Chitika Smowtion 468x60


Monday, April 2, 2012

ලංකාවේ සෙක්ස් චේන්ජ් ඔපරේෂන්


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මගින් පිරිමි අයෙකුට නිකුත් කල හැදුනුම්පතක කාන්තා ජායාරුපයක් අඩංගු වීමේ සිදුවීමක් පිලිබදව උතුරු මැද පලාතෙන් වාර්තා වනවා.එම සිද්ධිය මෙසේයි.

උතුරුමැද පළාතේ අරලගන්විල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි නිස්සංක විජේවීර නමැති පුද්ගලයා මෙම අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

මොහුගේ නිවස ගිනිගැනීම නිසා හැදුනුම්පත විනාශ වී තිබෙන අතර එම නිසා නව හැදුනුම්පතක් ලබා ගැනීමට ඉල්ලුම් කර තිබෙනවා. මොහුත් සමග මොහුගේ විසිදෙහැවිරිදි බිරිඳද ප්‍රථම වතාවට හැදුනුම්පතක් ලබාගැනීම සදහා අවශ්‍ය ලිපි ලේඛන භාර දී තිබෙනවා.

කෙහෙළියගේ එස්.එම්.එස් විධාන


ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි හෝටලයක තුන් වන මහලින් වැටී පාද වල ආබාධයකට ලක්ව සිටින බව මෙයට පෙර ලිපියකින් සඳහන් කළා.

අමාත්‍යවරයා මේවන විට සුවය ලබමින් සිටින අතර මාස තුනක නිවාඩුවක්ද පාර්ලිමේන්තුවෙන් අනුමත වී තිබෙන අතර අමාත්‍යවරයාගේ වැඩ කොටස ඉටු කරනු ලබන්නේ වැඩ බලන ජනමාධ්‍යය ඇමති ලෙස අමාත්‍යය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතායි.

නමුත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝහලේ සිටම තමන් යටතේ ඇති ආයතන වලට එස්.එම්.එස් මගින් නියෝග නිකුත් කරමින් සිටින බව අප වෙත වාර්තා වනවා.


ඩෙංගු ඇල්ලීමට ගුගල් මැප්


බස්නාහිර පළාතේ ඩෙංගු මදුරුවන්ට බෝවිය හැකි පරිසරයක් සහිත නිවාස ඉක්මනින් හදුනාගැනීමට ගුගල් මැප් භාවිතා කිරීමට අදහස් කරන බව බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරින් පවසනවා.

ඒ අනුව එසේ සැටලයිට් මාර්ගයෙන් ලබා ගන්නා දත්ත සිතියම් ගත කරනු ඇති.

මෙම වැඩ පිළිවෙල නිසා ජනතාවගේ නිවෙස් අවට පිරිසිදු භාවය කාර්යාලයේ සිටම නිරීක්ෂණය කිරීමට හැකිවන අතර බස්නාහිර පළාතේ රෝහල් වලට රැගෙන එන ඩෙංගු රෝගීන් සම්බන්දයෙන් වෛද්‍යවරු හා සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කිරීමට SMS ක්‍රමයක්ද ක්‍රියාත්මක වෙනවා.


වම දකුණ මාරුවූ ඇමති බන්දුල


අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැති උත්සවයකට සහභාගී උනා. එය පැවැත්වුනේ "හෙට වෙනුවෙන් අද" නමැති ව්‍යාපාරය වෙනුවෙනි. එම උත්සවයේදී සිසුන් හවස 6:30 ත් 9:30 ත් අතර අනවශ්‍ය විදුලි පහන් නිවා දමන බවට පොරොන්දු වුවා. 

කෙසේ වෙතත් එම පොරොන්දුව ගන්නා අවස්ථාවේ ගන්නා ලද ජයාරූපයක් පහත දැක්වෙනවා. එහි දක්වෙන අන්දමට ඇමතිතුමාට වම දකුණ මාරු වී තිබෙනවා.




කෑගල්ල මොළගොඩ බස්‌ - වෑන් ගැටුම


පානදුර සිට මහනුවර දෙසට ධාවනය වූ බස්‌ රථයක්‌ කෑගල්ල දෙසට ගමන් කළ වෑන් රථයක්‌ සමග මොළගොඩ මිල්ලන්ගොඩ පිරවුම් හල අසලදී ඊයේ (01) දින මුහුණට මුහුණ ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ දෙදෙනකු එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇති අතර වෑන් රථයේ ගමන් කළ අට දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

උදෑසන 07.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර බස්‌ රථය තවත් බස්‌ රථයකට ඉස්‌සර කර යැමේදී මෙම අනතුර සිදුවී ඇති බව කෑගල්ල පොලිසිය පැවසයි.

එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින් බලන්න 
 ජායාරූප හා විස්තර : ඔසඳ නිදන්වත්ත

ධනපති ප්‍රජාතන්ත්‍රවාදී කයිය - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව නිසා සිදුවූ ප්‍රධානම දෙය ලංකාවට ලැජ්ජා කිරීමයි. සමරසිංහ ඇමතිතුමා දිගින් දිගටම කිව්වේ තම පාලනය උගත් පාඩම් හා සංහිදියා කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරන බවයි. එය ආරම්භ කර ඇති බවටත් ඔහු පුන පුනා කිව්ව. ඒත් එය පිළිගන්නට ආණ්ඩුවේ ගජ මිතුරා වූ ඉංදීය පාලකයින්ටවත් හැකි වුනේ නෑ.
ඒ නිසා ඔවුන් ද එයට එකඟවී යෝජනාවට සංශෝධනයක් මතු කරමින් එයට හවුල් වුනා. අල්ලපු රටත්, දිගටම මහින්ද සමඟ සිටි සගයාත්, නායකයාත් මේ විදියට මහින්දට විරුද්ධවීම තුලින් ලොකු ලැජ්ජාවක් රජයට ඇති කලා.
ඇත්තටම ඇමරිකාවත්, ඉංදියාවත්, ඊශ්‍රායලයත් මේ රජයට ලොකුවටම යුද්ධයට උදව් උපකාර කල රටවල්. මේ යුද්දයේදී ලංකාව වැරදි කලා නම්, අපරාධ කලා නම් ඒ රටවල් වුනත් එයට අනියම් ලෙස පැටලෙනවා. ඔවුන්ට ඒකෙන් බේරෙන්න බෑ.

ජී.එල්. CIA කාරයෙක් - ඇල්ලේ හිමි


ජිනීවා ලොස් පීරිස් නොහොත්, ගේ‍්‍රට් ලණු පීරිස් නොහොත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙරට සිටින අංක එකේ සීඅයිඒ (CIA) ඒජන්තයකු බව පූජ්‍ය ඇල්ලේ හිමියන් වදාරා සිටිති. පසුගිය දා බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට රැස් වූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු හමුවේ උන් වහන්සේ එම කාරණය පැහැදිලිකර ඇත.
චන්ද්‍රිකාගේ පාලන සමයේ ජාත්‍යන්තර උවමනාව මත ‘පැකේජයක්’ ගෙනවිත් පොදු පෙරමුණ ආණ්ඩුව දේශපේ‍්‍රමී බලවේගවලින් දුරස්කළ ජී.එල්., අනතුරුව රනිල් ගේ එජාප ආණ්ඩුව සමයේ එල්ටීටීඊ සමඟ එක් වී සටන් විරාම ගිවිසුම් ගසමින් දේශපේ‍්‍රමී බලවේග පාවාදුන් බවත් උන් වහන්සේ කරුණු කාරණා සහිතව මෙහිදී පැහැදිලි කර තිබේ. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කරවීමට දේශපේ‍්‍රමී බලවේග ගොනු වෙද්දී, ජාත්‍යන්තර උවමනාව මත කටයුතු කළ ජී.එල්. පීරිස් මහතා එවකට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ‘හෙල්පින් හම්බන්තොට’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චෝදනා ගොනු කළ බවද උන් වහන්සේ සිහිපත් කර තිබේ.

සජිත් පිලෙන් වෙනම මැයි රැලියක්


මෙවර මැයි දිනය යාපනයේ පැවැත්වීමට එක්සත් ජාතික කෘත්‍යාධිකාරී මණ්ඩය එකමතිකව තීරණය කර තිබියදී එම පක්ෂයේ සජිත් පිල කොළඹ දී වෙනම මැයි රැුලියක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් 31 දා පෙරවරුවේ කුරුණෑගල ‘බ්ලූ ස්කයි’ හෝටලයේදී පවත්වා තිබේ. කුරුණෑගල ආසනයේ එජාප ක‍්‍රියාකාරී හමුවක් පැවැත්වෙන බවට සඳහන් කොට එම සාකච්ඡාව සංවිධානය කොට ඇත්තේ එජාප කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතාය.

මස්සිනාගේ කට නිසා ජීවන්ට ජනාධිපතිගෙන් කුණු බැණුම්


සුදු වෑන් රථයකින් පැහැරගෙන යනු ලැබූ තමාව නිදහස් කර ගැනීමට මැදිහත් වූයේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා බවට ජීවන් කුමාරතුංග ඇමතිවරයාගේ සොහොයුරු, හිටපු පලාත් සභා මන්ත‍්‍රී සාගර සේනාරත්න මහතා ‘දිවයින’ පුවත්පතට කර තිබූ ප‍්‍රකාශයෙන් කෝපයට පත් ජනාධිපතිවරයා ජීවන් කුමාරතුංග ඇමතිවරයාට කුණුහරුපයෙන් බැණ වැදී තිබේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ජීවන් කුමාරතුංග ඇමතිවරයාද දුරකතන ඇමතුමක් ලබා දී, සාගර සේනාරත්නට කට පරිස්සම් කරගෙන සිටින ලෙසත් එසේ නොවූවොත් ඉදිරියේදී අනවශ්‍ය කරදර ඇති විය හැකි බවටත් අනතුරු හගවා ඇත. කිසිදු මාධ්‍යකට කිසිවක් හෝ ප‍්‍රකාශ නොකරන්නැයි මස්සිනාට තදින් අවවාද කරන ලෙසද ආරක්ෂක ලේකම්වරයා ජීවන් ඇමතිවරයාට දැඩිව ප‍්‍රකාශ කර ඇත.

තේ මණ්ඩලයේ සභාපතිනිය VIP පහසුකම් ඉල්ලයි


තේ සංවර්ධන මණ්ඩලයේ වත්මන් සබාපතිනි ජානකී කුරුප්පු මහත්මිය, තමාට කටුනායක ගුවන් තොටුපලේ විශේෂ ප‍්‍රභූ පර්යන්තය හරහා විදෙස් සංචාරවලට සහභාගිවීමටත්, ඒමටත් පහසුකම් සලසා දෙන ලෙස ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ නියෝජ්‍ය සබාපති කමල් රත්වත්ත මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ගුවන් තොටුපලේ විශේෂ ප‍්‍රභූ පර්යන්තය හරහා විදේශ ගතවීමටත් යළි පැමිණීමටත් අනුමැතිය ලබා දී ඇත්තේ පාර්ලිමන්ත‍්‍රීවරුන්, ආගමික් නායකයින් හා නිශ්චිතව නම් කළ පුද්ගලයන් සුළුපිරිසකට පමණි. රාජ්‍ය ආයතනවල සබාපතිවරුන්ට මෙතෙක් එම වරප‍්‍රසාදය ලබා දී නොමැත.

වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි


ටොයෝටා ඇලියන් ලක්ෂ 15 කින් 
ටොයෝටා විට්ස් ලක්ෂ 12 කින්
හයිබ්‍රිඩ් මෝටර් රථ ලක්ෂ 10 කින් 
මරුටි ලක්ෂ 3 කින් මිල ඉහල යන ලකුණු 


පසුගිය 31 වනදා රජය විසින් හයිබ්‍රිඩ් කාර්, මෝටර් කාර්, ත්‍රී වීල්, මෝටර් සයිකල් සඳහා පැවති බදු ප්‍රතිශතය ඉඅහල දමනු ලැබුවා.මෙයට හේතුව ලෙස රජය විසින් ඉන්ධන ඉල්ලුම ඉහල යාම හා වාහන තදබදය ඉහල යාම ලෙස කරුණු පැහැදිලි කරනු ලැබුවා.


Share this article with your friends