Chitika Smowtion 468x60


Friday, October 19, 2012

ඉදිරියේදී හාරන ලිං හා නල ලිං වලටත් බදු

ඉදිරියේදී බීමට ගන්නා ජලය ලබාගන්නා ලිං සඳහා බදු අයකරගැනීමට රජය බලාපොරොත්තු වෙනවා.

මේ අනුව රු. 7,500 සිට 15,000 දක්වා මුදලක් වාර්ෂිකව අයකර ගැනීමටයි බලාපොරොත්තු වන්න්නේ

මේ සඳහා 1964 වසරේ හඳුන්වාදුන් ජල සම්පත් පනත සංශෝධනය කිරීමට රජය බලාපොරොත්තු වන අතර වාරිමාර්ග හා ජලසම්පාදන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තතුවේ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත්කිරීමට නියමිතයි.



අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා


ඊයේ සවස නාවින්න ආර්පිකෝ වෙලඳසැල අසල මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීම හේතුවෙන් ගවයෙකුගේ කකුල් දෙකක් දැඩි ලෙස තුවාල වුණා.

ඇවිදගැනීමට අපහසු එම ගවයා තවමත් ආර්පිකෝ වාහන නැවතුම ඇතුලත සිටින අතර අනතුර නිසා ගවයාගේ කකුලේ අස්ථියක් එලියට පැමිණ ඇති බවයි දුටුවන් පවසන්නේ.

මෙම ගවයාට උදව් කිරීමට හැකි කාරුණික අයෙකුගේ අවධානය පිණිස ගවයාගේ ජායාරූප දෙකක් පහත ඇත.

මෙවර ශිෂ්‍යත්වයෙන් 90%ක් ෆේල්

පසුගිය අගෝස්තු 26වනදා පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 310,329 දෙනු පෙනී සිටි අතර එයින් සමත්වී තිබෙන්නේ 33,383කි.

එනම් අසමත්වූ සිසු ප්‍රතිපලය 89.24% කි.

මෙවර සමත්වී ඇති ප්‍රතිශතය 10.76ක් වන අතර එම අගය පසුගිය 2011 වසරේ 10.38කි.


එක් ප්‍රශ්න පත්‍රයකට අවම ලකුණු 50 බැගින් මුළු ලකුණු 100ට වැඩියෙන් ලබාගන ඇත්තේ 39.38%කි.

ලංකාවේ වාහන ආනයනකරුවෝ මියන්මාර් යයි

ලංකාවේ ප්‍රමුඛතම වාහන ආනයනකරුවන් පිරිසක් ලබන මාසයේ සිට මියන්මාරයේ තම වාහන වෙළඳාම් වල නිරතවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ කඩා වැටී ඇති හෙයින් මියන්මාරයේ වාහන වෙළඳාම සඳහා නව වෙළඳපොළක් සකස් වෙමින් තිබෙන නිසාත් මෙම පියවර ගන්නා බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ජයවර්ධන මහතා පවසන්නේ.

විදේශ රටවල පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීමට මියන්මාර රජය විශේෂ සහන සලසා තිබෙන අතර එවැනි වාහන සඳහා තීරුබදු ප්‍රතිශතයද අඩුය.

පාවිච්චි කරන ලද වාහන ලංකාවට ආනයනය කිරීමේදී ලංකාවේ රජය 300%ක පමණ ඉතා ඉහල බදු ප්‍රතිශතයක් අයකරන නමුත් මියන්මාරය අය කරන්නේ 15%ක පමණ ප්‍රතිශතයකි.



Share this article with your friends