"කුතුහලය" යන අර්ථය රැගත් කියුරියෝසිටි යානය අභ්‍යාවකාශ ගත කෙරුනේ පසුගිය වසරේ නොවැම්බර් 26 වනදා. පැයට සැතපුම් 13,000ක වේගයෙන් අඟහරු වෙත එය ලඟාවූයේ සැතපුම් මිලියන 381ක් පසුකරමින්.මීට පෙර යැවූ යානාවලට වඩා බරින් වැඩි වීම හේතුවෙන් එය අඟහරු වෙත ගොඩබැස්සවීමට යොදාගත්තේ "ස්කයි ක්‍රේන්" නැමැති නව ක්‍රමවේදයයි.
රොබෝ රිය බහාලූ ආවරණය අඟහරුගේ වායුගෝලයේ ගැටීමෙන් එහි වේගය පැයට සැතපුම් 800 දක්වා අඩු වුණ අතර පසුව ස්කයි ක්‍රේන් ක්‍රමවේදය උපයෝගී කරගන එය ගොඩ බස්වනු ලැබුවා.
