Chitika Smowtion 468x60


Friday, February 3, 2012

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත විවෘත ලිපියක්


පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - සුන්නද දේශප්‍රිය
ඇමතිතුමනි, My name is Khan I am not a terrorist (මගේ නම ඛාන්, මම ත්‍රස්තවාදියෙක් නොවෙයි) සිනමා පටය ඔබ නරඹා තිඛෙන්නටත් නොතිඛෙන්ටත් පුළුවන. දැන් මා ඔබට කියන්නට යන්නේත් එවැනි කතාවකි. ''මගේ නම සුනන්ද දේශප්‍රිය ය. මම ත්‍රස්තවාදියෙක් නොවෙමි'' යනු එහි තේමාවයි.
නිවියෝක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඛාන් යන මුස්ලිම් නම දැරූ නිසා පමණක්ම මිනිසෙකුට මුහුණ දීමට සිදු වූ අසාධාරණය ''මගේ නම ඛාන්, මම ත්‍රස්තවාදියෙක් නොවෙයි'' යන සිනමා පටයේ තේමාව වේ. නිවියෝක් නුවර එම ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ම්ලේච්ජ ප්‍රහාරය හේතු කොට ගෙන ඇමෙරිකානු ජනයා තුළ ඇතිවූ බිය මුසු වෛරය ඇමෙරිකාවෙහි ජීවත්වන සාමාන්‍ය මුස්ලිම් ජනයා වෙත මුදා හැරීමට විවිධ අන්තවාදී පිරිස් උත්සාහ කළහ. සිනමා පටය දිග හැරෙන්නේ එම වටපිටාව තුළ ය.

ජාතික සංහිඳියාව දැන් ශෘංගාරයෙන් - ගාමිණී වියන්ගොඩ


විචිත්‍ර ප්‍රේමයක් පිළිබඳ සුන්දර පුවතක් ගිය සතියේ වාර්තා විය.
ඊ.එම්.ඩී. සඳරුවන්, කොටි සංවිධානයට එරෙහිව උතුරේ සටන් කළ, ගජබා රෙජිමේන්තුවේ සිංහල සෙබළෙකි. චන්ද්‍රසේකරන් ෂර්මිලා, පුනරුත්තාපනයට පත්, හිටපු එල්.ටී.ටී.ඊ. සටන්කාමී තරුණියකි. මේ දෙදෙනා ප්‍රේමයෙන් වෙලී පසු ගිය දා අතිනත ගත්තෝය.

ස්වාධීන මාධ්‍ය පෙළහරේ ත්‍රස්ත රසය - සනත් බාලසූරිය


හරියටම මෙයින් තෙවසරකට පෙර ජීවිතය බේරාගනුවස් රටින් පලාගිය ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු ඉලක්ක කරගනිමින් ආණ්ඩුව, ආණ්ඩුවේ මාධ්‍ය හා පෞද්ගලික ලේබලයට මුවා වී ආණ්ඩුවට බැලමෙහෙ කරන මාධ්‍ය පසුගිය සතිය පුරා නැවත වතාවක් වෛරී මුරගෑමක යෙදුණහ.
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනලද කළු ජනවාරිය විරෝධතාවට ආණ්ඩුව හොඳටම බියවීම ඊට හේතුවිය.

අතුරුදහන් වූවන් ස්මරණය සඳහා ඉදිකල අහිංසකයින්ගේ ආරාමය කඩා ඉවත් කිරීම පිලිබඳ බලවත් විරෝධය පළ කිරීම


පසු ගිය භීෂණ සමයේ (88-89) බලහත්කාරයෙන් රැගෙන ගොස් අතුරුදහන් කරන ලද අහිංසකයින් සැමරීම සඳහා 1999 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනයගේ දායකත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නව නාලන්ද එල්ලාවල වටරවුම අසල ඉදිකළ අහිංසකයින්ගේ ආරාමය අද තිබූ ස්ථානයක් වත් හඳුනාගත නොහැකි ලෙස කඩා දමා පොළොවට සමතලා කර ඇති බව දැකීමෙන් අප බලවත් කම්පාවට පත් වී ඇත.
වත්මන් රජයේ ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන අවධියේ ඔහුගේ ද ආශිර්වාදය ඇතිව සුදු නෙ`ඵම් ව්‍යාපාරයේ සිටි මංගල සමරවීර මහතාගේ අධීක‍ෂණයෙන් ඉදි කළ මෙම ස්මාරකය හුදෙක් ඇඹිලිපිටිය අතුරුදහන් කරන ලද සිසුන්ගේ දෙමව්පියන් විසින් සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵලයකි.

යුක්තියෙන් තොර නිදහස - ශ්‍රී ලංකාවේ නිදහස ගුණානුස්මරණය කිරීම සම්බන්ධ වූ නිවේදනයකි


රටේ නිතී ක්‍රමයම මුළුමනින්ම බලාපොරොත්තු රහිත අර්බුධයකට ලක් වී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ 64 වන නිදහස සැමරුම යෙදී තිබේ. අධිකරණ ක්‍රමය දේශාපලන වුවමනා එපාකම් හේතුවෙන් අපහරණයට පත් වී ඇති අවස්ථාවක අධිකරණයේ ස්වාධීනත්වය ගැන සැක සංකා මතු කොට තිබේ.
එසේම අව්‍යාජ වූ වැඩි දියුණුවක් වෙනුවට පොලිසිය සහ නීතීපති දෙපාර්තමේන්තුව අතිශය දුෂ්කර තත්වයකට මුහුණ පා තිබෙන අයුරු දැක ගත හැකිය. යුක්තිය සොයාගත හැක්කේ කෙසේද යන්න සියල්ලම අසන මුලික ප්‍රශ්ණය වුවත් ඊට විශ්වාශනීය පිළිතුරක් කිසිවෙකු සතුව නැත.

ලලිත් කුගන් ගැන වගඋත්තර බැඳිමට කෙහෙළියට අධිකරණ නියෝගයක්


ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් රඳවා සිටින ස්ථාන හෙළි කරන්න ලෙස හබයාස් කෝපුස් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනිණි.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රංජිත් සිල්වා සහ නලීන් පෙරේරා යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාගයට ගැණුනු අතර ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි.

ජෙනරාල් නිදහස් කරගැනීමේ සංවිධානයේ ප‍්‍රධානියා පසුපස සුදුවෑන් ලූහුබඳී


ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන හර්බට් කුමාර අලගියවන්න මහතා පසුපස පසුගිය දින කිහිපය පුරා සුදුවෑන් කණ්ඩායම් ලූහුබදිමින් සිටින බව අප වෙත වාර්තා වේ. අලගියවන්න මහතා නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ ක‍්‍රියාකාරිකයෙකුද වේ.

ජනාධිපතිවරයා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා එතෙර යාමට සැරසේ


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබට්’ රෝහල වෙත යාමට කටයුතු සූදානම් කර ඇති බව අප වෙත වාර්තා වේ.


ඊට අදාල සම්බන්ධීකරන කටයුතු පැවරී ඇත්තේ ජනාධිපතිවරයාගේ රහස් කටයුතු සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත‍්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා වෙතය.

දැයට කිරුලේ ජංගම වැසිකිලි කොන්ත‍්‍රාත්තුව මිලියන 70ක්


ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය ඔසවා තැබීම සඳහා මහජන මුදලින් වාර්ෂිකව සංවිධානය කෙරෙන ‘දැයට කිරුල’ වැඩසටහනේ මෙවර ව්‍යාපෘතිය සඳහා ප‍්‍රභූවරු වෙනුවෙන් සූදානම් කොට ඇති ජංගම වැසිකිලි ඒකක සඳහා රුපියල් ලක්ෂ 700 කට වැඩි මුදලක් අත්තිකාරම් වශයෙන් පමණක් වැයකර තිබේ.
මෙම ජංගම වැසිකිලි කොන්ත‍්‍රාත්තුව ලබාදි ඇත්තේ ජනාධිපතිවරයාට මූල්‍යාධාර සපයන අබාන්ස් සමාගමටය. තවද දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ ප‍්‍රදර්ශන කුටි ඉදිකිරීමෙන් අමාත්‍යාංශ නිලධාරින් සිදුකළ මුදල් වංචා ද මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී.

ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය අවුලෙන් අවුලට


ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ කටයුතු ඉතිහාසයේ පෙර නොවූවිරූ ආකාරයට දිනෙන් දින අවුලෙන් අවුලට යමින් විශාල විනාශයක් කරා ගමන්කරමින් සිටින බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.


විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සහ අතිරේක ලේකම් ක්ශෙනුකා සෙනවිරත්න මහත්මිය අතර ඇතිවී ඇති කඹඇදීමේ තරගයෙන් සමස්ථ අමාත්‍යාංශයම දෙපිලකට බෙදී සිටී.

පාක්රෝඞ් හි මර්වින්ගේ නිවස තැනීම ගෝඨා තහනම් කරයි


දැනට පස්මහලකින් යුතුව ඉදිවෙමින් පවතින කොළඹ 05 පාක්රෝඞ් හි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අයත් නිවස තවදුරටත් ඉදිකිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරිය ලවා තහනම් කොට ඇති බව වාර්තා වේ.

ජනමාධ්‍ය ලේකම් සුපිරි නිවසක් මිලදිගනී


තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතා රුපියල් මිලියන 35 කට කොළඹ හයිඞ්පාක් ප‍්‍රදේශයෙන් සුපිරි මහල් නිවසක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.
ගනේගල මහතා මෙම සුපිරි මහල්නිවස මිලදී ගෙන ඇත්තේ ‘ලංකා ප්‍රොපටි ඩිවලොප්මන්ට්ස්’ සමාගම විසින් කොළඹ හයිඞ්පාක් කෝනර් හි ඉදිකරන ලද ‘හයිඞ්පාක් රෙසිඩන්සිස්’ නැමති අති සුඛෝපභෝගී නිවාස සංකීර්නයෙනි.

නිදහස දා සරත් ෆොන්සේකාට නිදහස ලැබෙන්නේ නැහැ ?


හෙටට දී ඇති 64 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිදහස් කිරීමට තෝරාගත් සිරකරුවන් අතර සරත් ෆොන්සේකා මහතා නොමැති බව වාර්තා වේ.

2011 වසර අවසානය වනවිට උණුසුම් මාතෘකාවක් වූ සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම මේවනවිට දිගින් දිගටම කල් යාමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා.

ඒ අනුව 2012 වසරේ ජනවාරි පළමුවනදා සරත් ෆොන්සේකා මහතා නිදහස් වනු ඇතැයි ඇතැම් පිරිසක් අනාවැකි පලකල අතර තවත් පිරිසක් නිදහස් දිනය දා සරත් ෆොන්සේකා මහතාට නිදහස ලැබෙනු ඇති බවට ඉඟි පල කළහ. 

කොට කොට යන බස් අල්ලන්න GPS තාක්ෂණය


ඇතැම් පෞද්ගලික බස් රථ මඟීන් පටවාගන අධික වේගයෙන් ධාවනය කරන අතර තවත් ඒවා මඟීන්ගේ කාලය කා දමමින් ඉබි ගමනින් ධාවනය කරනවා.

මෙම වැරදි අල්ලාගන දඬුවම් පැමිණිවීම සඳහා ජී.පී.එස් තාක්ශණය (පුද්ගලයා සිටින ස්ථාන හඳුනාගැනීමේ චන්ද්‍රිකා තාක්ෂණය) උපයෝගී කරගැනීම දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පෞද්ගලික ප්‍රවාහන ඇමති සී.බී රත්නායක මහතා පවසනවා.


නව වැඩපිළිවෙළ යටතේ බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා පෞද්ගලික අමාත්‍යාංශය හා ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයේ අධිතාක්ෂණික උපකරන ස්ථාපනය කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

නොමඟ යවන්නාත් නොමඟට - PC House සභාපතිටත් වැඩ වරදී


කොළඹ කොටස් වෙළඳ පොලෙහි අසාමාන්‍ය ලෙස මිල වෙනස් කරමින් සාමාන්‍ය කොටස් මිලදී ගන්නන් නොමඟ යවමින් මුදල් ඉපයූ PC House අධ්‍යක්ෂක S .H .M රිශාන් නැමැති තැනැත්තාට ඊයේ දිනයේදී (එනම් 2012-02-02) වැඩ වරදී ඇත.

ආයෝජකයන් කලබල වී විකුණන කොටස් මොහු විසින් මිලදී ගෙන වැඩි මිලට විකුණා ලාබ ගැනීමට ගත් ප්‍රයන්තයක් අද දිනයේ වැඩ වැරදී ගොස් රුපියල් මිලියන ගණනක අලාභයක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

ඔහු විසින් එසේ මිලදී ගෙන අලාභ වී ඇති කොටස් වනුයේ Greg .w 0002 සහ Greg .n යන කොටස් ය. තවද ඔහුට අදාල තැරුව්කාර සමාඟමෙන් ලබාදී ඇති ණය සීමාව ඉක්මවා ඇති බැවින් එය අඩු කිරීම සඳහා අද දිනයේ ඔහු සතුව ඇති Orient ගාමන්ට්හි මිල අසාමාන්‍ය ලෙස ඉහල යැවීමට දැරූ ප්‍රයන්තයක් නිශ්ඵල විය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු මාරක රිය අනතුර වාර්තා වෙයි


Updated 1:00pm
මේ වනවිට අනාවරණය වී තිබෙන්නේ මිය ගිය තරුණයාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

එම අවස්ථාවේ ඔහු ආරක්ෂක බැඳ පටි පැළඳ නොසිටි හෙයින් රථයෙන් ඉවතට විසිවී ගොස් කළුගලක හිස වැදී තිබෙනවා.

අනතුරට පත්වූ රථයේ වීඩියෝව බලන්න පහතින් 

මලිත් පෙරේරාගේ මංගල ජායාරූප


ජයාරූපකරණය : ගිහාන් ද සිල්වා  

බන්ධනාගාර සිරකරුවෙකු ඝාතන සූදානමක්


දකුණු පළාත් සභා අමාත්‍යවරයකුව සිටි ඩැනි හිත්තැටියගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස චෝදනා ලැබ මීගමුව බන්ධනාගාරයේ රදවාගෙන සිටින මධුෂ් ලක්ෂාන් නැමැත්තා ඝාතනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකු සැලසුම් කරමින් සිටී.
මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව අධිකරණයට රැගෙන එමින් සිටියදී පසුගිය 19වනදා මොහුව ඝාතනය කිරීම සඳහා මාතර හමුදා මූලස්ථානයේ ප්‍රධානී කපිතාන් භාරත කොඩිතුවක්කු මහතා හමුදා සෙබළුන් හතරදෙනකු එවා තිබිණ. එහෙත් බන්ධනාගාර නිලධාරීන් කිපදෙනෙකුගේ ක‍ෂණික කි්‍රියාකාරිත්වය මත එම ඝාතන ප්‍රයත්නය ව්‍යර්ත විය.

හිලරි ක්ලින්ටන්ගේ ලිපියගැන කැබිනට් මණ්ඩල අර්බුදයක්


මේ දිනවල ජනමාධ්‍ය ආයතන තුළ බෙදාහරිමින් පවතින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි රොඞ්හැම් ක්ලින්ටන් මහත්මිය විසින් එවුවායැයි  සැලකෙන ලිපියක් පෙරේදා (01) පස්වරුවේ පැවති සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙක් අප වෙත පැවසීය.

මෙම ලිපියේ සඳහන් කරුණු පිළිබදව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී කෝපයෙන් යුතුව දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති අතර ඔහු එහිදී පවසා ඇත්තේ ඇමරිකාවේ සම්පූර්ණ වෑයම තමන් බලයෙන් පහකර දමා ජෙනරාල් ෆොන්සේකා හෝ වෙනත් ඇමරිකන් ගැත්තෙකු බලයට ගෙනඒම බවයි.

‘රාවය නිව්ස්’ වෙබ් අඩවිය තහනම් කෙරේ


ජීවිත ආරක්ෂාව සඳහා ශ‍්‍රී ලංකාවෙන් පැනගොස් මේ වනවිට යුරෝපයේ සිට ක‍්‍රියාත්මකවන පිරිසක් විසින් පසුගියදා ආරම්භ කරනු ලැබූ ‘රාවය නිව්ස්’ වෙබ් අඩවිය පෙරේදා (31) දා මැදියම් රැයේ සිට ශ‍්‍රී ලංකාව තුළ අවහිර කොට තිබේ.
එම වෙබ් අඩවිය ‘රාවය’ පුවත්පතේ පළවූ පුවත් හා විශේෂාංග වාර්තා කිසිදු අනුමැතියකින් තොරව මුලූමනින්ම පළකිරීම පිළිබදව ‘රාවය’ හිමිකාර වික්ටර් අයිවන් මහතාගෙන් චෝදනා එල්ලකර තිබිණ.

ආණ්ඩුවේ මැතිඇමතිවරු 50ක් ‘සැක’ ලැයිස්තුවේ


වත්මන් ආන්ඩුවේ මැති ඇමතිවරු 50 කට ආසන්න පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ඔහුගේ පවුලේ පාලනයට එරෙහිව රහසිගත සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටී. 
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් 6 දෙනෙකු යටතේ මෙම මෙහෙයුම ඉදිරියේදී ක‍්‍රියාත්මක වීමට නියමිතය.


උරේෂා රවිහාරීගේ විවාහයේ ජායාරූප එකතුව




ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු වලින් 170 දෙනෙක් සහ ඩෙංගුවලින් විශාල පිරිසක් ජනවාරි මාසයේදී මිය යති


පසුගිය ජනාවාරී 28 වැනිදා පමණක් මාර්ග අනතුරු වලින් 17 දෙනෙකු මරුමුවට පත් වූහ. ඒගැන පොලිසිය නිකුත් කළ නිවේදනයට අනුව එය එක් දිනක් ඇතුළතදී සිදු වූ විශාලතම අනතුරු සංඛ්‍යාව ලෙස සැලකේ. පොලිසියද අදාළ නිවේදන නිකුත් කිරීමට පමණක් සීමා වී ඇති බව අවිනීත සහ පාලනය කරගැනීමට ශක්තියක් නොමැති රියදුරන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නා බව
පසුගියදා එක්තරා නියෝජය ඇමතිවරයෙකුගේ බෑණනුවන් කෙනෙකු විසින් යතුරු පැදි තුනක් හප්පා පුදගලයින් දෙදෙනෙකු මරා දමා සහ තවත් විශාල පිරිසට තුවාල සිදු කිරීමෙන් පසු ප්‍රදේශය භාර ජෙයිෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඔහු නිදහස් කරනු ලැබීමෙන් සනාථ වේ.

දියවඩන නිළමේ අධිකරණයේ තම වරද පිලිගනි


ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන වනිගසේකර මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නීලංග දෑල මහතා විසින් මහනුවර දිසා විනිසුරු ආර් ගුරුසිංහ මැතිතුමා ඉදිරියේ ජනවාරි 27 වන නඩු අංක ඩී.එස්.පි 00368/2012 ගොනු කරමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී දළදා මාලිගාවේ වසර කිහිපයක වාර්ෂික අයවැය ඉදිරිපත් නොකිරීමේ වගකීම තමුන් අතින් අතපසු වී ඇති බවත් ගරු අධිකරණයෙන් ඒ පිළිබඳ සමාවක් අයදින බවය.

ජනිත්ගේ උපන්දින සාදය

ප්‍රවීන රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මහතාගේ පුතු වූ රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ පසුගියදා සිය උපන්දිනය සමරුවේ කලාකරුවන් සියලු දෙනාට ආදර්ශයක් සපයමින්.

ජනවාරි 29 වනදාට යෙදුනු ඔහුගේ උපන්දිනය වෙනුවෙන් "janu29" නමින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණු අතර එයට කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.

එම අවස්ථාවේ ජායාරුප බලන්න පහතින් 




සෙන්ටිග්‍රේඩ්ස් හි උදය ශ්‍රී යුග දිවියට


සෙන්ටිග්‍රේඩ්ස් ගායක කණ්ඩායාමේ ජනප්‍රිය යොවුන් ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ පසුගියදා යුග දිවියට එළඹුනා.

යුග දිවියට එළඹීමට ප්‍රථම සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම සමග සම්බන්ධ නොවී ගීත කීපයක් එලි දැක්වූ උදය ශ්‍රී "ස්වදේශ් මියුසික්"යනුවෙන් තමාගේම ආයතනයකුත් ආරම්භ කළා.

මේවන විට ඔහු සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව තනිව සිය ගායන කටයුතු කරගෙන යාමට අදහස් කර ඇති බවයි අප වෙත වාර්තා වන්නේ.

එස්.එස්.පී වාස් ගුණවර්ධන වස බිව්වාද? වස පෙවුනාද?


අධික බීමතින් සෙමට ගන්න බේත් වැඩිපුර බිලා 

කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ඊයේ දිනයේ රෝහල් ගත කෙරුණේ සිරුරට වස ඇතුල්වූ බව කියමින්.ඊයේ දහවල් 1:30 පමණ වන විට ඔහු රෝහල් ගතකර තිබු අතර ඒ වන විට දැඩි බීමතින් සිට ඇත.


වෘතිමය වශයෙන් සිදුකරනු ලැබූ විවිධ වැටලීම් නිසා වාස් ගුණවර්ධන මහතාට සතුරන් විශාල ප්‍රමාණයක් බිහිවී තිබුන බවද පැවසෙනවා.

Share this article with your friends