නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කිරීම සඳහා විද්වත් මන්ඩලයක් මගින් ඉදිරිපත් කර ඇති ක‍්‍රමවේදය දෝෂ සහිත බවත්, එමගින් z ස්කෝර් ලකුණේ වැරදි සිදුවිය හැකි බවත් z ස්කෝර් ක‍්‍රමය ලංකාවට හඳුන්වා දුන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජෛවමිතිය පිළිබද මහාචාර්ය රුපල් ඔ. තටිල් මහතා පවසයි.
නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ z ස්කෝර් අගය ලබාගැනීම සඳහා එම අගයන් දෙක එකට එකතු කළ ක‍්‍රමයේ වරදක් ඇති බව මහාචාර්යවරයාගේ අදහසයි. මෙහිදී z ස්කෝර් ලකුනු ලබාගැනීම සඳහා විචල්‍යතාවය (Varience) සහ මධ්‍යන්‍ය අගය (Mean) ගණනය කර ඇති බවත්, නව නිර්දේශ හා පැරණි නිර්දේශය වෙන වෙනම ගණනය කර කිසියම් විදියකට මෙම අගයන් දෙක එකට එකතු කර එකක් සාදා එමගින් අපේක්‍ෂකයන් දෙකොට්ඨායටම එක z ස්කෝර් අගයක් සෑදීම වැරදි බව තටිල් මහතා පවසයි.