Chitika Smowtion 468x60


Tuesday, May 15, 2012

ජනාධිපතිවරයා අධිකරණය ගැන භීතියකින්?


අධිකරණය යළි ස්වාධීන කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ගෙන් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එල්ලවී ඇති බලපෑම් හමුවේ, ඇය තම දේශපාලන නියෝග ඉටුකිරීම පැහැර හැරෙනු ඇතැයි ජනාධිපතිවරයා දැඩි ලෙස බියට පත්ව සිටින බව ජනාධිපති ලේකම්කාර්යාල ආරංචි මාර්ග වාර්තා වේ.
අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය දිනෙන් දින බිඳවැටෙමින් පවතින හෙයින්, නොපමාව අධිකරණයේ, අපක්ෂපාතී බව සහ යුක්ති සහගත භාවය ජනතාව තුළ යළි තහවුරු කරන ආකාරයෙන් ඉදිරි මාස කිහිපය තුළ කටයුතු කිරීමේ වැදගත්කම එකී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විසින් අගවිනිසුරුවරියට පැහැදිලි කර දී ඇත. එසේම එවැනි තීරණවලට එරෙහිව අගවිනිසුරුවරියට දේශපාලන බලපෑම් පැමිණියෙහොත් ඊට විරුද්ධව සමස්ත නීති ක්ෂේත්‍රය පෙළ ගස්වන බවට ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ද ඇයට පොරොන්දු වී තිබේ.

ඉල්ලා අස්නොවන බව NSB සභාපති කියයි


තමා කිසිදු වරදක් නොකර නොමැති හෙයින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අවධාරණය කර සිටී. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් 'ද ෆිනෑන්ස්' සමාගමේ කොටස් වැඩිකරන ලද අධික මිලගණන් යටතේ මිල දී ගැනීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා හමුවේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට පැතිරයන රාවය පිළිබඳව මාධ්‍යවේදීන් කිහිපදෙනකු කළ විමසීමේදී ඔහු ඒ බව සඳහන් කර තිබේ.
මෙම කොටස් මිල දී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ මොහොතේ, කිසිවක් ප්‍රකාශ නොකරන බවත්, මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන පරීක්ෂණයෙන් පසු මීට වගකිවයුතු සැබෑ වගඋත්තරකරුවන් කවුරුන්දැයි මුළු රටටම හෙළිදරවු වනු ඇති බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සුදුවෑන් මිනීමරුවන් නීතියෙන් සඟවන ජනාධිපති නීතිඥයා හෙලිවේ

මරාගේ සුදුවෑන් මිනීමරුවන් නීතියෙන් සඟවන ජනාධිපති නීතිඥයා හෙලිවේ-

මිනීමරු මරා රෙජීමයේ සුදු වෑන් පැහැර ගැනීම් ගැන රෙජීමයේ මිනීමරු නීති විශාරදයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ සේපාල රත්නායක නමැත්තා බව 
අප වෙත වාර්තා වේ.

මොහු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර එහි සේවය කරන්නෙකි. මිනීමරු නීති උපදෙස් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවන ජනාධිපති නීතිඥයෙකි.
මොහුට පැවරී ඇති මිනීමරු කාර්යය නම් මරාගේ හෝ ගෝරාගේ මිනීමරුවන් විසින් සුදුවෑන් පැහැර ගැනීමක් සිදුකළ පසු ඒ සම්බන්ධ පැමිණිල්ල අදාල පොලිස් ස්ථානයට ලැබුණු විට එය සටහන් කර ගැනීමේදී නීතිමය මඤ්ඤං භාවයක් ඇති කරලීමයි.

සුදුවෑන් පැහැර ගැනීමේ දී පොලීසිය සටහන් තැබීමේදී අනාගතයේදී හෝ අනතුරක් නොවන ආකාරයට සටහන් තැබීම ගැන පොලිසියට පැමිණ අදාල නීතිමය වංචාවේ උපදේශකයා ලෙස කටයුතු කරන්නේ මෙම ජනාධිපති නීතිඥ සේපාල රත්නායක ය.

අපි ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරනවා ?


'අපි ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරනවා' -ජනපති කියයි : කොන්දේසි මොනවාදැයි ජනතාව විමසිල්ලෙන්-

"අපි ෆොන්සේකා ඉක්මණින් නිදහස් කරනවා" යැයි රෙජීමාධිපති මහින්ද රාජපක්ෂ කොළඹදී පැවැසී යැයි ඉන්දියාවේ 'ද හින්දු පත' වාර්තා කරයි. රාජපක්ෂ එසේ පවසා ඇත්තේ ඊයේ 'ගෝඨාගේ යුද්ධය' නම් පොත දොරට වැඩීමේ උත්සවයේදී හින්දු පුවත් පතේ මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පොන්සේකා නිදහස් කිරීමට ඇති ප්‍රමාදය කිමෙක්දැයි හින්දු පුවත්පතේ රාධක්‍රිෂ්නන් ප්‍රශ්න කළවිට රාජපක්ෂ පවසා ඇත්තේ පොන්සේකා නිදහස් කර ගැනීමට ඛෙහෙවින් මහන්සි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ශ්‍රී ලංකාවේ නොසිටීම බවයි. මහා බි්‍රතාන්‍යයට ගිය අලස් මන්ත්‍රීවරයා අද ලංකාවට එතියිද ඔහු නිදහස් කර ගැනීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතු යයිද ජනපති හින්දු පත්‍රය සමග කීවේ යැයි එහි සඳහන් වේ.

ජනාධිපති සවස හින්දු පත්‍රයට මෙසේ පවසද්දී උදේ එජාප නියෝජිතයන් සමග කළ සාකච්ඡාවේදී ෆොන්සේකා නිදහස් කරන බව මාධ්‍ය වල පළවී ඇති ප්‍රවෘත්තිය ගැන විමසූ විට කීවේ තමාද එය දැනගත්තේ මාධ්‍ය වලින් බවත් ටිරාන් ආ විට ඒ ගැන විමසිය යුතු බවත් ය.

සිරකරුවන්ට සමාව දෙන්නේ ජනාධිපතිවරයා මිස ටිරාන් අලස් මන්ත්‍රීවරයා නොවේ.

ගුරුවරියන්ට ලිංගික අතවර කරමින් මහානාමයේ 'මහා නාමයේ' අසූචි තැවරූ විදුහල්පති සහ හොරු රැලේ කතාව


ගුරුවරියන්ට ලිංගික අතවර කරමින් මහානාමයේ 'මහා නාමයේ' අසූචි තැවරූ විදුහල්පති සහ හොරු රැලේ කතාව.

කොළඹ කොල්ලූපිටිය මහානාම විද්‍යාලයේ විදුහල්පති වල්පොල හෙට්ටිආරච්චිගේ ප්‍රේමලාල් කුමාරසිරි වසර 9ක කාලයක් තුළ මහානාමයේ විදුහල්පති ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකළ වංචා දූෂණ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පසුගිය මැයි මාසයේ විමර්ශනයක් සිදු කළ අතර විදුහල්පතිවරයා විශ්‍රාම ගන්නා දිනය තෙක්ම අධ්‍යාපන අමාත්‍යාංශය එහි නිර්දේශ ක්‍රියාත්මක කළේ නැත.

ඔහු විශ්‍රාම යාමට තිබුණේ ඉකුත් මාර්තු මාසයේය. අධ්‍යාපන අමාත්‍යාංශය අප්‍රේල් 26 දින විදුහල්පතිවරයා පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගන්වන බව දන්වමින් ඔහුට ලිපිය නිකුත් කළේය. අවුරුද්දක් පුරා අමාත්‍යාංශ විමර්ශනය යට ගසමින් විදුහල්පතිගේ වැඩ තහනම් නොකර රිසි ලෙස ගෙදර යාමට අවස්ථාව සලසා දුන්නේ බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිගේ සෘජු බලපෑම නිසාය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ තමන්ට අවශ්‍ය ළමයින් රිසි ලෙස මහානාමයට දැමීම ප්‍රසිද්ධ රහසකි. ශිරන්තිගේ කාල්ටන් පෙර පාසලේ ළමයින් ඇතුළු කරන පාසල් අතරින් මහානාමය එකකි. ශිරන්ති රාජපක්ෂ නිතර නිතර පාසලට පැමිණෙන්නේ ඒ හේතුවටය. වංචා හා දූෂණ ගැන අමාත්‍යාංශ විමර්ශනයකින් සහ ජනාධිපති විමර්ශනයකින් වැරදි කරු වූ විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිගේ ආරාධනය පිළිගෙන මෙම වසරේද ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූයේ මේ දූෂණයට උඩගෙඩි සපයන ජනාධිපති ආර්යාවය.

හිරු ටීවී මැයි 23වනදා සිට


දැනට පරීක්ෂණ විකාශයක් ලෙස පවත්වාගන යන හිරු. ටී.වී නිල වශයෙන් මෙම මස 23 වනදා සිට ආරම්භවීමට නියමිතයි.

ලංකාවේ වැඩිම මුදල් ආයෝජනයක් කර ඇති රූපවාහිනී නාලිකාව හා ආරම්භයේදීම දිවයිනේ 95%ක වැඩිම ආවරණයක් සහිත විකාශය අරඹන නාලිකාව ලෙස හිරු ටී.වී. එක්වන්නේ එච්.ඞී තාක්ෂණය ඔස්සේ HD Ready ලෙසයි.

සිරස මාධ්‍ය ජාලයේ කලක් සේවය කර ඉන් ඉවත්වී ඩයලොග් ටීවීහි "සිටි හිට්ස්" ටෙලි කෙටිකර පෙන්වීමේ වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිමල් ලක්‍ෂපතිආරච්චි ඩයලොග් ටීවී වලින් ඉවත්වී හිරු ටීවී නාලිකාවේ ප්‍රධාන විධායක තනතුරක් භාරගෙන තිබෙනවා.

මාස දහයේ බිලිඳාට පහරදුන් මවගේ වීඩියෝව


අවුරුද්දකට පෙර වූ සිදුවීමක්!

සිය මාස දහයක් වයසැති බිලිඳාට අමානුෂික අයුරින් පහර දුන් වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී තිබුනා.

එම වීඩියෝව දුටු බොහෝ දෙනෙක් කම්පාවට පත්වී තිබුන අතර බොහෝ දෙනෙක් කියා සිටියේ එම කාන්තාවට දඬුවම් ලබාදිය යුතු බවයි.


නමුත් සත්‍යය වශයෙන්ම එම කාන්තාව දැනටමත් සිටින්නේ එයට දඬුවම් විදිමින්ය. එම අමානුෂික අන්දමින් සිදු කරනලද පහර දීම සිදුකොට ඇත්තේ මෙයට අව්රුද්දකට පමණ පෙරය.

පාසල් දැරියක දූෂණය කළ කෝටිපති සල්ලාලයා


පාසල නිමවී නිවස බලා ගමන්කරමින් සිටි දහතුන් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණයකළ අනුරාධපුරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු වන පෙමතුංග හේවා කණ්ඩම්බිගේ පුත් අනුරාධපුර තුන්වන පියවර පදිංචි නුවන් ප්‍රසාද් කණ්ඩම්බි මාස හතරක් නිදහසේ සිටියේ අනුරාධපුර පොලීසියේ දූෂිත නිළධාරීන්ගේ පිහිටෙනි.

නමුත් ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පසුගියදා සමත් වුණා.

දැඩි දේශපාලන සම්බන්ධකම්ද ඇතිව ජීවත්වන ඒ ව්‍යාපාරිකයා සිය පුත්‍රයාගේ නිදහස වෙනුවෙන් දේශපාලනමය වශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් නොකළා යැයිද සඳහන් කළ නොහැකිය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙහිදී ව්‍යාපාරික පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට පෙර අත්අඩංගුවට ගනුලබන්නේ කෝටිපති ව්‍යාපාරිකයාවය. ඒ ඔහු සිය පුත්‍රයා සඟවා තබාගැනීම හේතු කොටගෙනය.

ඇලියොන් මෝටර් රථයක් ලමා ආරක්ෂණ නිළධාරීන් ට දීමට යයි

සරත් ෆොන්සේකා පිලිබඳව ජනපතිගේ දෙබිඩි මතය


හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට පැතිර යන ආරංචි තමන්ද දැන ගත්තේ මාධ්‍ය වාර්තා හරහා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවසුවා.

ඒ ඊයේ උදැසන අරලියගහ මන්දිරයෙදි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හමුවු අවස්ථාවෙදියි.

මෙම හමුවෙදි එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රි ජොන් අමරතුංග මහතා ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ සරත් ෆොන්සේකා නිදහස් කිරිම පිළිබදව පවතින තත්ත්වය කුමක්ද කියාය.


එහිදි ජනාධිපතිවරයා සිනාසෙමින් පිළිතුරු දි ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ එවැනි නිදහස් කිරිමක් පිළිබදව තම්න් තොරතුරු දැන ගත්තේද එ සම්බන්ධයෙන් මුද්‍රිත මාධ්‍ය ඇතුලු මාධ්‍ය වාර්තා හරහා බවයි.

රට තුල එසේ පවසන ජනාධිපතිතුමා විදෙස් මාධ්‍යයන්ට පවසන්නේ තවත් කතාවකි.

දිනුෂා විවාහ වීමට යන ධම්මික කවුද?


ස්වර්ණවාහිනියෙන් විකාශය වූ "යෙහෙළි" වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත් දිනුෂා රාජපතිරණ මෙම මස අවසානයේදී යුග දිවියට එළඹීමට නියමිත පුවත මීට පෙර අප ඔබට ගෙන ආවා.

අවුරුදු දෙකක පෙම් සම්බන්ධතාවයකින් පසුව ඇය විවාහ වීමට යන්නේ ධම්මික නමැති රුපවාහිනි ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන කෙනෙකු සමඟ බවත් විවාහ යෝජනාව ගෙන ආවේ සොයුරියගේ සැමියා බවත් ඇය මාධ්‍ය වෙත පවසා තිබුනේ මෙලෙසින්

"සොයුරියගේ සැමියා ගෙනාපු ධම්මික පිළිබඳ යෝජනාවට මං ඉතසිතින් කැමති වුණා. ඒ හඳුනාගැනීමෙන් පස්සේ අපි පෙම්වතුන් වුණා. මේ වෙනකොට අපේ ආදරයට අවුරුදු දෙකක් ගතවෙලා. ධම්මික බොහොම සාමාන්‍ය සරල කෙනෙක්. මම හිතන්නේ මට සුදුසුම කෙනා හමුවුණා කියලා...

හිරුණිකා ..


ඔබට යුක්තිය කෙසේවෙතත් රාජපක්ෂයානු ලංකාවේ යථාව සම්මුඛ වී ඇත.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු අද්‍යතන දේශපාලන රඟමලෙහි දිදුළන ගිනිසිලූවකි. මෙයින් සත් මසකට පෙර දිනෙක හදිසියේ ඇය මෙසේ දිදුළන ගිනිසිලූවක් ලෙස පොලාපැන්නේ ඛේදවාචකයක ගිනියම මැදිණි. දේශපාලන ප්‍රචණ්ඩත්වය නිදන්ගත රෝගයක් වූ අපේ වැනි වැඩවසම් සමාජවල අතිබහුතරයක් ස්තී්‍රන් දේශපාලන - සමාජ තලයේ ගිනිසිලූ බවට පත්වන්නේ එවැනි ඛේදවාචක මැදින් වීමේ ඉරණම, ඒ අනුව ඇයටද පොදුවී තිබේ.
ලාංකේය දේශපාලන ගොහොරුවේ සේම මාධ්‍ය කවචයේද වඩාත්ම දිදුළන ගිනිසිළුවක් වීමට අවශ්‍ය ආකර්ෂණීය රුව පමණක් නොව, මාධ්‍යයේද, දේශපාලනයේද හොඳින් අලෙවි වන කටක්ද ඇය සතුය. මේ ගිනිසිළුව අලූ පොදක් හෝ ඉතිරි නොකරම වියැකීයාද, නැතිනම් තියුණු අවියකට පන්නරය දෙන අග්නි ප්‍රවාහයක් වේද යන්න ගැන වෛෂයික කරුණු විසින් පෙන්වන අනුමානයකට යාහැකි වුවත්, මේ ලිපියේ මුඛ්‍යාර්ථය එය නොවේ.

ගෝඨා, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ඉල්ලයි


සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉවත් කොට උතුරේ දෙමළ තරුණයින් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට පත් කිරීමට අවස්ථාව දෙන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආණ්ඩුව නියෝජනය කරන දෙමළ නායකයින් කිසිවකු පිළිබඳ උතුරේ දෙමළ ජනතාවට විශ්වාසයක් නොමැති බැවින්, උතුරේ ජනතාවට සමීප වියහැකි නව දේශපාලන නායකත්වයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා වෙත අවධාරණය කර ඇති ආරක්ෂක ලේකම්වරයා, ඒ සඳහා සුදුසු තරුණ තරුණියන් කිහිපදෙනකු තමන් විසින් හඳුනාගෙන සිටින බවද දැනුම් දී තිබේ.

මුදල් ලේකම් හා පොලිස්පතිවරයා කළකිරීමෙන්


තම තමන්ගේ ෙක‍ෂ්ත්‍රයන්හි සිදුවන නොවැලැක්විය හැකි අකටයුතුකම් තවදුරටත් දරාගත නොහැකිව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා බලවත් සේ කලකිරීමට පත්ව සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් අප වෙත වාර්තාවේ.
තමන්ට තවදුරටත් මෙම තනතුරේ කටයුතු කිරීමේ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, ජනාධිපතිවරයා වටා සිටින ජාවාරම්කරුවන් කීහිපදෙනෙක්ම මුදල් අමාත්‍යාංශයේ තීන්දු තීරණ හා වැඩ සටහන්වලට අනවශ්‍ය පරිදි ඇඟිලි ගසබවත්, එම තත්ත්වය යටතේ සමස්ත ආර්ථීකයම කඩා වැටීමේ අනතුරක් පවතින බවත් පී.බී. ජයසුන්දර මහතා පවසා තිබේ. ජනාධිපතිවරයා වටා සිටින එම ජාවාරම්කරුවන් පිරිස ඔහු විසින් හඳුන්වා ඇත්තේ 'ආර්ථීක ඝාතක'යින් ලෙසිනි.

NSB මංකොල්ලය 'ආර්ථීක ඝාතක' කබ්රාල්ගේ වැඩක්


ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් 'ද ෆිනෑන්ස්' සමාගමේ පහළොස් දෙනකුට අයත් කොටස් මිලියන 7986ක ප්‍රමාණයක් කෘතිම ලෙස ඉහළ නන්වනලද අධිමිලක් ගෙවා මිල දී ගැනීමේ පිටුපස සිටින මහ මොළකාරයා මහ බැංකුව අධිපති, ආර්ථීක ඝාතක අජිත් නිවාඩ් කබ්රාල් මහතා බව මේ වනවිට තහවුරු වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. එම කොටස් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයාගේද අනුමැතිය ලබා ගත් බව මහබැංකු අධිපතිවරයා පවසා තිබේ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මිල දී ගත් 'ද ෆිනෑන්ස්' සමාගමේ එක් කොටසක සත්‍ය වටිනාකම රුපියල් 30-32 වූ නමුත්, බැංකුව විසින් එම කොටසක් මිල දී ගෙන ඇත්තේ රුපියල් 50කට ආසන්න අධිමිලකටය. මේ සඳහා රුපියල් මිලියන 390ක් සම්පත් බැංකුව හරහා ද ෆිනෑන්ස් සමාගමට ගෙවීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව කටයුතු කර තිබේ. ඒ අනුව එම මුදල සම්පත් බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් විකුණුම්කරුවන්ට දැනටමත් ගෙවා ඇත.

Share this article with your friends