කෘත්‍රිම පාද නිපදවන ලංකාවේ විශාලතම දේශීය කර්මාන්ත ශාලාව වන කළුතර කර්මාන්තපුරයේ ආවාස් ඉන්ටර්නැෂනල් සමාගම ආරම්භක අවධියේදී නිපදනවන ලද කෘති‍්‍රම පාද මෙලෙස ප්‍රමිතියෙන් තොර වූ බවද වාර්තා වෙයි.
Saturday, January 28, 2012
කෘත්‍රිම පාද ගැන පරීක්ෂණය යටගසයි
පටපිළිකන්ද හෝටලයට නැවත දේශපාලන බැල්ම
බෞද්ධාලෝක ඉඩමේ ඉදිකිරීම් ගැන පෙත්සමක්
ජනවාරි 25 දින මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛම්වරයා, පොලිස්පතිවරයා, ඉදිකිරීම් සිදුකරන සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා හා කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා නම් කර ඇත.
වරුණ මධුශංකගේ විවාහ ලියාපදිංචිය
ලංකාවේ හිඟන්නෙක් වුනත් කමක් නෑ බඳිනවා- පූජා
දකුණු ඉන්දීය සිනමාවේ ප්රමුඛ නිළියක් වූ පූජා උමාශංකර් ඉන්දීය චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයත් සමඟයි.
එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු "ආසයි මං පියාඹන්න", "යහළුවෝ" හා "සුවඳ දැනුනා ජීවිතේ" යන චිත්‍රපටවලටද සම්බන්ධ වුණා. ඉන් පසු ඇය රංගනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියත් බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කුස පබා” චිත්‍රපටයට රංගනයෙන් සම්මාදන් වුණා.
කුසපබා ච්ත්‍රපටයේ රඟ පෑ පූජා උමාශංකර් විවාහ වීමට ලංකාවේ අයෙක්ම හොයන බව වාර්තා වෙනවා.
මේ පිළිබඳව ඇය විසින් පවසා ඇත්තේ ලංකාවේ කෙනෙක් නම් හිඟන්නෙක් වුවද කමක් නැති බවයි.
ඇය මේ බව පවසා තිබෙන්නේ දිවයින පුවත් පතේ මීවිත අතිරේකයටයි.
දැන් බඳින්න කාලය ඇවිත්ලු. විවාහයට සුදුසු කෙනා හමුවුනාද?
එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු "ආසයි මං පියාඹන්න", "යහළුවෝ" හා "සුවඳ දැනුනා ජීවිතේ" යන චිත්‍රපටවලටද සම්බන්ධ වුණා. ඉන් පසු ඇය රංගනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියත් බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කුස පබා” චිත්‍රපටයට රංගනයෙන් සම්මාදන් වුණා.
කුසපබා ච්ත්‍රපටයේ රඟ පෑ පූජා උමාශංකර් විවාහ වීමට ලංකාවේ අයෙක්ම හොයන බව වාර්තා වෙනවා.
මේ පිළිබඳව ඇය විසින් පවසා ඇත්තේ ලංකාවේ කෙනෙක් නම් හිඟන්නෙක් වුවද කමක් නැති බවයි.
ඇය මේ බව පවසා තිබෙන්නේ දිවයින පුවත් පතේ මීවිත අතිරේකයටයි.
දැන් බඳින්න කාලය ඇවිත්ලු. විවාහයට සුදුසු කෙනා හමුවුනාද?
ලංකාවට හඳුන්වාදුන් ස්මාර්ට් මීටර් ක්‍රමය
මෙමඟින් තමන්ගේ විදුලි පරිභෝජනය පිළිබඳ පැයෙන් පැය දත්ත ලබාගත හැකි අතර ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය හරහා අන්තර්ජාලයට ඇතුළුවී එම මොහොතේ ඇති තමන්ගේ බිල්පත බලාගැනීමටද හැකි වෙනවා.
විදුලි කාන්දුවක් වැනි අවස්ථාවකදී ස්මාර්ට් මීටරය මඟින් විදුලි ආයතනය වෙත දත්ත ලබාදෙන අතර එවැනි හදිසි අවස්ථාවකදී ක්ෂණිකවම එස් එම් එස් පණිවුඩයක් මඟින් පාරිභෝගිකයා දැනුවත් කිරීමට පහසුකම් තිබෙනවා. තවද අවශ්‍ය නම් විදුලි ආයතන හරහා ස්මාර්ට් මීටරයට විධානයක් ලබාදී විදුලිය විසන්ධි කිරීමටද පුළුවන.
ස්මාර්ට් මීටරය ක්‍රියාත්මක වන්නේ පහත ආකාරයටයි
නැගෙනහිර උදානයේ මහා අඳෝනාව - කුසල් පෙරේරා
''අපේ දාඩියෙන් හම්බ කළ සල්ලි වලින් තමයි ඇඹිළිපිටය පටන් ගත්තේ....යුනියන් ප්ලේස් හෙඩ් ඔෆීස් බිල්ඩිම හැදුවේ....දැන් ඒවා සේරම විකුණලා, ඒ සල්ලි වලින් ආණ්ඩුව කාලා බීලා ඉන්නවා...අපේ පවුල් බඩගින්නේ...''
''අවුරුද්දකට දෙකකට කලින් ආණ්ඩුව ගම්පහින් මහත්තයෙක් පත් කෙරුවා සභාපති කියලා....එයා වැඩකට නැති බොයිලේරුවක් ඉන්දියාවෙන් ගෙන්නුවා ලක්ෂ 320 ට විතර....සමිති වලින් අපි කිව්වා ඒක වැඩක් නැහැ කියලා....ඒක දැන් අට්ටාලයක් උඩ තියෙනවා...ඒ සල්ලි වලින් අපේ වන්දි මුදල් දුන්නා නම්, ඊට වැඩිය ලාබයි.''
ත්‍රස්තවාදී බිල්ලාගෙන් ඔබට ගැලවීමක් නැත - ගාමිණී වියන්ගොඩ
ගිනි හට ගැනීම නැති කිරීමේ ක්‍රමයක් ඇතොත්, ගිනි නිවන හමුදාවක අවශ්‍යතාව නැති වෙයි. එවැනි සොයා ගැනීමක් නැති තාක් කල්, සාමාන්‍ය වශයෙන් නිතිපතා වැඩ නැතත්, ගිනි නිවන හමුදාවකට පඩි ගෙවිය යුතුය. නඩත්තු කළ යුතුය. හේතුව, ගින්නක් ඇති වීමේ විභවය කිසි නිශ්චිත මොහොතක අහෝසි කළ නොහැකි බැවිනි.
ගැලවිජ්ජාව - රංජිත් හේනායකආරච්චි
වසර 25ක් තිස්සේ පැවති ජනවාර්ගික යුද්ධය විශාල මිනිස් ඝාතනයක් තුළින් අවසන් කළායින් පසුව ලංකාවේ රජය සහ හමුදාවන් වෙතට ජාත්‍යන්තරයේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල ඇඟිල්ල දිගුවිය. එම ජාත්‍යන්තර ප්‍රජාව එතුළින් මතු කළ ප්‍රශ්න ගණනාවකි.
පාතාලය නැසීමේ පාතාල චින්තනය - කේ. ඩබ්ලිව්. ජනරංජන
මාමයිට් බෝතලයෙන් ඇරඹුණු දිවි සුරකින විප්ලවය - නාලක ගුණවර්ධන
පසුගිය දෙසතිය පුරා මේ කොලමින් මා සම්පිණ්ඩනය කළේ නව නිපැයුම් කරන්නට යොමු වන, අසම්මත විදියට හිතන මානවයන්ට ඉතිරිව තිඛෙන තාක්ෂණික, සමාජයීය හා වෙළෙඳපොළ අභියෝග ගැනයි. ඒ සඳහා මා පාදක කරගත්තේ ඉන්දියාවෙන් පැමිණ මෙරට නව නිපැයුම්කරුවන්ට උපදෙස් හා දිරිගැන්වීම් ලබා දුන් ආචාර්ය අනිල් කුමාර් ගුප්තගේ අදහස්.
හොඳ සිහියට එන්නට කාලය පැමිණ තිබේ - තිසරණී ගුණසේකර - පරිවර්තනය : හේමන්ත රණවීර
එල්ටීටීඊය පරදවා ලැබූ මින්පෙර නුවූ ජයග්රහණයෙන් පසු මින් පෙර නූවූ අයහපත් සිදුවීම් රැසක් ඇතිවෙමින් තිබේ. බලය අයථා ලෙස යෙදවීම නම් ශ්‍රී ලංකා දේශපාලනයට අලූත් දෙයක් නොවේ. එහෙත් පාලක පවුලේ දේශපාලනය හෙංචයියන් ඇති කළ වර්තමාන අපරාධ රැල්ල නූතන ලංකාවේ මින් පෙර ඇති නූවු තත්ත්වයකි. යුද ගැටුම් සමයේ භීතියක් තිබීම අසාමාන්‍ය දෙයක් නූවු නමුත් මේ අපරාධ රැල්ල නැගී එන්නේ සාමකාමී සමයේය.
ලංකාව තුළ කෙදිනක හෝ රජයේ නිලධාරියකු ප්‍රසිද්ධියේ ගස් බැඳ තිබුණේද? එකම දේශපාලන පක්ෂයේ කල්ලි දෙකක් ජනාකීර්ණ මංසන්ධියක සිවුදෙනකුට මරු කැඳවමින් තුවක්කු භාවිත කළ අවස්ථා මින් පෙර නොතිබුණි. මින් පෙර ශ්‍රී ලංකාවේ කිසිදාක දේශපාලනඥයකු නිරායුධ පුද්ගලයකු මරා දමා කාන්තාවක සමූහ දූෂණයට ලක් කර තිබුණේද? එසේ මැරුම් කෑ අය ශ්‍රී ලාංකිකයන් වී නම් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප 2010 ජනාධිපතිවරණයේදී වයසක කාන්තාවක මරා බේරී ගිය ලෙසම බේරෙන්නට ඉඩ තිබුණි. උසස් පෙළ ප්‍රතිඵල අවුල මින් පෙරවූ හෙජින් ගනුදෙනුව, බාල ඉන්ධන ගෙන ඒම වැනිම පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් නිසා සිදුවූවකි.
අද ''ඉරි තැලීම''නොහොත් හෙට දවසේ බලාපොරොත්තුව - කුසල් පෙරේරා
එවැනි උන්මත්තකයෙකු නැති නම්, අඩුම තරමින් ''දවල් හීන'' දකින්නෙකු ''රාවය'' හිතවතුන් අතර ඇති දැයි නොදනිමි. එනිසා කල් නොමරා, ඒ කාර්යයට බසින්නට සිතුනි. මේ, ඒ වෙනුවෙන් කෙරුනු දළ ගණන් බැලීමකි.
පින්නවල අලි ඇතුන් මිතුරන් අතරේ පමණයි
පසුගිය වසර වනවිට පින්නවල අලිඅනාථාගාරයේ අලි ඇතුන් 12කගේ අයිතිය හිතවත්කම් මත පවරා දී ඇති බව පරිසර සංරක්ෂණභාරය ප්‍රකාශ කර සිටි. ජා-ඇල ප්‍රදේශයේ විනෝද මධ්‍යස්ථානයකද පින්නවල අලිඅනාථාගාරයෙන් රැගෙන ගිය අලියෙකු නීති විරෝධී අන්දමින් රඳවාගෙන සිටි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම නිධාරියෙකුට හා හම්බන්තොට දිස්ත්‍රික් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇතුන් දෙදෙනකු ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේග 2011.05.25 දරන ආන්දෝලනාත්මක ගැසට් පත්‍රිකාව පදනම් කරගනිමින් මෙසේ පින්නවල අලිඅනාථාගාරයේ සිටින අලිඇතුන් පෞද්ගලික අංශයට ලබාදිම ආරම්භ කර ඇත.
ජනාධිපතිගේ 13ට වැඩි විසඳුම - සන්ධානයේ පක්ෂවල පොදු තීරණයක් නෙවෙයි - ආණ්ඩුපක්ෂ නියෝජිතයෝ කියති
ජාතික හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා ප්රජාතන්ත්රවාදී වාමාංශික සන්ධානය යන ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂ කිසිවක් ජනාධිපතිවරයා ලබාදෙන බව ප්‍රකාශ කරන 13න් ඔබ්බට ගිය විසඳුමේ ස්වභාවය පිළිබඳ දැනුවත් භාවයක් තමන්ට නොමැති බවද ප්‍රකාශ කරති.
රිසානා බේරාගන්න ආණ්ඩුව උත්සාහ කළේ නැහැ - රංජන් රාමනායක
රිසානා නෆික් නමැති 17 හැවිරිදි දැරිය 2005 දී ව්‍යාජ ලේඛන සකසා සෞදියේ ගෘහ සේවයට යැවීම සම්බන්ධයෙන් චුදිතයන් දෙදෙනකුට වසර දෙක බැගින් සිරද~ුවම් සහ රු. 60,000 බැගින් දඩයක් ගෙවීමට අධිකරණය දුන් තීන්දු අරබයා අප කළ විමසුමේදී රාමනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන්ට නීතීඥවරුන්ට හා වෛද්‍යවරුන්ට රටේ නීතිය අදාල නොවේ
කොළඹ එජාප මන්ත්‍රීවරු 6ක් ජරාවකාලා
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාව ඊයේ පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලය කැඳවා තිබේ.
පක්ෂයට එරෙහිව ඡන්දය දුන් එජාප මන්ත්‍රීවරුන් පිළිබදව සොයාබලා වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නැයි වික්‍රමසිංහ මහතා එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතාට දැනුම්දි ඇත.
පා.ම. අනුර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලැබූ ප්රශ්නය
ගරු කතානායකතුමනි,
ගොවි ජනතාව රටේ ජාතික නිෂ්පාදනය වෙනුවෙන් දරනු ලබන දායකත්වය අති විශාලය. විශේෂයෙන්ම ජනතාවගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් ඔවුන්ගේ කාර්යභාරය මිල කළ නොහැකිය. එම කාර්යය ඉටුකිරීමේදී ගොවි ජනතාව මුහුණ දෙනු ලබන ගැටලූ අතිමහත්ය. ගුණාත්මක බීජ නොමැතිකම, අධික නිෂ්පාදන වියදම, සාධාරණ මිලකට අලෙවි කරගැනීමට නොහැකිවීම, ඒ වගේම විටින් විට ඇතිවන නියඟය, ගංවතුර වැනි ස්වභාවික විපත් ඔවුන් විශාල පීඩාවකට පත්කරයි. ඔවුන්ට සේවා මුරයක් නැත. බොහෝ විට දවසේ පැය 24 ම ඔවුන්ගේ සේවා මුරයයි. ඇෙඟ් වීර්යය හා හිතේ ධෛර්ය තිබෙන තුරු ඔවුන් වැඩ කළ යුතුය. ඔවුන්ට නියමිත විශ්‍රාමික වයසක් නැත. එසේ වන්නේ ඔවුන්ගේ එකම ජීවන මාර්ගය ගොවිතැන වීමත් එයින් ලබන ආදායම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමටත් ප්‍රමාණවත් නොවීමයි.
ගොවි ජනතාව රටේ ජාතික නිෂ්පාදනය වෙනුවෙන් දරනු ලබන දායකත්වය අති විශාලය. විශේෂයෙන්ම ජනතාවගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් ඔවුන්ගේ කාර්යභාරය මිල කළ නොහැකිය. එම කාර්යය ඉටුකිරීමේදී ගොවි ජනතාව මුහුණ දෙනු ලබන ගැටලූ අතිමහත්ය. ගුණාත්මක බීජ නොමැතිකම, අධික නිෂ්පාදන වියදම, සාධාරණ මිලකට අලෙවි කරගැනීමට නොහැකිවීම, ඒ වගේම විටින් විට ඇතිවන නියඟය, ගංවතුර වැනි ස්වභාවික විපත් ඔවුන් විශාල පීඩාවකට පත්කරයි. ඔවුන්ට සේවා මුරයක් නැත. බොහෝ විට දවසේ පැය 24 ම ඔවුන්ගේ සේවා මුරයයි. ඇෙඟ් වීර්යය හා හිතේ ධෛර්ය තිබෙන තුරු ඔවුන් වැඩ කළ යුතුය. ඔවුන්ට නියමිත විශ්‍රාමික වයසක් නැත. එසේ වන්නේ ඔවුන්ගේ එකම ජීවන මාර්ගය ගොවිතැන වීමත් එයින් ලබන ආදායම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමටත් ප්‍රමාණවත් නොවීමයි.
සුදුවෑන් කල්ලියට ගෑස් කාමර ක්‍රමයක්
සුදුවෑන් මගින් පැහැරගන්නා පුද්ගලයන් මරා පුලූස්සා දැමීම සඳහා විශේෂ ගෑස් කාමරයක් සහිත වාහන කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැරිසරමින් සිටින බව ‘ජනරළ’ පුවත්පත වාර්තා කරයි. ආදාහනාගාර සඳහා භාවිතා කරන, මෘතදේහ පුලූස්සා දමන ගෑස් කාමරයක් විශේෂ වාහනයකට සවිකර මෙලෙස සැරිසරමින් තිබේ. පසුගිය කාලවකවානුව පුරා සුදුවෑන්වලින් පැමිණ පැහැරගත් විශාල පිරිසක් මෙම ගෑස් කාමර භාවිතා කර විනාශ කර දමනු ලැබ ඇත.
මර්වින්ට දෙන දඩුවම ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් මතගැටුමක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය ආසන සංවිධායක අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව පක්ෂ ලේකම්වරයා වෙත ලැබි තිබෙන පැමිණිලි බොහෝමයක් මේ වනවිට සනාථ වි ඇති බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහුට ලබාදෙන දඩුවම පිළිබදව පක්ෂයේ නායකයින් අතර මතභේදයක් හටගෙන තිබෙන බවත්, එම පක්ෂ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
මර්වින් සිල්වා ඇමතිවරයාට පැහිදිලිව පෙනෙන දඩුවමක් ලබාදීමෙන් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් විශාල ජනතා ප්‍රසාදයක් හිමිවන බව ශ්‍රී ල.නි.ප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, භාන්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහතාගේ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අදහස වුවද ජනාධිපතිවරයා මේ දක්වා එයට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.
ජීනිවා: රාජපක්ෂ සහායට සිරියාව කැදවයි
ජීනීවා හි ශ්‍රී ලංකා කාර්යාලයට මෙම රැස්වීම ඉව වැටීමෙන් පසු එය නතර කරවීමට උත්සාහ ගණනාවක් දරන ලදී. එම උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු මෙම සාකච්ජා සභාවේ ඹත්තු බැලීමට ජිනීවාහි සිරියානු තානාපති කාර්යාලය එම රැස්වීමට අනාරාධනයෙන්ම සහභාගි කරවන ලදී.
ඕස්ටේ්රලියානු සංචාරයට නායකයෙක් නැතිව අශන්ත ලතවෙයි
පරණ කි‍්‍රකට් තේරීම් කමිටුව විසුරුවා හැර නව තේරීම් කමිටුවක් පත් කිරීමත් සමඟ එහි සභාපති ධූරයටපත් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඥාතී අශන්ත ද මෙල් මහතා පරණ යාළු මිත්‍රකම් අලූත්කර ගැනීමේ දුරකතන ව්‍යාපාතියක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඔහු පසුගිය දින කිහිපයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහලම නිලධාරියාගේ සිට තේ අල්ලන කොළුවා දක්වාම දුරකතන ඇතුම් ලබාගෙන ඇති බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ අතර, ඕස්ටේ්රලියානු සංචාරයේ නායකත්වය ලබාදීමේ අභියෝගයට මුහුණදී සිටින අශන්ත ද මෙල් මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර යන දෙදෙනාගෙන්ම නැවත නායකත්වයට යෝජනා කළ හොත් එය බාරගන්නේදැයි විමසා අතැයි පැවසේ.
ජනාධිපති ලේකම් ඉවත් කිරීම කොට උඩ
ලලිත් වීරතුංග මහතා ඉවත් කොට අමරසේකර මහතා පත් කර ගැනීමට වඩාත් අවශ්‍ය වී ඇත්තේද ජනාධිපති ආර්යා ශිරන්ත රාජපක්ෂ මහත්මියට බව වාර්තාවේ. අමරසේකර මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ව සිටියදී එම අමාත්‍යාංශය පාලනය කරනු ලැබුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසිනි. එකල මහාමාර්ග අමාත්‍යාංශයේ විසින් සිදු කළ මහා පාරිමාණ ව්‍යාපෘති සියල්ල ඇය විසින් ඩිල්ශාන් වික්‍රමසිංහ මහතාට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පවරා තිබිණ. ඩිල්ශාන් වික්‍රමසිංහ යනු ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ පුත්රයාවේ. නිශාන්ත වික්‍රමසිංහ මහතා මේවනවිට ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
ගෝඨාගේ මුදල්, දිලිත් හරහා සංචාරක ව්‍යාපාරයකට
ඒ අනුව දිලිත් ජයවීර මහතා සහ රේනෝද සිල්වා මහතා විසින් පසුගිය දා හික්කඩුවේ කාමර 600කින් යුත් Citrus Leisure ඛැසිමරු හෝටලය මිලදී ගෙන ඇත. එසේ ඔවුන් විසින් මිලදී ගනු ලැබූ හෝටලය විවෘත කරනු ලැබුවේ ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.
ආණ්ඩුව ඇතුළේ 'ඉඟුරු කල්ලියක්'
චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය හෙබ වූ සමයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ සිටි පිරිසක් මෙලෙසම 'ඉඟුරු කල්ලිය' නමින් සංවිධානයක් පිහිටුවාගෙන පක්ෂ නායකත්වය වෙත බලපෑම් කරනු ලැබීය. එකළ 'ඉඟුරු කල්ලියේ' කැඳවුම්කරු වූයේ ඩිලාන් පෙරේරා මහතාය.
වත්මන් ඉඟුරු කල්ලියට ඇමතිවරුන් ඇතුලත්ව නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහය ඔවුන් වෙත ලැබී තිබේ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතාට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සංවිධානයට එක්කරගෙන නොමැත.
වීරකුමාර දිසානායක සම්ප්‍රදායික කර්මාන්ත අතහැර කුඩා ව්‍යවසායකයකට අතගසයි
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගම්පලාතේ සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයකල දැකුම්කලූ යුවතියක් තම රාජකාරී කටයුත්තක් සඳහා උදව්වක් ලබාගැනීමට නියෝජ්‍ය අමාත්‍යවරයා මුණගැසී තිබේ. පළමු දැකුමෙන්ම ඇය පිළිබදව තුටුපහටු වූ අමාත්‍යවරයා, ඇය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත්වන්නේනම් තමන්ගේ පෞද්ගලික ලේකම් පදවියක් පිරිනැමිය හැකි යැයි පවසා ඇති අතර ඇයද එකෙනෙහිම නියෝජ්‍ය ඇමතිවරයාගේ යෝජනාව පිලිගෙන තිබේ.
මෙම යුවතිය සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය නියෝජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට එකතුවන්නේ ඒ ආකාරයටය. ඇය කොතරම් කාර්යක්ෂමකව තම රාජකාරිය ඉටුකලේද යත්, තුටුපහටු සිත් ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 115 කට බත්තරමුල්ලේ අකුරේගොඩ පිහිටි නිවසක් ඇයගේ නමින් මිලදී ගෙනදෙයි.
කපිතාන් භාරත කුලියට මිනීමරන කොන්ත්‍රාත් අරන්
මාතර යුද හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරි කපිතාන් භාරත කොඩිතුවක්කු මහතා දේශපාලන අවශ්‍යතා මත කුලියට මිනීමරන්නෙකු බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. පසුගිය 19 වනදා අපගේ වෙබ් අඩවියෙහි ‘‘බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනය කිරීමට පැමිණි එස්.ටී.එෆ් මැරයින් මාට්ටු’’ යන ශිර්ෂයෙන් යුතු ප්‍රවෘත්තිය පළවීමත් සමග කපිතාන් භාරත කොඩිතුවක්කුගේ රහස් තොරතුරු රාශියක් අප වෙත ලැබී තිබේ.
බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනය කිරීමට පැමිනියේ පොලිස් විශේෂ කාර්යය බලකායේ සෙබලූන් සිව්දෙනකු බවට අප විසින් පළකළ ප්‍රවෘත්තියෙහි සඳහන් විය. එහෙත් එම සිද්ධියට එස්.ටී.එෆ් කිසිවෙකු සම්බන්ධ නොමැති බවත්, බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනය කිරීමට සිව්දෙනෙකු එවා ඇත්තේ මාතර යුද හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරී මේජර් භාරත කොඩිතුවක්කු මහතා විසින් බවත්, පොලිස් විශේෂ කාර්යය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත අනාවරනය කළේය.
Subscribe to:
Posts (Atom)