Chitika Smowtion 468x60


Sunday, April 8, 2012

රනිල්ගේ කුල විරොධී සටන


ලංකාවේ දේශපාලන පක‍ෂ තුල කුලයත් වැදගත් සාධකයක් වෙලා තියෙනව. සමහරවිට කුල දේශපාලනය ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදී අනෙකුත් සාධක යට කරගෙන උඩට ඇවිත් තිවුනා.
ඇත්තටම ගොවිගම රදල මුදලි පැලැන්තියේ පීඩනයෙන් වේදනා ලබාගත් ජනකොටස් තාමත් ඉන්නවා.
ඒ නිසා එම පවුල් වල බල රටාවන් බිිඳගෙන යාම ප්‍රජාත්‍රන්ත්‍රවාදී කාර්යක්.
රදල ඉඩම් බලයක් හෝ ආර්ථීක බලයක් එලිපිට නොවුනත් නීතිමය තත්ත්වයන් විසින් ඒවා ඉවරකරල තිබුනත් එය සමාජ ආවේගයන් ලෙසට යටින් පවතිනව. මේ පරිසරය තුළ මහ ප්‍රේමදාස උන්නැහේ ජනාධිපති වීම. එක්තරා ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජයග්‍රහනයක්.
අපි එදා හිතා හිටියේ සම සමාජ ජයග්‍රහනයත් එක්ක මිසක එවැනි දෙයක් සිදුවෙන්නට බැහැ කියලයි.

හොරු ගෙට පැන අදුරු රැයේ - පුතුන් කොතන රැගෙන ගියේ



ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය ආරක්ෂක අංශවි විසින් අත්අඩංගුවට ගනු ලැබීම පිළිබඳව අද ජන අරගල ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත් විණි.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ප්‍රේම්කුමාර් ගුණරත්නම් මහතාගේ මව වී. ආර්. ගුණරත්නම් මහත්මිය...
"මම විශ්‍රාමික ගුරුවරියක්. කෑගල්ල ප්‍රදේශයේ ඉපදිලා, එම ප්‍රදේශයේම අධ්‍යාපනය ලබලා රැකියාවල නිරත වුණා. ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. පුතාලා දෙන්නා පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණා.  එහිදී ඔවුන් දේශපාලන කටයුතුවල නිරතවී තිබෙනවා. මම ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ.

අයියා කළ එකම වරද, රටට අසීමිතව ආදරය කිරීමයි


ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශපාලන පක්ෂ හා සංවිධානවල නායකයින් විසින් අද (08) රාජගිරිය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය. එහිදී පක්ෂ හා සංවිධානවල නායකයෝ මෙසේ අදහස් දැක්වූහ.
පුබුදු ජයගොඩ මහතා - ජන අරගල ව්‍යාපාරය
පසුගිය මාස කිහිපය තුළ අපට විවිධාකාර තර්ජන එල්ල වුණා. පසුගිය දෙසැම්බර් 09 වැනිදා ලලිත් කුමාර් වීරරාජ් සහෝදරයාත්, කුගන් මුරුගානන්දන් සහෝදරයාත් යාපනයේදී පැහැර ගත්තා. ඒ ගැන ආරක්ෂක අංශ, පොලිසිය, ආණ්ඩුව කිව්වේ දන්නේ නැහැ කියලා. දැන් කුමාර් ගුණරත්නම් සහෝදරයාත් දිමුතු ආටිගල සහෝදරියත් පැහැර ගෙන ගොස් තිබෙනවා. කලින් වගේම ඔවුන් දෙදෙනා ගැනත් පොලිසිය කියන්නේ දන්නේ නැහැ කියලා.

මේ අතුරුදහන් කිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් !


සමාජවාදී පෙරටුගාමී පක්ෂයේ නායකත්වයට යෝජනා වී සිටින ප්‍රේම්කුමාර් ගුණරත්නම් සහ එම පක්ෂයේ ජාත්‍යන්තර සහ කාන්තා කටයුතු ලේකම්වරිය වන දිමුතු ආටිගල යන දේශපාලන ක්‍රියාකාරීන් පැහැරගැනීමට ලක්වීම තරයේ හෙළා දකින බවත්, එය දේශපාලනය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට එල්ල වී ඇති අහියෝගයක් ලෙස තමන් භාරගන්නා බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් , මාධ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ගණනාවක්ම අද(8) කොළඹ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.
පාතාල නායකයින් පැහැරගනිමින් ද, ඔවුන් මරා දමමින් ද ඇරඹුණු මෙම පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් ප්‍රවණතාව අද ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු වල නියැලෙන දේශපාලන ක්‍රියාකාරීන් පැහැරගැනීම දක්වා වර්ධනය වීම සාමාන්‍ය තත්වයක් සේ නොගත යුතු බවට පණිවිඩයක් එහිදී ඔවුහු සාමූහික අදහසක් ලෙස මහජනතාව වෙත ඉදිරිපත් කළහ.

මර්දනය දියත් කර බලය පවත්වාගෙන යාමට ආණ්ඩුව උත්සාහ කරනවා


ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු අතුරුදහන් කර ඇති බව එම ව්‍යාපාරය අනාවරණය කර තිඛෙනවා. මෙය කිසිසේත්ම සු`ඵකොට තැකිය යුතු නැති බරපතල තත්වයක්. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වෙනුවට මර්දනය දියත් කර බලය පවත්වාගෙන යාමට උත්සාහ කරන බව මෙයින් පැහැදිළි වෙනවා.
මෙය පළමු අවස්ථාව නොවේ. මාධ්‍යවේදීන් පැ=හැරගෙන ගියා. මාධ්‍ය ආයතනවලට ගිනි තැබුවා මාධ්‍ය ආයතන තුළට පැන ඇමතිවරයෙක් පහර දුන්නා. මහමගදී මාධ්‍යවේදීන්ට පහර දී අතපය කඩාදැමුවා. එයින් නොනැවතුනු එක් ඇමතිවරයෙක් මේ ක්‍රියා තමන් කළබවට වහසි බස් දොඩවමින් ඉන්නවා. ඔහුට විරුද්ධව කිසිදු කි්‍රයාමාර්ගයක් ගෙන නැහැ.

අවුරුද්දට කළුවරේ ඉදීමට සිදුවේද?


ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ලබන 11 වෙනිදා අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයකට යොමු චිමට නියමිත බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව යම් හෙයකින් විශාල පද්ධතියක විදුලිය බිද වැටීමක් සිදුවුවහොත් ලංකාවටම අළුත් අවුරුද්ද සැමරීමට සිදුවන්නේ විදුලිය නොමැතිව කළුවරේ සිටයි.

මේ ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වීමට මණ්ඩලයේ සේවකයින් ක්‍රියා කොට ඇත්තේ ඔවුන්ගේ මාසික චේතනය සම්බන්දයෙන් මතුව ඇති ගැටළු කාරී තත්වයක් නිසයි.

කුණුගොඩෙන් ඇහිදින පාස්පෝර්ට් ?


තොරතුරු ලබා ගන්නේ විදේශ ගමන් බලපත් කාර්යාලයෙන් ඉවත් කරන ලිපිලේඛන වලින්

පසුගියදා අප ඔබට " ව්‍යාජ මනෝ වෛද්‍ය ප්‍රවීන් ජයමහ අත්අඩංගුවට " යනුවෙන් පුවතක් ඉදිරිපත් කළා. මේ පුද්ගලයා ජගත් පුෂ්පක ජයමහ, මනෝ වෛද්‍ය ජයමහ, ආචාර්ය ජේ.එම්.පී. ජයමහ යන නම් වලින්ද පෙනී සිටමින් කාලයක් තිස්සේ ජනතාව මුලා කරමින් සිට අන්තිමේදී පොලිසියට කොටුවුනා. මේ පුද්ගලයා සතුව තිබු ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක්ද එම අවස්ථාවේදී පොලිස් භාරයට ගැනුනා. මේ ව්‍යාජ හැඳුනුම්පත් පිළිබදව ප්‍රශ්න කිරීමේදී ඔහු ඒවා සදා ගන්නා ආකාරය පිළිබදව හෙළිකර තිබුනා.

ඔහු පවසන ආකාරයට වෙනත් නම් වලින් හැදුනුම්පත් සදා ගැනීමට අවශ්‍ය නියම තොරතුරු ලබා ගන්නේ විදේශ ගමන් බලපත් කාර්යාලයෙන් ඉවත් කරන ලිපිලේඛන වලිනි. 

දෙරණ මිස් ශ්‍රීලංකා මාරු වුයේ දේශපාලන බලපෑමකටද ?


ලොක්කන්ට ඕන විදියට තමයි හැම දේම වෙන්නේ 
දෙන්නටම එක දීල අපි කිච වෙමු 


පසුගියදා පවතී දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟයේ පළමුව ජයග්‍රාහිකාව ලෙස විනු සිරිවර්ධන නම් කොට කිරුල ලබා දුන්නද පසුව ගණිතමය දෝෂයක් නිසා ප්‍රතිඵලය වැරදි ගොස් ඇති බව කියමින් සුමුදු ප්‍රසාදිනී හට කිරුල ලබා දෙන ලදී.


මේ පිළිබඳව අප පළමුව හෙළි කල ලිපියේ ගණිතමය දෝෂයට අමතරව මෙම සිදුවීමට දේශපාලන මැදිහත්විමක්ද සිදුවී ඇති බව හෙළිකරන ලදී.

මේ පිළිබඳව ඊයේ ස්වර්ණවාහිනියෙන් විකාශය වූ "ඇන්ඩ් කොම්පැනි" වැඩසටහන මගින් අපුරු ඉඟියක් ලබා දෙන ලදී.
එහි වීඩියෝව පහතින් බලන්න

Share this article with your friends