Chitika Smowtion 468x60


Friday, December 16, 2011

රන් කිකිළිය මරා බිත්තර බැලූ කූඩ ප්‍රතිපත්තිය




නිසි හැදෑරීමකින් තොරව පාන් බානවා වගේ නීති පනවන්නට ගොස් අදටත් වෙළඳ පොළේ ඇත්තේ එළවලු හිඟයකි. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අද උදෑසන කොළඹදී පැවසුවේ ප්ලාස්ටික් කූඩ ප්‍රතිපත්තියේ වරදක් නොමැති වුවත් කොහේ හෝ ගැටලුවක් තිබෙන්නට පුළුවන් බවයි.


මේ නිසා, අදාළ අඩුපාඩු ඉවත් කරමින් මෙම නීතිය මසකින් පසුව ක්‍රියාත්මක කිරීමට රජය අදහස් කරගෙන සිටින බව අමාත්‍යවරයා අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
“ප්‍රතිපත්තියේ අපි වරදක් දකින්නෙ නෑ. ඒකනේ මාසෙකට කල්දාල තියෙන්නෙ. නැත්නම් සදාකාලිකව කල්දානවනේ.“
යනුවෙන් පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ කඩින් කඩ ක්‍රියාත්මක කිරීම, නිසි කාලයක් හා දැනුවත් කිරීමක් ලබාදීම වැනි ක්‍රියා මාර්ග තිබුණා නම් හොඳ බවයි.

වර්ධනය හරි පාරේ - මහ බැංකු අධිපති කියයි



Sri Lanka 2011 economic growth, inflation on target: CB Governor
2011 වසර වෙනුවෙන් මහ බැංකුව පුරෝකතනය කළ ආර්ථික වර්ධනයේ අඩුවීමක් සිදුවිය හැකිබව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.


මේ අනුව, ඔහු සඳහන් කළේ සියයට 8.3 ක් වනු ඇතැයි පුරෝකතනය කළ 2011 වසරේ මෙරට ආර්ථික වර්ධනය සුළු වශයෙන් අඩුවිය හැකි බවත් මේ වසර අවසානයේ මෙරට උද්ධමනය සියයට 06 කට වඩා අඩු මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවනු ඇති බවයි.

රටේ බින්න බැසීමට පෙර ලෙඩෙක්දැයි බලයි



නේවාසික වීසා මත මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇගයීමේ ක්‍රම වේදයක් හඳුන්වා දීමට රජය සූදානම් වේ.

පාලම් කොන්ත්‍රාත්තුව ගුවන් පාලම් හැදූ සමාගමටම



පවුම් මිලියන 45 ක බ්‍රිතාන්‍යය ණය ආධාර මත දිවයින පුරා ඉදිකිරීමට යන පාලම් 141 ක කොන්ත්‍රාත්තුව මෙරට ගුවන් පාලම් හැදූ බ්‍රිතාන්‍යය සමාගමටම ලබාදීමට රජය තීන්දු කරයි.


මේ අනුව, ලංකාව පුරා මංතීරු දෙකකින් හා තනි මංතීරුවකින් යුක්ත යකඩ පාලම් 141 ක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් රාජධානියේ මාබී බ්‍රිජ් ලිමිටඩ් වෙත පිරිනැමීමට රජය සූදානම් වේ.
මෙම සමාගම 2002 වසරේ සිට මෙරට ක්‍රියාකාරීව සිටින අතර 2008 වසරෙන් පසුව එම සමාගම වෙත පවරනු ලැබූ ගුවන් පාලම් 05 ක් හා අනිකුත් පාලම් 136 ක වැඩ කටයුතු ලබන මාසය වනවිට අවසන් කිරීමට නියමිත බව රජය සඳහන් කරයි.

Share this article with your friends