Chitika Smowtion 468x60


Tuesday, June 5, 2012

සිරගෙදරින් පැමිණි ජෙනරාල් දේශපාලනයෙන් මල්වර වෙලා.!


• රටේ පවතින්නේ දූෂිත දේශපාලන සංස්කෘතියක්. ඒ තුළ කවර මට්ටමේ වෙනසක් වෙනුවෙන්ද ඔබ මැදිහත්වීමට අපේකෂා කරන්නේ?

රටට යහපතක් වන දේශපාලනයක් කැරෙනවා නම් ඇත්තටම අපිට මැදිහත්වෙන්න දෙයක් නැහැ. එහෙනම් අපි සේරම එකතුවෙලා ඒකට උදව් කරන්න ඕන. මොන නායකයා හිටියත්. කවර පක්ෂය රට පාලනය කළත් මට ප්‍රශ්නයක් නැහැ. ඒත් රටේ තිඛෙන්නේ එහෙම තත්ත්වයක් නෙමෙයි. මේ මොහොතේ රටේ සිදුවිය යුතු අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් තිඛෙනවා. දූෂණය, පවුල් දේශපාලනය නැතිවෙලා යුක්තිය, සාධාරණය රටේ රජ කරන්න ඕන. ඊළඟට නීතියේ ආධිපත්‍යය රැකෙන්න ඕනෙ. අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනභාවය රැකෙන්න ඕන. එමෙන්ම මානුෂීය අයිතීන් රැකෙන්න ඕන. අද රටේ බය කැරෙනවා. තර්ජනය කැරෙනවා. කොයි වෙලේ නඩුවක් දායිද කියන්න බැහැ. ඔයාලට වුණත් ඒ භීතිය හිතේ තියෙනවනෙ. අනතුරුව රටේ සදාචාරවත් බව තිබිය යුතුයි. ආගමට, ධර්මයට, නීතියට පයින් ගහන රටකට වැඩිදුර යන්න බැහැ. නිදන් හාරනවා. පන්සල් කෞතුකාගාර කඩනවා. හාමුදුරුවරු මරනවා. මහානායක හිමිවරු කියන ඒවා සතේකට ගණන් ගන්නේ නැහැ. ඉතින් එහෙම රටක් නවතින්නෙ කොතනද? දුෂණය නැවැත්විය යුතු බව මම හැමදාම කියන්නෙ මොකටද? එහි පළමු අරමුණ තමයි ජනතාවගේ ජීවන රටාව ගොඩදාන්න.

ත්‍රීවීලරයක් ගන්න පෙරුම් පුරාගෙන හිටපු මිනිහට අද බයිසිකලයක් ගත හැකියි. මෝටර් බයිසිකලයක ඉලක්කය තිබුණු මිනිහට පා පැදියක් ගත හැකියි. පා පැදියක් ගන්න හිතන් හිටපු මිනිහට සෙරෙප්පු දෙකක් ගන්න පුළුවන් වර්ගයේ ආර්ථිකයක් දැන් රටේ තිඛෙන්නෙ. නිදහස ලැබුණු දිනවල ඩොලර් එක රු.2යි. 1970 දී මම හමුදාවට බැෙඳන කොට ඩොලරය රු.4යි. දැන් 130යි. අඩුම ගානෙ මේ රට ආර්ථික ශක්තිය අතින් 1970 තිබුණු ස්ථාවරයත්වයවත් පත්කර ගත හැකි නම් මිනිස්සුන්ට කරදරයකින් තොරව කාලා බීලා ජීවත්වෙන්න පුළුවන්. ආණ්ඩු මාරු වුණාට මේ රටේ සංවර්ධනයක් වෙලා තියෙනවද? ආණ්ඩුවෙ සමහර ජනතා විරෝධී ප්‍රතිපත්තිවලට විරුද්ධ නොවන්නේ ඇයි කියලා මම සමහර විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් විමසා තිඛෙනවා. මුන් තරහ කරගෙන බැහැ ජෙනරල් අපි ඕන වැඩක් කිව්වොත් මුන් කරලා දෙනවා කියලා සමහරු ලැජ්ජා නැතුව මට කියලා තියනවා. එහෙම විපක්ෂ මන්ත්‍රීවරු නම් රටේ ඉන්නෙ ආණ්ඩු මාරු කළා කියලා වැඩක් වෙයිද? විපක්ෂේ හරි ආණ්ඩු පක්ෂේ හරි තමන්ගේ මඩියතර කරගන්න නොසිතන අවංක මිනිස්සු කී දෙනෙක් ඉඳියිද? අතළොස්සක් ඇති කටින් විතරක් දසරාජ ධර්මෙන් රට පාලනය කරන මිනිස්සු මෙහේ ඉන්නෙ. දසරාජ ධර්මයේ පළමුවැනි එක තමයි ජනතාවට දෙන එක. ජනතාවගෙන් ගන්න පුළුවන් දෙයක් ගන්නවා ඇරෙන්න ජනතාවට දෙනවාද?

• දූෂිත දේශපාලන සංස්කෘතියක් අවසන් කිරීමට පවතින ක‍්‍රමය තුළම ප්‍රතිසංස්කරණ සිදුකිරීම ප්‍රතිඵලදායකද? ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණ අවකාශය භාවිත කිරීම ගැන ඔබ කොහොමද හිතන්නේ?

නොකා නොබී හෝ 'හකා' තිබුනම මොකෑ?

රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය: පුත්තරයන් පෙරට-උන්ගේ සොමියට රට..!

පසුගිය සෙනසුරාදා කාල්ටන් සුපර් සෙවන් රගර් ක්‍රීඩාවලිය අවසන් විය. සිරි ලංකාවේ දරුවන්ගෙන් සියයට 30 ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට රජයේ සංඛ්‍යාලේඛනම පවසද්දී එය සියයට දශමයකින් හෝ අඩු කර ගැනීම සඳහා ගැසූ රගර් තරඟයක්ද? නැත. සිරි ලංකාවේ සෑම 6 දෙනෙකුගෙන්ම එකෙක් අන්ත දිලින්දෙක් බව රජයේ සංඛ්‍යාලේඛනම පවසද්දී ඉන් එකෙක් හෝ ගොඩ දැමීමට ගැසූ රගර් මැච් එකක්ද? නැත.

රාජපක්ෂලාගේ එක පුතයෙකුට 'මට කාර් රේස් ඕනෑ' යි විට මුළු කොළඹම වසා දමා රාත්‍රියේ කාර් රේස් දුවවයි. තවත් පුතයෙකුට 'මට රගර් ගහන්න ඕනෑ, හැබැයි, මම රගර් ගහනවා බලන්න ඉන්දියන් නිළියනුත් ඕනෑ. මට රගර් ගහලා පරද්දන්න සුද්දොත් ඕනෑ' යි කී විට කාල්ටන් සුපර් සෙවන් නමින් රගර් තරඟයක්ද පවත්වයි. ඉන්දියාවෙන් නිලියනුත් ගෙන්වයි. තරඟ කර පරද්දන්න සුද්දන්වත් ගෙන්වයි. දේශප්‍රේමය නම් එයයි.

හැබැයි මේ කිසිවෙක් නිකන් එන්නේ නැත. ඔවුන්ට මිලියන් ගණන් ගෙවා, ගෙන්වා පුත්තරයාගේ මන දොල සපුරවයි. අවසානයේ දී රජා යැයි සිතා සිටින තාත්තා ද පැමිණ පුතාගේ සොමිය බලා තමනුත් සොමියක් රැගෙන යයි.

හේමාල් - මලීකා සුපර් සික්ස් පෙම සැබෑ ජිවිතයේ ප්‍රතික්ෂේප කරයි



නිරුපන ශිල්පියෙකු වූ හේමාල් රණසිංහ චිත්‍රපට රංගනයට දායක වුයේ සුපර් සික්ස් චිත්‍රපටය හරහා වේ. එහිදී ඔහුගේ පෙම්වතිය වන්නේ වෘතියෙන් ගුවන් සේවිකාවක් වූ මලීකා සිරිසේනයි.


රංගනයේදී සමීප වූ දෙදෙනා සැබෑ ජිවිතයේදීද පෙම්වතුන් වී ඇති බව පසුගිය කාලයේ වාර්තා වූ අතර පසුව වාර්තා වුයේ ඔවුන්ගේ පෙම ටික කලකින්ම අවසන් වී ඇති බවයි.

මේ පිලිබඳ අදහස් දක්වන හේමාල් රණසිංහ පවසන්නේ මෙවැන්නක් 

ලංකාවේ පෝර්න් වෙබ් අඩවි තහනමෙන් පලක් නැහැ!


පසුගියදා ලංකාවේ ක්‍රියාත්මක වූ පෝර්න් වෙබ් අඩවි 300 කට අධික ප්‍රමාණයක් තහනම් කර දැමු අතර ජංගම දුරකතනයෙන් පිවිසිය හැකි වෙබ් අඩවිද තහනම් කරනු ලැබුවා.

එමෙන්ම එම වෙබ් අඩවි වල පලකොට තිබු වීඩියෝ නිරීක්ෂණයකට ලක්කොට සොයාගත් "ලංකාවේ පෝර්න් ස්ටාර්ස්ලා" සෙවීමටද මෙහෙයුමක් දියත්කරන ලදී.නමුත් එම කාලයේ ලිපියක් පල කල අප හෙළි කර සිටියේ පෝර්න් වෙබ් අඩවි තහනමට ලක් කිරීමට තරම් තාක්ෂණයක් අප සතුව නොමැති බවයි.

රැජිනගේ දියමන්ති ජුබිලියට සහභාගී වීමට යන ජනපතිට කොටි විරෝධය


බි‍්‍රතාන්‍ය එලිසබෙත් මහ රැජිනගේ දියමන්ති ජුබිලියට ශ‍්‍රී ලංකා ජනාපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වීමට විරෝධය පෑමට ගෝලීය ද්‍රවිඩ සංසදය හා කොටි හිතවාදී සංවිධාන එරට අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් වෙත පෙත්සම් රැසක් යවා ඇත.

තවද ඔවුන් විසින් ජනපතිට එරෙහිව පෝස්ටර් ව්‍යාපාරයක්ද ආරම්භකොට තිබු අතර එහිදී ඔවුන් සඳහන් කර තිබුනේ ජන ඝාතකයෙකුට මෙවන් උත්සවයකට ආරාධනා කිරීමෙන් වලකින ලෙසය.එම උත්සවය සඳහා සහභාගී වීම සඳහා ජනාධිපතිතුමා පසුගිය 03 වනදා එංගලන්තය බලා පැමිණි අතර එම අවස්ථාවේ එයට විරෝධය පෑමට උද්ඝෝස්හනද සංවිධානය කොට තිබුණි.

ප්‍රගීත් ගැන කී කතා නීතිපතිගෙන් හෙට ප්‍රශ්න කෙරේ


අතුරුදහන් කළ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශයක ජීවත් වනවා යැයි කැබිනට් නීති උපදේශක හිටපු නීතිපති මොහාන් පීරිස් විසින් ජිනීවාහිදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 
අද (05) හෝමාගම අධිකරණයේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත ය.

පීරිස් විසින් විදේශයකදී කරන ලද ප්‍රකාශය ගැන වැඩි දුර ප්‍රශ්න කර සත්‍ය හෙළි කර ගැනීමට එක්නැලිගොඩ මහතාගේ පවුලේ උදවිය සහ විපක්ෂ ක්‍රියාකාරීන් මාස 7 ක් පමණ කාලයක් තිස්සේ කරන ලද අරගලය හෙට සන්ධිස්ථානයට පැමිණෙනු ඇත. ඔහු ජිනීවාහිදී කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය හෙට ඔහු විසින් අධිකරණයට ප්‍රකාශ කළ යුතුය. මෙයින් ගැලවීම සඳහා ඔහු අධිකරණය මග හැරීමට කළ උත්සාහය පසුගියදා අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙළේය.

Photo: ප්‍රගීත් ගැන කී කතා නීතිපතිගෙන් හෙට ප්‍රශ්න කෙරේ: සහයෝගය දෙන්න අධිකරණයට එන්න---------------------

(ලංකා ඊ නිව්ස් -2012.ජුනි.04, ප.ව. 6.00) අතුරුදහන් කළ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශයක ජීවත් වනවා යැයි කැබිනට් නීති උපදේශක හිටපු නීතිපති මොහාන් පීරිස් විසින් ජිනීවාහිදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට(05) හෝමාගම අධිකරණයේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත ය.

පීරිස් විසින් විදේශයකදී කරන ලද ප්‍රකාශය ගැන වැඩි දුර ප්‍රශ්න කර සත්‍ය හෙළි කර ගැනීමට එක්නැලිගොඩ මහතාගේ පවුලේ උදවිය සහ විපක්ෂ ක්‍රියාකාරීන් මාස 7 ක් පමණ කාලයක් තිස්සේ කරන ලද අරගලය හෙට සන්ධිස්ථානයට පැමිණෙනු ඇත. ඔහු ජිනීවාහිදී කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය හෙට ඔහු විසින් අධිකරණයට ප්‍රකාශ කළ යුතුය. මෙයින් ගැලවීම සඳහා ඔහු අධිකරණය මග හැරීමට කළ උත්සාහය පසුගියදා අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙළේය.

හෙට(05) හෝමාගම අධිකරණ භූමියට පැමිණ ප්‍රගීත් වෙනුවෙන් සහයෝගය දක්වන ලෙස මේ සම්බන්ධයෙන් උනන්දුවන්නන්ගෙන් 'ලංකා ඊ නිව්ස්' ඉල්ලා සිටී.

චීවරධාරියෙකුගෙන් ගැබිණි කතකට අතවර


දකුණේ ගැටවර චීවරධාරියෙක් නිවසකට පැන තරුණ ගැබිනි කාන්තාවක් 
පෙරේදා දහවල් දූෂනය කිරීමේ බෞද්ධ හෘදය කම්පා කරන සිදුවීමක් වාර්තාවේ. 

වලස්මුල්ල පොලිස් වසමේ ඕලූආර ප්‍රදේශයේදී, වයස අවුරුදු 23 ක් වූ ගැබිනි කාන්තාවක්, චීවරධාරියකු විසින් 
පෙරේදා
 දහවල් 1.30 ට පමණ දූෂණය කර ඇති බව වලස්මුල්ල පොලිසියට වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් 
ඊයේ (04) පොසොන් පෝයදා උදෑසන නිවේදනයක් මගින් නිකුත් කර තිබේ. 

පුණ්‍යාධාර එකතු කිරීමේ මුවාවෙන් කාන්තාවගේ නිවසට පැමිණ, නිවසේ කාන්තාව තනිවම සිටි අවස්ථාවේ මෙම අපරාධය සිදු කර ඇතැයිද, සැකකරු තල්පාවිල, කැකණදුර ප්‍රදේශයේ පිරිවෙනක වැඩ වාසය කරන වයස අවුරුදු 17 ක් වූ චීවරධාරියකු බවද පොලිස් නිවේදනයේ දැක්වේ. චීවරධාරී සැකකරු අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ආණ්ඩුවට ආපහු හැරෙන්න පුළුවන් වෙයිද?


ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධව කෙල තොළු කථා කියමින් හිටිය ආණ්ඩුව දැන් උන් පස්සේ එල්ලීගෙන යනව. ක්ලින්ටන් නෝනා සුලැඟිල්ල වැනුව විතරයි මෙන්න විදේශ ඇමති කරන්න යන දේවල්, ඒවයේ යාන්ත්‍රණ මේ ආදී කී නොකී දේවල් ඔක්කොම ලියා කියාගෙන පොට්ටනි බැඳගෙන ක්ලින්ටන් මහා රාජිනී බැහැ දකින්න ගියා.
මේ ගැන කියන්න තියෙන්නේ මේ වගේ මගුල් ගමන් යන්න වෙන්නේ නෑ, LLRC වාර්තාවේ දේවල් කරගෙන කරගෙන ගියා නම්. මේක මහ කොලොප්පමක් වෙලා තියෙන්නේ.
19 වැනිදා මහ ලොකුවට වීරයන් සමරණ අතරම ඇමරිකන් ලොක්කන් ලඟට ගිහින් යුද්දෙන් වුන විපත්ති වලට කරන පිළියම් ගැන කථා කරනව. එතකොට අභාග්‍යයක් වෙලා තියෙනව. ඒවාට දෙන පිළිතුරු උගත් පාඩම් හා සංහිඳියා ලියවිල්ලේ තියෙන විදියට දැන් සකස් කරගෙන යනව.
මේ අතර හමුදා වල ඉන්න සොල්දාදුවොත් ඉන්නේ ලොකු අසතුටකින්. මොකද? දැන් එදා වගේ සැලකිලි නෑ. අතට එන මුදලත් අඩුයි. ඒත් වැඩවල නම් අඩුවක් නෑ. හැම දේම අන්තිමට එන්නේ හමුදාවේ පහලම සොල්දාදුවාගේ කරට. හමුදාවේ තියෙන ප්‍රශ්ණ ගැන කතා කරන්න කෙනෙකුත් නෑ.

පරාජිත සමාජයක මියැදෙන මනුෂ්‍යත්වයට ඇවැසි වෙනස - ප්‍රවාද අංක 1


ලංකාව නම් වූ කොදෙව් භූමියට ඉක්මන් සමාජ වෙනසක් අවශ්‍යව ඇත. කවුරු කැමති අකැමැති වුවද ලංකාව විෂයෙහි ඇති එකම හෙඳම හා අවසාන පිළිතුර වනුයේ ද සමාජ වෙනසක් අවශ්‍යය යන්නය. එහෙත් සමාජ වෙනස යන වචක දෙක ලියන තරම්,
උච්ඡාරණය කරන තරම් සුරතල් සුන්දර දෙයක් නොවන සේම රැඩිකල් විප්ලවීය ප්‍රවාදයක් වුවත් කොදෙව් භූමිය තුල යථාර්තයක් කිරීම හිතන කියන තරමට වඩා සිය දහස් ගුණයකින් දුෂ්කර ක්‍රියාදාමයක් වනු ඇත.එහෙත් එය එසේම සිදු විය යුතු වූ බැවින් නැවත නැවත පුනරුච්ඡාරනය කළ යුත්තේ ලංකාව උදෙසා සමාජ වෙනසක් අවශ්‍යය යන්නය. මෙය හදිසි මෙන්ම අත්හළ නොහැකි වගකීමක් වනුයේ අන්කිසිවක් නිසා නොව මිනිසාට ශිෂ්ටසම්පන්නව, නිදහස්ව, නිවහල්ව, ගෞරව සම්පන්න මනුෂ්‍යයින් ලෙස ජීවත් වීමේ අයිතිය ඇති නිසාවෙනි.

හම්බන්තොට ගල කැඩීම, භූ චලනවලට හේතු වෙලා


හම්බන්තොට රාජපක්ෂ වරාය ඉදිකිරීම් කටයුතු වලදී, භූ විශේෂඥයින්ගේ උපදෙස් නොතකා හරිමින් එහි තිබූ ගල් තට්ටුව කඩා දැමීම නිසා මේවනවිට එම ප්‍රදේශය ආශ්‍රිතව දිගින් දිගටම භූ කම්පන ඇති වීමට හේතු වී ඇතැයි තම අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටි විශේෂඥ මහචාර්යවරයකු අප වෙත හෙළිදරව් කළේය.
හම්බන්තොට වරාය ඉදිකරන ප්‍රදේශය භූ විද්‍යාත්මකව භූ තැටි දෙකක සීමාව තුළ පිහිටීම නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ගල් පර්වතය පුපුරුවා හැරියහොත් එම ප්‍රදේශය භූ කම්පන කලාපයක් බවට පත් වීමේ අවදානමක් පවතින බව විශේෂඥයින් කිහිපදෙනකුම අදාළ බලධාරීන්ට දන්වා සිටි නමුත්, දේශපාලනික අවශ්‍යතා නිසා ඒ කිසිවකුත් එම උපදෙස් කිසිදු ලෙසකින් මායිම් නොකළ බවද ඔහු පැවසීය.

රේගු නීති කඩා, 'පන්සල් වාහන' ගෙන් වූ අය නිදහස් කරලා


තීරු බදු සහන යටතේ සෑම බෞද්ධ වෙහෙර විහාරස්ථානයකටම වාහන ගෙන්වීම සඳහා රජය විසින් ලබා දී තිබූ බලපත්‍ර අයතා ලෙස යොදා ගනිමින්, පසුගිය 31වනදා වාහන 20ක් මෙරටට ගෙන් වූ ව්‍යාපාරිකයකු කෝටි 08ක දඩමුදලක් අයකර නිදහස් කර ඇති රේගු ප්‍රධානී ඊට අදාළ පරීක්ෂණ යට ගසා තිබේ.


තිලංගට එරෙහිව 'ගෝඨාගේ යුද්ධය' ඇරඹේ


බැසිල් රාජපක්ෂ මහතා අනාගත රාජ්‍ය නායකයා කිරීමෙන් දේශපාලන මෙහෙයුමේ පෙර ගමන්කරුවෙකුව සිටින සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට එරෙහිව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
තිලංග සුමතිපාල මහතා විසින් පවත්වාගෙන යනු ලැබූ 'පියර් ත්‍රී' කරෝකී රාත්‍රී සමාජ ශාලාව වටලා එහි සිටි පිරිසක් පොලිසිය ලවා අත් අඩංගුවට ගැනීම එම දේශපාලන මෙහෙයුමේ ආරම්භය වේ. පොලිසිය විසින් එසේ වැටලූ මෙම සුඛෝපභෝගී රාත්‍රී සමාජ ශාලාව ඩී.ආර්. විෙජ්වර්ධන මාවතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමි බාගයක පවත්වාගෙන යයි. එහි කරෝකී ශාලාව බේරේ වැව තුළ රඳවා තිඛෙන විශාල යාත්‍රාවක් තුළ ක්‍රියාත්මක වේ.

සජින් වාස්ගෙන් සරෝජාට බලපෑම්


භින්න පෞරුෂයකින් පෙළෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකව සරෝජා සිරිසේන මහත්මියට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
සරෝජා සිරිසේන මහත්මිය ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ හිටපු බිරිඳක් වේ. කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකුවන දොස්තර සිරිසේන මහතා සරෝජා මහත්මියගේ පියාණන් වේ.
සරෝජා මහත්මිය, සජින් වාස් ගුණවර්ධන මහතාගේ පලිගැනීමට ලක්වී ඇත්තේ පසුගිය ජිනීවා සංචාරයේදී ඇති වූ සිදුවීමකි.

Share this article with your friends