Chitika Smowtion 468x60


Wednesday, May 9, 2012

මග්ගොනින් අමුතු මාලුවෙක් මතුවේ


මග්ගොන මාළු වෙළඳපොළට ගෙන ආ මාළු ගොඩක තිබී මෙතෙක් හදුනා නොගත් මත්ස්‍යයෙක් සොයා ගෙන තිබේ.

මෙම මාළුවාගේ වරල් අත් දෙකකට සමාන වන අතර ඇස් ඇති බවක් පෙන්නේ නැහැ.එම මාළුවාගේ ජායාරුපයක් පහතින් බලන්න 

තමන්ගේ මරණය වීඩියෝ කළ තරුණයා


එප්පාවල තරුණයෙක් ඊයේ සියදිවි හානි කරගත්තා. ඔහු මියයාමට පෙර ඒ අවස්ථාව වීඩියෝ ගතකර තිබෙනවා.

වසන්ත ප්‍රදීප් බණ්ඩාර නම් ඔහුගේ 19 වන උපන්දිනයට ඒ වනවිට තිබුනේ දින 2ක් පමණයි.

ගාල්ලේ පරිගණක ආයතනයක සේවය කරන ඔහු ඊයේ එප්පාවල පිහිටි තම නිවසට පැමිණ තමා සියදිවි හානි කරගන්නා බව ඔහුගේ හොඳම මිතුරෙකුට එස්.එම්.එස් පණිවුඩයක් මඟින් දන්වා තිබෙනවා.

ගෙදර පහණ උඩ තිබෙන ජංගම දුරකථනයේ වීඩියෝ දෙකක් තිබෙන බවත් ඇවිත් ඒවා බලන ලෙසත් එහු එහි සඳහන් කර තිබෙනවා.


ඉන් එක් වීඩියෝ එකක ඔහු සියදිවි හානි කරගැනීමට හේතුව දක්වා කළ කථාවක් තිබූ අතර අනෙක් වීඩියෝවේ තිබී ඇත්තේ කැමරාවේ වීඩියෝ ඔන් කර තැබීමෙන් පටිගතවූ සියදිවි හානි කරගන්නා ආකාරයයි.

අත්තනගල්ලෙන් මතුවූ මෝහිණී ගැන ඇත්ත කතාව


අත්තනගල්ලේ බොනෑගල නම් ගම්මානයෙන් මතුවූ මෝහිණී පිලිබඳ මෙයට පෙර ලිපියකින් අප හෙළිදරව් කළා.

එහිදී එම ලිපිය කියවූ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි මෙම සිදුවීම පිලිබඳ එහි ප්‍රදේශවාසින්ගෙන් කරුණු දැනගැනීමට හැකි වුවා.

මෙහි පලවන්නේ එහි ප්‍රදේශවාසීන්ගෙන් අප සොයාගත් තොරතුරුය. මාධ්‍යය මගින් වසන් කල ඇතැම් තොරතුරු මෙමගින් හෙළිදරව් වන අතර ජිවත්වන හෝ මිය ගිය කිසිදු පුද්ගලයෙකුට අපහාස කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.

මෙම ගමෙහි සුදු ඇඳගත් කාන්තාවක් පිලිබඳ බියක් ඇතිවන්නේ එක්තරා  සිද්ධියක් මුල්කරගනිමින්ය.

එනම් පිලංකඩ නම් ප්‍රදේශයේදී එක පුද්ගලයෙ

කොරියාවේදී ගින්නට හසු වූ මිතුරන් තිදෙනා


තිලංග සශික සම්පත් ජයසූරිය

හසලක වේරගංතොට, පාලම හන්දියේ තිලංග සශික සම්පත් ජයසූරිය මේ අනතුරින් මියගිය එක් අයෙක් ඔහු විවාහක අයෙකු වන අතර වයස 24 ක තරුණයෙක් .

රැකියාව සඳහා දකුණු කොරියාවට ගොස් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ගිය අතර ඔහු රැකියාව සඳහා ගොස් ඇත්තේ 2010/07/21 වන දිනයි .

ඔහු විවාහ දිවියට ඇතුළත්ව ඉතා සුළු කලෙකින් එතෙර රැකියාව සඳහා පිටව ගොස් ඇත්තේ තම කැදැල්ල ශක්තිමත් කිරීමටත්, තමන්ගේ මාපියන් හට සැලකීමටත් බව මිය ගිය සශිකගේ බිරිය වන චතුරිකා සිල්වා (23) මහත්මිය පැවසුවා.

ඇය දැනට පෞද්ගලික වෙළෙඳ ආයතනයක රැකියාවක නියුතුව සිටී. මේ පුංචි කැදැල්ලට වරක් දරුවකුගේ බලාපොරොත්තු ඇති වූ බවත් එය ටික කලෙකින් නැතිවූ බව ඇගේ මාපියෝ පැවසූහ. කෙසේ වෙතත් දැන් බිරිද තනිවී හමාර ය.

මම දේශපාලනයට එන්නේ නෑ - මාලක සිල්වා


මගේ ව්‍යාපාර වැඩි දියුණු කරන් ඉන්නවා 

මෙයට පෙර අප ලිපියක් මගින් හෙළි කලේ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් "තමාගෙන් පසුව කැලණිය තමාගේ පුතුට බාර දෙන බවට" මාධ්‍යය හමුවේ කල ප්‍රකාශයකි.


එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පිටතින් ඇප්ලිකේෂන් ගැනීම අනවශ්‍යය බවත් තමාගෙන් පසු තම පුතා ඒ සඳහා ඉදිරිපත්ව සිටින බවත්ය.

නමුත් අද දින (09) පුවත්පතකට මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා ප්‍රකාශකොට තිබුනේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තමාට කිසිසේත්ම අදහසක් නැති බවයි.

NSB මගඩිය අගවිනිසුරු මෙල්ල කිරීමේ කුමන්ත‍්‍රණයක් !


ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස් මිලදී ගැනීම ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව සිදු වූවක් බව හැඟවීමට ජනාධිපතිවරයාට හිතවත් පෞද්ගලික මාධ්‍ය කිහිපයක් බලවත් උත්සාහයක් දැරූවද, එය පැහැදිලිවම ජනාධිපතිවරයාගේ මග පෙන්වීම මත සිදු වූ දේශපාලන කුමන්ත‍්‍රණයක් බව අප අවධාරණය කර සිටිමු.
අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය මෙල්ල කර තබා ගැනීම මෙම කුමන්ත‍්‍රණයේ මූලික ඉලක්කය වී තිබේ. අගවිනිසුරුවරිය රාජපක්‍ෂවරුන්ගේ අතකොළුවක් ලෙස පසුගිය කාලය තුළ ප‍්‍රසිද්ධියේම කටයුතු කළේය. එහෙත්, රට තුළ නීතිය කෙරෙහි විශ්වාසය දිනෙන් දින පළුඳු වෙමින් පවතින බැවින්, අධිකරණය කෙරෙහි යළිත් විශ්වාසයක් ඇති වන පරිදි කටයුතු කිරීමේ වැදගත්කම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කිහිපදෙනෙකු ඇය වෙත පසුගියදා අවධාරණය කර තිබේ.

Share this article with your friends