Chitika Smowtion 468x60


Monday, March 5, 2012

රන්ජන් - චතුරිකා පෙම් ජවනිකා


නඩු නැති රටක කතාව - හලාවත ධීවර ඝාතනයේ ඇසින් දුටු සාක්‌කි


ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම නිසා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබා ඝාතනය කල හලාවත ඇන්ටනිගේ මරණය බොහෝ දෙනෙකුට දැන් අමතකය.

බොහෝ දෙනෙකුට ඉන්ධන මිල වැඩි වූ බවක්ද දැන් අමතකය. හලාවත එම ඝාතනයේ ඇසින් දුටූ සාක්ෂි පිළිබඳව ලිපියක් ඊයේ දිවයින පුවත්පතේ පළවී තිබුණා. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

එගොඩවැල්ලේ අල බහින්නේ නැත. කාරම සහිත වැල්ල කා ජීවත් වන්නටද හැකි නොවේ. ජීවත් වන්නට උවමනා බැවින් එගොඩවැල්ලේ මිනිස්‌සු මුහුදු ගොස්‌ සිටියහ.

අප දැන් සිටින්නේ එගොඩවැල්ල පල්ලිය අසලය. අප සමග සිටිනා තරුණයා දෑත් ලයේ බැඳගන නිහඬව කුඩා ගෙවල් පේළි අතරින් දිවෙනා පටු මගදෙස බලා හිඳී. මුහුදේ රැය පහන්කර විඩාපත්ව ගොඩබිමට පැමිණෙනා මිනිස්‌සුන් මොහොතකට පල්ලියට ගොඩවී යනු පෙනේ. එක්‌වරම එක්‌ මිනිසෙක්‌ අප සමග සිටිනා තරුණයා අමතයි.

"මේ මහත්තුරු මොකට ආවා කියනවද?"

සමරසිංහ වෙනුවට තමරා කතාකලානම් අපි ගොඩ - ජනපති


අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වෙනුවට ජිනීවා හි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කුලනායකම් මහත්මිය මානව හිමිකම් සමුළුව ඇමතුවේනම් ශ‍්‍රී ලංකාවට වඩාත් වාසිසහගත තත්ත්වයක් උදාවීමට තිබූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
තමරා දෙමළ ජාතික කාන්තාවක් වීමත්, ඇයට දෙමළ, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ,ස්පාඤ්ඤ ආදී භාෂා 6 ක් චතුර ලෙස කතාකිරීමට හැකි බවත්, එම භාෂා ඥානය උපයෝගී කරගනිමින් ඇය ඉතා සංවේදීව දෙමළ, ප‍්‍රංශ, ස්පාඤ්ඤආදී භාෂාවලිනුත් විනාඩිය බැගින් හෝ කතාකරමින් මානව හිමිකම් සමුළුව ආරම්භයේදීම ඇමතුවේනම් ශ‍්‍රී ලංකාවට මීට වඩා සුභවාදී ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවේ ජනාධිපතිවරයා පෙරේදා (03) දියතලාව වැඩමුලූවේදී පවසා ඇත.

ජනපතිගෙන් කුනුබැනුම් අසා ‘ජිනීවා ලොස් පීරිස්’ට බඩයයි


ජනාධිපතිවරයා කුනුහරුපයෙන් බැනවැදීම නිසා එකවර කම්පනයටපත්වූ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් නොහොත් ‘ජිනීවා ලොස් පීරිස්’ මහතාට එකවර ‘ලූස්මෝෂන්’ වූ බවත්, එම ස්ථානයේ සිටි ඩග්ලස් දේවානන්ද මහතා වහාම ආරක්ෂක නිලධාරින් යොදවා ජී.එල්. ඇමතිවරයා හෝටල් කාමරයට යැවූ බවත්, ජිනීවා ගිය කණ්ඩායමේ නායක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ජිනීවා සංචාරයේදී ඇතිවූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් පිළිබදව මෑතකදී ආරම්භ වූ පුවත්පතක ප‍්‍රධානියෙකු කළ විමසීමේදී සමරසිංහ ඇමතිවරයා එම කාරණය හෙළිකර ඇත.

පොදුජන විරුවන්ගේ දූදරුවන් කිසිදා තනිවෙන්නෑ - විජිත හේරත්


ආණ්ඩුවේ හලාවත ධීවර උද්ඝෝෂණයට මිලේච්ඡ ප්‍රහාරයක් දියත් කර වෙඩිතබා ඝාතනය කරන ලද ධීවර කාර්මික ඇන්තනී ප්‍රනාන්දු මහතාගේ දරුවන් දෙදෙනාට ඉතිරිකිරීමේ බැංකු ගිණිමු දෙකක් ප්‍රධානය කිරීම ඊයේ (04) දහවල් ඔවුන්ගේ නිවසේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ අන්තර්සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ යනමහත්වරු අතින් සිදුකෙරිණ.


මේ සදහා මුදල් පරිත්‍යාග කරන ලද්දේ නම හෙලිකිරීමට අකමැති ප්‍රකට කලාකරුවෙකු විසිනි. මෙම දරුවන් දෙදෙනාට රුපියල් 50000/= බැගින් බැංකු ගිණුම්ගත කර තිබේ. එම ගිනුම් අංක මේසේය.

ජිනීවා ගැන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත ජනතාවට හෙළිකරනවා - සෝමවංශ


‘‘ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මුල සිටම අනුගමනය කළේ දෙබිඩි කි‍්‍රයාමාර්ගයක්. විදේශ ප‍්‍රතිපත්තිය මගින් නිරූපනය වන කි‍්‍රයාමාර්ග වෙනත් අන්තයකත් රට තුළ කියන කතා තවත් අන්තයකත් පරස්පර විරෝධී ලෙස පවතිනවා. විදේශ ප‍්‍රතිපත්තියේදී අධිරාජ්‍යවාදය සමග එකට සිටිමින් රටතුළ ජනතාව උද්ඝෝෂණවලට පොළඹවනවා. මේ දෙබිඩි පිළිවෙතක් ඇයි.’’ දැයි, සෝමවංශ අමරසිංහ මහතා ප‍්‍රශ්න කර සිටි.
ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ සැසිවරය සහ ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමින් ඊයේ (04) පැවති මාධ්‍ය සාකච්ඡුාවකට එක්වෙමින් සෝමවංශ මහතා ආණ්ඩුවේ මෙම දෙබඩි පිලිවෙත විවේචනය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

13 ප්ල්ස් දෙන බවට ජනාධිපතිගෙන් යළි ඉන්දියාවට පොරොන්දුවක්


උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස ඉන්දියාව යෝජනා කොට ඇති 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගොස් බලය බෙදා හැරීමකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාට යළිත් වරක් පොරොන්දු වී තිබේ.
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස බලකරමින් ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ගෙන ඒමට නියමිත යෝජනාව පරාජය කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය ඔස්සේ ඉන්දීය අගමැතිවරයා ඇමතූ අවස්ථාවේදී මෙම පොරොන්දුව ලබාදී තිබේ.

විකුණාගත නොහැකි වූ එළවලු කිලෝ 30,000ක් විසි කරයි


පසුගිය වසරේ අලුත් අවුරුදු සමයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ කිලෝ 70,000 ක් පමණ විකුණාගත නොහැකි වූ නිසා පැරණි වැසිකිළි වළකට දමා තිබූ පුවතක් අප ඔබට ගෙන ආවා

යලිත් එවැනිම සිදුවීමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වෙනවා. පසුගියදා එළවළු කිලෝ 30,000ක් පමණ ගොවීන් කුණු ගොඩට විසිකර දමා තිබෙන්නේ විකුණා ගැනිමට නොහැකිවූ නිසාය.

තක්කාලි කිලෝව රු. 2කට අළෙවි වී තිබූ අතර බණ්ඩක්කා, දඹල හා මෑකරල් කිලෝව රු. 8ත් 10ත් අතර මිලකටද, වම්බටු කිලෝ 50ක උරයක් විකිණුනේ රුපියල් 100කටයි අලෙවි වී තිබෙන්නේ.

ඊලඟ නායකයත් රාජපක්ෂ කෙනෙක් - සුමනදාස අබේගුණවර්ධනගේ අනාවැකිය


  • ඊලඟ නායකයත් රාජපක්ෂ කෙනෙක්.
  • ඒත් මට ඒ තරම් ආයුෂ නෑ.
  • පරදින්න ගිය 2008 බජට් එකට දිනන්න නැකත හැදුවේ මම.
  • මේක මගේ අවසන් පුවත්පත් සාකච්ජාව වෙන්න පුළුවන්.
වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතායි.

1996 ඉන්දීය මහා මැතිවරණයෙන් කොන්ග්‍රස් පක්‍ෂය පරදින බවත්, මෙතෙක් බලයට නොපැමිණි භාරතීය ජනතා පක්‍ෂය රජයක් පිහිටුවන බවත්, එම පක්‍ෂයේ සභාපති ලාල් ක්‍රිෂ්ණ අද්වානි මහතාට අගමැති වෙන්නට වාසනාවක් නැති බවත්, එම පක්‍ෂයේ අතල් බිහාරි වජ්පායි මහතා අගමැති වෙන බවටත්, ඔහුගේ පාලන කාලය දින 14 කට සීමා වන බවත් අබේගුණවර්ධන මහතා අනාවැකි කී බවයි පැවසෙන්නේ. 

හෙළයේ ගී රැජිනකට හා සංගීත ශිල්පීන් පිරිසකට කුවේට් ගුවන් තොටේදී සිදුකළ මහා අපහාසය


නන්දා මාලිනි ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය රැගෙන ආවයයි සැක සිති කුවේට් ගුවන් තොටුපලේ රඳවාගෙන!

දිනය 2012 මාර්තු 01 වැනිදා. කුවේටයේ පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් කුවේටය බලා ගිය මෙම පිරිසට අත්විඳින්නට සිදුව ඇත්තේ ඉතාමත් අමිහිරි අත්දැකීමකටය. 

ඇය අපේ ගී රැජිනක් වූ විශාරද නන්දා මාලිනියයි. සෙසු පිරිස වත්මන් පරපුරේ නැගී එන සංගීත ශිල්පියෙක් ලෙස හඳුන්වන සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ සංගීත ශිල්පීන් පිරිසකි.

විශාරද නන්දා මාලිනිය ඇතුළු මෙම පිරිස පසුගිය මාර්තු 01 වැනිදා කුවේට් ගුවන්තොට ළඟා වී ගත වී ගිය ඊළඟ මොහොතේ දී ඔවුන් ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.

Share this article with your friends