Chitika Smowtion 468x60


Monday, June 25, 2012

Walawe Super Cross 2012



සරසවි සිසුන් අතරට හමුදා ඔත්තුකරුවන් යැවීමේ සැලසුමක් ?


සරසවි ශිෂ්‍ය ව්‍යාපාර සහ ශිෂ්‍ය උද්ඝෝෂණ මර්ධනය කිරීමේ අරමුණෙන් හමුදා ඔත්තුකරුවන් සරසවි සිසුන් හා මිශ්‍ර කිරීමේ වැඩ පිළිවෙලක් ආරක්ෂක අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන බව විශ්වාස කටයුතුදායක ආරංචි මාර්ගයකින් අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.

මෙහි පළමු පියවර ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි යුද හමුදා මූලස්ථානය විසින් දිවයිනේ පිහිටි සෑම හමුදා කඳවුරකටම ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ එම හමුදා කඳවුරු වල සේවය කරන යුද සෙබළුන්ගෙන් අ.පො.ස. (උසස්) පෙළ දක්වා හෝ සරසවි අධ්‍යාපනය ලැබූ අය වෙත්නම් වහාම ඔවුන් පිළිබඳව දන්වා එවන ලෙසයි. එම ලිපිය යවා ඇත්තේ එවැනි හමුදා නිලධාරීන් වැඩි දුර අධ්‍යාපනය සඳහා විවිධ සරසවිවලට අනුයුක්ත කිරීමට විශේෂ පාඨමාලාවක් ඇරඹීමට නියමිත බව සඳහන් කරමිනි.

එ.ජා. සරනාගත කොමිසම රහස් තොරතුරු ආරක්ෂ අමාත්‍යාංශයට දෙයි?


ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමෙහි (යූ.එන්.එච්.සී.ආර්) දේශීය කාර්යාලය එහි ලියා පදිංචි වී සිටින විදෙස් මුස්ලිම් ජාතික සරනාගතයින්ගේ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයට ලබා දෙන්නේ ද යන ප‍්‍රශ්ණය රාජ්‍ය තාන්ත‍්‍රික අංශයන්හි කතා බවට ලක්ව තිබේ.

මෙයට හේතු වී ඇත්තේ එහි ලියා පදංචි වී සිටින 150කට වැඩි ඉරාන, ඇපගනිස්ථාන දසහ පකිස්ථාන ජාතික සරණාගත පුද්ගලයින්ට දින හතරක් ඇතුළත ශ‍්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ආරක්ෂ අමාත්‍යාංශය යටතේ ඇති ආගමන සහ විගමන දේපාර්ථවේන්තුව විසින් නියෝග කිරීමය.
ඊටත් වඩා ප‍්‍රශ්ණයට හේතු වී ඇත්තේ එම පුදගලයින්ට යවන ලද ලිපි වල ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමෙහි දේශීය කාර්යාලය විසින් ලබා දී ඇති අංකයන් ද සඳහන් කර තිබීමය. මෙම අංක ආරක්ෂ අමාත්‍යාංශයට ලබා දී ඇත්තේ කොළඹ යූ.එන්.එච්.සී.ආර් කාර්යාලයෙනි.

නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ කෑ පතේ පහරයි!


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපකීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන නුගේගොඩ කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා පසුගිය 21වනදා තලවතුගොඩ හෝකන්දර පාරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතාට අයත් අක්කරයකුත් පර්චස් 29ක ඉඩමකට ඇතුලූ වී එහි තිබූ ගොඩනැගිලි කඩා ඉවත් කොට සිදුකරන ලද අනර්ථකාරී ක්‍රියාවක් පිළිබඳව අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.

නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා මෙසේ මෙම අනර්ථකාරී ක්‍රියාව සිදු කොට ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය භාරව කටයුතු කරන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතය. හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතාට අයිති මෙකී භූමි පරිශ්‍රය අනවසර ගොඩකිරීමක් බවත් එහි ඉදිකර ඇති ඉදිකිරීම් සියල්ලම අනවසර ඉදිකිරීම් බවත් පවසමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලීසියේ සහ යුද හමුදාවේ නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක් යොදවමින් මෙම අනර්ථකාරී ක්‍රියාව සිදු කර තිබේ.

වෘත්තීය සමිති නායකයින්ට හා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එරෙහි ආණ්ඩුවේ මර්ධනය වහා නවතනු


විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය අඩපන කිරීමේ අරමුණින් රජයට සම්බන්ධ කණ්ඩායම් යොදා ගනිමින් කරන බියවැද්දීම් තර්ජනය කිරීම් හා මර්ධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිමු.
ආණ්ඩුව, ආණ්ඩුවට එරෙහිව මතුවන සමාජ මතයන්, ක්‍රියාකාරීත්වයන් සුදු වෑන් යොදා ගනිමින් කරනු ලබන පැහැර ගැනීම් හරහාත් එහි අවසානය රාජ්‍ය නිල ත්‍රස්තවාදය යොදා ගනිමින් සිදු කරන පුද්ගල ඝාතනයන් හරහාත් සිදුකරමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී වියරු හැසිරීම හෙළා දකින අතර රජයේ ආරක‍ෂක අංශ මගින් හෝ රජයේ වෙනත් කණ්ඩායම් මගින් හෝ අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාටත්, පවුලේ සාමාජිකයින් වෙතත් එල්ල වෙමින් පවතින මර්ධනීය ක්‍රියාමාර්ග දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට එල්ල වන තර්ජන හෙළා දකිමු!


පසුගිය 21 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ අසල්වැසියන්ගේ නිවෙස්වලට පැමිණි, තමන් ආරක්ෂක අංශවල යැයි හඳුන්වා දුන් පිරිසක් ඔහු පිළිබඳ තොරතුරු විමසා තිබේ. එම සිදුවීම ඒ මහතා විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුවද ගත වූ දින කිහිපය තුළ ඊට අදාළ විවිධ තර්ජනාත්මක සිදුවීම් ගණනාවක් සිදුවී ඇත. ඔහුට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නිර්ණාමික දුරකතන ඇමතුම් මගින් තර්ජනය කර ඇති අතර ඔහුගේ නිවස අසල නාඳුනන පිරිස් ව්‍යාජ අංක තහඩු සහිත වාහනවලින් සැරිසරන බවට තොරතුරු ලැබී තිබේ.

'එජාපය යනු ජනතා හඬට කන් දෙන පක්‍ෂයක්’ - දයා ගමගේ


සාමකාමීව උද්ඝෝෂණ පවත්වා තම අයිතීන් වෙනුවෙන් හඬක් නගන ජනතාවට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වුවද, එජාපයේ ප‍්‍රතිපත්තිය එය නොවන බව එජාප ජාතික සංවිධායක, නැගෙනහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක හා දයා සමූහ ව්‍යාපාරයේ සභාපති දයා ගමගේ පවසයි.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව කිසිදු දේශපාලන උසිගැන්වීමකින් තොරව හලාවත පැවති සාමකාමී ධීවර උද්ඝෝෂණයක් ඉලක්ක කොට එල්ල වූ පොලිස් වෙඩි ප‍්‍රහාරයට ලක්වූ ධීවරයින් තිදෙනෙකුගේ පවුල් වෙත රු. ලක්‍ෂ 25ක් වටිනා බෝට්ටු තුනක්, දරුවන් වෙත විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපන ශිෂ්‍යත්ව හා පොත් ප‍්‍රදානය කිරීම හලාවත ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවති අවස්ථාව අමතමින් ගමගේ මහතා ඒ බව කීය.
ඉන් එක් ධීවරයෙකු ඇන්තනී වෙඩි ප‍්‍රහාරයෙන් මරුමුවට පත්වූ අතර, කිංස්ලි නමැති ධීවරයා පසුගියදා ගෙල වැලලාගෙන සියදිවි නසාගත්තේ, වෙඩි ප‍්‍රහාරයේදී තම කකුලක් අහිමි වීම නිසා පවුලේ ජීවනෝපාය ඉපයීමට තමා අසමත් වීම පිළිබඳව කලකිරීමට පත්වීමෙනි.

තානාපති කාර්යාල වලදී විකිණෙන අපේ ළඳුන්


අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ගෙනෙන සේවාවන් අතර විදෙස් ශ‍්‍රමික සේවයට ලැබෙන්නේ මූලිකස්ථානයකි. මැදපෙරදිග ගෘහ සේවය අපට ගෙනෙන විදේශ විනිමය සෙසු රටවල් හා සංසන්දනය කිරීමේ දී එය ඉතා විශාල අගයක පවතී.

රටේ ජීවනාලිය බඳු කාන්තාව මැදපෙරදිග කදුළු මතින් ගෙනෙන විනිමයට කණකොකා හැඞීමට පටන් ගෙනඇති බව අපට දැන් නිතර නිතර මාධ්‍යමගින් දැනගන්නට ලැබෙන සුලභ පුවතකි. ගෘහ සේවිකාවන්ගෙන් බහුතරය මැදපෙරදිග රටවලට යන අතර ඔවුන් එහිදී අනේක දුක් ගැහැටයන්ට මුහුණදෙති. 



පුෂ්පිකාට හේමමාලා කුමරිය අහිමි වූයේ බිකිනිය ඇන්ද නිසාද?


සිරි දළදාගමනය චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතය සඳහා 2011 වසරේ දෙරණ මිස්‌ ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් පුෂ්පිකා සඳමාලි තෝරාගන තිබුණ නමුත් හදිසියේම ඇයව එම චරිතයෙන් ඉවත් කර තිබුනේ ඇගේ අඩ නිරුවත් ජායාරූප අන්තර්ජාලයේ පලවී තිබෙන බව පවසමිනි.

හේමමාලා කුමරිය වැනි උසස් චරිතයකට එවැනි නිළියක් විසින් පණ පෙවීම බෞද්ධ ආගමට අගෞරවයක් වන බව නිශ්පාදකයින් පැවසූ අතර සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන එම චිත්‍රපටය නිෂ්පාදනය කරනුයේ ඊ.ඒ.පී. චිත්‍රපට වෙනුවෙන් සෝමා එදිරිසිංහ සහ බෝසත් ලංකා පදනම වෙනුවෙන් අකරවිට සංඝානන්ද හිමියන්ය.

බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක විසින් චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන පළමු අවස්‌ථාව මෙය වන අකරවිට සංඝානන්ද හිමි යනු ඕස්ට්‍රේලියාවේ ඩැන්ඩිනෝස් භාවනා මධ්‍යස්ථානයේ නායක හිමිපාණෝය.

Z ලකුණු අහෝසි කිරීමට අධිකරණය නියෝග කරයි

පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණුවලට අදාළ තීන්දුව දෙස ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ දැඩි අවධානයෙන් සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද එම තීන්දුව ප්‍රකාශයට පත් කරණු ලැබුවා.

ඒ අනුව අධිකරණය මඟින්, මීට පෙර නිකුත් කළ Z ලකුණු අහෝසි කර තිබෙනවා. නව හා පැරණි නිර්දේශ සඳහා වෙන වෙනම Z අගයන් ගනනය කර කඩිනමින් ප්‍රතිපල නිකුත් කරන ලෙසද අධිකරණය විසින් ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර තිබෙනවා

ඉසෙඩ් ලකුණ නිකුත් කිරීමේදී සිසුන්ට අසාධාරණයක්‌ සිදුවී තිබේද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක්‌ පත් කිරීම සඳහා අනුමැතිය දෙන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ශේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවා.


සුරංගි කෝසලා මවක් වෙයි


නිලියක් නිවේදිකාවක් වූ සුරංගි කෝසලා පසුගියදා මව් පදවිය ලබා ඇති බව වාර්තා වේ.වෘතියෙන් ගුරුවරියක වූ ඇය ජනප්‍රියත්වයට පත්වුයේ මුතු කිරිල්ලි ටෙලි නාට්‍යය මගින්.

සුරංගි හා සදුන් ගේ කැදැල්ලට එක්වූ පුංචි දියණියට තවමත් නමක් තබා නොමැති අතර සුරංගි මේ දිනවල රංගනයෙන් ඈත් වී මවකගේ යුතුකම් නොපිරිහෙලා ඉටුකරන බව වාර්තා වේ.

සුරංගි ගේ හා පුංචි දියණියගේ ජායාරූප බලන්න පහතින්

ඉන්දියන් රියලිටි වැඩසටහනේ සනත් ජයසුරියගේ දෙවන නැටුම (වීඩියෝ)


ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිත බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

සනත්ගේ පළමු නර්තනයට එම තරඟයේ විනිශ්ච මණ්ඩලය විසින් ඉහල ප්‍රතිචාරයක් ලැබුන අතර ලකුණු 30 කින් 27 ක් ලබා ගැනීමට සනත් හා ඔහුගේ නර්තන සහයිකාව වන
 සුචිත්‍රා ට හැකිවුනා.

ඒ අනුව එම තරඟයේ සනත්ගේ දෙවන නර්තනය ඊයේ දිනයේ (24) ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනා.



Share this article with your friends