Chitika Smowtion 468x60


Sunday, April 22, 2012

ජෝන් ඒබ‍්‍රහම්ට ඇබැද්දියක් ජෝන් ගේ රසිකාවියක් ජෝන් ගේ ශුක‍්‍රානු සාම්පලයක් ඉල්ලලා


ඇය ජෝන් ගේ හැර වෙනත් කිසිවෙකුගේ ශුක‍්‍රානු ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරලා...
සිය අළුත්ම චිත‍්‍රපටිය වන විකී ඩෝනර් හරහා ශුක‍්‍රානු පරිත්‍යාග කිරීමේ කර්තව්‍යයට සහය දැක්වීමෙන් අනතුරුව සුපිරි බොලිවුඩ් නළු ජෝන්ට අපූරු ඇබැද්දියකට මුහුණ පෑමට සිදුවූ බව වාර්තා වේ.


ශුක‍්‍රානු පරිත්‍යාග කිරීම තේමාවක් වන මෙම චිත‍්‍රපටියේ ප‍්‍රවර්ධන කටයුතු වලදී ජෝන් පවසා ඇත්තේ සත්‍ය ජීවිතයේ වුවද තමා ශුක‍්‍රානු පරිත්‍යාග කිරීමට පසුබට නොවන බවයි. කෙසේ වෙතත් එලෙස සිදුකරන්නේ හුදෙක් පරහිතකාමී අදහසකින් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ෆැලන් සිය පෙම්වතා සමග විරසක වෙලා


ප‍්‍රසිද්ධ රහසක්ව පැවතුනු ෆැලන් හා ඇමති ඥාති පුත‍්‍රයා අතර හාදකම හමාර වෙලාලු...


වසර 2010 දී ශී‍්‍ර ලංකා රූ රැජින කිරුළට හිමිකම්කී ෆැලන් රණසිංහ සිය පෙම්වතා සමග විරසකවී ඇතැයි වාර්තා වේ.


ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ ඥාති පුත‍්‍රයෙකු හා ෆැලන් අතර තිබූ හාදකම පසුගිය කාලයේදී කලා ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රසිද්ධ රහසක්ව පැවැතිණි.

විසි වසරක ආයු ඇති වොට් දහයේ එල් ඊ ඩී බල්බයක්


එහි මිල ඇමෙරිකා ඩොලර් 60 කි. 
රුපියල් නම් 7800  ක්...



මිහිතල දිනය වෙනුවෙන් උතුරු ඇමෙරිකාවේ පිලිප්ස් සමාගම විසි වසරක ආයු ඇති එල් ඊ ඩී විදුලි බල්බයක් නිපදවයි. 


සූති‍්‍රකාවක් වෙනුවට LED යොදාගෙන නිපදවා ඇති මෙම විදුලි බුබුලේ  මිල ඇමෙරිකා ඩොලර් 60 කි. (රුපියල් 7800 කි)වොට් දහයේ මේ බල්බයෙන් වසරකදී ඇමෙරිකාවට ඇමෙරිකා ඩොලර් කෝටි 390ක් ගෙවත් රුපියල් කෝටි 50700ක් ඉතිරිවෙයි. 
පරිසරයට එකතුවන කාබන් මෙට්‍රික් ටොන් දෙකෝටියක්ද කපා හැරේ. ඇමෙරිකාවේ නිවෙසක සාමාන්‍යයෙන් බල්බ් 45ක් පාවිච්චි කරන නිසා රුපියල් ලක්ෂ තුන හමාරක් හෙවත් ඩොලර් 2700ක් වැය කර එකවර අලුත් බල්බ මිලට නොගනිතියි කියති.

ඒවා විහිළු කතා. ඔය කියන නිළියෝ කී වතාවක් නම් විවාහ වෙලා තියෙනවද...


ඒවා විහිළු කතා. ඔය කියන නිළියෝ කී වතාවක් නම් විවාහ වෙලා තියෙනවද...

වෙනසක් සිදුවේයැයි සිතුවද එය එසේ සිදු නොවුණි. ඇය කීවේම ඒ වෙනස සිදුවෙන බවය. කෙසේ වෙතත් ගෙවී ගිය අවුරුදු කාලේ අපට ආරංචි වුයේ ඒ වෙනස සිදුවෙන බවයි. ඒ නිසාම අප ඇය සොයා ගියෙමු. 

ඒ දමිතා අබේරත්නය. දශක තුනක් රංගන ශිල්පිනියක ලෙස පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැඟුම් ගත් දමිතා අබේරත්නගේ අලුත් වෙනස ගැන තතුවිමසන්නට අපි මෙලෙස දොඩමළු වුනෙමු. 

දමිතා විවාහ වෙන්න යනවා කියන්නේ ඇත්තද?
ඇත්ත. අවුරුදු නමයක පේ‍්‍රම සම්බන්ධයකින් පස්සෙයි මම විවාහ වෙන්නේ. මේ දවස්වල ඒකට සුදානම් වෙනවා.
කවුද ඒ වාසනාවන්තයා.. 


ඔහේට මොනවහරි කියන්න තියෙනවනම් කෙළින්ම මට කියන්න - දෙරණේ ලොක්කෙක්


සවීණා වාගේ බඩවැල් ටෙලිවල අපට රඟපාන්න වෙලා තියෙන්නේ අපේ ආර්ථිකය හොඳ නැති නිසා...

 සවීණා ටෙලිය කොටස් 150 ක් පසුකර යාම නිමිත්තෙන් පසුගියදා එයට දායක වූ කලාකරුවන් හා දෙරණ නාලිකාවේ ප‍්‍රධානීන්ගේ ප‍්‍රධානත්වයෙන් පුංචි පහේ සාදයක් පැවැතිණි.


සාදය පුංචි වුවද මේ සඳහා සැර බීමද මදි නොකියන්නට තිබූ බවද පැවසේ.
මෙලෙස සාදය පැවතීගෙන යද්දී ‘සවීණා’ ටෙලිය ගැන ගුණ කථනයක් කිරීමට එහි නිෂ්පාදකයාට අවශ්‍යවී තිබේ.
පසුව එම ටෙලියේ රඟපෑ ජ්‍යෙෂ්ඨ නළුවකු වන ඩබ්ලිව්. ජයසිරිට එම අවස්ථාව ලබාදීමට නිෂ්පාදක ජී. නන්දසේන තීරණය කර ඇත.
ඒ අනුව, මධුවිතින්ද පදම්ව සිටි ඩබ්ලිව්. ජයසිරි මෙලෙස සිය කතාව පවත්වා තිබේ.


සඳනි සුලක්නා යුග දිවියට


සඳනි ප්‍රවීන් 
යුගදිවියට  



ජනප්‍රිය යොවුන් නිලි සඳලි සුලක්නා පසුගියදා යුගදිවියට එළඹ ඇත.

ඇය විවාහ වී ඇත්තේ ප්‍රවීන සංස්කරණ ශිල්පියෙක් මෙන්ම නිෂ්පාදකවරයෙකු වන ප්‍රවීන් ජයරත්න සමගයි.

රඟපෑම් කටයුතු අතරදී සඳනි විසින් ප්‍රවීන් හදුනාගෙන ඇති අතර වසරක පෙම් සබඳතාවයකින් පසුව ඔවුන් යුග දිවියට එළඹ ඇත.

එම විවාහ උත්සවය පවුලේ හිතවතුන්ට සීමාවූ එකක් බව වාර්තා වන අතර හිතමිතුරන්ට ඉදිරියේදී සාදයක් පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇත.


මේ වනවිට සඳනි ප්‍රවීන් සමග ප්‍රවීන්ගේ තුම්මුල්ලේ නිවසේ සිය නව ජීවිතය අරඹා ඇති බව අප වෙත වාර්තා වනවා.


ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් පොලිස් අත්අඩංගුවට


ඩිෆෙන්ඩර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද දහවල් 2.00 ට පමණ මයික්කුලම ප්‍රදේශයේ දී යතුරුපැදිය ධාවනය කල පුද්ගලයා මරුමුවට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

අනතුරට පත් ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ජෙහාන් මුබාරක් විසිනුයි.

ලාවත ප්‍රදේශයේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා යන අතරතුර මෙලෙස අනතුරෙන් මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය-වතුවත්ත පදිංචි කරුවකු බව කියන ප්‍රදීප් කුමාර නමැති අයෙකු වන අතර තුවාල ලැබූ පසු පැදිකරු වන්නේ වතුවත්ත පදිංචි එම්.පී මාකස් උදයකුමාර නමැති අයෙකි. 

අත්තනගල්ලෙන් මෝහිණී මතුවෙයි


ත්‍රිවිල් එකට නැග අතුරුදන් වෙන 
සුදු ඇඳගත් කාන්තාව  


අත්තනගල්ල ගෝනගල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සුදු ඇඳගත් අත්භූත කාන්තාවක් හේතුවෙන් භීතියට පත්ව තිබෙනවා.මේ හේතුවෙන් සවස හයෙන් පසුව එම ප්‍රදේශය ජන ශුන්‍යයවන බව වාර්තා වනවා.එම ප්‍රදේශයේ කිහිප දෙනෙකු මෙම කාන්තාව දැක තිබෙන අතර ඒ අතර අත්භූත අත්දැකීම් ලද අයද වෙයි. 

සිද්ධියට මුහුණ පෑ ත්‍රි රෝද රථ රියදුරන් එම අත්දැකීම විස්තර කොට තිබුනේ මෙසේය.

සුදු හැඳගත් ගැහැණු ළමයෙක් ත්‍රිවිලයට අත දමා නවත්වා ඇති අතර ත්‍රිවිලය නැවැත්වූ පසු ඇය එයට ගොඩ වී ඇත්තේ ත්‍රි රෝද රථ රියදුරාගේ උරහිසටද අතක් තබාගෙනය.ටික දුරක් ගොස් බලන විට එම කාන්තාව අතුරුදන්වී ඇති බවත් තමාගේ උරහිස ඉස්සීමට නොහැකි බවත් ත්‍රි රෝද රථ රියදුරන් කිහිපදෙනෙකුටම දැනී ඇත.


බොරැල්ල ආදාහනාගාරයේ මහ රෑ මිනී පුච්චලා !


කොළඹ බොරැල්ල ගෑස් ආදාහනාගාරය අද (22) අළුයම 1.00-2.00 අතර ක්‍රියාත්මක වෙමින් තිබු බව වාර්තාවේ.
සාමාන්‍යයෙන් රාත්‍රී 7.00 පසුව එම ආදාහනාගාරයේ මිනී පිච්චීමක් සිදු නොකරන බැවින් ද අද අලූයම ඒ අවට ජීප්රථ දෙකක් සහ වෑන් රථ දෙකක් නවතා තිබූ හෙයින්ද ඒ පිළිබඳව සැක කළ අසල්වාසියකු බොරැල්ල පොලීසියට ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
තමා උදැසන 1.40ට පමණ මේ පිළිබඳව බොරැල්ල පොලිසියට දැනුම් දුන් නමුත් ආදාහනාගාරය අසල තිබූ රථ පිටව යනතෙක් පොලිසියේ කිසිවෙකු හෝ නොපැමිණි බව එම අසල් වැසියා අපගේ වෙබ්අඩවිය වෙත දැනුම්දෙනු ලැබීය. එම මොහොතේ කනත්තේ සිටි පුද්ගලයින් සිවිල් ඇඳුමෙන් සිටියද ඔවුන් ආරක්ෂක සාමාජිකයන් බව ඔවුන්ගේ හැසිරීමෙන් තහවුරු වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හකීම් ආණ්ඩුවෙන් ඉවත් වන ලකුණු


දඹුල්ලේ මුස්ලිම් පල්ලියට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට අදාළව සිදු වූ පූර්ව උසිගැන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිසි කි‍්‍රයාමාර්ගයක් නොගන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වීමට ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම ගැටුම ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත ඉනාමළුවේ සුමංගල හිමියන් සහ මත්පැන් නිෂ්පාදක ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා මහතාගේ මැදිහත්වීමෙන් සිදු වූවක් බව මුස්ලිම් කොංග‍්‍රසයට මේ වන විට පැහැදිලි තොරතුරු රාශියක් ලැබී ඇත.
ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මෙම ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (22) දහවල් ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවීමට නියමිත බවද එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු අප වෙත පැවසීය.

Share this article with your friends