Chitika Smowtion 468x60


Friday, March 9, 2012

ජිනීවා සටනට ‘නේෂන් මාලින්ද’ යැවීමට තීරණය කෙරේ


ජනාධිපතිවරයාගේ උගත් පාඩම් කොමිසම් සභා නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස ශ‍්‍රී ලංකා රජයට බලකරමින් ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙන යෝජනාවට එරෙහි මාධ්‍ය සම්බන්ධීකරනය සඳහා ‘නේෂන්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ මාලින්ද සෙනවිරත්න මහතා ජිනීවා යැවීමට ජනාධිපතිවරයා තීරණය කොට තිබේ.
මාලින්ද සෙනවිරත්න මහතා ගෙන්වා ඇති ජනාධිපතිවරයා එම මාධ්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තිබෙන අතර ‘‘සුද්දියන්ගේ ගුබ්බෑයම්වලට රිංගා නම කැතකර නොගන්නා ලෙසත්,  ඕන දෙයක් හොර රහසේ කරන ලෙසත්’’ උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා එම කාරණය අවධාරනය කොට ඇත්තේ පසුගියදා ජිනීවා ගිය මාධ්‍ය ප‍්‍රධානීන් දෙදෙනකු ගණිකා මඩමකට ගොස් ඇතිවූ අර්බුදය සිහිපත් කරමිනි.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ටිකට් ඒජන්සි ආර්යාවගේ හිතවතුන්ට


ශ‍්‍රී ලංකන් එයාර් ගුවන් සේවයේ විදෙස් ටිකට්පත් අලෙවිහල් (General Sales Agency) ජනාධිපති ආර්යාවගේ හිතවතුන්ට ලබාදීමේ සූදානමක් පවතින බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා වන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොයුරාවන නිශාන්ත වික‍්‍රමසිංහ මහතාය.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සභාපතිවරයාගේ සමීපතම හිතවතෙකුවන අතර, ඔවුන් දෙදෙනා එක්ව පසුගිය මාස කිහිපය තුලදී බරපතල වංචා ගණනාවක් සිදුකර තිබේ. ප‍්‍රධාන විධායක නිලධාරියා විසින් කළ එවැනි ගණුදෙනු කිහිපයක් පිළිබදව වාර්තාවීමත් සමග ඔහු ඉවත් කොට වෙනස් සුදුසු අයෙකු පිටරටකින් හෝ ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරයාට දැනුම්දී තිබිණ.

දුමින්දට නිවාඩු අනුමත කිරීමට කතානායකත් එකඟ නැහැ


අධිකරනය විසින් වරෙන්තු කොට සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතාට තව දුරටත් මාස තුනක කාලයක් සඳහා නිවාඩු අනුමත කිරීම නීති විරෝධී විය හැකි බව පවසා ඇති කතානායක චමල් රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා තිබේ.
කතානායකවරයා මේ සම්බන්ධයෙන් හිටපු නීතිපති මොහාන් පීරිස් මහතාගෙන්ද කරුනු විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ වරෙන්තු කොට සිටින පුද්ගලයෙකු වෙනුවෙන් නිවාඩු අනුමත කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

කාන්තා දිනයත් රාජ්‍ය විරෝධී ලු - හමුදාව පෝස්ටර් ගලවයි


ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණ පාගමනට අදාළ පෝස්ටර් හමුදාව මැදිහත්වී ඉවත් කළ බව එම ව්‍යාපාරය ප්‍රකාශ කරයි.


ඊයේ උදෑසන කෝට්ටේ නගරයේ පෝස්ටර් අලවමින් සිටියදී එම ස්ථානයට LA 7438 දරණ ජීප් රථයෙන් පැමිණි හමුදා නිලධාරීන් පිරිසක් පෝස්ටර් ඇලවීම නතර කරන ලෙස දැනුම්දී තිබේ. එහිදී පෝස්ටර් අලවමින් සිටි පිරිස ඊට හේතු විමසා ඇති අතර හමුදා නිලධාරීන් පවසා ඇත්තේ පරිසර දූෂණයක් සිදුවන බැවින් එය නතර කරන ලෙසයි.

කුස පබා පෝලිම පනියි


මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් අධ්‍යක්‍ෂණ කරන ලද කුස පබා චිත‍්‍රපටය සිංහල සිනමාවේ ආදායම් වාර්තා බිඳ හෙලමින් මේ දිනවල රූගත වේ.

නමුත් මෙම ආදායම් බිඳ හෙලා රූගත වන කුස පබා චිත්‍රපටය රූගත වීමට නියමිත අනෙකුත් චිත්‍රපට පෝලිමේ නොසිට ලැබූ විශේෂ වරප්‍රසාද මත කලින් දිනයක් ගෙන ප්‍රදර්ශනය කර ඇති බවට චෝදනා නැගේ.

මේ පිළිබඳව චෝදනා නගන රංගන ශිලිපියෙක්, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ උපදේශන කමිටු සාමාජිකයෙක් හා ජාතික තරුණ සේවා සභාවේ සම අධ්‍යක්‍ෂවරයෙකු වන අර්ජුන කමල්නාත්ගේ අදහස 

මර්වින් සිල්වාගේ ගෞරව නාමය ගැන සුමනජෝති හිමි පහදයි


මර්වින් සිල්වා අමාත්‍යවරයා පසුගියදා "දෑ ප්‍රේමී ජනරංජන" ගෞරව නාමයෙන් පිදුම් ලැබූ පුවතක් පසුගිය 22වනදා අප ඔබට ගෙන ආවා.

එම ගෞරව නාමය අම්බලන්ගොඩදී පිරිනැමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ සම්මේලනය වෙනුවෙන් පල්ලත්තර සුමනජෝති හිමියන් විසිනි.

මර්වින් සිල්වා වැනි තක්කඩියෙකුට, මැරයෙකුට, කප්පම්කාරයෙකුට එවන් ගෞරව නාමයක් ලබාදීමෙන් පසු පසුගිය 26වනදා මව්බිම පුවත්පතේ උන්වහන්සේ දැඩි ලෙස විවේචනය කරමින් ලිපියක් පළ වුණා.

ඉන්පසු පල්ලන්තර සුමනජෝති හිමියන් විසින් එම ගෞරව නාමය දීමට හේතුවූ කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් එම පුවත්පතට යොමු කර තිබෙනවා. පහත දැක්වෙන්නේ උන්වහන්සේ නිකුත් කළ නිවේදනයයි.

සුදු වෑන් භීතිකාව රජයේ නිර්මාණයක්ද?


සුදු වෑන් භීතිකාව පසුගිය කාලය පුරාම රට පුරා දක්නට ලැබූ තත්වයක්. නමුත් මෙම සුදු වෑන් මගින් බොහෝ විට ගෙන ගියේ දරුණු ගනයේ අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍යය වලට සම්බන්ධ පුද්ගලයන්ය.

එසේ නොමැති පුද්ගලයන් ගෙන ගිය විට දින කිහිපයකින් ඔවුන් මහා මග දමා යන තත්වයක් දැකිය හැකි විය.

පසුගිය සතියේ ඉරිදා ලංකාදීප සමග නම සඳහන් නොකරන ලද කොළොඹ දිසාවේ උසස් පොලිස් නිලධාරියෙකු සම්මුඛ සාකච්චාවක් පවත්වා තිබුණි.

එහිදී එම පොලිස් නිලධාරියා විසින් එම මාධ්‍යයවේදීයා අසන ලද ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරු මෙසේය.

මැදවච්චියේ විද්‍යා ගුරුවරයෙකුගෙන් ඉන්ධන නැතුව ධාවනය වන මෝටර් රථ සැලසුමක්


ඉන්ධන කිසිසේත්ම අවශ්‍ය නොවන මෝටර් රථයක් සැළසුම් කිරීමට මැදවච්චියේ විද්‍යා ගුරුවරයෙකු සමත්වී තිබෙනවා.

මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලේ නලීන් තරංග විජේතුංග වන ඔහුගේ මෙම නිර්මාණය බුද්ධිමය දේපළ කාර්යාංශය මඟින් පිළිගෙන ඊට පේටන්ට් බලපත්‍රයද පිරිනමා තිබෙනවා.

මෙම සැලසුම් ගත මෝටර් රථය මුළුමනින්ම විදුලියෙන් ක්‍රියාත්මක වන නමුත් විදුලිය යොදවා බැටරි ආරෝපනය කිරීමක්ද සිදුකෙරෙන්නේ නැහැ.

දිනේෂ් චන්දිමාල්ගේ පෙම්වතිය


සී. බී කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ බොහෝ අවධානයක් දිනාගත් ක්‍රීඩකයෙකි දිනේෂ් චන්දිමාල්. බොහෝ දෙනා දිනේෂ් හදුන්වා දී තිබුනේ අනාගත සංගක්කාර ලෙසටයි.

කෙසේ නමුත් මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණු පසුවත් දිනේෂ් තවමත් හැසිරෙන්නේ සාමන්‍යය පුද්ගලයෙකු ලෙසින් බවට අපට වාර්තා වනවා.

දිනේෂ් ගේ පෙම්වතිය වන්නේ ගාල්ලේ ඉෂිකා සෙව්වන්දියි. ඇය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්. දිනේෂ් -ඉෂිකා ආදර සම්බන්ධතාවය පටන්ගෙන ඇත්තේ පාසල් සමයේ සිට බව අප වෙත වාර්තා වනවා. ඉෂිකා මේ වනවිට කොළොඹ ජාතික ව්‍යාපාර කළමානාකාරිත්ව ආයතනයේ ඉගෙනුම ලබමින් සිටිනවා.


Share this article with your friends