Chitika Smowtion 468x60


Tuesday, March 27, 2012

ඔත්තු බලන ඇමරිකානු ගුවන් යානා හා උපකරණ තහනම ඉවතට


ගුවනේ හා මුහුදේ ඔත්තු බැලීමට යොදාගන්නා ආරක්ෂිත උපකරණ ලංකාවට විකිණීම සම්බන්ධයෙන් මෙතෙක් ඇමරිකාව විසින් පනවා තිබූ තහනම ඉවත් කරගත් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

තහනම ඉවත් කිරීමත් සමඟ සැහැල්ලු ගුවන් යානා, අධි සංවේදී කැමරා හා ඊට අදාල උපකරණ වරකට බහාලුවක් බැගින් ලංකාවට අපනයනය කිරීමට ඇමරිකාව කටයුතු කරන බවයි පෑවසෙන්නේ.




රූපවාහිනී හා ගුවන්විදුලි නාට්‍ය පාලනයට නව පනතක්


රූපවාහිනී නාලිකා හ ගුවන්විදුලි නාලිකා මඟින් විකාශනය කරනු ලබන ටෙලි නාට්‍ය හා ගුවන්විදුලි නාට්‍ය ප්‍රමිතිකරණය සඳහා නව ප්‍රසාංගික කලා පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා.

බොහෝ රූපවාහිනී නාලිකා හා ගුවන්විදුලි නාට්‍ය රටේ සාරධර්මවලට අනුකූල නොවන බවටත්, පවුලේ සාමාජික සාමාජිකාවන්ට එක්ව නැරඹීමට හෝ ශ්‍රවණය කිරීමට නොහැකි බවටත් දිගින් දිගටම ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අනුව මින් ඉදිරියට සියළුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා නාට්‍ය විකාශයට පෙර, අදාල නාට්‍ය නව පනත මඟින් ඇතිකෙරෙන ප්‍රසාංගික කලා කමිටුවට ඉදිරිපත්කර එහි අනුමැතිය ලබගත යුතුය..



කාවිංග වෙනුවෙන් නිළියෝ දෙන්නෙක් ගැටෙයි


මේ දිනවල සිරස රුපවාහිනියේ විකාශය වන "සඳ සිත්තම්" නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරුපණය කරන කාවිංග පෙරේරා හේතුවෙන් නිළියන් දෙදෙනෙකු අතර ගැටුමක් ඇතිවී තිබේ.මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ එම ටෙලි නාට්‍යට රංගනයෙන් දායක වන හා නාට්‍යය නිෂ්පාදිකාව වන ජානකි විජේරත්න සහ අක්ෂා සුදාරි සමගයි.

මෙයට පෙර කාවිංග පෙරේරා විවාහ ගිවිසිගත් තරුණියගේ සම්බන්ධතාවයද අක්ෂා නිසා බිඳී ගිය බව මාධ්‍ය වාර්තා කර තිබුන අතර අක්ෂා පුවත්පතකට පවසා තිබුණේ කාවිංග ගේ පෙම්වතිය උදුරාගැනීමට තමන්ට අවශ්‍ය නැති බවයි.




උපුටාගත් හෲද සාක්ෂිය - නාරද විජයසුරිය


පාලකයන් පාදඩයින් වන විට ඊට අනුරුපව පාලිතයින්ද පාදඩයින් වෙමින් සිටී. ඉදින් අපටද ඊට උඩින් හිතන්නට බැරිය .අපිදු දැන් පාදඩයින් වීමේ සිහිනයෙන් පෙළෙන අතර අපේ දරුවන්ද පාදඩයන් කිරීමේ ක්‍රම සොයා ගත යුතුය ; ලොකු උන් හිටගෙන කරන විට පොඩි උන් දුව දුව කලයුතුය.
රටේ හැම තැනම කාර්ය සාධන ක්‍රමවේදය වී ඇත්තේ "බලය " හා " බලහත්කාරයයි " රටේ මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තරයට පැමිණිලි කරන්නට ගිය මානව හිමිකම් වෙළඳුන්ගේ අඬු කඩන බව ආචාර්ය මර්වින් සිල්වා ඇමතිතුමා ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා මහජනතාවගේ ඔල්වරසන් මැද තර්ජනය කරයි.
එයද මානව හිමිකම් කඩ කිරීමකි ; දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධනීය වරදකි . උන්ට තවත් කියක් හරි හිඟා කෑමට " අලුත් තුවාලයකි " ප්‍රජාතන්ත්‍ර වාදී රටක මානව හිමිකම් කේලාම් කරුවන්ට පවා ඉඩක් තිබිය යුතුය ;ඔවුන්ගේ ක්‍රියාකලාපය අඩු වැඩි වශයෙන් සාධාරණ විය හැකිය .ගෙදර දොරගුල් දමා , හාම්පුතා මෙහෙකාරියව දුෂණය කරන්නට යනවිට ,ජනේලයෙන් පැන එහා ගෙදරට දුවන්නට සිද්ධ වෙන බවද අමතක කලයුතු නැත .

වරෙන්තුවක් තිබියදී මාස 8කට පසුත් සුදර්මන් තවමත් නිදැල්ලේ

ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයා අනුවය. ඔහු දේශපාලන සම්බන්ධකම් ඇත්තෙක් නම් කුමන හෝ ජඩ වැඩක් කර බේරී සිටීමට පුළුවන. කෙතරම් වංචා දූෂණ කළද එවැන්නන්ට ලංකාවේ නීතිය ක්‍රියාත්මක නොවේ.

අප මෙසේ කියන්නේ ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුවෙන් පසු අධිකරණයේ වරෙන්තුවක් පවා තිබියදී පොලිස් ලොක්කන් ඇසුරු කරමින් නිදැල්ලේ සිටීම නිසාය.

2011 ජුලි 19 වන දින සුධර්මන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් විය. වරෙන්තුව නිකුත් කොට මාස 6ක් ගතවුවද සුධර්මන් නිදැල්ලේ සිටියේය. ඒ නිකම්ම නොවේ, වරෙන්තුවක් තිබියදීත් පසුගිය අගෝස්තු 29 වනදා සුදර්මන් තම හිතවතකුගේ ගැටලුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ අපූරුවට පිටව ගියේය. පොලීසිය සිටියේ දැක්කත් නොදැක්කාසේය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සුදර්මන්ගේ හිතවතෙකි. මානුෂික මෙහෙයුම පිළිබඳව පොතක් එළිදැක්වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනා එක්ව සිටින ජායාරූපද පලවිය. ඒද වරෙන්තු කාලයේදීය.


රු.2500 කට අඩුවෙන් කාල බිල නොමැරී ඉන්න පුළුවන් - බන්දුල ගුණවර්ධන


බන්දුලගේ 7500, 
2500 ට බසී 

මෙරටේ කන බොන එක ප්‍රශ්නයක් නොවන බවත් රුපියල් 2500 ට අඩුවෙන් එක පුද්ගලයකුට මාසයකට කාලා බිලා නොමැරී ජීවත් විය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් "හෙට වෙනුවෙන් අද" විදුලි බලය සුරැකීමේ ජාතික සත්කාරය පිළිබඳව දැනුවත් කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති ජාතික උත්සවයට සහභාගිවෙමින් ඒ මහතා ඊයේ (26) එසේ ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මීට පෙරද ප්‍රකාශ කළේ, රුපියල් 7,500ක් තිදෙනකුගේ මාසික වියදමට ප්‍රමාණවත් බවයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකල කතාව පහතින් බලන්න

ICC T20 World Cup 2012 Ticket Launch

2012 වසරේ 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම පෙරේදා  උත්සවාකාරයෙන් සිදුවුණා.

මුල්ම ටිකට් පත නිකුත් කරුණු ලැබුවේ ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසිනි. සංගීත ප්‍රසංගය සඳහා සංගීතය සැපයුවේ මේරියන්ස් සංගීත කණ්ඩායමයි. නිරෝෂා විරාජිනී, ඉරාජ්, බාතිය සන්තුෂ්, දුශ්‍යන්ත්, නදිනි ප්‍රේමදාස, ලහිරු පෙරේරා ආදී ගායකයන් රාශියක් මෙයට සහභාගී වුණා.

එම සංගීත ප්‍රසංගයේ ජායාරූප එකතුවක් පහතින් 




ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟයේ ටිකට් මිලෙන් ක්‍රීඩා ලෝලීන්ට තරු විසිවේ


ශ්‍රී ලංකාව 1982 පෙබරවාරි 17 දා එංගලන්තය සමග ශ්‍රී ලංකාව සමග මංගල ටෙස්ට් තරඟයට සහභාගී වී වසර 30 ක් සපිරෙන මොහොතේ උපන්දිනය සැමරීමට එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීම විශේෂත්වයකි.

නමුත් ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අඩුම ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 5000 ක් වශයෙන් නියම කිරීම හේතුවෙන් දහස් ගණනක් ක්‍රිකට් ලෝලීන් අපසුතාවයට පත්ව සිටිති.

මෙම ටෙස්ට් තරඟය නැරඹීම සඳහා දිනයක අවම ය කිරීම රුපියල් 5000 ක් වන අතර තරඟයේ සම්පුර්ණ දින පහම තරඟය නැරඹීමට නම් රුපියල් 25,000 ක් වය වෙයි.මෙම මුදල කිසිසේත්ම ශ්‍රී ලාංකිකයෙකුට ඔරොත්තු නොදෙන අතර බහුතරයෙකුගේ මාසික වැටුපවත් 25,000 ක් නොවන බව ක්‍රීඩා ලෝලීන් පෙන්වා දෙති.


ලංකාවේ ගණිකාවන් සොයා යන පිරිමින්ගේ තරම


ලංකාවේ ගණිකාවන් 47,000 යි
ගණිකාවන් සොයන පිරිමි 90,000 යි 

ශ්‍රී ලංකාවේ පිරිමින් අනුදහසක් (90,000) පමණ අනාරක්‍ෂිතව ගණිකා සේවනය කරතියි ලිංගාශ‍්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික‍්‍රමසූරිය කියයි.


ශ්‍රී ලංකාව තුල එච්.අයි.වී ඒඩ්ස් හා ලිංගාශ‍්‍රිත රෝග අවම කිරීමේ අරමුණින් 2012 වසර සඳහා සැකසෙන සෞඛ්‍ය වැඩසටහන් වෙනුවෙන් අනුරාධපුර දී පැවති විද්වත් සාකච්චාවේදී විශේෂ දේශනයට එක වෙමින් වෛද්‍යවරිය මේ බව පවසා ඇත.




ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ කෙසේද? -සේනක වත්තේගෙදර


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාව සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව නැවතත් වැරදි මාවතක් තෝරා ගැනීමට යන බවට ඉඟි ලැඛෙමින් තිබේ.
යුරෝපයේ ඇතැම් රටවල තානාපති කාර්යාල ඉවත් කිරීමට යන බවට ආරංචි පැතිරෙමින් තිඛෙන අතර එය රාජතාන්ත්‍රික අනුවණ ක්‍රියාවකි. එක්සත් ජනතා නිදහස් සංධානයේ සිටින ජාතිවාදී පක්ෂවල සහ අනුවණ දේශපාලකයින්ගේ කීම් අසා ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතුද? නැද්ද? යන්න පිළිබඳව ජනමත විචාරණයක් පවත්වන්නට යන්නේ නම් එයද රටට අවාසිදායක වාතාවරණයක් නිර්මාණය වනු ඇත. එහිදී ජාති මාමකයින් හා ජාතී ද්‍රෝහීන් ලෙස ජනතාව කොටස් වලට ඛෙදනු ඇත. මේ සියල්ල දේශපාලන අනුවණ ක්‍රියාය.

ජාතික රග්බි සංචිතයට යෝෂිත හා නාමල්


රග්බි වෘත්තිමය ක්‍රීඩාවක් කරයි
මසකට 25,000 ක්
තරඟ කාල වලදී 50,000 ක් 

ජාතික රග්බි සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් 37 දෙනෙකු වාර්ෂික ගිවිසුමකට ඇතුලත් කරගනිමින් රග්බි ක්‍රීඩාව වෘත්තීය ක්‍රීඩාවක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පියවර ගෙන ඇත.


නාවිකා හමුදා පිල නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මෙම සංචිතයට ඇතුලත්ව සිටි.

ජනපතිගේ කුණු බැණුම් ඉවසා ගත නොහැකිව තොණ්ඩා අස්වේ


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) දහවල් අමාත්‍ය තොණ්ඩමන් මහතාට ඉතාමත් අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බවත් ඒ අනුව ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් යවා ඇති බවත් වාර්තාවේ. අප වෙත වාර්තාවෙන පරිදි ඊට අදාළ සිද්ධිය සැකවින් මෙසේය.


ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අමාත්‍යාංශය යටතේ පාලනය වන මිල්කෝ ආයතනයේ සභාපති ලෙස රොහාන් වික‍්‍රමසිංහ නැමැති අය පත් කර ඇත්තේ ජනාධිපති ආර්යයාවයි. එහෙත් පසුගිය කාලය තුළ මෙම ආයතනය දවසින් දවස ආර්ථික වශයෙන් කඩා වැටෙමින් තිබුණද ජනාධිපති ආර්යාව හා සභාපතිවරයා අතර පවතින ඥාතීත්වය මත කිසිවෙකු ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර නොමැත. 

ජනතා විරෝධය යටපත් කිරීමට ‘පාදඩ’ බලකායක්


ඉදිරියේදී ඇතිවිය හැකි ජනතා විරෝධයන්ට පහර දී යටපත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මෙහෙය වීම යටතේ පාදඩ දේශපාලඥයින් පිරිසක් ගොනුකොට විශේෂ මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර තිබේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කමිටුව ක‍්‍රියාත්මක වේ. ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් එම කමිටුව සම්බන්ධීකරණය කරනු ලබන්නේ එයාෆොස් නිශාන්ත නැමැත්තාය. මොහු පුද්ගලයන් පැහැරගෙන යෑම සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ දී පවා චෝදනා ලැබූ ගුවන් හමුදා නිලධාරියෙකි.
මර්වින් සිල්වා, ඩිලාන් පෙරේරා, රෝහිත අබේගුණවර්ධන, සුසන්ත පුංචිනිලමේ යන අමාත්‍යවරුන් මෙන්ම කනක හේරත්, උදිත ලොකුබණ්ඩාර යන මන්ත‍්‍රීවරුන්ද රත්මලාන ආසනයේ සංවිධායක චන්දන කත‍්‍රිආරච්චි මහතාද ශ‍්‍රී ලංකා වරාය හා තරුණ සේවා සභාව යන රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ද මෙම මෙහෙයුම් කමිටුව නියෝජනය කරයි. එයාෆෝස් නිශාන්තට අමතරව ත‍්‍රිවිධ හමුදාවල සාමාජිකයින් 25කුද මෙම බලකායේ සම්බන්ධීකරණ කටයුතු සඳහා යොදවා තිබේ.

ජනාධිපතිගේ ජනප‍්‍රියතාවය සෙවීමට ජනමත විමසුමක්


ජනාධිපතිවරයාගේ ජනප‍්‍රියතාවය පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය බුද්ධි අංශය විසින් රහස්‍ය ජනමත විමසුමක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ. ජනාධිපතිවරයාගේ ඍජු නියෝග මත මෙම ජනමත විමසුම රාජ්‍ය බුද්ධිසේවයේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිස්ට මහතා විසින් සිදු කරනු ලබන අතර ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුනිමල් ප‍්‍රනාන්දු මහතා එහි කටයුතු අධීක්ෂණය කරනු ඇත.

ආණ්ඩුව වග විය යුත්තේ ඇමරිකාවට නොවේ - PWC


ආණ්ඩුව වග විය යුත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට නොව ලංකාවේ සැබෑ ලෙසම ප‍්‍රශ්න ඇති සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට බව 'සහෝදරත්වයේ ජනතා පවුර' (PWC) සංවිධානයේ විධායක කමිටු සාමාජික සම කැඳවුම්කරු සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කර සිටියි.
සහෝදරත්වයේ ජනතා පවුර (PWC) සංවිධානය විසින් අද (26) කොළඹ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී කැදවා තිබු මාධ්‍ය සාකච්ජාවේදී හෙතෙම එබැව පැවසිය.
සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානයේ විධායක කමිටු සාමාජික හා සම කැඳවුම්කරුවන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති, රාමලිංගම් චන්ද්‍රසේකර් හා සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානයේ කිලිනොච්චි දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක සින්නතුරෙයි රාජේන්ද්‍රන් හා මඩකලපු දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක මොහොමඞ් ජමිල් මොහොමඩි රාවුෆ් යන අය සහභාගී වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසිය.

දිනමිණ රාතී‍්‍ර කර්තෘට සම කර්තෘ පහරදෙයි


දිනමිණ පුවත්පතෙහි රාත්‍රි කර්තෘවරයෙකු වන ප්‍රබුද්ධි රණසිංහට එම පුවත් පතෙහිම සේවය කරන සම කර්තෘ ගාමිණී ජයලත් පහර දී ඇති බව වාර්තා වෙනවා.

මෙම සිදුවීමට මූලික වී ඇත්තේ ඔහු විසින් සංස්කරණය කරන ලද මුද්‍රණය වීමට නියමිතව තිබූ පිටුවක් රාත්‍රී කතෘවරයා විසින් දිනමිණ  පුවත්පතෙන් ඉවත් කිරීමයි.

බහින්බස් වීමකින් පසුව ආයතනය තුලදීම ප්‍රබුද්ධි රණසිංහ හට ගාමිණී ජයලත් පහරදීම නිසා මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ 55 වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

Share this article with your friends