Chitika Smowtion 468x60


Tuesday, January 31, 2012

ලංකාවේ ප්‍රථම හා ලෝකයේ ළාබාලම අභ්‍යවකාශගාමියා වන්නේ ජනපති බාලම පුතයි


තමාගේ බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා වෙන්න පමණක් නොවෙයි ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීම බව ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ පවසනවා.

ඔහු මේ අදහස් පල කලේ කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් තරඟාවලියේදී මෝටර් රථ ධාවන තරඟයට සහභාගී වී දෙවන ස්ථානය ජයග්‍රහනය කිරීමෙන් පසුව පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඇයි මේ වගේ මෝටර් රථ ධාවන ඉසව් වලට සහභාගි වෙන්න තීරණය කලේ?
ඇත්තටම අපි ක්‍රීඩාවට හරිම ආසයි. අපේ මවුපියන් පොඩි කාලෙ ඉඳලම අපි ක්‍රීඩාවට යොමු කරලා තියෙන්නෙ. යාළුවොත් එක්ක උනත් අපි තරඟයක් දෙන්න ආසයි. අපි ගහගන්නවත් තවත් කෙනෙක්ව පරද්දලා සතුටු වෙන්නවත් නෙවෙයි තියන ආසාවටයි ක්‍රීඩාව කරන්නෙ. සහයෝගයෙන් තරඟයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ.

අලෙවි වෙනුවට ගීතාංජන පත්කිරීමට ගත් උත්සාහයත් අසාර්ථකයි


බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් අලෙවි මව්ලානා මහතා ඉවත්කොට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතාංජන ගුණවර්ධන මහතා පත්කිරිමට ජනාධිපතිවරයා දැරූ උත්සාහයත් අසාර්ථක වී තිබේ. පසුගිය දින කිහිපයෙහි ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දේශපාලන ව්‍යාපෘතින් කිහිපයක්ම අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් හකුලා ගැනීමට ඔහුට සිදුවිය.
කෙසේ වුවද, එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කොට ඇති මහජන එක්සත් පෙරමුනේ ගීතාංජන ගුණවර්ධන මහතා ඉල්ලා අස්කරගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා එම පක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාට දැනුම්දි තිබේ.

සරණ අසරණ වන කාලය ලඟයි


ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඉන්ධන පිරවුම්හල් වෙත අත්තනෝමතික අන්දමින් බලපත්‍ර නිකුත්කරන බව අප වෙත වාර්තා වනවා.

මෙහිදී අප කල සොයාබැලීමකදී හෙලිවුයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අවශ්‍යය බලපත්‍රය ලබාගැනීම සඳහා සරණ ගුණවර්ධන අමාත්‍යවරයාට ලක්ෂ 80 කට ආසන්න  සන්තෝසමක් ලබාදිය යුතු බවයි.

ඉන්ධන පිරවුම්හලක් ආරම්භකිරීමට අවශ්‍යය ඕනෑම කෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගණන ගෙවීමෙන් පසුව එයට අදාළ බලපත්‍රය ලබාගත හැක.

කොළඹින් පිටත අධිවේගී මාර්ගයේ තෙවෙනි අදියර ඇරඹේ


කොළඹින් පිටත අධිවේගී මාර්ගයේ තෙවෙනි අදියර ආරම්භ කළ බව මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

කොළඹින් පිටත අධිවේගී මාර්ගය කොට්ටාවෙන් ආරම්භවී හෝමාගම, කඩුවෙල, බියගම, මහර, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා කෙරවලපිටියෙන් අවසන්වේ.

එනම් සම්පූර්ණ මාර්ගයේ දුර කිලෝමීටර් 29.1ක් වන අතර මෙම මාර්ගයේ උපරිම වේගය 80Km/h කි. මෙය අදියර 3කින් ක්‍රියාත්මක වේ.

කෝට්ටේ නගරාධිපති, උපනගරාධිපතිගේ නිල් චිත‍්‍රපට පෙන්නලා


කෝට්ටේ උපනගරාධිපති නීතීඥ මධුරංග විතානගේ මහතා සුරූපි තරුණියක් සමග සංසර්ගයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් එම නගරසභාවේ නගරාධිපති ජනක රණවක මහතා විසින් බෙදාහැර ඇති අතර එහි පිටපතක් ජනාධිපතිවරයා වෙතද යොමුකර තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කෝට්ටේ මහනගර සභාවට තරග කළ ජනක රණවක මහතාට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ආධාර උපකාර කළ අතර, මධුරංග විතානගේට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් නාමයෝජනා ලබාදීමෙන් පසු කුප‍්‍රකට ජාවාරම්කාර දිලිත් ජයවීර මහතා ප‍්‍රචාරක අනුග‍්‍රහය දැක්වීය.

වයි දිස් කොලවරි ඩී හීන වල ඉන්න එපා


නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපරය ඊයේ දිනයේ සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර එහිදී විශ්ව විද්‍යාල තුල සිදුවන කප්පාදු කිරීම් හා සපිරි පාසල් වැඩපිළිවෙලට එරෙහිව අදහස් පළකෙරිණි.


එහිදී අදහස් දැක්වූ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙහි කැඳවුම්කරු වන පූජ්‍ය දඹර අමිල හිමියෝ පැවසුවේ "සුකිරි බටිල්ලන් ගයන වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩී" සිහින වලින් මිදී මෙම ක්‍රියාමාර්ග වලට එරෙහිව පෙරට පැමිණිය යුතුබවයි. 

උන් වහන්සේගේ කතාව පහතින් බලන්න


දුමින්ද වෙනුවට රේනෝ දේශපාලනයට


පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා වෙනුවට ඔහුගේ සොයුරු රේනෝ ද සිල්වා දේශපාලනයට ගෙන ඒමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
රේනෝ ද සිල්වා මහතා මේ සඳහා එකඟ කරවා ගැනීමට ජනාධිපතිවරයා නොයෙකුත් බලපැම් සිදුකර තිබේ. රේනෝ ද සිල්වා මහතා හිමිකාරිත්වය දරන ඒ.බී.සි මාධ්‍ය ජාලය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගෙවා පැහැර හැර ඇති කෝටි ගණනක මුදල් වහාම අත්පත් කරගැනීම සඳහා ලිපි යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියාට දැනුම්දී ඇත්තේද ජනාධිපතිවරයා විසිනි.

SLT හි ඉබි WWW නොහොත් ADSL මුලාව හා TRC හී 64kbps Broadband


දැනට SLT නොහොත Sri Lanka Telecom, නැතිනම් ඔවුගේ මෝඩ වෙළද දැන්වීම අනුව www විසින් ග්‍රහකයන් මුලාකිරීමක් ආරම්බ කර ඇත.  එහම් මුලාකිරීම නම් කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ අනුමැතියක් TRC වෙනි නොමැතිව (එසේ අනුමැතියක් ඇතිනම් එය සියලුම පාරිබෝහිකයන්ට දැනුම් දිය යුතුයි.) වැඩිපුර download කරන පැරණි Unlimited ADSL  package ඇති අයගේ වේගයන් අඩු කිරීමයි. පැරණි පැකේජ ගන්නා විට කිසිම කෙනෙකුට FUP (Fair User Policy) එකක් හෝ මෙවැනි වේග අඩුකිරීමක් කරන බව කියා නොමැත. මෙය කරන්නේ හොර රහසේය.

Monday, January 30, 2012

ජනතා අයතීන්ට පහරදීම උතුරටත් දකුණටත් තර්ජනයක් - තිසරණී ගුණසේකර - පරිවර්තනය - හේමන්ත රණවීර


මාගේ දේශය බොරු දේශප්‍රේමී වැලපීම් නැති නිදහස් දේශයක් වුව මැන. (ලැන්ග්ස්ටෝන් හියුස්)
ගැටලූ සහගත දේ ගැන දිව කීපයකින් කතාකිරීම ප්‍රශ්නවලින් බේරීමට රාජපක්ෂ අණ්ඩුව සාර්ථකව යොදාගන්නා උපායකි. එහෙත් සමරවිට ඔවුන් සැඟවීමට සිතන්නේ කුමක්ද යන්නද ඒවායින් එළිවෙයි.
ලලිත් කුමාර් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් 2011 දෙසැම්බර් 9 යාපනේදී අතුරුදන් වූහ. අතුරුදන් වීම ගැන පුවත්පත් සාකච්ඡාවක් සංවිධානය කිරීමට යෑමේදී ඔවුහු අතුරුදන් වූහ. ඔවුන්ගේ ජීවිතය ගැන සැක මතු වූ විට රජයේ ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කීවේ විරරාජ් හා මුරුගානන්දන් අතුරුදන් වී නැති බවත් ඔවුන් සිටින බවත්ය. (ද සන්ඩේ ලීඩර් 18.12.2011) ඔවුන් ළඟදීම උසාවියට ඉදිරිපත් කරන බවත් ඔහු කීය. )ද සන්ඩේ ටයිම්ස් 8.1.2012)

ඇමතිගේ වැඩ බාලයි - මහාචාර්ය සරත් විජේසූරිය


උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාදවීම නිසා රට තුළ ඇති වුණු කැළඹීම වෙන අවධානය යොමු කළ ජනාධිපතිවරයා මැදිහත් වී නියෝග කළේ වහාම ප‍්‍රතිඵල නිකුත් කිරීමටය. ප‍්‍රතිඵල නිකුත් කිරීමේ විද්‍යාත්මක ක‍්‍රමවේදය විභාග කොමසාරිස්වරයාගේ අත්තනෝමතික කටයුතු හේතුවෙන් ව්‍යාකූලව තිබෙන බව අදාළ පුද්ගලයන් ජනාධිපතිවරයාට වාර්තා කිරීම හෝ, ඒ සම්බන්ධ යථා තත්ත්වය ජනාධිපතිවරයාට අවබෝධ කර ගැනීමට කිසිම අවකාශයක් සලසා නොතිබුණු බව පැහැදිලිය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාම පවසන ලෙස සිදු වුණේ ජනාධිපතිවරයා සියලූ දෙනාටම හොඳටම බැන වැදීමය. ඒ බැන වැදීම අබිමුව ගොළුවන් වූ සියලූ දෙනා වහාම ප‍්‍රතිඵල නිකුත් කිරීමට එකඟ වූහ.

එජාපයේ ස්ථාවරය කුමක්ද - කේ.ඩබ්ලිව්. ජනරංජන


උතුරට දේශපාලන විසඳුමක් පිළිබඳ රජයේ ස්ථාවරය හා ඒ සඳහා වන යෝජනාවලිය වහා රට හමුවට ඉදිරිපත් කළ යුතු බවත් ඉන්පසුව තම පක්ෂය සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා දිවයින (ජනවාරි 23) පුවත්පතට පවසා තිබිණි.
'මේ වනතෙක් ආණ්ඩුව උතුරට දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශ නොකොට කල් මැරීමේ ප්‍රතිපත්තියක නියැළෙමින් සැබෑ ප්‍රශ්නයෙන් පැනයෑමට උත්සාහ ගනිමින් සිටින බවට හෙතෙම චෝදනා කළේය. උතුරට විශ්වසනීය දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව එජාපය පිළිගන්නා නමුත් එය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල හා සියලූ ජනකොටස්වලට පිළිගත හැකි එකක් විය යුතු බව ඒ මහතා පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම උගත් පාඩම් කොමිෂන් වාර්තාවට අනුව ක්‍රියාකරන බව පුන පුනා ප්‍රකාශ කළද දැන් එම වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබියදී නිහ~ පිළිවෙතක් අනුගමනය කිරීමක් ඉන්දීය විදේශ ඇමතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ දාහතන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබ්ඛෙන් යන විසඳුමක් ලබාදෙන බව ප්‍රකාශ කිරීමක් ගැටලූ සහගත බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. ඒ ප්‍රවෘත්තියේ ඉතිරි කොටසයි.

මර්වින්, ප‍්‍රසන්න, කුඩු ලාල්, නිමල් හා පොලිසිය කළ ඉඩම් මගඩියක තොරතුරු හෙළි වෙයි


මීට වසර 4 කට පෙර වෙන්දේසි කරන ලද කැලණිය පොලිසිය ආසන්නයේ පිහිටා තිබූ පර්චස් 160 කට අසාන්න භූමි භාගයේ නියම හිමිකරුවන් පැමිණීමත් සමඟ මහාපරිමාන ඉඩම් වංචාවක සුල මුල හෙළි වෙමින් තිබෙන බව වාර්තා වේ.
මෙම ඉඩමේ හිමිකරුවන් ලංකාවට ගෙන්වා ඇත්තේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් ආරක්‍ෂක අමාත්‍යංයේ වියදමින් බවද එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේවන විට ඔවුන්ට ආරක්‍ෂාව සැපයීමට ආරක්‍ෂක ලේකම්වරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යොදවා ඇතැයි ද පැවසේ.
අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනීම ඉලක්ක කරගනිමින් අදාල මෙහෙයුම දියත් කර ඇතැයි ද වාර්තා වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ABC මාධ්‍යජාලය හැසිරවීමේ වෑයමක්


වෙඩිවැදී බරපතල තුවාල ලබා දැනට සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සොයුරු රේනර් ද සිල්වා මහතාට අයත් ABC මාධ්‍යජාලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මෙල්ලකිරීමේ වෑයමක් පිළිබදව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කරයි.

ප‍්‍රධාන විධායකයා එළවා දැමූ මර්චන්ට් බැංකු සභාපති කොමිස් ගැසීමට පිටිය සකසයි


ශ‍්‍රී ලංකා බැංකු ක්ෂේත‍්‍රයේ සුදුසුකම් හා පලපුරුද්ද අතින් ගෞරවනීය නාමයක් දිනා සිටින කෘතහස්ත බැංකුකරුවෙකු වන ගාමිණී කරුණාතිලක මහතා ප‍්‍රධාන විධායක ධූරයෙන් සුහද විශ‍්‍රාම ගැනීමකට යොමුකරන ලද, මර්චන්ට් බැංකුවේ සභාපති එම්.ආර්. ෂා මේ වනවිට එම බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් තමන්ට රිසිපරිදි හසුරවමින්, මහාපරිමාන කොමිස් ගැසීමකට අවශ්‍ය පසුබිම සකස්කරමින් සිටින බව ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (MBSL) අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මර්වින් කැළණියෙන් ඉවත්කිරීමට විනය කමිටුව යෝජනා කරයි


අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැළණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත්කළ යුතු බවට ‘කැළණිය අර්බුදය’ සම්බන්ධයෙන් සොයාබැලීමට එම පක්‍ෂයේ මහලේකම්වරයා විසින් පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් දැනටමත් තීරණය කර ඇතැයි වාර්තා වේ.
කැළණිය ආසනයේ ශ‍්‍රී ල.නි.ප ප‍්‍රධාන සංවිධායක මර්වින් සිල්වා අමාත්‍යවරයා හා එම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර හටගෙන තිබෙන ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නීතීඥ චම්පානි පද්මසේකර, ඞී.පී. මැන්ඩිස් සහ සාලිය මැතිව් යන විනය කමිටු සාමාජිකයන් පත්කර තිබේ.

මර්වින් වෙනුවෙන් කාලි කෝවිලට එළිච්චිය බිළිදුන්නේ දමයන්ති


මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා රැක දෙන ලෙස ඉල්ලා වාහනයකින් පැමිණ මුන්නේශ්වරම් කාලි කෝවිලට එළිච්චියක පූජා කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කැලණිය ප‍්‍රාදේශීය සභාවට තරග වැදුණ අපේක්‍ෂිකාවක් වන දමයන්ති පෙරේරා හා පිරිසක් බව අප වෙත වාර්තා වේ.

ජෙනරාල්ට ආශිර්වාද පතා ඓතිහාසික කැළණි රජමහ විහාරයේදී බෝධි පුජාවක්


රට බේරාගත් අභීත සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඉක්මන් නිදහස මෙන්ම එතුමාට ආශිර්වාද පතා සංවිධානය කළ බෝධි පූජාවක් ජනවාරී 28 දින සවස ඓතිහාසික කැළණිය රජමහා විහාරයේදී කිත්සිරි ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදි.
දේශපාලන සිරකරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආශිර්වාද පතා, ජෙනරාල් සරත් ෆොන්සේකා පදනම සංවිධානය කරන බෝධි පූජා මාලාවේ 2012 නව වසරේ පළමු බෝධි පූජාව ලෙස සංවිධානය කරන ලද මේ සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් පක්ෂ පාට භේදයකින් තොරව සහභාගී වී සිටියහ.

රාජපක්ෂ ආණ්ඩුව නිදහස් අධ්‍යාපන වැලළීමට කටයුතු කරලා - අනුර


වර්තමාන ආණ්ඩුව මේ වසරේ සිට ක්‍රියාත්මක කරන සපිරිපාසල් 1000ක
ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමේදී එයට අයත් නොවන පාසල් 4000කට වැඩි ප්‍රමාණයක් වැසීයාමට ඉඩහැර අධ්‍යාපනය පෞද්ගලීකකරනය කිරීමේ වැඩසටහන වහාම අත්හිටවියයුතු බව ජනතාවිමුක්ති පෙරමුණ අවදාරනය කරයි. ඊයේ (29) උදේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්ෂ ප්‍රධානකාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දේශපාලන මණ්ඩල සාමාජික අනුර කුමාර දිසානායක මහතා මේබව පැවසීය. මෙම අවස්ථාවට මධ්‍යමකමිටු සමාජික, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාද සහභාගීවිය.

එක් සපිරි පාසලකින් උපරිම පෝෂිත පාසල් ගණන 5ක් වන විට මේ යටතේ මුළු ලංකාව පුරාම ආවරනය වන්නේ පාසල් 5000ක් බවද ඉතිරි පාලස් 4000ට වැඩි ප්‍රමාණය සම්පත් නොලැබීමෙන් ඉබේම වැසීයාමට මේ ක්‍රමය යටතේ ඉඩ සැලසෙන බව පෙන්වාදුන්නේය.

එම සාකච්ඡාවේදී අනාවරණය කළ කරුණු මෙසේය.

උසස් පෙළට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති


උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අර්බුද පැනනැගුණු සියලූම අවස්ථා අභියෝගයට ලක්කරමින්, මෙම සතිය තුළ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිමට 2011 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් කටයුතු කරන බව වාර්තා වෙයි.
2011 වර්ෂයේ අගෝස්තු මස පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දීර්ඝකාලීන ප්‍රමාදයකින් පසුව පසුගිය දෙසැම්බර් 25 වනදා නිකුත් කළ අතර නිකුත් කළ ප්‍රතිඵල සම්පූර්ණයෙන් අවුල්සහගත වී තිබුණි. ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා වගකිවයුතු බවට ගුරු සංගම්, ශිෂ්‍යයන් හා විපක්ෂයේ දේපාලන පක්ෂ චෝදනා කළ අතර එම අර්බුදය සිදුවූයේ කෙලෙසදැZයි සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරයාද, විදුහල්පති වරයෙක්ද නියෝජනය වන පරිදි කමිටුවක් පත් කළ අතර එම කමිටුව තීන්දු කළේ ප්‍රතිඵල පරිගණක ගතකිරීමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හැරුණු කොට විභාග ප්‍රතිඵලයේ කිසිදු දෝෂයක් නොතිබුණු බවයි.

'කළු ජනවාරියට' බාධා මූලික අයිතිය කැඩීමක් - ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ


ජනවාරි 25වැනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල පැවත්වීමට නියමිතව තිබූ 'කළු ජනවාරිය' රැලිය නැවැත්වීම සඳහා ආණ්ඩුව හා ඊට සම්බන්ධව නියෝජිතයන් යොදාගත් පිළිකුල් සහගත සන්නද්ධ උපක්‍රම මගින් සාමකාමීව රැස්වීමේ මූලික අයිතිය කඩකර ඇති බවත්, එය හෙළා දකින බවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.
අදාළ නිවේදනය නිකුත් කරන එම සංගමයේ කැඳවුම්කරු නීතිඥ ලාල් විෙජ්නායක මහතා පෙන්වා දෙන්නේ පොලීසිය සාමකාමී විරෝධතාවක් වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගත් බවත්, පොලීසිය හා උසාවිය ඇතුළු රාජ්‍ය ආයතනයන් මූලික අයිතීන් ආරක්ෂා කර වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කළයුතු වුවත්, මෙමගින් එම අයිතීන් කඩවුණු බවත්ය.

රාජ්‍ය සේවකයන් පන්සල් යැවීමට විරෝධය


සබරගමුව පළාත් සභාවේ සේවකයන්ට වැටුප් වර්ධක ලබාදීමේදී පෝය දිනයට පන්සල් යාම සලකා බැලීම පිළිබඳව සිය විරෝධය පළ කරන බව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති යූ. පළිහවඩන මහතා සඳහන් කළේ එයින් සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදුවනවා මෙන්ම වෙනත් ආගම්වලට සේවකයන්ට ඉන් වන බලපෑම බරපතළ බවත්ය. ආගම යනු බලෙන් එබ්බවිය හැකි කාරණයක් නොවන බව බලධාරින් තේරුම් ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

විජය නන්දසිරිගේ දියණිය විවාහ වෙයි

ප්‍රවීණ නළු විජය නන්දසිරි හා රංගන ශිල්පිනී දේවිකා මිහිරානි යුවළගේ දියණිය වන නවංජනා සිය පෙම්වතා වූ චමින්ද සමඟ පසුගියදා විවාහ වුණා. 

විවාහ මංගල්‍යය කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගී වූ අතර මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්‍ෂියට අත්සන් තැබුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය.

එම මංගල්‍යයේ ජායාරූප කීපයක් පහතින්.

පයාගල රියඅනතුරේ සැකකරු නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ඥාති පුත්‍රයෙක්


රිය අනතුරුවලින් වාර්ථාවක් තැබූ ඊයේ දිනයේ පයාගල ප්‍රදේශයේ දි අවස්ථා දෙකකදි මෝටර් රථයක ගැටීමෙන් පාපැදිකරුවන් දෙදෙනෙකු මියගොස් තිබූ බවත් එම මෝටර් රථයෙන්ම අනතුරට පත් යතුරුපැදි කරුවකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි අප ඊයේ දිනයේ ''රිය අනතුරු වලින් වාර්තාවක්'' ශීර්සය යටතේ වාර්ථාකර තිබූ අතර එම අනතුරට සම්බන්ධ මෝටර් රථය ධාවනය කර ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ඥාති පුත්‍රයෙකු බවද වාර්ථා වෙයි.

අතක්‌ අහිමි රියදුරු බර්නාඩ්ගේ කතාව

මිනුවන්ගොඩ සිට කොළඹ පිහිටි ප්‍රධාන කාන්තා විදුහල්වලට ශිෂ්‍යාවන් රැගෙන ගිය අතක්‌ අහිමි පාසල් වෑන් රථ රියෑදුරෙකු පසුගියදා අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා. 


නමින් බර්නාඩ් වන ඔහු 62 හැවිරිදි රියදුරෙක්. අතක් අහිමි වුවද වසර 20ක කාලයක්‌ තිස්‌සේ තනි අතින් සුක්‌කානම හසුරුවා ඇති අතර මේ වනතුරු කිසිම රථවාහන නීතියක් උල්ලංගනය කර පොලිසියෙන් වරදකරු වී නැති බවයි ඔහු පවසන්නේ. 


සවුදි අරාබියේ සේවය කරන කාලයේ යන්ත්‍රයකට හසුවී තමාගේ අත කපාදැමීමට සිදුවූ අතර බර්නාඩ්ගේ එකම පුතාගේද මීට වසර 3කට පමණ පෙර කකුල කපා දමා තිබෙනවා.

අත පය හොඳට ඇති රියදුරෙක් විසින් හප්පපු නිසා එය සිදුවූ බවයි බර්නාඩ් පවසන්නේ. එබැවින් පවුලට තිබූ එකම ආදායම් මාර්ගයද අහිමිවී ගොස් තිබෙනවා.


මම කැමති නෑ වෙන කෙනෙක් අමාරුවේ දාන්න- අනර්කලී


අපිට ආසයි ඔයා බැඳලා ඉන්නවා දකින්න


අනර්කලී ආකර්ෂා කිසිදිනක විවාහ නොවන බව යලිත් පවසා තිබෙනවා.


පසුගියදා ස්වර්ණවාහිනියේ අනර්කලී ලයිව් වැඩසටහනට කතා කළ තැනැත්තියක් "අනර්කලී ඔයා මැරි කරන්න අනේ, අපිට ආසයි බලන්න " කියා ඇසුවා.

එවිට පිළිතුරු ලෙස අනර්කලී පැවසුවේ "මම කැමති නැ වෙන කෙනෙක්ව අමාරුවේ දාන්නවත් මාවත් අමාරුවේ දාන්නවත්. ඒ හින්දා මම කසාද බදින්නේ නැ" කියාය.


හමුදා සෙබලෙකු හිටපු LTTE සෙබළියක විවාහ කරගනී


ශ්‍රි ලංකා යුධ හමුදාවේ සෙබලෙකු විසින් පසුගියදා LTTE සංවිධානයේ හිටපු සෙබළියක විවාහ කරගත්තා.

ඔහු ගජබා රෙජිමේන්තුවේ සේවය කරන ඊ.එම්.ඩී.සඳරුවන් ය. මනාලිය 18 හැවිරිදි චන්ද්‍රසේකරන් ශාමිලා ය. ඇය ළමා සොල්දාදුවෙක් ලෙස LTTE සංවිධානයට බැඳී යුද්ධයට දායක වූ අතර පසුව පුනරුත්ථාපන කඳවුරකදී පුනරුත්ථාපනය ලැබුවා.

පසුගිය සිකුරාදා කිලිනොච්චියේදී එම විවාහය සිදුවූ අතර ශාමිලාගේ පියා විසින් සඳරුවන්ගේ ගම වන ගල්ගමුවට කිහිපවතාවක් ගොස් ලබා ඇති අත්දැකීම් කිලිනොච්චි විද්‍යාලයේදී පැවති උත්සවයකදීද ප්‍රකාශ කර තිබෙනවා.

ජාතීන් අතර එකමුතු කම වර්ධනය කිරීම සඳහා වැඩසටහන් මාලාවක එක් අංගයක් ලෙසයි මෙම විවාහ උත්සවය පැවැත්වුනේ.

ජනපති රන්වැට පූජා කරද්දී සෝමාවතියේ රැස් විහිදිලා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පොළොන්නරුවේ ඓතිහාසික සෝමාවතිය චෛත්‍යය අබියස බෝධීන් වහන්සේට ආරක්ෂිත රන්වැට පූජාකරන අවස්ථාවේ සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ චෛත්‍යය දෙසින් බුද්ධ රශ්මි මාලාවන් විහිදෙන්නට වූ බව අද දිනමිණ පුවත්පත පවසනවා.

වෙනත් පුවත්පත් රන් වැට පූජා කිරීම වාර්තා කළද එම පුවත් වල බුද්ධ රශ්මි මාලාවන් විහිදීමක් සඳහන් වෙන්නේ නැහැ. පහත දැක්වෙන්නේ ජනාධිපතිතුමා මුතු කුඩයක් යට සිට චෛත්‍යය වන්දනා කළ ආකාරයයි.


Sunday, January 29, 2012

අන්තර්ජාලයේ වෙබ් අඩවි ගැන නළු නිළියන් කියන කතා



අන්තරජාලයේ වෙබ් අඩවි ඔස්සේ නළු නිළියන්ගේ කීර්ති නාම වලට හානි කරමින් පුවත් පල කරන බවත්, ඇතැම් නළුවන්ගේ නම් නිළියන්ගේ නම් වලට පටබඳිමින් අභූත චෝදනා එල්ලකරන බවටත්, ඇතැම් නිලියන්ගේ ජායාරූප වෙනත් රූප වලට බද්ධ කර ඇති බවටත් චෝදනා කරමින් නළු නිළියන් කීපදෙනෙක් අද ලක්බිම පුවත්පතට අදහස් දක්වා තිබෙනවා. එම අදහස් පහතින්.

Saturday, January 28, 2012

කෘත්‍රිම පාද ගැන පරීක්ෂණය යටගසයි


කළුතර කර්මාන්තපුරයේ පිහිටි කෘත්‍රිම පාද නිෂ්පාදන ආයතනයක් මගින් නිපදවන කෘත්‍රිම පාද ප්‍රමිතියෙන් තොර බවට එහි සේවාදායකයන් පිරිසක් විසින් ගොනු කරනු ලැබූ පැමිණිලිවලට අදාළව එම ආයතනයට විරුද්ධව අධිකරණයමය කි්‍රයාමාර්ගයක් ගැනීම පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පැහැර හරිනු ලබන බව එම පාද ලබාගෙන අපහසුවට පත් වූ අය පවසති.

කෘත්‍රිම පාද නිපදවන ලංකාවේ විශාලතම දේශීය කර්මාන්ත ශාලාව වන කළුතර කර්මාන්තපුරයේ ආවාස් ඉන්ටර්නැෂනල් සමාගම ආරම්භක අවධියේදී නිපදනවන ලද කෘති්‍රම පාද මෙලෙස ප්‍රමිතියෙන් තොර වූ බවද වාර්තා වෙයි.

පටපිළිකන්ද හෝටලයට නැවත දේශපාලන බැල්ම


වැවිලි කර්මාන්ත නි. ඇමති අර්ල් ගුණසේකර මහතාගේ සොහොයුරියක වන රංජනී පතිරණ මහත්මිය මින්නේරිය පටපිළිකන්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අවශේෂ කලාපයේ ඉදිකර ඇති හෝටලය අධිකරණ නියෝගයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුවද එම දෙපාර්තමේන්තුවට එය පවරාගන්නා අයුරු දක්නට නැතැයි අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් දේශප්‍රිය මහතා පැවසීය.



බෞද්ධාලෝක ඉඩමේ ඉදිකිරීම් ගැන පෙත්සමක්


කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනාවක් වටිනා රුසියානු තානාපති කාර්යාලයට අයත් යැ'යි සැලකෙන ඉඩමේ සිදුකරමින් පවතින ඉදිකිරීම් නවත්වන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ජනවාරි 25 දින මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛම්වරයා, පොලිස්පතිවරයා, ඉදිකිරීම් සිදුකරන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා හා කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා නම් කර ඇත.

වරුණ මධුශංකගේ විවාහ ලියාපදිංචිය


සිරස සුපර් ස්ටාර් මුල්ම තරඟයේ අවසන් 12 දෙනා අතරට පැමිණි තරඟ කරුවෙක් වන්නේ වරුණ මධුශංකයි. අජිත් බණ්ඩාර පළමු තැනට පත්වෙද්දී, ශිහාන් මිහිරංග 5 වෙනි තැනට පත්වෙද්දී වරුණ මධුශංකට හිමි වුනේ 8 වෙනි ස්ථනයයි.

ඔහුගේ විවාහය ලියාපදිංචි කිරීම පසුගියදා සිදු වුණා.

එම උත්සවයේ ජායාරූප පහතින් 
බලන්න 

ලංකාවේ හිඟන්නෙක් වුනත් කමක් නෑ බඳිනවා- පූජා

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නිළියක් වූ පූජා උමාශංකර් ඉන්දීය චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයත් සමඟයි.

එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු "ආසයි මං පියාඹන්න", "යහළුවෝ" හා "සුවඳ දැනුනා ජීවිතේ" යන චිත්‍රපටවලටද සම්බන්ධ වුණා. ඉන් පසු ඇය රංගනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියත් බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කුස පබා” චිත්‍රපටයට රංගනයෙන් සම්මාදන් වුණා.

කුසපබා ච්ත්‍රපටයේ රඟ පෑ පූජා උමාශංකර් විවාහ වීමට ලංකාවේ අයෙක්ම හොයන බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව ඇය විසින් පවසා ඇත්තේ ලංකාවේ කෙනෙක් නම් හිඟන්නෙක් වුවද කමක් නැති බවයි. 

ඇය මේ බව පවසා තිබෙන්නේ දිවයින පුවත් පතේ මීවිත අතිරේකයටයි.

දැන් බඳින්න කාලය ඇවිත්ලු. විවාහයට සුදුසු කෙනා හමුවුනාද?


ලංකාවට හඳුන්වාදුන් ස්මාර්ට් මීටර් ක්‍රමය


විදුලි පාරිභෝජනයේදී පාරිභෝගිකයටත් සේවාදායකයාටත් විශේෂ වාසි හා පහසුකම් ලබාගත හැකි ව්‍යාපෘතියක් ලෙස "ස්මාර්ට් විදුලි මීටරය" ක්‍රමය විදුලි හා බලශක්ති අමාත්‍යාංශය විසින් පසුගියදා හඳුන්වා දුන්නා.

මෙමඟින් තමන්ගේ විදුලි පරිභෝජනය පිළිබඳ පැයෙන් පැය දත්ත ලබාගත හැකි අතර ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය හරහා අන්තර්ජාලයට ඇතුළුවී එම මොහොතේ ඇති තමන්ගේ බිල්පත බලාගැනීමටද හැකි වෙනවා.

විදුලි කාන්දුවක් වැනි අවස්ථාවකදී ස්මාර්ට් මීටරය මඟින් විදුලි ආයතනය වෙත දත්ත ලබාදෙන අතර එවැනි හදිසි අවස්ථාවකදී ක්ෂණිකවම එස් එම් එස් පණිවුඩයක් මඟින් පාරිභෝගිකයා දැනුවත් කිරීමට පහසුකම් තිබෙනවා. තවද අවශ්‍ය නම් විදුලි ආයතන හරහා ස්මාර්ට් මීටරයට විධානයක් ලබාදී විදුලිය විසන්ධි කිරීමටද පුළුවන.


ස්මාර්ට් මීටරය ක්‍රියාත්මක වන්නේ පහත ආකාරයටයි

Share this article with your friends