Chitika Smowtion 468x60


Wednesday, December 14, 2011

විවාහයට හදිස්සියක් නෑ, සීලය ආරක්‍ෂකරගෙන ඉන්නවා - නදීශා


සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂාහේමමාලි විවාහ නොවී සිටීමට තීරණය කර අතැයි වාර්තාවේසීලය ආරක්‍ෂකරගෙන බෞද්ධානුකූල ව ජීවිතයක්  ගෙවීමටමෙම තීරණය ගත් බව ඇය සති අන්ත පුවත්පතකට පවසාතිබිණිතමාට පේ‍්‍රමයේදී අනන්තවත් වැරදී ඇතැයි ද ඇයපවසන්නීයකෙසේවුවද තමාට පෙම්වතෙක් ඉන්නා බවත්, ඒත්විවාහයට හදිස්සියක් නොමැති බවත් පවසන නදීෂාඑයවිවාහයකින් කෙළවරවේවිදැයි නොදන්නා බවත් ඇය සඳහන්කරතිබේ

ඇය මෙසේද පවසා තිබිණි‘මම හැමදාමත් අරමුණක් ඇතිව වැඩකළ කෙනෙක්මට හැමදාමත් ඉලක්කයක් තිබණා. ඒත් විවාහයසම්බන්ධයෙන් එහෙම ඉලක්කයක් නෑසමහර විට මම විවාහනොවී ඉන්නත් පුළුවන්.

ප්ලාස්ටික් කුඩ මෙහෙයුම ව්‍යාපාරිකයෙකුගේ කොන්ත‍්‍රාත්තුවක් ද ...?


එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩඅනිවාර්ය කිරීම කිසියම් ව්‍යාපාරිකයෙකුගේ කොන්ත‍්‍රාත්තුවක්දැයි අනුරාධපුර දිස්ති‍්‍රක් වාණිජ -කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය සැක පළකරයි.
එහි ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ පී.බීදිසානායක මහතා පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් යනු පරිසරයටදඅහිතකර නිෂ්පාදනයක් බවයි.

ලොව පුරා බොහෝ රටවල් ප්ලාස්ටික් භාවිතයෙන්ඉවත් වෙමින් සිටියදී ශී‍්‍ර ලංකාව ඊට පරස්පරවකටයුතු කිරීම කණගාටුදායක බව ඔහු කියාසිටියි.මේ අතර සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඉකුත්දා ප‍්‍රකාශ කළේ ප්ලාස්ටික් කූඩ භාවිතයෙන් එළවළු සහ පළතුරු නාස්ති වීම වළක්වා ගතහැකි බවයි. එයද පිළිගත නොහැකි තර්කයක් බව පී.බීදිසානායක මහතා පෙන්වා දෙයි.

සරත් ෆොන්සේකා යුධ ඉතිහාසයෙන් අතුගා දමයි!



හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ ඉතිහාසයෙන් අතුගා දමන බවට අප කරුණු කිවේ පසුගිය ජුනි මාසයේය.එය සැබෑවක් කරමින් සරත් ෆොන්සේකා මහතාගේ නාමය මුළු යුධ ඉතිහාසයෙන්ම ඉවත්කොට ඇත.

සියලුම හමුදා ලේඛන වලින් සරත් ෆොන්සේකා මහතාගේ නාමය මේ වන විට ඉවත්කර ඇත.මේ පිලිබඳ අදහස් දක්වන යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ යුද හමුදාවට අපකීර්තියක් ලබදුන් පුද්ගලයකු හමුදා අධිකරණයක් මගින් දඩුවම් නියම කර හමුදාවෙන් නෙරපා හැරීමෙන් පසු ඔහුගේ තනතුරු නාමයන් සියලුම ලේඛනවලින් ඉවත් කරන බවයි. 

ප්‍රථම වතාවට ලංකාවේ පැවැත්වෙන නයිට් රේස්



ප්‍රථමවරට කොළොඹ නගරයේ රාත්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරඟාවලියක් පැවැත්වීමට කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් හා තාරුණ්‍යට හෙටක් සංවිධානය කොට ඇති බව අප පෙර ලිපියකින් ඔබ වෙත හෙලිකලා.

මෙම තරඟ මෙම මස 16 හා 17 දින සවස 6 සිට අලුයම 4 දක්වා පැවැත්වේ.තරඟ පැවැත්වීම හේතුවෙන් එම දින දෙකේදී කොළොඹ නගරයේ මාර්ග ගණනාවක් වසා දැමීමට නියමිතය.
ලෝටස් පාර,ඩියුක් මාවත,බාරොන් ජයතිලක මාවත,යෝක් විදිය,ලංකා බැංකු මාවත එසේ වසා දැමීමට නියමිත මාර්ග අතර වනවා.


මෙම තරඟාවලියට මෝටර් රථ ධාවන තරඟ වර්ග නවයකුත් යතුරුපැදි ධාවන තරඟ වර්ග 6 කුත් පැවැත්වීමට නියමිතයි. මෝටර් රථ ධාවන තරඟ සඳහා ශ්‍රී ලාංකික තරගකරුවෝ 120 දෙනෙකුත් විදේශිකයෝ 12 දෙනෙකුත් හා යතුරුපැදි තරඟාවලිය සඳහා තරඟකරුවන් 95 දෙනෙකුත් සහභාගී වීමට නියමිතයි.


මෙම තරඟාවලියට ඉහළපෙලේ ව්‍යාපාරිකයන් විසින් ලක්ෂ 200 කට ආසන්න මුදලක් දැනටමත් වෙනකොට ඇත.ඒ අනුව මෙහි ටිකට්පත් රුපියල් 50 සිට 3000 දක්වා මිලකර ඇත.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ ‘ෆයින්ලෙග්’ කියන්නේ ස්තී‍්‍ර අංගෝපාංගයක් ලු


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් සියලූ දෙනාම තම බිරින්දෑවරුන්ට කතා කිරීමට පෙර ඒ සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය කළමණාකරු වන බ‍්‍රයන් තෝමස්ගෙන් අවසර ගත යුතු යැයි වාර්තාවේ. කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගෙන් ලකුණු දමා ගැනීම සඳහා බ‍්‍රයන් තෝමස් මෙම නීතිය තදින්ම කි‍්‍රයාත්මක කරමින් සිටී. කි‍්‍රකට් කී‍්‍රඩකයන් හා පාලක මණ්ඩලය අතර අත්සන් කර ඇති ගිවිසුමේ වගන්ති ප‍්‍රකාරව කී‍්‍රඩකයන්ට මෙම සීමාව පැනවෙන්නේ ජනමාධ්‍යයන්ට කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයන් සිදු කරන අවස්ථාවේදී පමණි. 

ජනපතිවරයා විසින් අද උදේ විවෘත කල “නෙළුම් පොකුණ” වෙබ් අඩවිය කෝ? (යාවත්කාලීන-4)


News Updated : 14 Dec 2011
අද උදෑසන ජනපතිවරයා විසින් නෙළුම්පොකුණ වෙබ් අඩවිය iPad එකකින් විවෘත කල අයුරු.. සේයා අනුග්‍රහය: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
චීන මහජන සමූහාණ්ඩුවේ ආධාර මත කොළඹ නොමෑන්ඩ්ස් පිටියේ ඉදි වූ “නෙළුම් පොකුණ – මහින්ද රාජපක්ෂ ජාතික ප්‍රසාංග කලා රඟහලේ”නිළ වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද උදෑසන සිදු කල බව රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය විසින් ඡායාරූප සහිත ව ම ප්‍රසිද්ධ කර තිබිණි.
මේ අනුව ජනපතිවරයා විසින් විවෘත කල වෙබ් අඩවිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වී තිබිය යුතු නමුත්, අප විසින් www.lotuspond.lk යන ලිපිනය ඔස්සේ එම වෙබ් අඩවිය හා සම්බන්ධ වීමට උත්සාහ දැරීමේ දී එවන් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ වී නොමැති බව සඳහන් විය. (තාක්ෂණික වශයෙන් සඳහන් කලොත්, එම වෙබ් අඩවියට අදාල වසම් නාමය (domain name) පමණක් ලියපදිංචි වී ඇති නමුත්, වෙබ් සර්වරය තුල අදාල ගොනු සැකසීම (Web server configuration, DNS configuration, account creation or file processing) නියමාකාරයෙන් සිදු කර නොමැත.)
එසේනම්,
ජනපතිවරයා විසින් අද උදෑසන කාලයේ දී විවෘත කලේ කුමක් ද?

අධිවේගී මාර්ගයේ බස් රථ



මෑතකදී විවෘත වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහි බස්රථ ධාවනයට අවසර දීම කල් දමනු ලැබිය.එයට හේතු ලෙස පහත කරුණු ඉදිරිපත් වුනි. 
  • පැයට කි.මී. 60ත් 120ත් අතර වේග සීමාවක ධාවනය කිරීමට හොද මට්ටමේ බස් රථ නොතිබීම
  • අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය සඳහා සුදුසු පරිදි මං තීරුවල ඉඩ නොතිබීම (ඒ අනුව බස් රථයක් කාර්මික දෝශයකට ලක්වුවහොත් අධිවේගී මාර්ගයේ ඒ සඳහා නිෂ්චිත ඉඩක් නොමැති වීම)
  • අත්දැකීම් සහිත රියදුරන් නොමැතිවීම
    වැනි කරුණුයි.

    අද රාත්‍රි 10 න් පසු ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂා


    වාර්ෂිකව හට ගන්නා උල්කාපාත වර්ෂා අතර වසරේ අවසන් උල්කාපාත වර්ෂාව වන "ජෙමිනිඩ්ස්‌" උල්කාපාත වර්ෂාව අද (14 වැනිදා) රාත්‍රි හට ගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවට දිස්‌වන මෙම උල්කාපාත වර්ෂාව අද රාත්‍රි 10 න් පසු පාන්දර 5.00 ට පමණ වන තෙක්‌ අහස නිරීක්‍ෂණය කළොත් මිථුන රාශිය පසුබිම්කර හට ගන්නා අන්දම පියවි ඇසින් දැකගත හැකිය.
    දිගු වේලාවක්‌ අහස නිරීක්‍ෂණය කළහොත් පැයක පමණ කාලයක්‌ තුළ දීප්තිමත් ආලෝක ධාරා විහිදුවමින් අහසේ දකුණු දෙසින් උල්කාපාත 45 ක්‌ පමණ ඈත අවකාශයේ සිට පෘථිවිය දෙසට ඇදී එන අන්දම දැකගත හැකිය. එහෙත් මෙම දිනවල පවතින වැසිබර කාලගුණයත් අහසේ වලාකුළු අධික වීමත් මෙම උල්කාපාත වර්ෂාව පැහැදිලිව බලා ගැනීමට බාධාවක්‌ වීමට ඉඩ ඇත.

    අදත් එළවළු නැහැ. - විරෝධතාවලදී 66ක් අත්අඩංගුවට.


    එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් ගොවීන් ආරම්භ කළ උද්ඝෝෂණ හේතුවෙන් අද (14)  දිනයේත් කොළඹ මැනිං වෙළෙදපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන වලට එළවළු ලොරි පැමිණ නැහැ. මැනිං වෙළෙදපොළේ වෙළෙද සංග මයේ සභාපති ලාල් හෙට්ටිගේ සඳහන් කළේ අද (14)  අලූයම කිසිදු එළවළු ලොරියක් වෙළෙදපොළට පැමිණ නොමැති බවයි. 
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (13) රාත‍්‍රියේ අල ලොරි 2ක් පමණක් පැමිණ ඇති අතර එහි ආරක්ෂාවට පොලිසිය සහ යුද හමුදාව ද යොදවා තිබෙනවා. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ එක් එළවළු ලොරියක් පමණයි.

    උදයන්ති සමඟ අනග රැඟුමක් තිබුනේ නැහැ - ධනංජය


    ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මිලා’ මෙගා ටෙලි නාට්‍යහි අත්තනගල්ල ප‍්‍රදේශයේ වලව්වක පසුගියදා සිදුකළ රූගත කිරීමක් එහි ප‍්‍රධාන චරිත සඳහා පණ පොවන උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධනගේ අනග රැඟුමක් හේතුවෙන් අත් නොහැරිය බවත්, එවැනි කිසිදු සිදුවීමක් නොවූ බවත්, ධනංජය සිරිවර්ධන කියයි. ඔහු මේ බව කියා සිටියේ ‘උදයන්තිගේ අනග රැගුමෙන් ෂූටින් නවතියි’ යන උධෘතය යටතේ 2011 අපේ‍්‍රල් 01 වැනි සිකුරාදා අප වෙබ් අඩවියේ කලා තීරයේ පලවූ පුවතක් නිවරදි කර දෙන ලෙස ඉල්ලමිනි.

    Share this article with your friends