නව ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අවසර දෙන්නැයි, උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා මෝසමක් ගොනු කරමින් කළ ඉ
ල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඊයේ ප්‍රතික්ෂේප කළේය. සරසවි වලට සිසුන් බඳවා ගැනීමට උසස් අධ්‍යාපන ඇමැතිට අයිතියක් නැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එම මෝසම ගොනු කර තිබුණේ මඤ්ඤං ප්‍රතිඵල නිකුත් කරමින් 2011 වසරේ පැවැත් වු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වැරදි බව පවසමින් සහ එම ප්‍රතිඵලය අහෝසි කරන ලෙස ඉල්ලා සිසුන් 16 දෙනෙකු සහ ලංකා ගුරු සංගමය ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර එහි තීන්දුව දීමට දින නියම කර තිබියදීය.
ප්‍රතිඵල වැරදි බවට වූ නඩුව ජනවාරි 23 වැනිදා ගොනු කර මැයි 10 වැනිදා විභාගයට ගෙන ඇති බව පැවසූ අධිකරණය සඳහන් කළේ, කිසියම් අදහසක් ප්‍රකාශ කිරිමට තිබුණේ නම් ඒ අතරතුර කාලයේදී ඊට ඉදිරිපත්වීමට උසස් අධ්‍යාපන ඇමතිවරයාට අවකාශ තිබූ බවයි.
එසේ නොකර නඩුවේ තීන්දුව සඳහා දින නියම කර තිබියදී මෙවැනි මෝසමක් දැමීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට කිසිදු බලයක් නොමැති බව විනිසුරු මඩුල්ල පැවසීය.