Chitika Smowtion 468x60


Saturday, May 19, 2012

ජනධිපතිතුමා සැරියුත් පරම්පරාවේ කෙනෙක් - මර්වින්


  • ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාව අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවට සම්බන්ධයි.
  • රටේ වී විකුණා ගන්ඩ බැරිව අතිරික්තයක් තියන ඒකෙන්ම පෙනෙනවා රටේ සංවර්ධනය
  • මං ඇඬුවේ ඉපදෙන දවසේ විතරයි. මං මැරෙන දවසටත් හිනා වෙනවා

මහජන සබඳතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා සමඟ කළ සාකච්ජාවක් සිළුමිණ පුවත්පතේ පලවී තිබෙනවා, එහිදී අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාවටත්, අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවටත් නෑකම් කියන බවයි

තව දුරටත් අදහස් දවන අමාත්‍යයවරයා පවසන්නේ රටේ එළවළු, වී විකුණා ගැනීමට බැරි තත්ත්වයක් තිබෙන්නේ රට සංවර්ධනය වී ඒවාගේ අතිරික්තයක් තිබෙනා නිසා බවයි.

රටේ සංවර්ධනයක් වෙනවා කියලා ඔබට හිතෙනවා ද?

සායම් මකාගන්න අතුලගෙන් කෝලං


අතුල සමිතා නැවතත් එකතුවුන බව පවසමින්ද, කටකතා ගැන කිසිත් නොදන්නා බවද පවසමින්ද සිටින අතරතුර වසර 4ක ප්‍රේමයෙන් පසු තමන් අතුල සමඟ විවාහ වුනේ 2010 වසරේ මුල බව පවසමින් නිරූපන ශිල්පිනියක් වන අමායා පසුගියදා හෙළි කළා.

තත්ත්වය එසේ පවතිද්දී "ආලෙන් වෙලාගන්න කෝළං කළා..සිත ආලෙන් මුදාගන්න මායම් කළා.." ගීතය පසුගියදා අතුල සමිතා දෙදෙනාම එක්ව ගායනා කළේ වොර්ටර් එජ් හිදී පැවති රයිගම් සම්මාන උළෙලේදීයි.

එම ගීතය ගායනා කළ අතර පසුබිමෙන් මනරම් රැඟුමක්ද දැක්වූ නමුත් කිසිවෙකුගේ අවධානය රැඟුම වෙත යොමුවූයේ නැති අතර සියල්ලෝම බලා සිටියේ අතුල සමිතා දෙසයි.

අගවිනිසුරුවරියගේ සැමියාට වරද පටවමින් සුමනදාස ඉල්ලා අස්වේ


ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

රුපියල් මිලියන 390ක් වියදම් කරමින් "ද ෆිනෑන්ස්" සමාගමේ රු.32ට තිබූ කොටසක් රු. 50 බැගින් මිලදීගනිමින් පසුගියදා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකළ දූෂිත ගනුදෙනුව විනිවිද භාවයකින් තොරව ක්‍රියාකිරීම පිළිබඳව සිත් බිඳුණු බැවින් මෙලෙස ඔහු ඉල්ලා අස්වූ බව දන්වා ඇති අතර අස්වීමෙන් පසු ඔහු වරද පටවන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයටය.

එහිදී ඔහු සෘජු චෝදනාව එල්ල කරන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ අගවිනිසුරු වරියගේ සැමියා වන ප‍්‍රදීප් කාරියවසම්ට ය.

ප‍්‍රදීප් කාරියවසම් හා ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන යන දෙදෙනාම පත්කරනු ලැබුවේ ජනාධිපතිතුමා විසිනි.


Share this article with your friends