Chitika Smowtion 468x60


Tuesday, January 1, 2013

2013 ඉඳන් පෝය වෙළෙඳ නිවාඩුටත් කෙලී...


හඡ්ජි දිනය, නබිනායකතුමාගේ උපන්දිනය, රාමසාන් දිනය,වෙළෙඳ නිවාඩු...

තෛපොංගල් දිනය, නත්තල් දිනය වෙළෙඳ නිවාඩු...

මෙම වෙළෙඳ නිවාඩු අනෙකුත් ආගම් සඳහා ලබා දෙන්නේ කෙසේද?

මෙය කාගේ බලපෑමක්‌ මත සිදුවන්නක්‌ද?

රජයේ දින දර්ශනයෙන් පොහොය නිවාඩු දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස මෙතෙක්‌ නම් කළත් 2013 වර්ෂයේ රජයේ දින දර්ශනයෙන් පොහොය දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස නම් නොකිරීම බරපතළ වරදක්‌ යෑයි බොදුබල සේනා සංවිධානය පවසනවා.

මේ සම්බන්ධයෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙනවා.

හිරු TV නැවතත් ඇන ගනී - ටවුන් එකක් දිස්ත්‍රික්කයක් කරයි...


හිරු TV නාලිකාව ආරම්භ කරබොහෝ කාලයක් ගත වන තෙක් ඔවුන් විසින් ප්‍රවෘත්ති විකාශයක් පවත්වාගන ගියේ නෑ. නමුත් මෑත කාලයක සිට රාත්‍රී 7 ට ප්‍රවෘත්ති විකාශයක් ගෙන ඒමට ඔවුන් සැරසුනා.

පෙරේදා (30) හිරු TV නිවුස් වලින් වාර්තා කළේ "ඇඹිලිපිටිය දිස්ත්‍රික්කයක් "යනුවෙනි. නමුත් ඇඹිලිපිටිය යනු සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති තරමක් විශාල නගරයක් පමණි.

බ්‍රෝඩ්බෑන්ඩ් බද්ද 50% කින් පහළට


අන්තර්ජාල සේවා (බ්‍රෝඩ්බෑන්ඩ්) සඳහා මේ දක්වා අයකළ බද්ද අද (01) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 50%
කින් පහත හෙළීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

අන්තර්ජාල සම්බන්ධතා සහ ඒ ආශ්‍රිත සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් මේ තීරණය ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා අයකළ 20% ක බදු ප්‍රතිශතය අද සිට ක්‍රියාත්මක වන පරිදි 10% දක්වා පහත වැටෙන බවද එමඟින් අදාළ සේවාවන් වලට ගෙවීමට සිදුවන මුදල දෙගුණයකින් පමණ අවම වන බවද ඒ මහතා සඳහන් කරයි.


ලොව වටා රටවල් 2013 උදාවීම සැමරූ අයුරු


මේ වනවිට රටවල් ගණනාවකට 2013 උදාවී තිබෙනවා. එම රටවල් නව වසර පිළිගත් අයුරු දැක්වෙන ජායාරූප එකතුවක් හා වීඩියෝ පහතින්.

Share this article with your friends