කි‍්‍රයාත්මක කිරීම සඳහා කිහිප වරක් උත්සාහ කර විරෝධතා හේතුවෙන් අත්හැර දමන ලද මලාපවාහන ගාස්තු හෙවත් ගෘහස්ථ, කර්මාන්ත හා වාණිජ අංශයේ වැසිකිලි සඳහා එම පාරිභෝගිකයන් භාවිතා කරන ජල බිල්පත්වලට අනුව මාසිකව ගාස්තු අය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ආණ්ඩුවේ මෙම තීරණය ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2011 දෙසැම්බර් 28 වන දින අංක 1738/7 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයෙන් ප‍්‍රකාශයට පත් කර ඇති අතර, අදාළ මලාපවාහන හෙවත් වැසිකිලි ගාස්තු අය කිරීම 2012 ජනවාරි 01 වනදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.