Chitika Smowtion 468x60


Saturday, January 21, 2012

SOPA/PIPA පනත් හකුලාගනී. Fight for the Future පදනමෙන් ඔබ සැමට තුති


ඉදිරියේදී සම්මත කරගැනීමට නියමිතව තිබූ SOPA සහ PIPA පනත් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් මීට ටික වේලාවකට පෙර ඉවත දමා තිබෙනවා. මීට මූලික වශයෙන්ම හේතු වූයේ අන්තර්ජාලය හරහා ඊට මතු වූ අති ප්‍රභල විරෝධයයි. ප්‍රධාන වශයෙන් Wikipedia, Reddit, Google, Wordpress ආදී  වෙබ් අඩවි මෙම පනත් වලට විරුද්ධව සුවිශාල කතිකාවතක් අන්තර්ජාලය හරහා ගොඩනැගීමට දායක වුනා. ඉදිරියේදී වෙනත් ආකරයකින් මෙම පනත් කරළියට පැමිණීමට ඉඩ ඇති බවත් ඊටත් මේ ආකරයෙන්ම එකාවන්ව අත්වැල් බැඳගෙන මුහුණ දී පරාජය කිරීමට තමන් පසුබට නොවන බවට Fight for the Future පදනම පවසනවා.

වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවි වලට පිවිසෙන්න.
http://www.sopastrike.com/
http://www.fightforthefuture.org/

Fight for the Future පදනම මෙම ජයග්‍රහණය පිළිබඳව දන්වමින් අප වෙත එවා ඇති ඊමේලය පහතින් බලන්න.

Share this article with your friends