නාමල් බුද්ධිකට කියයි!
අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝග යෝජනාවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පසුගිය සතියේ දේශපාලන කරලියේ ආන්දෝලනයට ලක්වූ කරුණු අතර, ප්‍රධාන තැනක් ගත්තේය. දහතුන්වන සංශෝධනය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන ජාතික නිදහස් පෙරමුණ පසුගිය සතියේ සිකුරාදා එනම් 10 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් සමග දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කතාබහක නිරතවිය.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහා ලේකම් තිස්ස අත්තනායක ඇතුළු එ.ජා.ප. නියෝජිතයන් මෙම සාකච්ඡාවට සහභාගි විය. එය ආරම්භ කරමින් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා විමල්ගෙන් විමසූවේ “ඇත්තටම විමල් 13 සම්බන්ධයෙන් ඔබ නියෝජනය කරන ආණ්ඩුවේ මතය කුමක්ද?” යනුවෙනි.