Chitika Smowtion 468x60


Sunday, June 10, 2012

පබෝධා ගැන සිදත් කතා කරයි


ප්‍රවීන ටෙලි නාට්‍යය නිළියක වූ ගීතා කාන්තිගේ දියණිය වූ පබෝධා සන්දීපනී පසුගියදා ගරාජ් හිමිකරුවකු වූ සිදත් හරින්ද්‍ර සමගයි.විවාහයෙන් පසුව පබෝධාගේ බිඳී ගිය පෙම (හිරු එෆ්.එම් හි DJ අරා) පිළිබඳවත් සුපර් සික්ස් චිත්‍රපටයේ රඟපෑම පිළිබඳවත් මෙසේ අදහස් දක්වා තිබුනා.

සිදත්ට පබෝධාව හම්බ උනේ කොහමද?
ටෙලි නාට්‍යයක රුගත කිරීමක් බලන්න ගිහින් මුලින්ම පබෝධව දැක්කේ.

දැක්ක ගමන් ආදරයක් ඇති උනාද?
අපෝ නෑ මුලින්ම ඇති උනේ හිතවත් කමක්.ඒ හිතවත්කම පබෝධා මගේ හොඳම යෙහෙළියත්, මම පබෝධාගේ හොදම යාලුවත් වෙන තරමට දුර දිග ගියා.

එතකොට ඒ යාලුකමද පෙමකට හැරවුණේ?

නරියා කුකුල් කොටුවේ ප්‍රතිසංස්කරණ බාර ගනී


නිදන් හෑරීම සඳහා තම එස්ටීඑෆ් භටයන් මහවිලච්චියට යවා අතටම හසුවූ ආරක්ෂක ලේකම් ගෝඨාභය විනාශයට පත්වෙමින් ඇති වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සඳහා යුද හමුදාවයොදවන්නේ යැයි අද පැවසීය.

ඔහු මෙසේ කීවේ මාතර වෙහෙරහේන විහාරස්ථානයේ අද පස්වරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

විනාශයට පත් වෙමින් තිඛෙන එවැනි වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කර රටේ උගත් භික්ෂුන් වහන්සේලා වෙත පවරන බවත්, සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් යොදවා දැනටමත් ඇතැම් ස්ථානවල වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමින් සිටින බවද ගෝඨාභය පැවසීය.

බොහෝ නිදන් පවතින්නේ පුරාණ වෙහෙර විහාර ආශි්‍රිතව බවත් එවැනි නිදන් තිඛෙන ස්ථාන පුරාවිද්‍යා වසවර්තී එල්ලාවල මේධානන්ද විසින් ගෝඨාභයට ලැයිස්තු ගත කර සිතියම් සහිතව පෙන්වා දී ඇති බවත් මීට පෙර මාධ්‍ය විසින් හෙලි කර තිබිණ.

ශ්‍රී ලංකාවේ ඕනෑම හදිස්සියකට රතු හමුදාව එවන්න සූදානම්

චීනයෙන් පොරොන්දුවක්!

ශ්‍රී ලංකාවේ ඕනෑම හදිසි අවස්ථාවකදී චීන රතු හමුදාවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් බව චීන ජාතික ආරක්ෂක ඇමැති ජෙනරාල් ලිසාන් ගුවාන්ග්ලි මහතා පොරොන්දු වී තිබේ. 

චීන ආරක්ෂක ඇමැතිවරයා මෙම පොරොන්දුව දී ඇත්තේ ඊයේ චීන රතු හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකාවේ හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා වෙතය. ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා මේ වන විට චීනයේ සංචාරයක යෙදේ.

රංගේ සහ තෙවරප්පෙරුම හැලේ


ජනාධිපති සමාව මත සිරෙන් නිදහස් වූ සරත් ෆොන්සේකා මහතාගේ කටයුතු සමග පසුපසින් ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝඩුවක් වූ රංගේ බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරුන් දෙදෙනා යම් හිත් බිඳීමකට ලක්ව එම කණ්ඩායමෙන් වෙන් වී ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. 

මෙම හේතුව නිසා ඊයේ සරත් ෆොන්සේකා මහතා විසින් සංවිධානය කරන ලද ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ පැවැති සාදයටද මන්ත්‍රීවරුන් දෙදෙනා පැමිණියේ නැත. ඔවුන් වෙත ආරාධනාවක් ද කර තිබූ නමුත් ඔවුන් පැමිණ නැත්තේ ඇති වී ඇති විරසකය හේතුවෙනි. රංගේ බණ්ඩාර පවසා ඇත්තේ 'මේ ගොල්ලො වැඩක් කරන්න පුළුවන් අයගෙන් වැඩක් ගන්න දන්නේ නැතැයි' කියා ය.

ෆොන්සේකා සමග ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු තමා විසින් පලිගන්නා අයගේ ලැයිස්තුවක්ද සකස් කරමින් සිටි රංගේ බණ්ඩාර මහතා දැන් තැන තැන බැන වදිමින් යන බව ද 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. 

වෛද්‍ය වෘත්තියට නිගාදුන් යක්ෂයෙකුගේ කතාව


උතුම් වූ වෛද්‍ය වෘත්තියට නිගාදුන් සිද්ධියකට මුහුණ පාන්නට වූ මාගේ අත්දැකීම "වෙබ් අඩවිය" පාඨකයන් වෙත දැනුම් දීමට තීරණය කෙළෙමි.

මා විවාහ වී වසර 4 කි. මා සහ බිරිඳ දරු සම්පතක් බලාපොරොත්තුව ගත කළ සිව් වසරක කාලය නිමා කරමින් බිරිඳ ගැබ් ගත්තාය. දරු ගැබ මෝරා යද්දී පසුගිය දිනෙක හදිසියේම ලේ වහනය වීමක් සිදුවිය. තැති ගත් අප අපගේ සාමාන්‍ය දොස්තර වරිය වූ රාණී සිදම්බර පිල්ලේ වෙත ගියෝය. බිරිඳ පරීක‍ෂා කළ ඇය කීවේ බබා අනතුරු දායක තත්ත්වයක සිටින බවයි. මේ වෙලාවේ තමාට කරන්නට දෙයක් නැති අතර ඇඳට වී විවේක ගන්නා ලෙසද දෙවියන්ට යාඥා කරන ලෙසද ඇය පැවසුවාය.

පසුව බොහෝ දෙනාගේ උපදෙස් මත වඩා හොඳයි කී දොස්තර අක්බාර් වෙතට බිරිඳ පෙන්වීමට අප තීරණය කෙළෙමු. දොස්තර රාණීගේ වාර්තා ද රැගෙන අපි දොස්තර අක්බාර් හමුවුනෙමු. රාණී සිදම්බරපිල්ලේ ගේ වාර්තා දුටු ගමන් දොස්තර අක්බාර් යක්ෂාවේශ වූයේය.

ආණ්ඩුවට එක්වන්නැයි ෆොන්සේකාට විවෘතව ආරාධනා කරද්දී 'අපිත් ගේමක් ගහනවා' යැයි අර්ජුන කියයි


ෆොන්සේකා-ටිරාන්-අර්ජුන-කැටගොඩ පැකේජයක් ලෙස 
ණ්ඩුවට ගැනීමේ සාකච්ඡා මැයෙන් 
අප වෙබ් අඩවිය පසුගියදා වාර්තා කළ පුවත සත්‍යයක්දැයි ෆොන්සේකා මහතාගේ පක්ෂයේ මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු විසින් ඊයේ පාර්ලිමේන්තු ලොබියේදී විමසා ඇත. අර්ජුන රණතුංග මහතා ඊට පිළිතුරු ලෙස ඊ නිව්ස් ප්‍රවෘත්තිය නිශේධ කර නැති අතර 'අපිත් ගේම් එකක් ගහනවා' යනුවෙන් පිළිතුරු දී තිබේ. 'ඒ කියන්නේ?' යැයි විමසූ කළ අර්ජුන පිළිතුරු දී ඇත්තේ 'බළමු' කියා ය.

මේ අතර එම ප්‍රවෘත්තිය පළවීමෙන් පසුව මේ දක්වා ආණ්ඩුවෙන් හෝ ෆොන්සේකා මහතා හෝ ෆොන්සේකා මහතාගේ නිල නොවන මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස දැන් කටයුතු කරන අනෝමා මහත්මිය හෝ ප්‍රතික්ෂේප කළේ නැත.

ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත හමුදාවක් ?


කාණු සුද්ද කළ, එලවළු විකිණූ හමුදාව දැන් හාල් බිස්නස් එකට බැස තිබේ. මෙම සේයාරුවෙන් දැක්වෙන්නේ හමුදාව යොදා ගනිමින් ගොවියන්ගේ වී මිලදී ගන්නා අවස්ථාවකි. මේ අතර සතොස සතුව ඇති ඉඟිනියාගල සහල් කර්මාන්ත ශාලාව හමුදාව යටතට පවරාගෙන හමුදාවට අවශ්‍ය සහල් නිපදවා ගැනීමට හමුදාව බලාපොරොත්තු වන බව හමුදා ප්‍රකාශක වරයා පවසා තිබේ.

තව ටික කාලයකින් හමුදාවට අවශ්‍ය වී ටික වවා ගැනීම සඳහා කුඹුරු හමුදාවට පවරා ගත හැකි අතර හමුදා සෙබළුන් වී ගොවිතැන් කරනු ඇත. හමුදාවට අවශ්‍ය මස් ටික හදා ගැනීම සඳහා හමුදාව හරක් ඇතිකරනු ඇති අතර හමුදාවට අවශ්‍ය මාළු ටික අල්ලා ගැනීම සඳහා නාවික හමුදාව මාළු ඇල්ලීමේ නිරත වනු ඇත.

රුසියාවේ පරීක්ෂකයන්ට ඇහුනු අපායේ සද්දේ


1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක්‌ විසින් අපායේ ශබ්ධය පටිගත කර ගැනීමට සමත් වූ බව පැරණි පුවතකි.

නමුත් මෑත කාලයේ ලංකාව තුලද "අපායේ සද්දය" පිලිබඳ සාමන්‍යය ජනතාව තුල කතාබහට ලක්වීමට පටන්ගෙන තිබීම හේතුවෙන් එම පරීක්ෂණයව්‍යාජ එකක් බව කියා පාන සාධක මෙයින් ඉදිරිපත් කරන්නෙමු.

පසුබිම් කතාව

මධුරිට අනුව නර්තනයේ යෙදෙන සනත්


ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිතය.

ඔහුට නර්තනයෙහි සුපිරි දක්ෂතාවයක් නොමැති වුවත් මෙම වැඩසටහන ජනප්‍රිය කරවාගැනීමේ අරමුණෙන් සංවිධායකයන් විසින් ඔහුව මෙම වැඩසටහනට කැමති කරවාගෙන තිබේ.

Share this article with your friends