Chitika Smowtion 468x60


Monday, June 11, 2012

ගයේෂා පෙරේරා ආසියා පැසිපික් රූ රැජින තරගාවලියට


රංගන ශිල්පිනියක් මෙන්ම රු රැජිනක් වූ ගයේෂා පෙරේරා මෙවර කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වෙන 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.

හුදෙක් රූ රැජින තරගාවලියකට පමනක් සීමා නොවී ගායන, රංගන, නිරූපන ආදී වූ ක්ෂේත්‍රයන ගණනාවක් මෙම තරඟය ඔස්සේ ඉදිරිපත් කිරීමට නියමිත වේ.


මෙම තරගාවලිය ජපානය සහ කොරියාව යන රටවල් ද්විත්වයෙහි සමදායකත්වය සහිතව පැවැත්වෙන අතර අවසාන වටයට සුදුසුකම් ලබන තරගකාරිනියන් 15 දෙනා ජපානයේ ටෝකියෝ බලා පිටත් වනු ඇත.



කොළඹ විශ්ව විද්‍යාලයේ ලිංගික අතවරයක්




කොළඹ විශ්ව විද්‍යාලයේ නව සිසුවියන් පිරිසකට ලිංගික අතවර කර ඇතැයි අප වෙත වාර්තා වේ.ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් මෙය මෙහෙයවා ඇති අතර එම සිදුවීමට ලක්වූ සිසුවියන් පිරිස නිර්නාමිකව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට 
පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත.

එම පැමිණිල්ලට අනුව ජේෂ්ඨ ශිෂ්‍යන් පිරිසක් විසින් සිසුවියන් පිරිසකට විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති ශාලාවකට ඇතුලත් වන ලෙස අණ කොට ඇත.එම ශාලාව අදුරු සහගත එකක වන අතර ඉන් අනතුරුව ජේෂ්ඨ සිසුවන් විසින් ඔවුන්ට බිම දිගා වි සිටින ලෙස අණ කර ඇත.


කටුගේ හොරා කොටුවේ!


කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරාවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත මීට පෙර අප වාර්තා කලා. එම සොරකම සිදු වුයේ මාර්තු මාසයේ වන අතර තවමත් එම පුරාවස්තු සොයාගැනීමට හැකි වුයේ නැහැ.

මාධ්‍යය වාර්තා කරන පරිදි මේ වනවිට පුරාවස්තු මංකොල්ලය සිදු කල පුද්ගලයා සොයා ගෙන ඇති බවත් ඔහු සතුව කෞතුකාගාරයෙන් අතුරුදන්වූ භාණ්ඩ රැසක් පතින බවත්ය. මේ පුවත නම් ගම සහිතව ප්‍රසිද්ධ නොකරන්නේ එවිට එම පුද්ගලයා රටින් පන යාමට උත්සාහ කරන නිසා බව රිවිර පුවත් පත අවධාරණය කර සිටි.

සරත් ෆොන්සේකා ජීවිත කතාව ලියයි

හිටපු හමුදපති සරත් ෆොන්සේකා මහතා තම ජීවිත කතාව පොතක් ලෙස එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා.

මේ අනුව තම කුඩා කාලය, වසර 40ක හමුදා දිවිය හා එහි අත්දැකීම් එක පොතක් ලෙසද, හමුදාපති තනතුරින් සමුගැනීමෙන් පසු වසර ගණනක් සිරගතව ගෙවූ අත්දැකීම් ඇතුළු සිදුවීම් තවත් පොතක් මඟින්ද ලෙසින්ද එළිදැක්වීමටයි නියමිතව තිබෙන්නේ.

මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය ලබාගැනීම සඳහ විපක්ෂය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එන්නට කෙටුම්පත් කර තිබු යෝජනාවට සරත් ෆොන්සේකා මහතාම විරුද්ධ විය.


එබැවිත් බොහෝ දෙනක් අතර කටකතාවක් පැතිරී ගියේ සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවට සමබන්ධවීමට නියමිත බයි. ඒ පිළිබඳව ඔහු පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්

ඔබේ දේශපාලන අනාගතය සැලසුම් කර තිබෙනවාද?

Share this article with your friends