Chitika Smowtion 468x60


Monday, December 26, 2011

සුළි කුණාටුවක් හේතුවෙන් වැසි හා ඉතා තද සුළං


Cyclone
දිවයින ආශ්‍රිතව බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය අද (26) පෙරවරු 2.00 වන විට යාපනයේ සිට කිලෝමීටර් 750ක් පමණ නැගෙනහිර දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය එහි කේන්ද්‍රයේ සිට වයඹ දිසාවට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ හේතුවෙන් මන්නාරම සිට යාපනය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ස්වභාවයන් අපේක්ෂා කෙරේ.

එමනිසා මෙම මුහුදු ප්‍රදේශ ධීවර සහ නාවික කටයුතු සඳහා ආරක්ෂාකාරී නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විශේෂයෙන් එම ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ද ඇතිවන අතර මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව තවදුරටත් උපදෙස් දෙයි.

එසේම උතුරු, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි සමග විටින් විට හමන තද සුළං ද පවතී.

2011 AL Results Jokes

iuyrekag f.%aâ È, ;sfhkafka tïiSlsõ ,l=Kqj,ska ú;rhs
iuyr wd¾Ü lrmq whg ueÜia m%;sM, oS,d


Èia;%sla-whs,kaâ ?kala muKla fkdj
bfiâ w.h;a jerÈ njg fpdaokd


Wiia fm< m%;sM, úys¿



Wiia fm< m%;sM, ,ndfok nj uq,skau rch lsõfõ miq.sh foieïn¾ uq,h’ fïksid úfoaY.;jkakg mqyqKqùï i|yd hkakg wdoS úúO wjYH;d i|yd iQodkñka isá isiqisiqúhka ish Ôú; ie,iqï ta wkqj ilia lrf.k ;snqKd’

kuq;a YsIH;aj m%;sM, Èk úis .Kklska ,ndoS f,dal jd¾;d ;enQ fomd¾;fïka;=j fï Wiiafm< m%;sM,h fõ,djg fokakg neß nj lshd isáfha bfiâ w.hka ;SrKh lrk lñgqfõ lïue,slug fpdaokd lrñks’
wmg yß w.hka fokjkï meh 48ka fokak mq¿jka f,i flduidßiajrhd jrla fojrla lshd isáhd’ md¾,sfïka;=fõoS fï .ek weiQ úg tiaî weu;sjrhd lsõfõ m%Yakhla kE ,nk i÷od fokjd f,isks’ kuq;a taiu.u ,nk i÷od nE ;du wmg úia;r wdfj kE wdoS jYfhka W;a;r nekafoa flduidßiajrhdh’


යූ ටියුබ් හි ජනප්‍රිය වූ ගෙදර නැ‍ටුම් වීඩියෝ



 


hQ áhqíys ckm%shjQ
f.or kegqï úäfhda


,xldfõ mjq,l uj mshd mq;=ka fofokd yd ÈhKsh tlaù ksjfia id,fha isxy, .S;j,g kgk fï wmQre o¾Yk fm< fï Èkj, hQ áhqí udOHfha ckm%shù ;sfnkjd’

fuu ùäfhda i;rg Èk ;=kla ;=< hQ áhqí krUkakka 90000 la muK tlaj ;sfnkjd’ 

mjqf,a miafokd tlaù i;=áka lsishï kegqï yeoEÍul fmr mqyqKqùula ksjfia§ isÿ lrk njla fujdfha Èiajkjd’ 
kuq;a tys Tjqka ms<sn| úia;r lsisjla wkdjrKh jkafka kE’

fufia kgd i;=áka isák ,dxlsl mjq,la ±lSu jdikdjla nj hQáhqí m%;spdr olajkakka tys woyia m< lr ;snqKd’













my; m<jkafka tu ùäfhdajkah’


2004 සුනාමි ඛේදවාචකයේ සංවේදී වීඩියෝ කිහිපයක්




මේක කම්පියුටරේ පොඩි අවුලක් - එස්.බී


ජනාධිපතිතුමා අපි හැමෝටම බැන්නා 
2011 උසස්පෙළ ප්‍රතිඵලයන්හි දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් සහ දිවයිනේ ශ්‍රේණිගත කිර්ම් පිලිබඳ උසස් අධ්‍යාපන ආමාත්‍ය එස්.බී දිසානායක මහතා 
මාධ්‍යට අදහස් දක්වා තිබුනා. 

එතුමාගේ අදහස් පහතින් 
"අතිගරු ජනාධිපතිතුමා පෙරේදා අපි සියලු දෙනාටම බැන්නා..සියලු දෙනාටම බැන්න..ඉතින් පෙරේදා දවල් 1:30 වෙනකොට අපි නව සුත්‍රය ,නව ජ්‍යාමිතික සුත්‍රය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා..


ඉතින් ඒ සුත්‍රයට දාල මේක හදන්න ඕනා..අපි දන්නවා ඉසෙඩ් ස්කෝර් වල කිසි වරදක් නැහැ..ප්‍රතිඵල වල කිසි වරදක් නැහැ..දිස්ත්‍රික් රෑන්ක් කරනකොට කම්පියුටරේ පොඩි අවුලක් වෙලා තියෙනවා..ඒක හදයි.."

එහි වීඩියෝව පහතින්  

උසස්පෙළ ප්‍රතිඵල ශ්‍රේණිගතකිරීම් නිවැරදි කොට නැවත නිකුත් කරනවා


දිස්ත්‍රික් හා ජාතික කුසලතා ‍ශ්‍රේණි අවලංගු කෙරේ 
නිකුත්කරනලද උසස්පෙළ ප්‍රතිපලයන්හි  දිස්ත්‍රික් හා දිවයිනේ ශ්‍රේණිගත කිරීම් ගැටළු සහගත බව උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකොට තිබෙනවා.

උසස්පෙළ ප්‍රතිපල හා ඉසෙඩ් අගය දෝෂ රහිත බවත් ශ්‍රේණිගත කිරීම් නිවැරදි කරනලද ප්‍රතිපල නැවත නිකුත්කරන බවත් උසස් අධ්‍යාපන ලේකම් සුනිල් නවරත්න මහතා ප්‍රකාශකොට තිබේ.



විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත් නිදැල්ලේ


තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ඳ දේශපාලඥයා එජනිස ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බව වාර්තා වෙනවා. 

ඝාතනය සඳහා ඔවුන් පැමිණි වාහනයේ හිමිකරු අත් අඩංගුවට ගෙන ඇතත් ඝාතනයට සම්බන්ඳ දේශපාලඥයා මේ වනවිටත් අත් අඩංගුවට ගෙන නැත්තේ ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයකු වන නිසා බවයි වාර්තා වෙන්නේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද එල්ල වුනේද මොහුටයි. නමුත් දේශපාලන හිතවත්කම් මත ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූ අතර පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ලෙස තරඟකර සභාපති පදවියටද ඔහු පත්වුනා

උසස්පෙළ ප්‍රතිඵල ගැටළු සහගතයි!



10:51 am
දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් වල ගැටළුවක් තියෙනවා - එස්.බී

උසස්පෙළ ප්‍රතිඵල සහ ඉසෙඩ් අගයන්ගේ වැරද්දක් නොමැති බවත් නමුත් දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේදී ගැටළුවක් සිදුවී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි දිසානායක මහතා මිට සුලුවෙලාවකට ප්‍රථම මාධ්‍යට ප්‍රකාශකොට ඇත 


07:51 am
දිස්ත්‍රික් රෑන්ක් වැඩි සිසුන්ට වැඩි ඉසෙඩ් අගයක්!

2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට එක්කරනු ලැබුවා.මෙවර ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වුයේ විෂය නිර්දේශයන් දෙකක් යටතේ මෙවර විභාගය පැවැත්වූ නිසයි.

ඒ අනුව නව නිර්දේශයෙහි හා පැරණි නිර්දේශයන්හි ඉසෙඩ් අගයන් වෙන වෙනම ගණනයකොටත්,එම ඉසෙඩ් අගයන් එකම විභාගයක් සේ සලකා එකම ඉසෙඩ් අගයක් ලෙසත් වෙනම දත්ත වාර්තා දෙකක් විශේෂ කමිටුවක් වෙත පිලිගැන්වුනා.

ඒ අනුව ඔවුන් විසින් සකස් කරනලද සුත්‍රයට අනුව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ප්‍රථමයෙන් එය නීතිපති වෙත යොමුකරනු ලැබුවා.නීතිපතිගේ අවසරය ලැබීමෙන් පසුවයි ඊයේ දිනයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වුයේ.

නමුත් එම නිකුත්කරනලද ප්‍රතිඵලයේ ගැටළු සහගත තැන ඇති බව අප වෙත වාර්තා වනවා.
ඒ අනුව දිස්ත්‍රික්කයේ ස්ථානය අඩු අගයක් ගත සිසුන්ට අඩු ඉසෙඩ් ලකුනකුත් දිස්ත්‍රික්කයේ ස්ථානය වැඩි අගයක් ගත සිසුන්ට වැඩි ඉසෙඩ් අගයකුත් ලැබී තිබෙනවා.


පහත ප්‍රතිඵලවලින් එය වටහා ගත හැකයි. 

අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වේ


examresult
පසුගිය අප්‍රේල් මාසයේ දී පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ලබාදුන් උපදෙස් අනුව විභාග දෙපාර්තමේන්තුව මඟින් අද (25) නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ, නීතිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහත්වරුන් සමඟ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.

විභාග ප‍්‍රතිඵල කොළඹ සහ ජයවර්ධනපුර කලාපවල විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි ය.

පැරණි විෂය නිර්දේශය හා නව නිර්දේශයට අදාළ ප්‍රතිඵල අද දිනය තුළ අන්තර්ජාලයට එක්කරන අතර එම ප්‍රතිඵල http://www.doenets.lk/exam/ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව වාර්තාවේ.

කෙඩෙට් නිලධාරින්ගේ විසිරයාමට මාලදිවයින් ජනපති පැමිණේ


Sri Lanka Military Academy logo
දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය මඟින් පවත්වනු ලබන කෙඩෙට් නිලධාරි පාඨමාලා පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරින්ගේ විසිරයාම හා අධිකාරියට පත්කිරීමේ උත්සවයක් මාලදිවයින් ජනපතිගේ ප්‍රධානත්වයෙන් 27 වැනි දා පෙරවරු 9.00ට දියතලාව යුද හමුදා විද්‍යාපීඨ සරඹ භූමියේ දි පැවැත්වේ.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය මඟින් පවත්වනු ලබන අංක 72, 72-B, SC 18 C ස්වේච්ඡා 50 සහ කාන්තා නිලධාරි පාඨමාලා අංක 10 යටතේ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරින්ගේ විසිරයාම හා අධිකාරියට පත්වීම එහි දී සිදු කෙරෙනු ඇත.

ෆේස්බුක් තහනම් ද ?


ෆේස්බුක් හා තහනම් වෙබ් අඩවිවලට පිවිසෙන දරුවන් ඉන් වලක්වා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පවසනවා. 

අන්තර්ජාලයෙන් හා විවිධ මාධ්‍ය හරහා ළමා මනස විකෘති කරන විවිධ වැඩසටහන් පාලනය කිරීම සඳහා නීති රීති හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නා බව ඔහු පැවසුවේ දෙහිවල සත්ව උද්‍යානයේදී පැවැත්වූ උත්සව අවස්ථාවට සහභාගී වෙමින්.


 ඒ සඳහා වන මුලික තාක්‍ෂණික අධ්‍යයන කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක බවද, මේ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවද වාර්තාවන අතර ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධව නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතයි.

තංගල්ල ප්‍රදේශීය සභාවේ සභාපති බ්‍රිතාන්‍ය සංචාරයකු මරා දමයි


ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගජ මිතුරෙකුවන තංගල්ල ප්‍රදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්පකුමාර මහතා අද (25) උදැසන බි්‍රතාන්‍ය ජාතිකයකු ඝාතනය කොට මේ වනවිට සැගවී සිටී.
එම ඝාතනය සිදු කළ වහාම ජනාධිපතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසට ගොස් ඇති සභාපතිවරයා, තමාව බේරා ගන්නැයි ඉල්ලා තිබේ.
තංගල්ල ප්‍රදේශීය සභාපතිවරයා විසින් එසේ මරා දමා ඇත්තේ, රතුකුරුස සංවිධානයේ ගාසා තීරයේ සහන සේවකයකු වන කුරාම්ෂේක් නැමැති බි්‍රතාන්‍ය ජාතිකයකි.
නත්තල් සැමරීම සඳහා තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක මෙම බි්‍රතාන්‍ය ජාතිකයාද සහභාගි වී ඇත්තේ ඔහුගේ පෙම්වතියවන රුසියානු ජාතික සූරූපී තරුණියද සමඟය. තංගල්ල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාද ඔහුගේ ගෝලබාලයින් පිරිසක් සමඟ එම හෝටලයට පැමිණ බීමත්ව එම රුසියානු තරුණියට උසුලූ විසුලූ කරමින් ඇයට හිරිහැර කිරීමට උත්සාහ කර තිබේ.

රනිල් දිනවන්න මම පූජාවකුත් කළා - ඇමති මර්වින්


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අපල උපද්‍රව දුරුකොට, ඔහුට යළි පක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා තමා කැලණිය දේවාලයේ විශේෂ පූජාවක් සහ ශාන්ති කර්මයක් පැය 24ක් පුරා පැවැත්වූ බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පෙරේදා රාත්‍රියේ තම හිතවතුන් පිරිසක් සමඟ පවසා තිබේ.
'සෝම සාමි' විසින් සිදු කළ එම පූජාව සඳහා තම ඥාතියකුවන මලික් සමරවික්‍රම මහතා ආධාර කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා අත ගැසූ ප~ුරු රැගෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැමිණි බවත් විශේෂ පූජාවට ඔහුද සහභාගිවූ බවත් ඇමතිවරයා පවසා ඇත.

පවරාගත් කොළඹ සමාගම් ආරක්ෂක අමාත්‍යාංශයට.


ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ රජයට පවරා ගත් භාණ්ඩාගාර ලේකම්වරයා සතු කරන ලද සමාගම් තිස් හයෙන් කොළඹ පිහිටි ඉඩම් හා දේපළ ඇති සමාගම් පහක එම සමාගම් සඳහා පත්කර ඇති නිසි බලධාරීන් විසින් ඉටු කරනු ලබන ක්‍රියාකාරකම් මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට පවරා ඇත.
අමාත්‍යාංශය සතු බලතල හා කාර්යයන් සංශෝධනය කිරීම යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම පවරාදීම සිදුකර ඇත්තේ 2011 දෙසැම්බර් 14 දින දරන අංක 1736/23 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය.

පලාලි ගුරු විද්‍යාල භූමිය ආරක්ෂක අමාත්‍යාංශයට


අක්කර 54ක භූමි ප්‍රමාණයකින් යුත් පළාලි ගුරු විදුහල් භූමිය ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර සිටී.
යාපනය අර්ධද්වීපය තුළ පැවති ගුරු විදුහල් දෙකවන පලාලි ගුරු විදුහල සහා කෝපායි ගුරු විදුහල වෙනුවට මේ වන විට ඇත්තේ එම ගුරු විදුහල් ඒකාබද්ධ කර ආරම්භ කර ඇති එක් විදුහලක් පමණි. 1990 සිට සින්නවේලි මුත්තුතම්බි විදුහලට එම විදුහල ගෙන ගිය අතර මේ වන විට එහි කතෝලික ධර්මය පමණක් ඉගැන්වේ.

Share this article with your friends