Chitika Smowtion 468x60


Saturday, December 17, 2011

අහසින් වැටුණු මැඩියන්, මසුන් ගැන අහල තිබුනත් ඇපල් වැස්සක් ගැන අහල තියෙනවද


මේයුරෝපයේ හිම වැටෙන ඍතුවයිඑහෙත්මේදිනවල ඇදහැලෙන හිමවැසි වලට අමතරවවෙනස් ආකාරයේ වැස්සක් පසුගියදා එංගල න්තයෙන් වාර්තා විය. ඒ, ඇපල් වැස්සකි.පසුගියදාඑංගලන්තයේ කොවන්ටි‍්‍ර නගරයට හදිසියේඇදහැලූනු මෙම ඇපල් වැස්සෙන් එම නගරයේවැසියන් දැඩි විස්මයට පත්ව ඇතැයි විදෙස් වාර්තාසඳහන් කරයි.


රාවතාවත්ත සිද්දියෙන් අධිකරණය නොමග යැව්වා දැයි සැකයක්..?


මොරටුව රාවතාවත්ත පේ‍්‍රම් ළමා නිවාසයේ දරුවන් විකිනීමේ ජාවාරමක යෙදී ඇති බවට තොරතුරු ඇතැයි ළමා ආරක්‍ෂක අධිකාරිය පසුගිය දිනක රටට හෙළි කරන ලදී. මොරටුව රාවතාවත්ත පේ‍්‍රම් ළමා නිවාසයේ දරුවන් විකිනීමේ ජාවාරමක සිද්ධියකට අධිකරණය දුන් තීන්දුව කිසියම් පාර්ශ්වයක් විසින් සාක්‍ෂි යටපත් කර අධිකරණය නොමඟ යැවීමක ප‍්‍රතිපලයක් විය හැකි බව ජාතික හෙළ උරුමය පවසයි. එහි නායක පූජ්‍ය  ඕමල්පේ සෝපිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වේ.



 මහත් ආන්දෝලනයකට පත් එම පුවත සම්බන්ධව රටේම අවධානය යොමු විය. මෙම සිද්ධිය සම්බන්ධව ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් පුළුල් විමර්ෂණයක නිරත වෙමින් සිටියදී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් ”මිෂනරි ඔෆ් චැරිටි” දුත සේවාවේ කටයුතු වලට එරෙහිව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය ගෙන යන වැඩපිළිවෙලට තමන් නිල වශයෙන් විරෝධය පළ කරන බවත් එළබෙන නත්තල් සමයේ කිසිදු රාජ්‍ය උළෙලකට සහභාගි නොවන බවත් ප‍්‍රකාශ කර සිටින ලදී.

අයිෂ්ට තිත කරීනාට මත


ඉදිරි වසර තිරගත වීමට නියමිත මධුර් බන්ධාකාර් ගේ ‘හීරෝනි’ චිත‍්‍රපටය සදහා සරාගීම ආසියානු කතලෙස සැලකෙන කරීනා කපුර් එක්කර ගැනීමටතීරණය කර ඇතැයි බොලිවුඩ යෙන් වාර්තා වේ. මෙම චරිතය මීට පෙර ලබාදීමට තීරණය කරතිබුණේ
අයිශ්වාර්යා රායිට වන අතර ඇය ගැබ් ගැනීමෙන්පසුව එම චරිතයට පණ පෙවීම සදහා කරීනා කපුර් තෝරාගෙන තිබේ.


එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවාගේ චරිතයට මුලින් අරුණෝද්‍ය සිංග් යොදා ගැනීමට නියමිතවතිබුණ ද චිත‍්‍රපට අධ්‍යක්ෂක මධුර් බන්ධාකාර් සිය අදහස වෙනස්කර එම චරිතයට රන්දීප්හෝදා එක්කර ගැනීමට සූදානම් වන බවද පැවසේ.

ජැකලින් ගැන කවූරුත් නොදන්නා කරුණක්...!


හිටපු රූ රැජිනක් හා බොලිවුඞ් නිළියක් වනජැකලින් බොහෝ දෙනා අතර ජනපි‍්‍රය චරිතයක්වුවදඇය පිළිබඳව වැඩිදෙනෙකු නොදන්නාකරුණක් පසුගියදා හෙළිදරව් විය.   ඒ, ඇය දක්‍ෂකිමිදුම් කාරියක් බවත්ගැඹුරු මුහුදේ කිමිදීම සඳහාදැඩි උනනදුවක් දක්වන බවත්ය.ගැඹුරු මුහුදේකිමිදීම පිළිබඳව තමා තායිලන්තයේ හා ස්පාඤ්ඤ යේ දී පුහුණුව ලැබූ බව ජැකලින් පසුගියදා ඉන්දීයමාධ්‍යවෙත පවසා තිබුණි.

විවිධ රටවල සංචාරයේ යෙදෙන ජැකලින්, සිය සංචාර වලදී තමා අතිශයෙන් පි‍්‍රය කරනත‍්‍රාසජනක ක‍්‍රීඩාවලට ප‍්‍රමුඛස්ථානය දෙන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.ජැකලින්ගේ මීළඟ සංචාරයේදී මාලෙ දිවයිනයේ ගැඹුරු දියේ සිටින මෝරුන් හා කිමිදීමටත් රාතී‍්‍රකිමිදීම්වල නිරත වීමටත් අදහස් කර සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපතිවරයාගෙන් නාමල්ට පොරොන්දුවක්


ඉදිරි කැබිනට් සංශෝධනයේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යධූරය ලබා දෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතාට අද පෙරවරුවේ පොරොන්දු වූ බව තාරුණ්‍යට හෙටක් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත පැවසීය.නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීතඥයකු ලෙස දිවුරුම් දීම සඳහා නිවසින් පිටවෙන මොහොතේ ජනාධිපති ආර්යාව ඉදිරියේදී ජනාධිපතිවරයා තම පුත්‍රයාට එම පොරොන්දුව දෙමින් ලියුම් කවරයක බහාලු විශේෂ
ලිපියක්ද ඔහු අතට ලබා දී තිබේ.


ඉදිරි කැබිනට් සංශෝධනයේ නාමල් රාජපක්ෂ මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණද, තම පුත්‍රයාට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙන ලෙස ජනාධිපති ආර්යාව පසුගියදා ජනාධිපතිවරයාට බලපෑම් කර තිබේ. නීතිඥයකුවීමට සුදුසුකම් ලබා ඇති තම පුත්‍රයා ඕනෑම ප්‍රබල ඇමති ධූරයක වගකීම් දැරීමට තරම් මුහුකුරා ගොස් ඇති බව ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.

පබාගේ පාලු මැකීමට ක්‍රිකට් නැට්ටුවෙක්


පබා ලෙස වර්තමානයේ ප්‍රසිද්ධ උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය දැඩි පාලුවකින් පසුවන බව පසුගිය ටැබ්ලොයිඩ් පුවත් පතකට ප්‍රකාශ කොට තිබුණි.මේ හේතුවෙන් ඇයගේ පාළුව මැකීම සඳහා බොහෝ දෙන ඉදිරිපත්ව ඇති නමුත් ඇය එම ඉඩකඩ ඇති වෙලාවට ක්‍රිකට් නොගසන නමුත් ක්‍රිකට් නිසාම නැට්ටුවෙක් බවට පත්වූ නමින් අකලංක ගනේගම හට වෙන් කර දී ඇතැයි වාර්තා වේ. ක්‍රිකට් වල විකට් පොලු තැබීමට වඩා පෙම්වතියන්ට පොලු තැබීමෙහි දක්ෂයෙකු වූ මොහු පසුගිය වසරේ විවාහ පත් වූ නදිනි ප්‍රේමදාසගේ "කාර් සීට් " පෙම්වතා බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නා රහසකි.


ඔවුන්ගේ මෙම රහසිගත පෙමට නදිනි තිත තැබුවේ රාත්‍රී කාලයේ කාර් පාක් වල සිදුවූ ඔවුන්ගේ ඇක්ෂන් වර්ගයේ චිත්‍රපට අකලංකගේ මිතුරන් වීඩියෝ මගින් නරඹා ඇති බව ආරංචි වීමෙන් අනතුරුව බව පැවසේ.ඉනෝකා සත්‍යංගනීගේ සින්ඩරෙල්ලා චිත්‍රපටය සඳහා අකලංක පබාගේ පෙම්වතා ලෙස රගපා ඇත.මෙහිදී පබා මුහුදේ ගසාගෙන යන දර්ශනයක දී ඇගේ බ්ලව්සය දියේ ගසා ගෙන ගොස් තනපටය පමණක් ඉතිරි වී ඇති අතර අකලංක තම කටු බොඩිය පෙනීමද නොතකා ඇයට තම කමිසය ගලවා දී ඇත.

හෝටල් කාමර 2200ක් සූදානම් කල කලම්බු නයිට් රේස්


කොළඹ නගරයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරඟවලට පැමිණෙන ආරාධිත අමුත්තන් සඳහා තරු පහේ හෝටල් කාමර 2200ක් සූදානම්ව අතැයි ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය පවසයි.මෙවන් මෝටර් රථ තරඟ තුලින් ශ‍්‍රී ලංකාව පිළිබඳව හොඳ ප‍්‍රතිචාරයක් අන්තර්ජාතිකව ලබාගත හැකි බැවින් මෙම තරඟාවලියේ විශේෂත්වයක් අතැයිද ඔවුන් පවසයි.

 මෙම ධාවන තරඟ හේතුවෙන් නියමිත මාර්ග වසා තැබීම තවදුරටත් සංශෝධනය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකල පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.ඒ අනුව ඉහත දින දෙකෙහිම අදාළ මාර්ග වැසීම පස්වරු 4.30ට පසුදා උදෑසන 6.00 දක්වා සිදුකරනු ලබයි.

පහතින් පෙනෙන්නේ කලම්බු නයිට් රේස් පෙරහුරුවේදී ගත් ජයාරූප එකතුවයි

හාර්ට් බැක් සංගීත කණ්ඩායමේ තිදෙනෙකුට මරු කැඳවූ මාරක රිය අනතුර


හලාවත - පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුවප‍්‍රදේශයේදී අද (17) අලූයම සිදුවූ රිය අනතුරකින්හලාවත 'හාර්ට්බැක්'  සංගීත කණ්ඩායමේතරුණයන් තුන් දෙනෙකු මිය ගොස් තවත් 7දෙනෙකු බරපතල තුවාල ලබා ඇතහලාවතආරච්චිකට්ටුවෙදි අද(17)පාන්දර 3ට පමණ වෑන්රථයක් සහ ලොරි රථයක් 
මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිබව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියි.

මහේල ලකුණු 9,999න් දැවී යයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් පාර්ක්හි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වන අද හිටපු ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන මීට සුළු වෙලාවකට පෙර තමන්ගේ ටෙස්ට් ලකුණු 9,999 ලබාගන දුවද්දී දැවීයාමකට ලක්වුණා.

පළමු වැනි ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 231 ක ඉලක්කයක් කරා යමින් සිටින ශී‍්‍ර ලංකා පිල තරගයේ තුන්වැනි දිනය වන අද දිවා ආහාරය සඳහා කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියා.

කලම්බු නයිට් රේස් පෙරහුරුවේ ජයාරූප හා වීඩියෝ එකතුව



 


අපට නැතිවම බැරි නින්ද


අප දෛනික ජිවිතයේ දැන හෝ නොදැන අප විසින් අනිවාර්යයෙන්ම කරනු ලබන කාර්යයක් වන්නේ නින්දයි.නින්ද මිනිසාගේ පැවැත්ම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයකි.නින්දේදී ඕනෑම පුද්ගලයෙකු පහත සඳහන් කරුණු සම්පුර්ණ කරයි.මෙම කරුණු අප ඔබ වෙත ගෙන එන්නේ නින්ද යනු මිනිසාට ශාරීරික හා මානසික වශයෙන් කොතරම් වැදගත් ද යන්න ඔබට පහදා දීමටයි. 




පුෂ්පිකාගේ ආසාව මිස් ටුවරිසම් වෙන්නලූ !


මේ වසරේ (2011) ශී‍්‍ර ලංකා රූ රැජින ලෙස කිරුළ පලන්පුෂ්පිකා සඳමාලි ද සිල්වා මේ මස 27 වැනිදා චීනයේ ෂියෑන්නුවරදී ‘‘මිස්‌ ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්”‍ තරගය සඳහා ශ‍්‍රීලංකාව නියෝජනය කිරීමට වරම් ලබා ගෙන තිබේ.මෙම තරගයසඳහා රටවල් 112 සහභාගීවීමට නියමිතය.ප‍්‍රවීණ නිරූපිකාවකසහ ජනප‍්‍රිය රංගන ශිල්පිණීයක වනවාසනා දන්තනාරායන මිස්‌ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්” හි ජාතික අධ්‍යක්‍ෂිකාවක් බවදපැවසේ.


පුෂ්පිකාගේ පින්තුර පහතින් බලන්න





නෙළුම් පොකුණට නෙළුම් කුළුනකුත්


කොළඹ නෙළුම් පොකුණ ව්‍යාපෘතිය යටතේ මීටර 550ක්උස සම්පේ‍්‍රෂණ කුළුණක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලඅනුමැතිය ලැබී තිබේ.විනෝද උද්‍යානයක්ද සහිතව මෙම බහු සම්පේ‍්‍රෂණ කුළුණ ඉදිකිරීමට නියමිත අතර එහිරූපවාහිනී සේවා සපයන්නන් 50කටගුවන් විදුලි සේවාසපයන්නන් 50කට සහ විදුලි සංදේශ සේවා සපයන්නන්10කට පහසුකම් සැපයීමට නියමිතය.  හෝර්ටන්වටරවුමේ සිට ලිබර්ටි වටරවුම දක්වා දිවෙන ආනන්දකුමාරස්වාමි මාවතේ හෝර්ටන් වටරවුම සිට මහජනපුස්තකාලය දක්වා කොටස නෙළුම් පොකුණ 
මාවත ලෙසත්රඟහල ඉදිරිපිට චතුරශ්‍රය නෙළුම්පොකුණ චතුරශ්‍රය ලෙසත් මේ වනවිට නම්කරඇත.කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය යටතේ මීටර 550ක් උස වන සම්පේ‍්‍රෂණ කුළණක් ඉදිකිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ යෝජනාව අනුව විනෝද උද්‍යානයක්ද සහිතව මෙම බහු සම්පේ‍්‍රෂණ කුළුණ ඉදිකිරීමට නියමිත අතර එහි රූපවාහිනී සේවා සපයන්නන් ගුවන් විදුලි සේවා සපයන්නන් සහ විදුලි සංදේශ සේවා සපයන්නන්ට පහසුකම් සැපයීමට නියමිතය.

කුසපබා ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න ගෙන් අහන්න


2012 වසරේ මුලින්ම අපේ රටේ තිරගත වෙන චිත‍්‍රපටය පිළිබඳව ඊ.ඒ.පී. මණ්ඩල යට තීරණයක් ගැනීමට බැරි තරමට චිත‍්‍රපට කිහිපයක් ඒ සඳහා තරග වැදී තිබුණි. එයින් ජය හිමිකර ගැනීමට ඉතා කෙටි කලකින් රූගත කිරීම් අරඹා කෙටි කලකින් අවසන් කළ ”කුසපබා” චිත‍්‍රපටයට හැකිවිණි. ඒ අනුව සිංහල සිනමාවට අවුරුදු 65 ක් සපිරෙන ජනවාරි මස 21 වැනි දින ”කුසපබා” චිත‍්‍රපටය වැල්ලවත්තේ සැවෝයි ප‍්‍රමුඛ ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 50 ක එකවර තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.

 ”කුසපබා” චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ සිනමා නිර්මාණ 16 කටත් වැඩි සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර තිරගත කළ සම්මානනීය අධ්‍යක්ෂවරයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න ප‍්‍රවීණ පද රචකයකු, ගත් කතුවරයකු, විශ්ව විද්‍යාල ඇදුරෙකු වශයෙන් විවිධ පැතිකඩ ඔස්සේ තම හැකියාවන් පෙන්නුම් කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග අපේ කතා බහ ආරම්භ කළේ ”කුසපබා” චිත‍්‍රපටය සමග සිනමාවේ අනාගතය කෙසේද යන්න විමසා බැලීමේ අරමුණිනි. මේ එහි සටහනයි.

සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරුණයෙක්


සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිපදවීමට 25 හැවරිදි නිලංග සෙනෙවිරත්න ඈපා තරුණයා සමත්වී තිබෙනවා.

තර්ස්ටන් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු පසු කාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ මැලේසියාවේ "ස්වින්බර්න්" විශ්වවිද්‍යාලයෙනි.



2007 වසරේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ හොඳම රොබෝ නිර්මාණය සිදු කර ඇත්තේද ඔහු විසිනි.

කුඩා කල පටන් වාහන සැලසුම් කිරීමට සිහිනි දුටු ඔහු විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු වසර හතරක කාලයකින් පසුව එය යතාර්ථයක් බවට පත් කරගන්නේ සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිපදවීම මගිනි.

ගූගල් වෙතින් නව සොයා ගැනීමක්


ස්වයං ධාවන මෝටර් රථ තාක්ෂණය සඳහා ගූගල් සමාගම අමෙරිකානු පේටන්ට් හිමිකම ලබා ගෙන තිබේ.මිනිසුන්ගේ පාලනයකින් තොරව මෝටර් රථ ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. සංචාරක යින් සංචාරක ආකර්ෂණ ස්ථානවලට රැගෙන යාමට හා දෝෂවලට ලක්වන මෝටර් රථ 
අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානවලට යැවීම සඳහා මෙම තාක්ෂණය උපකාරී වනු ඇතැයි, ගූගල් සමාගම පවසයි.ස්වයං ධාවන මෝටර් රථ සඳහා ජී.පී.එස්. තාක්ෂණය යොදා ගැණෙනු ඇති.මේ වන විට අවස්ථා කිහිපයකදී ගූග්ල් සමාගම විසින් ඒ පිළිබඳ අත්හදා බැලීම් කරනු ලැබ තිබේ.

නෙලුම් පොකුණේ මිල ගණන් මෙන්න


චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකළ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. 

හෙළ කලාකරුවන්ගේ කළා කෙත යනුවෙන් හඳුන්වන මෙමරඟහලේ මිල ගණන් පිලිබඳ ඉඟියක් අප ඔබට පෙර ලිපියකින් හෙළි කළා. 

පහතින් දැක්වෙන්නේ එහි සවිස්තරාත්මක මිල දර්ශනයයි 

ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිදුවූ සිව් වන දරු උපත


පසුගිය දෙසැම්බර් 3 වැනිදා කොළඹ සිට බැංකොක් දක්වා ගමන් ගත් UL 422 මගී ගුවන් යානයේ දරු උපතක් සිදු වී ඇත. බැංකොක් වලට ගොඩබැසීමට ආසන්නයේ දී ගුවන් සේවිකාවන්ගේ දැනුම් දීම මත යානය පරීක්ෂා කරබැලීමේදී පිලිපීන ජාතික කාන්තාවකට දරු උපතක් සිදු වන බව දැන්ගන්නට ලැබී ඇත.

පසුව යානයේ පාලන අංශය කලබලයකින් තොරව ඉතාමත් නිශ්ශ්බ්දව මෙම තත්ත්වය පාලනය කර ඇත. බිළිඳා මඳක් දුර්වල තත්ත්වයේ පැවතුණු අතර යානය ගොඩබැස්සවීමෙන් පසු ඉතාමත් ඉක්මණින් බිළිඳා වෛද්‍ය ප‍්‍රතිකාර වලට යොමු කරන ලදි. මෙය ශ‍්‍රී ලංකා ගුවන් යානයක සාර්ථකව දරු උපතක් සිදුවූ සිව් වන අවස්ථාව වේ.

මීට පෙර පසුගිය මාර්තු 31වෙනිදා සවුදි අරාබියේ රියාද් නගරයේ සිට කොළඹ බලා ගමන්ගත් UL266 යානයේ මෙලෙසම දරු උපතක් සිදුවූ අතර 2009 ජනවාරි 14වනදා කොළඹ හරහා ඉන්දුනීසියාව බලා ගමන් ගත් UL264 යානයේදී ඉන්දුනීසියානු කාන්තවකට දරු ප්‍රසූතියක් මෙලෙස සිදු වී ඇත.


එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න

අර්ජුන හා අරවින්ද තරඟ පාවා දුන්නා - ගාමිණි ලොකුගේ


1996 දී ලෝක කුසලානය දිනාගනිමින් මෙරට ජනතාවගේ ප්‍රසාදයට ලක්වූ අර්ජුන රණතුංග හා අරවින්ද සිල්වා යන ක්‍රීඩකයන් දෙදෙනා තරඟ පාවා දී ඇති බව හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන ගාමිණි ලොකුගේ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා මුළු ක්‍රීඩා ඉතිහාසයම අඳුරු කර ඇති බවත් ඒ අවස්ථාවේදී ඔවුන් බේරා ගත්තේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාව සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා බවත්ය. 

නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ තරඟ පාවාදීමේ චෝදනාවලින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තමා නිදොස් කොට නිදහස් කර ඇති බවයි. 

ලොකුගේ අමාත්‍යවරයාගේ කතාව හා අර්ජුනගේ පිළිතුර පහතින් බලන්න 

දරුවෙකු ලැබීම ජනප්‍රියත්වයට බාධාවක් නෙවෙයි - උදාරි



උදාරි වර්ණකුලසූරිය කියන විදිහට ඇය මේ දිනවල ගෙවන්නේ අතිශය කාර්ය බහුල ජීවිතයක්. තමගේ කාර්යබහුලත්වයට හේතුව උදාරි ඊයේ ලක්බිම පුවත්පතට පවසා සිටියේ මේ විදිහටයි.

දැන් මම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. මම දන්නවා මට ඉදිරියේදී රූගතකිරීම් වලට කාලය වෙන් කරන්න බැරි බව. ඒ නිසා මම භාරගත් ටෙලිනාට්‍ය දෙක වන වන්දනා හා සිහින පියාපත් නිසා මම කාර්යබහුලයි. රූගතකිරීම් දිගටම කරගන යනවා. ඒ වගේම චිත්‍රපටියකටත් දායක වුණා. ඉදිරියෙදීත් චිත්‍රපටයක් කරන්න ආරාධනා ලැබුණා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට වැඩ කටයුතු නිම කරන්න සූදානම් වෙනවා

බොහෝ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ජනප්‍රිය කාලයේදී දරුවන් ලැබීමට කැමැත්තක් දක්වන්නේ නෑ. උදාරි දරුවන් ලැබීම දකින්නේ මොන විදිහටද?

ඕනේම කෙනෙක් නිසි වයසේදී විවාහ වෙන්න ඕනේ වගේම දරුවන් හදන්නත් ඕනේ. මම විවාහ වෙද්දී බොහෝ දෙනක් කිව්වා විවාහ වුනොත් ජනප්‍රියතාව අඩුවෙයි කියලා. නමුත් මම විවාහ වුනාට පස්සේ තවත් ජනප්‍රිය වුණා. විවාහ වීම, දරුවන් ලැබීම නිසා අද රංගන ශිල්පිනියන්ගේ ජනප්‍රියත්වය අඩුවෙන්නේ නැහැ. 

නාමල් රාජපක්ෂ නීතිඥවරයෙකු ලෙස දිව්රුම් දුන් අවස්ථාව





මනුෂ හොයාගත් අලුත් වෙබ් අඩවි ලැයිස්තුව



එළුකිරි ඩොට් කොම්, පච ඩොට් කොම්, පකරාසියා මනුෂ හොයාගත් ලොවෙත් නැති වෙබ්සයිට් 

ජනමාධ්‍යය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිලිබඳ විවාදයකට එක්වෙමින් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා වෙබ් අඩවි ලියාපදිංචිය පිලිබඳ ප්‍රකාශයක් සිදු කළා.


එහිදී එතුමා විසින් අපුරු වෙබ් අඩවි කිහිපයක්ද සොයාගෙන තිබුනා.මනුෂ පාර්ලිමේන්තුවේදී සිදුකල කතාව පහත වේ.

"ගම් වල දැක්කා කැලැ පත්තරයක් ගහනවා මොකක්හරි උනාම බොරු කතාවක් හදල ලිං ගැට්ටේ අලවල තියෙනවා. දැන් මේක ටිකක් මොඩන් වෙලා අලුත් කැලැ පත්තර කලාවක් බිහිවෙලා තියෙනවා එලෙක්ට්‍රොනික් කැලැ පත්තර කලාවක්.

Share this article with your friends