Chitika Smowtion 468x60


Tuesday, December 27, 2011

නීතිවිරෝධී විදුලි පරිහරණයෙන් ජාතික විදුලිබල පද්ධතියට මිලියන 6000ක පාඩුවක්


Illegal Electricity usage
ලංකා විදුලිබල මණ්ඩලය තුළ ස්ථාපිත විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම වසරේ නොවැම්බර් අවසානය වන විට වංචනිකව විදුලිය පරිහරණය කරන සිද්ධීන් 8452ක් හෙළිකර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එහිදී ලංවිම අලාභය ලෙස රුපියල් මිලියන 236.62ක් සහ උසාවි දඩය ලෙස රුපියල් මිලියන 91ක් අයකර ගෙන ඇත.

ශලනි තාරකාගේ නවකතා දෙක ..


සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්මෝස්තර නිරූපිකාවක් හා නර්ත නශිල්පිනියක් බවට පත්ව සිටින ශලනි තාරකා විජේබණ්ඩාර ක්ෂේත‍්‍රයට පැමිණි මුල් කාලයේදී නවකතාදෙකක් ලියන බව පැවසුවායශලනිගේ මේ නවකතා දෙකේකතාවට පත්තර පිටු අතර ද ප‍්‍රසිද්ධියක් ලැබුණි.මේ නවකතාවලින් එකක් ශලනිගේ හිතේ ඇඳි එකක් වන අතර අනෙකඇගේ යෙහෙළියකගේ ආදර අන්දරයක් බවද ඇය මාධ්‍යට පවසාතිබිණි.


මේ නිසාම ශලනිගේ නවකතාවක් ටෙලි නාට්‍යක් කිරීමට ද එක් නිෂ්පාදකවරයෙක් මනාප වූ බව පැවසේ.කෙසේවුවද ඇය නිෂ්පාදකවරයාට නොයෙක්තාලයේ කතා කියා එය මග හැරි බවද වාර්තා වේ.මේ වන විට ක්ෂේත‍්‍රය තුළ කවදාවත්නොදකින දේවල් සම්බන්ධයෙන් වන මාතෘකා අහවර වන්නේ ‘ශලනිගේ කෙබර කතාවවගේ’ යැයි ද පැවසේ.මේ අතර දැන් ඇතැමුන් ඇගෙන් අදාළ නවකතා සම්බන්ධයෙන් විමසූවිට පවසන්නේ කාර්ය බහුලත්වය නිසා ඒවා අවසන් කිරීමට නොහැකි වූ බවයි.

නිවැරදි කළා යැයි කියූ ප්‍රතිඵලත් වැරදියි - නිවැරදි ප්‍රතිඵල වහා ලබාදෙනු


නිකුත් කරන ලද අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල නිවැරදි බවත් ඒ අනුව ඉදිරියේදී විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා බවත් උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා අද උදෑසන සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ. පාසල් විභාග පිළිබඳ කොමසාරිස්වරයා එහිදී පවසා ඇත්තේ නිකුත් කරන ලද ප්‍රතිඵලය කිසිසේත් වෙනස් නොකරන බවයි. ඉමහත් අර්බුදයකට තුඩු දුන් අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධව ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ නිල ස්ථාවරය එය බව ඒ අනුව පැහැදිලි වේ.

ආණ්ඩුව කෙසේ කීවත් මෙම ප්‍රතිඵල අතිශය දෝෂ සහගත, විකෘති ප්‍රතිඵලයක් බව දැන් මුළු රටම දනී. ප්‍රතිඵල ගැටළුව "සුනාමියක්" බවට වර්ධනය වූ විට ආණ්ඩුව කලේ දිස්ත්‍රික් කුසලතා පමණක් වෙනස් කර නැවත ප්‍රතිඵල නිකුත් කිරීමයි. එයින් යම් දෝෂ ප්‍රමාණයක් නිවැරදි වුවද සමස්ත ප්‍රතිඵලයම නිවැරදි නොවූ බවට සාක‍ෂි ඕනෑ තරම් තිබේ.

විභාගයට පෙනී සිටි විෂය ධාරා වෙනුවට වෙනස්ම විෂයධාරා වලින් ප්‍රතිඵල ලැබීම.

වාණිජ විෂය ධාරාවෙන් විභාගය කල සිසුවෙකුට කලා ප්‍රතිඵල ලැබීම
ගම්පහ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ කලා විෂයයෙන් විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවකට විද්‍යා ප්‍රතිඵල ලැබීම.

නිකුත් කරන ලද ප්‍රතිඵල වල Z අගය හා දිස්ත්‍රික් කුසලතා පිළිගත නොහැකි ලෙස වෙනස්වී තිබීම.

පේරාදෙණියේ හා රුහුණේ අමානුෂික නවක වදයට ලක්වූ සිසුන්ගේ කතාව


විශ්ව විද්‍යාල තුලින් නවක වදය අතුගා දැමීමට සෑම අවුරුද්දකම කථිකාවක් ගොඩ නැගුනත් ඒ හැම වසරකම නවක වදයට බිලිවූ සිසුන් ගැන වාර්තා වේ.නවකවදය තිබුනාට කමක් නැත.නමුත් අමානුෂික නවක වදය ශිෂ්ඨ සමාජයක කිසිවෙකු අනුමත කරන්නේ නම් නැත.

විශ්ව විද්‍යාල සංස්කෘතිය නවක සිසුන් හට හදුන්වා දීමට නවක වදය ඉවහල් වන අතර ඒ ඇතුලින් නවකයා හට ජෙෂ්ඨයා කෙරෙහි බිය මුසු ගෞරවයක් ඇතිකිරීමට උපකාරී වේ (නමුත් ඒ ඇතිවන්නේ හුදෙක් පැහැදීමකින් නොවන අතර ජේෂ්ඨ සිසුන් පරයා යාමට නොහැකි හේතුවෙන් බව ඔවුන් වටහා ගත යුතු වේ.) 

නවක සිසුවෙකු ලෙසින් විශ්ව විද්‍යාලයට ඇතුලත්වන සිසුවා පළමු වසරේ නවක වදයෙන් බැට කා ඉන් පසු දෙවන වසරවන විට පෙරමග බලන්නේ නවක සිසුපෙළ එන තෙක්ය.දෙවන වසරේ සිසුන්ට නවක සිසුන් සම්බන්ධයෙන් පුර්ණ බලතලයක් හිමිවන්නේ මෙම පරිසරය යටතේයි.

චන්ද්‍රපුෂ්පට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද?


පසුගියදා තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඊයේ පොලීසියට බාරවී තිබෙනවා.

ඊයේ තංගල්ල මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහුගේ පියාද හිටපු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකි.

මෙය ඔහුගේ පළමු ඝාතනය නොව දෙවන මනුෂ්‍ය ඝාතනය වෙනවා. පසුගිය වසරේ ජනවාරි 12 වෙනිදා හම්බන්තොට පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියකට ගමන් කරමින් තිබූ බස් රථයකට වෙඩි තැබුවේද මෙම සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණයි.

එම ඝාතනය සඳහා චන්ද්‍රපුෂ්ප විදානපතිරණ හා සමීර නැමැති තවත් නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෙකු බජාජ් වර්ගයේ මෝටර් සයිකලයකින් පැමිණ ඇති අතර එම මෝටර් සයිකලය පදවා ඇත්තේ සමීර නැමැත්තා විසිනි. වෙඩි තබා තිබුනේ ටී56 වර්ගයේ ගිනිඅවියකිනි. වෙඩි වැදීමට ලක්වූ 64 හැවිරිදි කුසුමාවතී කුරුප්පුආරච්චු නම් කාන්තාව මියගියේ මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි. 

ආලෙන් වෙලා ගන්න කෝලම් කළා


අතුල හා සමිතා විසින් ගයන ආලෙන් වෙලා ගන්න කෝලම් කළා ගීතය මෑතකදී ඉතා ජනප්‍රිය වුනා. නමුත් මෙම ගීතය පිළිබඳව පසුගියදා සරසවිය පුවත්පතට හා රිවිර පුවත්පතකට ඔවුන් විසින් පවසා තිබුනේ මඳක් පරස්පර අදහස්.

පසුගිය මාසයේ රිවිර පුවත්පතකට මේ පිළිබඳ අතුල විසින් පවසා තිබුනේ මෙලෙසින්.

කොහොමද මේ ගීතයට ආරාධනා ලැබුනේ?
අතුල:- මේ ගීතය ලිව්වෙත් සංගීතය කලෙත් මාධව කියලා අලුත් කෙනෙක්. මේ ගීතය කියන්න තියෙන්නේ සමිතා එක්ක කියලත් කල්තියා කිව්වා.

පහුගිය කාලේ අතුල-සමිතා ගැන පැතිරුනු කට කතා පිළිබඳ මේ ගීතයෙන් කියවෙන බව පවසුවොත්?


ගී‍්‍රස් යකා වෙනුවට මදන යකා - පුරුෂ ලිංගය කපාගෙන ගිහින්


ඉංගිරිය ප‍්‍රදේශවාසියෙකු නිවසේ තනියම සිටියදී පුරුෂ ලිංගය කපාගෙන යෑම නිසා මියගොස් ඇත. මේ පිළිබඳ පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
2011.12.16 දින රාත‍්‍රී කාලයේදී ඉංගිරිය පොලිස් වසමේ අංක්කර 20 ප‍්‍රදේශයේදී, එම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු නිවසේ තනිවම රැඳී සිටීන අවස්ථාවේදී, ඔහුගේ පුරුෂ ලිංගය සහ වෘෂණ කෝෂ කපා දැමීමෙන් තුවාල ලබා හොරණ මූලික රෝහලටද. අනතුරුව කොළඹ ජාතික රෝහලටද පසුව නැවත කලූබෝවිල රෝහලටද මාරු කර එවීමෙන් පසුව 2011.12.26 දින මිය ගොස් ඇත. මරණකරු අක්කර 20, ඉංගිරිය පදිංචි වයස අවුරුදු 38 ක් වූ ගාල්ලගේ දොන් ජයන්ත පේ‍්‍රමරත්න නැමැත්තෙකි. සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැත. ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

සංචාරකයන්ට හම්බන්තොට එපාවෙයිද?


ප‍්‍රාදේශීය සභා සභාපතිවරයෙකු විසින් තංගල්ලේ සංචාරකයෙකු වෙඩිතබා කපා කොටා ඝාතනය කිරීමෙන් පසු හම්බන්තොට දිස්ත‍්‍රික්කයේම සංචාරක ව්‍යාපාරය බිඳවැටී ඇතැයි තංගල්ල සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති කීර්ති වෙදආරච්චි මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇත.
මෙම සංගමයට ලියාපදිංචි හෝටල් 48 ක් හා ලියාපදිංචි නොකළ හෝටල් 16 ක් අයත් වේ.
සිද්ධියට පෙර එම හෝටල් වල සංචාරකයන් 450 ක් පමණ සිට ඇති අතර දැන් එය 200 කට වඩා අඩු ගණනකට වැටී ඇත. බියට පත් සංචාරකයන් ඉවත්වීම නිසා ප‍්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය කඩා වැටී ඇති අතර සැකකරුවන් අත් අඩංගුවට නොගැනීමෙන් තත්ත්වය වඩා අයහපත් තත්ත්වයට පත් වු බවද කීර්ති වෙදආරච්චි මහතා පවසා ඇත. දැනට ඉන්නා සංචාරකයන් ද රාත‍්‍රී කාලයේ කාමරයකින් එළියට නොබහින බවත් සාද සියල්ල අවලංගු කර ඇති බවත් කීය.
ප‍්‍රදේශයේ බිඳවැටුනු සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවිය හැකි යැයි විශ්වාස නොකරන බව කී ඔහු මීට වසර කිහිපයකට පෙර රැුකව ප‍්‍රදේශයේදී සංචාරකයෙකු මේ අකාරයෙන්ම ඝාතනයට ලක්වූ බවත් ඒ නිසා අද වනතුරු සංචාරකයන් එම ප‍්‍රදේශයට නොයන බවත් පවසා ඇත.

පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් තරුණියකට අතවර


නාරාහේන්පිට බේස්ලයින් පාරේදී තරුණ පෙම් යුවලක් ගමන්ගත් මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමට යැයි පවසමින් එම මෝටර් රථයේ සිටි තරුණියට ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන පොලිස් නිලධාරීන් තිදෙනෙකු පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම නිලධාරීන් විසින් ඔවුන් සන්තකයේ තිබූ මුදල් සහ ජගම දුරකතන ද සොරා ගෙන ඇතැයි පැවසේ.
පසුගිය 23 වැනිදා රාත‍්‍රියේ දී මෙම සිද්ධිය සිදුවී ඇති අතර නාරාහේන්පිට පොලීසියේ නිළධාරීන් තිදෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවද වාර්තා වේ.
මෙම යුවල විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නියෝගයක් මත මෙම පරීක්ෂණය සිදු කෙරෙන බවද පැවසේ.

ලංකාව සමග දැඩිව කටයුතු කරන්න - ජයලලිතා මන්මෝහන්ට කියයි


තමිල්නාඩු ධීවරයින්ට පහරදීම් සම්බන්ධව ගැටලුව පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග දැඩිව ක්‍රියා කළ යුතු බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය, ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා වෙත දැනුම් දී තිබේ. ඇය මේ බව ප්‍රකාශකර ඇත්තේ ඊයේ (26) දෙදින නිල සංචාරයක් සඳහා තමිල්නාඩුව වෙත පැමිණි අගාමාත්‍යවරයා සමග රාජ් භවන්හි දී පැවතී සාකච්ඡාවකදීය.
මෙහිදී මහ ඇමතිනිය ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ඇතුළත් පිටු 18 න් යුත් සංදේශයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත බාර දී ඇති අතර පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතීන් සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස ද එමගින් ජයලලිතා මහත්මිය අවධාරණය කර තිබේ.

ඉතිහාස ගතවූ මහේල


ටෙස්ට් ලකුණු 10000 ඉක්මවූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමට මහේල ජයවර්ධන අද (26) සමත්විය. මේවන විට දකුණු අප්‍රිකාව සමග දකුණු අපි‍්‍රකාවේ ඩර්බන්හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙම ලකුණු සීමාව ඉක්වමීමට මහේල සමත්විය.
එසේම ටෙස්ට් ලකුණු දසදහස සම්පූර්ණ කළ ලෝකයේ 9 වැනි කී‍්‍රඩකයා වීමටද ටෙස්ට් හා එක්දින තරග දෙ අංශයෙන් ලකුණු දසදහස පසු කළ පළමු ක්‍රීඩකයා වන්නේ ද මහේල ජයවර්ධනයයි.

වෛද්‍යවරයා ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්


පසුගියදා ඝාතනය කෙරුණු කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනයේ රස පරීක්ෂණ වර්තාව නොලැබීම නිසා බළපිටිය මහේස්ත්‍රාත් එන්.ටී.අයි. අබේගුණසේකර මහත්මිය විසින් ලබන 10 වැනි තෙක් සැකකරුවෝ පස්දෙනා රිමාන්ඩ් කරනු ලැබූහ.
අද දින බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැදවනවා වෙනුවට මහේස්ත්‍රාත් නිල කාමරයේදීය. මෙම අවස්ථාවට විශාල ජනකායක් සහභාගී වී සිටි බැවින් මහජන කැළඹීමක් ඇතිවන්නට ඉඩ ඇතැයි සිතා දැඩි පොලිස් රැකවල්ද යොදා තිබූ බව වාර්තා වේ.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පොලීසියට භාරවේ


පසුගියදා තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩිතබා ඝාතණය කිරීමේ ප්‍රධාන සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප මීට සුළු මොහොතකට පෙර තංගල්ල පොලීසියට භාරවී ඇතැයි වාර්වා වේ.
රාජපක්ෂ පවුලේ ලගම හිතවතෙකු වන මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති විය.

ගයේෂා පෙරේරාගේ නත්තල් පිංතූර එකතුව

ලංකාවේ සුප්‍රකට නිරුපන ශිල්පිනියක් වන ගයේෂා පෙරේරා නත්තල වෙනුවෙන්ම නිපයූ පිංතූර කීපයක් නිකුත්කර තිබෙනවා. ශ්‍රි ලංකාවාසි සියලු දෙනාටම ඇය සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කර  අතර එම පින්තුර නැරඹීම සඳහා පහත ක්ලික් කරන්න.




Click here

පාරම්පරික වෛද්‍යවරුන්ට දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයක්


Herbal 2011
පාරම්පරික වෛද්‍යවරුන් උදෙසා දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ඉදිකරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.
මිහින්තලේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙම විශ්වවිද්‍යාලය ගොඩනැගීමට පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පිහිටා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන කාර්යාලය සමග සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා සහය ලබාදීමට එම සංවිධානය  කැමැත්ත පළ කර තිබේ.

මේ සඳහා ඉදිකෙරෙන ගොඩනැගිලි පවා මෙරට උ‍රුමය තහවුරු කෙරෙන අනුරාධපුර, මිහින්තලා යුගවල ගෘහ නිර්මාණයන්ට ගැළපෙන ලෙස ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

මෙම විශ්වවිද්‍යාලය ස්වදේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය නමින් නම් කිරීමට බලාපොරොත්තු වන බව සාලින්ද දිසානායක මහතා පසුගියදා ගම්පහදී පැවති හෙළ වෙද රුවනාර වැඩසටහනකදී සඳහන් කළේය.

මෙම වැඩසටහනේදී දේශීය වෛද්‍යවරුන්ට පවතින ප්‍රශ්න හා ගැටළු සාකච්ඡා කිරීම, ආචාර ධර්ම, නෛතික තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ලියාපදිංචිය අපේක්ෂිත වෛද්‍යවරුන්ට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ද සිදුකෙරිණි.

මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පාරම්පරික, සිද්ධ, යූනානි ආදී සියලු දේශීය වෛද්‍යවරු සහභාගි වූහ.

උසස් අධ්‍යාපනයේ වත්මන් තත්ත්වය අද පැහැදිලි කරයි


sb dissanayaka mp
උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ ව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවැත්වේ.

විශ්වවිද්‍යාල පද්ධතියේ සිදු කෙරෙන නව වෙනස් වීම් සහ මෙම වසර තුළ ලබා තිබෙන ප්‍රගතිය මෙන් ම මේ වන විට මතු ව තිබෙන නවක වදය, සිසුන්ට පහර දීම සහ පන්ති තහනම් කිරීම ආදී ගැටලු පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කෙරේ.

ප්‍රවෘත්ති සාකච්ඡාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, ප්‍රධාන සභික මණ්ඩල රැස්වීම් ශාලාවේ දී පැවැත්වෙයි.

උසස් පෙළ දිස්ත්‍රික් මට්ටම විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ නැහැ


sunil jayantha navaratne
අපොස උසස් පෙළ ප්‍රතිඵලවල දිස්ත්‍රික් මට්ටම විශ්වවිද්‍යාල ප්‍රවේශයට බල නොපාන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

ආන්දෝලනයට තුඩු දී තිබෙන අපොස උසස් පෙළ ප්‍රතිඵල, මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට කෙසේ බලපායි ද යන්න පිළිබඳ ව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ‍ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී ඔහු මේ බව පැවසී ය.

උසස් අධ්‍යාපන ලේකම්වරයාට අනුව, zස්කෝර්වල වෙනසක් සිදු වී නැති බවත් ප්‍රතිඵලවල වෙනසක් සිදු නොවන බවත් දිස්ත්‍රික් මට්ටම් සඳහා තාක්ෂණික ගැටලුවක් බලපා තිබෙන බවත් එය ද හැකි ඉක්මනින් නිවැරදි කෙරෙන බවත් පැවසී ය.

ගුවන් නියමුවරියක් වෙන්න ආසයි - රයිනි චාරුකා


සංගීත පවුලක ආභාෂය ලැබ මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන ඇය පළමුව ප්‍රේක්ෂක අවධානය දිනාගන්නේ"ඩැඩී" සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා සමග ගායනා කළ "නීල කඳු ගැටේ" ගීතය තුළිනි. එතැන් සිට ගායන ශිල්පිණියක ලෙස ඔබ හඳුනාගන්නා ඇය "සිංහාවලෝකනය" චිත්‍රපටය සඳහා සිය කුළුඳුල් රංගන දායකත්වය ලබාදෙමින් රංගන ශිල්පිණියක ලෙස ද කලා ක්ෂේත්‍රයට සිය නම එක්කරයි. 
එම චිත්‍රපටය සඳහා රුවන් හෙට්ටිආරච්චි සමග ගායනා කළ "මතකද හැන්දෑවේ අපි දෙන්නා", චින්ති සමග ගායනා කරන "තරු මිණි ඔච්චම් පාමින" වැනි ගීත තුළින් ද ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්වීමට ද ඇය සමත්වූවාය.ඇය ප්‍රවීණ ගායක යුවලක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය දියණිය රයිනි චාරුකාය. . .

*රයිනිකොහොමද ඉතින් ජීවිතේ?
මම මේ දවස්වල නත්තල් ගී තැටියක පටිගත කිරීම් කටයුතුවල යෙදිලා ඉන්නවා. මේ වසරේ නෙමෙයි ලබන වසරේ තමයි එය එළිදක්වන්න බලාපොරොත්තු වෙන්නේ.

Share this article with your friends