Chitika Smowtion 468x60


Wednesday, January 11, 2012

ශලනි තාරකා ඡායාරූප එකතුව 2012 ජනවාරි






සියල්ල නරඹන්න මෙතන ඔබන්න



2007 සිට අන්තර්ජාලයේ සැරිසරන නුවරඑළියේ මල්තුහින


මේ දිනවල විවිධ පුවත්පත්වල හා වෙබ් අඩවිවල නුවර එලියට මල් තුහින වැටි ඇති බවක් පවසමින් ජායාරූප පෙළක් ප්‍රසිද්ධ කොට තිබෙනවා.ෆේස්බුක් ඔස්සේද මෙම ජායාරූප සංසරණය වෙමින් පවතින්නේ එය 2012 වසරේ සිදුවූවක් යැයි සඳහන් කරමින්.

නමුත් මෙම ජයාරූප පෙළ අන්තර්ජාලයට එක්කරනු ලැබුවේ 2007 වසරේදීයි.ඉන්පසු 2008 වසරේදී හා 2009 වසරේදීත් මෙම ජායාරූප පෙලම නැවත නැවතත් ප්‍රසිද්ධියට පත්වුයේ නැවතත් නුවරඑලියට  මල් තුහින වැටි ඇතිබව පවසමින්.

ඊයේ දිනය වන විට එය ලංකාදීප වෙබ් අඩවියේද පලකොට තිබුනා.

එම ජායාරූප පෙළ බලන්න පහතින්

දකුණු අධිවේගී මාර්ගයට තවත් සුඛෝපභෝගී බස් රථ දෙකක්


දකුණු අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා අද දිනයේ සිට තවත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

දැනට ධාවනය වන සුඛෝපභෝගී බස් රථ දෙක මගීන්ගේ ඉල්ලූමට ප්‍රමාණවත් නොවන බැවින් නව බස් රථ දෙක ධාවනයට එක්කිරීමට තීරණය කල බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව මහරගම සිට ගාල්ල දක්වා මෙම බස්රථ පැය එකහමාරෙන් එකහාමාරට ධාවනය වීමට නියමිතයි.

හිත් පිත් නැති සමුද්‍ර දේවි


සමුද්‍ර දෙවි දුම්රිය ඊයේ දිනයේ පානදුර නැවත්වීමට සැලසුම්කොට තිබුනත් එසේ ක්‍රියා නොකිරීම නිසා ඊයේ දිනයේ විශාල මගී පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම සිදුවීම අප වෙත දන්වා එවූ ගොසිප්9 පාඨකයෙකුගේ ලිපියකි.

ඊයේ දිනයේ (10) කොල්ලුපිටිය දුම්රිය ස්ථානයෙන් නිවේදනය කලේ සමුද්‍ර දේවී දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේද නවත්වන බවයි.

සාමාන්‍යයෙන් සමුද්‍ර දේවී දුම්රිය නවත්වන්නේ බම්බලපිටිය දුම්රිය ස්ථානයෙන් පසුව රත්මලානේ සහ දකුනු කළුතර පමණි (කළුතරින් පසුව ධාවනය නොවේ). 

මෙදින පානදුර දුම්රිය ස්ථානයේදී නැවත් වීමට තිරනය කර තිබුනෙ ඊට කලින් පැමිනෙන වාද්දුව බලා ධාවනය වෙන දුම්රිය අවලංගු කර තිබූ නිසාය. මේ හේතුවෙන් මගීන් විශාල ප්‍රමාණයක් අපහසුතාවට පත්ව තිබුනා.

නෙහාරාගේ දික්කසාදය ලැබෙන්න ඔන්න මෙන්න තියා මේනකත් දික්කසාද වීමට යයි


නෙහාරා පීරිස් විසින් සිය සැමියාගෙන් දික්කසාද වීමට ඉල්ලා පවරා තිබූ නඩුවේ තීන්දුව ලබන සතියේ ප්‍රකාශ වීමට නියමිතව තිබෙනවා. ලබන 16 වනදා නුවරඑලිය උසාවියේදී එම තීන්දුව ලැබෙනු ඇතැයි ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ අතර නෙහාරාගේ විවාහට බිඳී යාමට හේතුවූ බවට සැලකෙන ඇය හා සමීප ඇසුරක් පැවති මේනක රාජපක්ෂ ද දික්කසාද වීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඔහු විසින් ඉල්ලා තිබෙන්නේ මීට මාසයකට පමණ පෙරයි.

මේනක රාජපක්ෂ සිය බිරිඳට වඩා වයසින් අවුරුදු 3ක් බාල වන අතර ඔවුන් විවාහ වී තිබෙන්නේ 2008 වසරේ. මේ වන විට ඔවුන් වෙන්වී ජීවත් වන අතර දික්කසාද වීම සඳහා ඔහු විසින් හේතු දක්වා තිබෙන්නේ තම බිරිඳ නපුරු බවත් එකට ජීවත් වීමේදී ඔවුන් අතර නිතරම අඬදබර වන බවත්ය.






සේනක විජේසිංහට ඇප


සටන් නළුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටින සේනක විජේසිංහ මහතා ඊයේ දින නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ගියාන් රණවක මහතා විසින් ලක්ෂ 15 ක ශරීර ඇප මත මුදාහැරුනේ රුපියල් දහතුන් ලක්ෂ හතලිස් දහසක මුදලක් වංචා කිරීම හේතුවෙනුයි.

ටෙලි නාට්‍යයක් නිෂ්පානය කිරීමට පොරොන්දු වෙමින් ඔහු මෙම මුදල ලබාගෙන ඇත්තේ ජි.ලසිත යසකුල නම් පුද්ගලයෙකුගෙන්.

ඒ අනුව සේනක විජේසිංහ විසින් මුහුරත් උළෙලක් පවත්වා දර්ශන කිහිපයක් රුගත කලද ඉන්පසුව ටෙලි නාට්‍යයේ වැඩ අවසන්කොට ඇත.නමුත් පැමිණිලිකරු විමසීමේදී සේනක විජේසිංහ විසින් කියා ඇත්තේ ඔහු විසින් අදාළ ටෙලි නාට්‍යය සඳහා වේලාවක්ද වෙනකොට ඇති බවයි.

විනිසුරු වරාවැවගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය


යාන වාහන පදවි තානාන්තර අපේක්ෂාවකින් තොරව විනිසුරුවරු නඩු තීන්දු ලබාදිය යුතු යැයි සුදුකොඩි නඩුවෙන් හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිවරදිකරුයි ප්‍රකාශකළ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතා අද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

දෙහිවල ව්‍යාපාරිකයකුට හා ත‍්‍රිරෝද රථ රියැදුරකුට මරණ දඬුවම නියම කරමින් ඔහු මේ බව කියා සිටියා. ඔවුන්ට එරෙහිව තිබු චෝදනාව වූයේ දෙහිවල හාමර් පෙදෙසේ ඉඩම් කැබැල්ලක් අයිතිකර ගැනීමේ අරමුණින් එකම පවුලේ තිදෙනකු 2003දී මරා දැමීමයි.

මරණ දණ්ඩනය නියමකිරීමට ප්‍රථම හැරිසන් ජයවීර නම් විත්තිකරු කියා සිටියේ විනිසුරු වරාවැව පක්ෂග්‍රාහී පුද්ගලයෙකු බවයි.ඔහු තමාට සාධාරණ නඩු විභාගයක් ලබා නොදුන් බව කියූ විත්තිකරු තමාට දඬුවම් පැමිණවීම ඔහුගේ එකම අරමුණ වූ බවයි චෝදනා කලේ.


ඉන්පසු අධිකරණයේ ප්‍රකාශයක් සිදුකල වරාවැව මහතා 

නිරූපමා රාජපක්‍ෂගේ සැමියා වන තිරුකුමාරන් නඩේෂන්ට ප්‍රහාරයක්


ජනාධිපතිවරයාගේ ඥාතියෙකු වන ජල සම්පාදන නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියාවන කෝටිපති ව්‍යාපාරික තිරුනඬේෂන් මහතාට ඉන්දියාවේදී ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනව බව ඉන්දීය පුවත් සේවා අද වාර්තා කළා.

තිරුනඬේෂන් මහතා වෙනුවෙන් අද පාන්දර ඉන්දියාවේ රාම්ලත් දිස්ත‍්‍රික්කයේ රාමේෂ්වරන් හින්දු කෝවිලේ පූජකතුමාගේ නිවසේ පූජාව පවත්වන බව ආරංචිවූ දකුණු ඉන්දීය දේශපාලනඥ වයිකෝගේ පක්ෂයේ පිරිසක් පැමිණ එම නිවස වටලා ඇති අතර එලියට පැමිණි නඩේසන් මහතාටත් එම පිරිස පහර දුන් බවයි වාර්තා වුනේ.

කිලෝමීටර් 60 යන්න තැපෑලට දින 17ක් ගත වෙලා


බදුල්‍ලේ සිට බිබිලට ලිපියක් ලැබිමට දින 17ක් ගතවීම හේතුවෙන් බිබිල මුදියල ආදර්ශ විද්‍යාලයේ පාස‍ලේ දරුවන් තිදෙනකුට අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වනු ලැබූ සමස්ත ලංකා සමාජ අධ්‍යයන තරගය සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ බව වාර්තා වෙනවා.

බදුල්‍ලේ සිට බිබිලට ඇති දුර ප්‍රමාණය සාමාන්‍යයෙන් කිලෝමීටර් 60කට අඩු වන අතර එම ලිපිය පාසලට යොමු කර තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මස 20 වෙනිදා. නමුත් ලිපිය ජනවාරි 6 වනදා පාසලට ලැබෙන විට එම තරඟට පවත්වා දින 3ක් ද ඉක්ම ගොස් තිබෙනවා.

මුදියල කොටගම යල්කුඹුර මල්ලාහැව ආදී ප්‍රදේශවලට ලංගම බස් රථයක් පැමිණෙන්නේ දින 10කට පමණ වරක් බවත් එම ප්‍රදේශයට අදාළ ලිපි ලැබෙන්නේ එම බස් රථයෙන් පමණක් බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරනවා.

මර්වින්ට එරෙහිවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ඉවත් කිරීමට රහස් හමුවක්


මර්වින් හා කැලණිය ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් අතර ඇතිවී තිබෙන ගැටුම පිලිබඳ දිගින් දිගටම අප ඔබට කරුණු හෙළිකර සිටියා.

මේ වනවිට කැළණි පුරවරය දෙපිලකට බෙදී සිටින්නේ මර්වින්ගේ පාර්ශවය හා ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන්ගේ පාර්ශවය ලෙසින්. 

මේ වනවිට අපට වාර්තා වන්නේ අද (10) සවස දෙකට පමණ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තුල මර්වින්ට එරෙහි වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඉවත්කිරීමට රහස් හමුවක් පැවැත්වූ බවයි.

Share this article with your friends