යුද්දය මෙහෙයවූ යුද හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා පෙරේදා
බීබීසී යට කළ ඉතා පැහැදිලි ඍජු සාධාරණ මෙන්ම යථාර්තවාදී ප්‍රකාශය ගැන සීගිරි නගින්න බැරිවුනා යැයි හොටු පෙරමින් හ
ඬ හඬා සිටි වීරවංශ දේශප්‍රේ-මීයා කළබල වී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මහා තප්පුලෑමක් කෙළේය.
දේශප්‍රේ-මීයාගේ තප්පුලෑම මෙසේය.
"ඔබ අප කවුරුත් දන්නවා, යුද්ධයේ අවසන් කාලයට, අවසන් දින කිහිපයට අදාළව තමයි අන්තර්ජාතික කුමන්ත්‍රණකරුවෝ මේ යුද අපරාධ චෝදනා න`ගන්නේ. සරත් ෆොන්සේකා මහතා ඉතා නිර්භීතව කියනවා තමන් මේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකු ඉදිරියේ පෙනී සිටීමට බිය නොවන බව.
ඇත්තෙන්ම කියනවා නම්, යුද්ධයේ අවසන් දින කිහිපයට අදාළව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා සරත් ෆොන්සේකා මහතාට කියන්න තියෙන්නේ. 'ස්වාමීනී, ඒ දින කිහිපයේ මම ශ්‍රී ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ චීනයේ. ඒ නිසා ඒ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව මට අවසාන වගකීම ගන්න බැහැ' කියලයි. ශ්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි."
දේශප්‍රේ-මීයාගේ මේ ප්‍රකාශය අනුව මරා සහ ගෝරා යුද අපරාධ කරුවන් බව වීරවංශ දේශප්‍රේ-මීයා නොකියා කියයි. කට බොරු කීවත් දේශප්‍රේ-මීයාගේ දිව බොරු නොකියයි.