කොළඹට ආසන්න කාර්යාලයක සේවය කළ මේ පිරිස එදින සූදානම් වූයේ තම හිතවතකුගේ ඥාතියකුගේ මළ ගෙදරක යෑමටයි. අවමඟුල් නිවෙස තිබුණේ ගාල්ලේය. අවසන් කටයුතු යෙදී ඇත්තේ පස්වරු තුනටය.
අපි වරුවක් වැඩ කර වරු බාගයක් නිවාඩු ගනිමු මෙහෙන් දහවල් 1ට ගියත් සවස 3 ට අධිවේගී මාර්ගෙන් ගාල්ලට යන්න විනාඩි ගණනයි යන්නේ” ඔවුන්කතා කර ගත්තේ එලෙසිනි.
කතා කර ගත් පරිදි පිරිස එක්වූයේ කොටුවේ දුම්රියපළ ළඟටය. කුලියට ගත් වෑන් රිය ද නියමිත වේලාවට එතැනට ආවේය. නමුත් පොඩි ගැටලූවකට තිබුණේ වෑන් රියේ අසුන් ගත හැකි පිරිසට වඩා වැඩියෙන් හතර දෙනකු ගමනට පැමිණ සිටීමයි.