Chitika Smowtion 468x60


Thursday, December 27, 2012

රත්මලාන ත්‍රිත්ව ඝාතකයාගේ ෆේස්බුක් පෙම


රිමාන්ඩ් රැඳවියන් විසින් ඝාතකයාට අසුචි කවමින් පහර දීලා

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක තරුණ ගුරුවරියක හා ඇගේ දරු දෙදෙනාගේ පිලිස්සී ගිය සිරුරු හමුවීම පසුගියදා මුළු රටම මහත් කම්පාවට පත් කළ සිදුවීමක් විය.

තිස් එක් හැවිරිදි මවක තුන් හැවිරිදි වැඩිමහල් පුතුත් මසක් වයසැති බාල දරුවත් ගින්නට හසුවී දැවී පිලිස්සි තිබු අයුරු කාගේත් නෙතට මෙන්ම හදවතට දැඩි වේදනාවක් ගෙන දුන්නේ මෙම අපරාධය සිදුවුනේ කෙසේදැයි යන්න පිලිබඳ ප්‍රශ්නාර්තයක්ද එක්කරමිනි.

පිලිස්සී මියගිය මවගේ ඇකයේ සිටි සිඟිති පුතු අසලම තුන් හැවිරිදි ලොකු පුතු ද මියගොස් සිටියේය. මෙසේ මියගොස් සිටියේ දරුවන්ගේ මව වන සඳමාලි ප්‍රනාන්දුත් වැඩිමහල් පුතු තුෂාන් සඳරුවන් හා මසක් වයසැති බාල පුතු ඉෂාන් භානුක යන අයයි.

මුලදී ප්‍රෙහෙලිකාවක් වුවත් ප්‍රශ්න කිරීම් හමුවේ මියගිය සඳමාලිගේ සැමියා වන මධුර ද සිල්වා මෙම අපරාධය සිදුකර ඇති බවට පාපොච්චාරණය කරන ලදී . ඔහුගේ ගාල්ලේ පදිංචිකරුවෙකු වන අතර රත්මලාන ප්‍රදේශයේ "Caremate" නම් සමාගමේ ඉහල නිලයක් දරන පුද්ගලයෙකි. ඔහු මෙමැ මිනීමැරුම සිදුකොට තිබුනේ ඔහුගේ අනියම් පෙම්වතිය විවාහ කරගැනීමේ වුවමනාවෙන් බවද පාපොච්චාරණයේදී හෙළිවී ඇත.

මේ ඒ පිලිබඳ වැඩිදුර විස්තරයකි. මධුර නම් අපරාධකරු මෙම යුවතිය හදුනාගන්නේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් හරහා සති තුනක් පමණ චැට් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රේමය ආරම්භ වී තිබේ.


Share this article with your friends