Chitika Smowtion 468x60


Tuesday, October 30, 2012

කන්තලෙන් මැණික් සහ කන්තලේට මාළු වැස්සක් !


බෙංගාල බොක්‌කේ හටගත් පීඩන අවපාතය ඊයේ (29 වැනිදා) රාත්‍රී සුළි කුණාටු තත්ත්වයක්‌ බවට පත්වී දිවයිනට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි එය පැමිණියේ නැත.

සුළිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු නොවන බවත් දැන් එය ඉන්දියාව දෙසට හැරී ඇති බැවින් සුළි කුණාටු මගෙහි පදිංචි පුද්ගලයන් ඉවත් කිරීම සදහා පෙර දින කළ අනතුරු ඇඟවීම මීට සුළු වේලාවකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉවත් කළේය.

අධික වර්ෂාව සමඟ අවාසනාව මෙන්ම අරුම පුදුම සිදුවීම් මෙන්ම වාසනාවද රැගෙන ආ පුවතක් කන්තලේ හා හන්දපාන්ගල ප්‍රදේශවලින් වාර්තාවේ.

අකමැතිම දේශපාලන චරිතය ෆොන්සේකා - රත්තරං ගේ දුව කියයි


මහාමාර්ග හා වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන කළුතර ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිත වන්නේ "රත්තරං" ලෙසය.

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් ප්‍රකාශකොට ඇත්තේ සිය පියාට "රත්තරං" යන නාමය ලැබුනේ තාත්තාගේ ආච්චි කෙනෙකු පොඩි කාලයේ සුරතලයට කියූ නමක් ඇසුරින් බවය.

නමුත් රත්තරං යන නාමය රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාට පටබැඳුණු ආකාරය ප්‍රචලිත වී ඇත්තේ වෙනස්ම කතාවකිනි. ඒ කෙසේ වෙතත් රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා රුපියල් කෝටි 45ක වත්කම් සොයාගත් ආකාරය හෙළිකරන ලෙසමේ වනවිට අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් ගොනුවී තිබෙනවා.

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ දියණිය ලබා දුන් පුවත්පත් සාකච්චාවේ කොටස් කිහිපයක් පහතින් බලන්න 

රුක්මණී දේවි නමින් වෙබ් අඩවියක් විවෘත වේ


අසහාය ගායිකාවක් සහ සිනමා නිළි රැජිණ වූ රුක්මණී දේවි මිය ගොස් පසුගිය 28 වනදාට වසර 34ක් සපිරිනු අතර ඒ වෙනුවෙන් පිහිටවූ රුක්මණී දේවි අනුස්මරණ සංගමයට ද වසර 24ක් සැපිරේ.

එම සංගමය විසින් අභාවප්‍රාප්ත රුක්මණී දේවි වෙනුවෙන් ඇයට උපහාරයක් ලෙස ඇයගේ නමින් වෙබ් අඩවියක් (
 http://www.rukmanidevisrilanka.org/ ) විවෘත කිරීම 28 වනදා උදෑසන බෞද්ධාලෝක මාවතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. 

නාමල්ට බිය නොවූ බැංකු සභාපතිවරයා


Updated 29/10/12

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග ආන්දෝලනාත්මක දෙබස ඇතිවුයේ අප පෙර ලබා දුන් ඉඟියකින් කියවුණු සභාපතිවරයා සමග නොවනව බවත් ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතා සමග වනබව මේවනවිට අප වෙත තහවුරු වී තිබෙනවා.

_______________________________________________ 
එජාප දේශපාලනඥයකුට සම්බන්ධ ඇලෝෂියස්‌ පවුලේ මුණුපුරකුගේ විවාහ උත්සවයක් පසුගිය අඟහරුවාදා හිල්ටන් හෝටලයේ පැවැත්වුණා.

මේ නිසා මඟුල් ගෙදරට රනිල්, ජයලත්, නාමල්, ජොන්ස්‌ටන්, යෝෂිත, ජෝන් වැනි විශාල දේශපාලඥයින් පිරිසක්‌ සිටි අතර එම තරුණයා විදේශයන්හිදී ඉගෙනගෙන ඇත්තේ නාමල් රාජපක්‍ෂ සමඟ එකටය.

මඟුල් ගෙදර ටික වේලාවක්‌ සිටි නාමල් රාජපක්ෂ ද ආපසු යන්නට එලියට පැමිනෙනවිටදී හෝටලයට එක්‌තරා ප්‍රකට රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක්‌ පැමිණ සිටියේය.

ඔහු වෙත ගිය නාමල් පැවසුවේ

ගල් විහාරයේ පිළිම විනාශවීමේ අවදානමක


ජාතියේ ප්‍රෞඩත්වය ලොවට කියාපාන පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිම මේ වනවිට විනාශ වෙමින් පවතී.

ගල් විහාරයේ මෙම ප්‍රතිමා ආරක්‌ෂා කිරීම සඳහා මෑතකදී තැනූ දුගී පියස්‌සේ වූ පාදම් කණු ඛාදනය වී අවපැහැ ගෙන තිබෙන අතර වහලයේද තැනින් තැන මලකඩ කා තිබෙනු දක්නට හැකිය.

දුර්වර්ණව මල කෑ සෙවිලි තහඩු අතරින් රූරා වැටෙන මලකඩ සහිත වැසි දිය පිළිම මතද වැටී එකතුවී ඇති අතර වසර දහස් ගනනක් අව්වට වේලෙමින් , වැස්සට තෙමෙමින් තිබූ පිළිම මෑත කාලයේ අව පැහැගැන්වී ඇත්තේ මලකඩ ඒ මතට වැටීම නිසාය

කැටයමින් යුතු විද්‍යාධර ගුහාවෙහි මුව දොර වසා ඉදිකළ යකඩ කූරු දැල මුළුමනින්ම මල කා දිරාපත්ව ගොස්‌ ඇත. ගෙදරක බලු කූඩුවකට මීට වඩා සැලකිල්ලක්‌ තිබේ. දිරාපත් යකඩ දැලෙහි කම්බි දරා සිටිනා ආධාරයක සවි වූ පුරාණ ගල් පුවරුවත් යකඩ මලින් දුර්වර්ණ වී ඇත

ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක කාලගුණ අනාවැකි කිව හැකි නව ක්‍රමයක් පාසැල් සිසුවෙකු සොයාගනී

විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට අද පස්වරු හතෙන් පසුව මිලිමීටර් 10 කට අඩු වර්ෂාපතනයක්.

තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන තිබෙනවා.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකු වන ඔහු මාලින් ජයනාත් විජේරත්නයි.

තාරකා වල පිහිටීම නිරීක්ෂණය කල ඔහු ඒ ඇසුරින් වර්ෂාපතනය හා කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමවේදයක් නිර්මාණය කල අතර ඒ සඳහා ජාතික විද්‍යා පදනම විසින් මෙම වසරේ පවත්වන ලද තරඟාවලියේදී ඔහු පලමු ස්ථානය දිනාගන තිබෙනවා.



ජාතික පොහොර සතියට ගෙනා පොහොර වල කලු ගල්


මේ මස 20 -27 දක්වා පැවති ජාතික පොහොර සතිය වෙනුවෙන් ගොවීන් හට බෙදා දීමට හොරණ ගොවිජන සේවාමධ්‍යස්ථානය වෙත ගෙන ආ යූරියා පොහොර මිටිවල තිබී විශාල ප්‍රමාණයේ කළු ගල් සොයාගන තිබුණා. 


අදාල වැඩ සටහන යටතේ බෙදා දීමට හොරණ ගොවිජන සේවා කාර්යාලයට මෙට්‍රික් ටොන් 80ක යූරියා තොගයක් ගෙන ආ අතර ඒ අතර තිබූ මිටි 04කින් ඒවා සොයා ගෙන තිබෙනවා. 

ගුවන් විදුලි නාලිකාවල සංඛ්‍යාත වෙනස් වන්නේ මෙහෙමයි



ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවා.

සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනයනොවීම මෙයට හේතුව ලෙස සඳහන් කොට තිබෙනවා.

වෙන්ඩෝල් සමාගමේ සභාපති සෝවාන් වෙලාලු !


සුප්‍රකට සබන් හා දේශීය ආයුර්වේද නිෂ්පාදන නිපදවන වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල, ජී ගොඩකන්ද මහතා තමා සෝවාන් වී ඇති බව ප්‍රසිද්ධියේ පතුරවමින් සිටින බව අප වෙත වාර්තා වේ. 

කලින් කලට ලංකාවේ සෝවාන් වූ හා බුදු වූ පුද්ගලයන් දැකගැනීමට හැකි වූ අතර ඔවුන්ට තිබුනේ ඉතා කෙටි පැවැත්මකි. වඳුරඹ සිරිවර්ධන නොහොත් මහත්තයා එසේ බුදු බව ලැබූ බව කියූ පුද්ගලයෙකි. 

අලුත්වන කොළඹ ඉදිවන අහස සිඹින ගොඩනැගිලි

Ndocean Tower


ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවලොපරස් සමාගම කොළඹ කොම්පඤඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016 දී වැඩ අවසන් වන මේ කුලුන ශ්‍රී ලාංකිකයන් නොවන විදේශිකයන් අය ඉලක්ක කෙරෙයි. 
නාන තටාක, නැරඹුම් මැදිරි . ක්‍රීඩාගාර , ටෙනිස් පිටි ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ හෙලිකොප්ටර් අංගනයකි.



Share this article with your friends