Chitika Smowtion 468x60


Tuesday, May 22, 2012

ෆොන්සේකා මහතා මල්වතුහිමියන් බැහැදකී (ඡායාරූප)


හිටපු යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද සවස 6.30ට පමණ මහානායක හිමිවරුන් හමුවීමට පැමිණ අනතුරුව ශ්‍රී දළදා සමිදුන් වැද පුදාගත්තා.

රිය පෙරහරකින් ෆොන්සේකා මහතා මහනුවර බලා පැමිණෙන තෙක් මහනුවර ඔර්ලෝසු කණුව අසල අති විශාල පිරිසක් රැස්ව සිටි අතර පැමිණෙන විටදී රතිඤ්ඤා පත්තුකරමින් ෆොන්සේකා මහතාට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. එහිදී ෆොන්සේකා මහතා රැස්ව සිටි පිරිසට ආචාර කරණු ලැබුවේ රථයේ යන ගමන්මයි.

තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමියෝ හමුවූ අවස්ථාවේ වෙනත් බොහෝ දෙනා යුද්ධය මුදල් ඉපැයිමේ ආදායම් මාර්ගයක් කර ගත්ත ද ෆොන්සේකා මහතා අවංකවම තම රාජකාරිය ඉටුකළ පිරිසුදු මිනිසෙක් බව පැවසුවේ "ඔබ යුද්ධයෙන් මුදල් හම්බකළේ නැහැ. ඔබ හම්බ කෙළේ මිනිස්සු ඒ නිසායි ඔබට මේ තරම් මිනිස්සු ගෞරව කරන්නේ" යනුවෙනි.

කැබිනට් හමුවේදී ජනපති සතුටින්


මෙවර කැබිනට් මණ්ඩල හමුව පැවැත් වුනේ අරලියගහ මන්දිරයේ දී. ඒ ජනාධිපති තුමන්ගේ ප්‍රධාණත්වයෙන් පසුගිය බදාදා දිනයේ දී.

වෙනදාට වඩා සතුටින්, සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් සිටි ජනාධිපති තුමන් එහිදී ඇමති වරුන් හට පැවසුවේ අළුතින් නීති රීති අණපනත් සම්බන්ඳයෙන් කටයුතු කරන විට ප්‍රවේශමෙන් කලයුතු බවයි.

"ගෙදර මනුස්සයා ගහනකොට කාන්තාවො පොලීසි යනවා. ඊටපස්සෙ නියෝගයක් ගන්නව ගෙදර මනුස්සයා ගෙදරට එන එක මාස දෙකකට තහනම් කරලා. ඔන්න ඊටපස්සෙ ගෙදර මනුස්සයා ගෙදරට එනවද බලන්න කියල බලන්න සැරින් සැරේ පොලිසියෙන් ගෙදරට එනවා. අන්තිමේදී මාස දෙක ඉවරවෙනකොට අර ගෙදර මනුස්සයාගෙ තැන පොලිස්කාරයා අරගෙන. ඔය වගේ දුරදිග නොබලා නීති දැම්මම වෙන ප්‍රශ්න" යයි ජනාධිපති වරයා ඇමති මණ්ඩලය හිනස්සවමින් පැවසුවා.


වාහනය එන්නටත් කලින් ඩලස්ගෙන් රෙපෙයාර් බිල්


යෞවන කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තම නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් 29,40,000ක් වටිනා වාහනයක් ආනයනය කර තිබෙනවා.

නමුත් එම වාහනය රේගු බදු ගෙවා එය ලබාගැනීමටත් පෙර වාහනයේ අලූත්වැඩියා ගාස්තු ලෙස රුපියල් 250,000ක බිලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජූනි මාසයේ අනතුරට පත්වීමෙන් වාහනයේ අලූත්වැඩියා කටයුතු වෙනුවෙන් ඇමතිවරයා රුපියල් ලක්ෂ 08ක් අරන් තිබෙන බවත් ඒ වාහන සම්බන්ධයෙන් පිටු 43ක තොරතුරු තිබෙන බවත් "දූෂණ විරෝධී හඬ" නම් සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා.

යුද ජයග්‍රහණයෙන් තෙවසරකට පසු හමුවන ලංකාවේ ආශ්චර්යය


අන්‍යාගමික සිද්ධස්ථාන හමුවේ සිවුර උණා පෙන්වන බෞද්ධ භික්ෂුවකුත්, වියරුවෙන් සාදුකාර දෙමින් අන්‍යාගමික සිද්ධස්ථානවලට ගල්ගසන සිංහල බෞද්ධයකුත් ඇතුළු තවත් බොහෝ දේ අප සමාජයට දායාද කරනු ලැබූ 'යුධ විජයග්‍රහණය' හෙවත් උතුරේ දෙමළ අරගලය තලාදැමීමේ තෙවැනි සංවත්සරය දකුණ මහත් ආඩම්බරයෙන් හා ශ්‍රද්ධාවෙන් සමරමින් සිටී. මේ දෙගොඩතලා යන ශ්‍රද්ධාවත් ආඩම්බරයත් පළුදු කරන වදනක් හෝ කීම, ලිවීම අති බහුතර පුරවැසියන්ට අකැප වූ සෙයකි. ලියුම්කරු මත පසුගිය කාලය මුළුල්ලේ කොල්ලකාරී පාලක රෙජීමයේ අවශ්‍යතාව මත, වැසිකිලි කටවල් වැනි රාජ්‍ය මාධ්‍ය බුරුත්ත විසින් තබන ලද දේශද්‍රෝහී අඩයාලම තවත් තදකිරීමට හේතුවන බව දැන දැනත් ඒ ආඩම්බරයට හරහට හිටින අත්‍යවශ්‍යම යමක් සටහන් කර තැබීමට කල්පනා කරමි.

ආණ්ඩුවට ආපහු හැරෙන්න පුළුවන් වෙයිද?


ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධව කෙල තොළු කථා කියමින් හිටිය ආණ්ඩුව දැන් උන් පස්සේ එල්ලීගෙන යනව. ක්ලින්ටන් නෝනා සුලැඟිල්ල වැනුව විතරයි මෙන්න විදේශ ඇමති කරන්්න යන දේවල්, ඒවයේ යාන්ත්‍රණ මේ ආදී කී නොකී දේවල් ඔක්කොම ලියා කියාගෙන පොට්ටනි බැඳගෙන ක්ලින්ටන් මහා රාජිනී බැහැ දකින්න ගියා.
මේ ගැන කියන්න තියෙන්නේ මේ වගේ මගුල් ගමන් යන්න වෙන්නේ නෑ, LLRC වාර්තාවේ දේවල් කරගෙන කරගෙන ගියා නම්. මේක මහ කොලොප්පමක් වෙලා තියෙන්නේ.
19 වැනිදා මහ ලොකුවට වීරයන් සමරණ අතරම ඇමරිකන් ලොක්කන් ලඟට ගිහින් යුද්දෙන් වුන විපත්ති වලට කරන පිළියම් ගැන කථා කරනව. එතකොට අභාග්‍යයක් වෙලා තියෙනව. ඒවාට දෙන පිළිතුරු උගත් පාඩම් හා සංහිඳියා ලියවිල්ලේ තියෙන විදියට දැන් සකස් කරගෙන යනව.

ෆොන්සේකා නිදහස් කර ඇත්තේ ඇමරිකානු බලපෑමට


සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයාට සිදු වූයේ ඇමරිකාවෙන් එල්ල වූ දැඩි බලපෑමෙන් හේතුවෙන් බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය. අඩුම වශයෙන් ෆොන්සේකා නිදහස් නොකරන්නේ නම්, ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය හමුවීමට විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහාතට අවස්ථාවක් නොදෙන බවටත්, එ රටට ඇතුල්වීමට වීසා නොදෙන බවට ඇමරිකානු රජය, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයා කඩිමුඩියේ කටයුතු කළේ ඉන් අනතුරුව බවත්, ෆොන්සේකා නිදහස් කිරීමට සහතික වීමෙන් පසුව ජී.එල් පීරිස් අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විසා ලැබුණු බවත් එම අමාත්‍යවරයා සඳහන් කළේය.

ෆොන්සේකා මහතා අලූත් දේශපාලන පෙරමුණකින්


හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතා ට ලබා දී තිබූ අධිකරණ තීරණ වලට එරෙහිව ඔහු විසින් ගොනුකර තිබූ අභියායචනා ඉල්ලා අස්කර ගැනීමත් සමඟ ඔහුට ජනාධිපති සමාව යටතේ නිදහස හිමි විය.
එහෙත් එම නිදහසට අදාළව දේශපාලනය කිරීමට අවහිරවනසේ කොන්දේසි පනවා ඇත්දැයි මෙතෙක් වාර්තා වී නැත. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කොට ඇත්තේ ෆොන්සේකා මහතා නිදහස් කිරීමේදී ඔහුගේ දේශපාලන කටයුතුවලට බාධාවන කිසිදු කොන්දේසියක් පනවා නොමැති බවයි.

රණවිරු සෑයට ගඩොල් පුච්චන පෝරණුවේ මිනී පුච්චලා


රණවිරු සෑය ඉදිකිරීමට ගඩොල් තනන අනුරාධපුර ගල් කඩවල පෝරණුවේ පසුගිය කාලයේ ඉතා රහසිගතව නාඳුනන මල සිරුරු පුළුස්සා ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.
ජේතවනාරාමය හා අභයගිරිය චෛත්‍ය යළි පිරිසකර කිරීමේ කටයුතු සඳහා ප‍්‍රමිතියෙන් යුතු ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා මෙම පෝරණුව ඉදිකරනු ලැබුවේ යුනිස්කෝ ආධාර යටතේය. මෙවැනි දැවැන්ත චෛත්‍යයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා මෙම ගඩොල් පෝරණුව නිර්මාණය කර ඇත්තේ එවකට සංස්කෘතික ත‍්‍රිකෝණයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ව සිටි ආචාර්ය රොනල්ඞ් සිල්වා මහතාගේ සැලසුමක් අනුවය.

ශ‍්‍රීලනිප ප‍්‍රතිසංවිධානයේදී බොරු වාර්තා හදලා


පසුගිය 12, 13 යන දෙදින අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිසංවිධානවලට අදාළ සමීක්‍ෂණ තුළින් අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු අප වෙත පැවසීය.
වෙනත් දිස්ත‍්‍රික්කවලින් එම දින දෙකට අනුරාධපුරයට අනුයුක්ත කර සිටි ශ‍්‍රීලනිප මහජන නියෝජිතයින් හා ක‍්‍රියාකාරිකයින් එම දිස්ත‍්‍රික්කයේ ඡුන්දපොළ මධ්‍යස්ථානයකට දෙදෙනෙකු වශයෙන් පත් කර තිබේ. ඒ අනුව ඔවුන් තම තමන්ට පැවරුණු ඡන්ද පොළ මධ්‍යස්ථාන බලප‍්‍රදේශවල ගෙයින් ගෙට ගොස් ජනතාවගෙන් තොරතුරු විමසා, ඒවා සටහන් කර දීමට තිබූ පිටු 07ක පෝරමයේ අදාළ විස්තර ඇතුළත් කර තිබේ.

හොල්සිම් ආයතනයේ රු.මිලියන 858ක් අතුරුදහන්


ශ‍්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතනය වන හොල්සිම් සිමෙන්ති සමාගමේ රුපියල් මිලියන 858ක මූල්‍ය වංචාවක් සිදු වී තිබේ. පසුගියදා සිදු කරනු ලැබූ සිමෙන්ති තොග ගණනයේදී ඉහත සඳහන් මුදලට අදාළ සිමෙන්ති කොට්ට ප‍්‍රමාණය අතුරුදහන් වී ඇතැයි හෙළිවි තිබේ.

ජෙනරාල් නිදහස් කිරීමට ගෝඨා එකඟවී නෑ


සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා තමන්ට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිගින් දිගටම බලපෑම් කරන බවට ජනාධිපතිවරයා පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවේ කළ ප‍්‍රකාශය අමූලික බොරුවක් බව අප දැඩි වගකීමකින් යුතුව ප‍්‍රකාශ කර සිටිමු.
එම ප‍්‍රකාශය කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ අසල සිට ඇතත්, ඔහු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට කිසිදු අනුකූලතාවයක් නොදක්වා අවඥාවෙන් යුතුව ඉවත බලාගෙන ඇත.
ෆොන්සේකා මහතා නිදහස් කිරීමේ තීරණයට ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිහඬකරවාගෙන ඇත්තේ, ෆොන්සේකාව අවමානයට ලක්කොට, අමතක නොවන පාඩමක් උගන්වන බව පවසමිනි. වැඬේ අවසන් වන තෙක් නිහඬව ඉන්නැයි ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා තිබේ.

Live@8 සැබෑ ස්වරූපයද මේ?

Live@8 වසරේ හොඳම ප්‍රවෘති නාලිකාව වීම හේතුකොටගෙන මවුන්ට් ලැවිනියා බ්‍රිස් හෝටලයේ පැවති උත්සවයේ ජායාරූප කීපයක් මේ.

නපුංසකයන් සේ මෙහි හැඳ පැළඳගන සිටින්නේ එහි Live@8 හි කාර්යමණ්ඩලයයි



මාතරින් පුරුෂ ලිංග දඩයම් කරන ගණිකාවක් මතුවෙයි!


මාතර ප්‍රදේශයේ ගණිකාවක් විසින් එම අවට ප්‍රදේශවල පුද්ගලයන් තිදෙනෙකුගේ ලිංගික අවයව වලට බරපතල හානි කර ඇති බව වාර්තා වේ.

මේ පිලිබඳ දැනටමත් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම සිදුවීමට භාජනය වූ පුද්ගලයන් තිදෙනා මේවනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

එම සිදුවීමට ටික දිනකට ප්‍රථම කාන්තාවක විසින් මුල්‍යමය ගැටළුවක් හේතුවෙන් බාබර් වරයෙකු වූ සිය පෙම්වතාගේ ලිංගික අවයවය වෙන්වන තෙක්ම සපා කා ඇති අතර ඔහු ද අසාධ්‍යය තත්වයෙන් මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

වසර දෙකහමාරකට පසු නිවසට ගිය ෆොන්සේකා


වසර දෙකහමාරක් සිරගතව සිටි හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ දින නිදහස ලැබීමෙන් අනතුරුව සවස් කාලයේ තලවතුගොඩ පිහිටි සිය නිවාස කරා ලඟා වුවා.

එහිදී සිය පවුලේ සාමාජිකයන් හා එක්වූ ඔහු පැමිණි සිටි දේශපාලන නායකයන් සමගද සුහුද කතාබහක නිරතවී තිබෙනවා.

තමාගේ සුරතල් බල්ලා බැලීමටද සරත් ෆොන්සේකා මහතා අමතක කොට තිබුනේ නැහැ.අනෝමා ෆොන්සේකා මහත්මිය මෙයට පෙර මාධ්‍යයට පවසා තිබුනේ තමාගේ සැමියාගේ ප්‍රියතම කෑම සාදා දීමට ඔහු නිදහස් වී එනතුරු බලා සිටින බවයි.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ඊයේ රාත්‍රී ආහාරය ලබාගත් අයුරු පහතින් බලන්න 

ෆේස්බුක් හිමිකරුගේ අපුරු විවාහ උත්සවය


ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ නිර්මාතෲ මාර්ක් සුකර්බර්ග් පසුගියදා විවාහ වී තිබෙනවා. ඒ අවුරුදු 10 කට ආසන්න කාලයක් ඔහුගේ පෙම්වතියව සිටි 27 වියැති ප්‍රිසීලා චාන් සමඟින්.

විවාහ උත්සවය පවත්වා ඇත්තේ චලීෆ් හි පාලෝ අල්ටෝ හි වන අතර මෙම විවාහ උත්සවයට ආරාධනා ලැබ තිබෙන්නේ ආරාධිතයන් 100 කටත් අඩු ප්‍රමාණයකට වීමත් එයද සාදයකට නොව විවාහ උත්සවයට පමණක් වීමත් විශේෂත්වයක්.

ඉතා සරලව පැවැත් වූ මෙම විවාහ උත්සවය පිළිබඳව බොහෝ දෙනෙක් සිතා ඇත්තේ එය චාන් ගේ වෛද්‍ය විද්‍යාලයේ උපාධි උත්සවය බවයි. මොවුන් විවාහ උත්සවය මාස ගනනක් තිස්සේ සැලසුම් කර ඇති අතර චාන් ගේ අවසන් උපාධි පරීක්ෂණය නිම වනතුරුයි ඔවුන් විවාහවීමට බලාගන සිට ඇත්තේ.

Share this article with your friends