිළිවෙල ට අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. තවත් 3% ක් ඒ පිලිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.


මෙම සමීක්ෂණයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත්තේ ලාඕසයේ චෞමලී සෙයිග්නසන් ජනාධිපතිවරයායි. ඔහුගේ වැඩසටහන සඳහා ලාඕස වැසියන්ගෙන් 97% ක් කැමැත්ත පල කර තිබෙනවා.  දෙවන ස්ථානය හිමි කරගෙන සිටින්නේ ජනතා ප්‍රසාදය 93% ක් ලබාගනිමින් කාම්බෝජයේ හුන් සෙන් අගමැති වරයායි.

ජංගම දුරකථනවල සිටින කෘමියෙක් පලමුවරට ලංකාවෙන් සොයාගනී


ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.

දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්‍රය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.

ජංගම දුරකථනයේ තිරය මත ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක් දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.

Sunday, May 27, 2012

තමරා කුගනායගම්ට කළ දේ ඇමැති නිමල් සිරිපාලටත්


ජිනීවා රාජකාරියෙන් කැපේ: කේලමා අනුර ප්‍රියදර්ශන!

ජිනීවාහි ජගත් මානව හිමිකම් කොමිසමේ රාජකාරි සඳහා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරියේදී සහභාගී කරවා නොගැනීමට රාජපක්ෂ රෙජීමය තීන්දු කර ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. නිමල් සිරිපාල ඇමැතිවරයා මරා රෙජීමය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ නිසියාකාරව වැඩ කෙළේ නැතැයි යනුවෙන් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා විසින් මරා වෙත කේලාම් කීමේ ප්‍රතිඵලයක් ලෙස මරා විසින් ඉහත තීන්දුව ගෙන ඇතැයි දැන ගන්නට තිබේ.

මේ ආකාරයටම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වරිය ලෙස කටයුතු කළ තමරා කුගනායගම් මහත්මියද ඉන් ඉවත් කර කියුබාවේ තානාපතිනිය කර යැවුවේ ය.

පසුගිය කාලයේ සාම ක්‍රියාවලියේදී ද යුදමය ක්‍රියාවලියේදී ද ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ කටයුතු කර ඇති නීතිඥ නිමල් සිරිපාල ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රමාණික පළපුරුද්දක් ඇත්තෙක් වන අතර පසුගිය ජිනීවා සමුළුවේදී ජාතිවාදී අන්තවාදියෙකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හැසිරී නොමැත. එසේ හැසිරීමද රට තවත් අපකීර්තියට ලක්වන්නකි. මේ තත්ත්වයන් නොඉවසන මරා අනුර ප්‍රියදර්ශනගේ කේලාම් සියල්ල අනුමත කර තිබේ. අනෙක් අතට ශ්‍රීලනිපයේ දෙවන පෙළ නායකයන් සමග මරා තුල ඇත්තේ කැපිල්ලකි. මන්ද යත් රාජපක්ෂලා ඉදිරියට ගත යුතු බැවිනි. එම හේතුවද නිමල් සිරිපාල ඇමැතිවරයා ඉදිරි ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු වලින් ඉවත් කිරීමට ගත් තීරණයට බලපා තිබේ.

හමුදා ආරක්ෂක කපොළු මැද්දේ සුදුවෑන් රියකින් 23 හැවිරිදි තරුණියක් පැහැර ගනී


යාපනයේදී 23 හැවිරිදි තරුණියක් තම පියාත් සමග ගමන් කරමින් සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබේ. මෙය සිදුව ඇත්තේ අද උදෑසන 11.00 ට පමණ ය.

යාපනයේ නැගෙනහිර උරුම්බරායි ප්‍රදේශයේ පදිංචි කාරියක් වන සෙල්වරාජා අර්ජුනා අම්බිගා නම් 23 හැවිරිදි තරුණිය සිය පියා සමග මෝටර් සයිකලයකින් කොන්ඩාවිල් ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී සුදුවෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පියා තල්ලූකර දමා අම්බිගා නම් තරුණිය බලහත්කාරයෙන් සුදුවෑන් රථයට දමාගෙන පවනට බඳු වේගයෙන් පලාගොස් තිබේ.

පියා විසින් මේ පිළිබඳ කෝපායි පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර තරුණිය ගැන මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

වරායේ ලොක්කා ලක්‍ෂ ගණනින් වැටුප් වැඩි කරගෙන


වරාය අධිකාරියේ සභාපති පි‍්‍රයාත් බන්දු වික‍්‍රම මහතා විසින් රුපියල් 158,170 ක් වූ තම මාසික වැටුප රුපියල් 227,280 දක්වා ඉහළ දමා ගෙන ඇත. මෙසේ වැටුප ඉහළ දමා ගෙන ඇත්තේ මෙම වසරේ අපේ‍්‍රල් මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදිය. පි‍්‍රයාත් බන්දු වික‍්‍රම මහතා වරාය අධිකාරියේ සභාපති ධූරයට අමතරව, හම්බන්තොට වරායේ දෙවන අදියර සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කරයි. ඒ සඳහා ඔහුට හිමිවන මාසික දීමනාව රුපියල් 110,000 කි.

මේ සතියේ රාජ්‍ය ණය කෝටි 2,000 පනී


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමෙන් සතිපතා ලබා ගන්නා රාජ්‍ය ණය ප‍්‍රමාණය මේ සතියේ රුපියල් කෝටි 2,000 දක්වා ඉහළ දමා ඇත. මෙයට පෙර සති පතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් ලබා ගන්නා රාජ්‍ය ණය රුපියල් කෝටි 1,000 ක්ව තිබිණ.
එය කෙටි කලක් තුළ කෝටි 1,200 - කෝටි 1,500 දක්වා වැඩි වී මේ සතිය ආරම්භයේදී කෝටි 2,000 දක්වා ඉහළ දමා ඇත.

අලූත් වාහන 2,500 ක් නිකරුණේ ගාල් කරලා


රාජ්‍ය ආයතනවල ප‍්‍රයෝජනය සඳහා 2011 වසරේදී මිලදී ගත් වාහන 2,500 කට වැඩි ප‍්‍රමාණයක් කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන ගාල් කර තිබේ. 2011 අයවැයෙන් රාජ්‍ය ආයතනවල ඉන්ධන භාවිතය සීමා කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇත. මේ නිසා රාජ්‍ය ආයතනවල ක්‍ෂේත‍්‍ර රාජකාරී සඳහා මිලදී ගත් අදාළ වාහන තොගයෙන් 80% කටත් වඩා වැඩි ප‍්‍රමාණයක් භාවිතා කිරීමකින් තොරව ගාල් කර තිබේ.

මිලියන 60 ක වංචාවක් යට ගහලා


2010 වර්ශයේ පැවැති ‘ජෙම් ඇන්ඞ් ජුවලරි’ ප‍්‍රදර්ශනයේදී ඒ සඳහා වියදම් කර ඇති බව පෙන්වා වංචා කර ඇති මිලියන 60 ක මුදලක් සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නොමැති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් සහකාර සැලසුම් කලමණාකාරිනී ඉවෝන් මල්ලිකාආරච්චි මහත්මිය විසින් ගිණුම් අංශය වෙත ලබා දී ඇතත්, ගිණුම් අංශය එවැනි වාර්තාවක් ලැබී නැති බව ප‍්‍රකාශ කර සිටී.

කෞතුකාගාරයට පැනපු හොරු සති 2න් අල්ලනවා...


කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරාවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත මීට පෙර අප වාර්තා කලා. එම මහා සොරකම සිදු වූයේ පසුගිය මාර්තු මාසයේ දී.

එම සොරකම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති වරයා ඊයේ දිනයේ ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ‘සියපත්විල‘ වැඩසටහනට සහභාගී වෙමින්.

ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නෑ - නෙහාරා

පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය වූ නෙහාරා පීරිස්, ගොසිප් වෙබ් අඩවි පිළිබඳව අද සිළුමිණ පුවත්පත සමඟ පැවති සාකච්චාවකදී පවසා තිබෙනවා.

ඇය පවසා තිබෙන්නේ ඕපාදූප වෙබ් අඩවි බලන්න ඇයට වෙලාවක් නැති බවත්, වුවමනාවක්ද නැති බවත්ය.

නමුත් සත්‍ය වශයෙන්ම රයිගම් ටෙලි සම්මානය සඳහා ජනප්‍රියම නිළිය තේරීම සඳහා වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ ආශා එදිරිසිංහටයි. ඉන් අනතුරුව වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ උදාරි වර්ණකුලසුරිය වෙතටයි.

නමුත් නෙහාරා පිරිස් රයිගම් වෙළඳ නාම ප්‍රවර්ධකවරියක ලෙසින්ද කටයුතු කරන බැවින් ඇයට මෙම සම්මානය ලැබී ඇති බවයි අප වෙත දැනගන්නට ලැබුනේ.


ඔබ නැවතත් ජනප්‍රියම රූපවාහිනී නිළිය නේද?

නාසයක් සපා කා සැඟව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පොලීසිය සොයයි

කොල්ලූපිටිය ප්‍රදේශයේ හෝටලයකදී 41 හැවිරිදි ව්‍යාපාරිකුට පහර දී නාසයද සපා කා බරපතල තුවාල සිදුකිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පොලිස් නිවේදනයක දැක්වේ.

තුවාල ලක් ව්‍යාපාරිකයා මේ වන විට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මේ පිලිබඳ පරීක‍ෂණ කොල්ලූපිටිය පොලීසිය විසින් පවත්වයි.


ටච් වුඩ් ආයෝජනය හරිද? වැරදිද? ලැජ්ජ නැතිද? සංගක්කාරත් අහුවෙලාද?


නියාමන කොමිසමේ සභාපති ලෙස තිලක් කරුණාරත්න කළ ටච් වුඩ් ආයෝජනය හරිද? වැරදිද? ලැජ්ජ නැතිද? සංගක්කාරත් අහුවෙලාද?

ඉතිරිකිරිමේ බැංකු-ද ෆිනෑන්ස් ගනුදෙනුව පදනම් කර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් තැරුව්කරුවන්ට විවිධ සීමා පනවද්දී එහි සභාපති වන තිලක් කරුණාරත්න අධිකරණය හමුවේ අභියෝගයකට ලක් ව කඩා වැටීමේ අවධානමකට ලක්ව සිටින ටච් වුඩ් සමාගමේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වීම හාස්‍යජනක සිද්ධියකැයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පවසති.

ව්‍යාජ ගිණුම් වාර්තා ඉදිරිපත් කිරිමේ චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවක් හමුවේ තම ව්‍යාපාරික කටයුතු අභියෝගයකට ලක්ව සිටින තේක්ක ගස් ආයෝජනයේ යෙදෙන ටච් වුඩ් සමාගම ස්වකීය හොඳ නම රැක ගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න හා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර හා වත්මන් නායක මහේල ජයවර්ධන බිල්ලට දී ඇතැයි ගිණුම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පෙන්වා දෙති.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා තමාට අයත් මල්ටිෆෝම් කෙමිකල්ස් සමාගම හරහා ටච් වුඩ් සමාගමේ සියයට 05.8 කට කොටස් අයිතියට සමාන කොටස් 420,000 ක හිමිකාරිත්වය ගනී. ඒ අනුව කරුණාරත්න මහතා ටච් වුඩ් සමාගමේ කොටස් හිමි නාම ලේඛනයේ 12 වැනියට වැඩිම කොටස් හිමි පුද්ගලයා බවට පත්වේ.

දුමින්ද සිල්වා රාත්‍රී නින්දට යන්නේ පැම්පර්ස් ඇඳන් ?


සිංගප්පූරුවේ වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබන මිනීමරු මන්ත්‍රී කුඩු දුමින්ද සිල්වාගේ හිසේ හදිසි අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇතැයි අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. පසුගිය 24 වෙනි දින සිදුව ඇති මෙම අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට භාජනයක කර ඇති අතර පසුව ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතළු කර ප්‍රතිකාර ලබා දී තිබේ. අද ඔහු යළි වාට්ටුවට ගෙනැවිත් ඇත.

මාධ්‍ය වාර්තා කළ පරිදි පසුගිය 19 වෙනිදා ඔහුට ශල්‍යකර්මයක් කළ බවක් අප වෙත වාර්තා වන්නේ නැත.

පසුගියදා නුවරදී අසනීප වූ අගමැති දි.මු.ජයරත්න මහතා පසුව සිංගප්පූරුවේ වික්ටෝරියා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එහිදී එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා අගමැතිවරයා හමුවූ බවද වාර්තා වේ.

Share this article with your friends