Chitika Smowtion 468x60


Monday, March 12, 2012

කොළඹ කොටස් වෙළඳ පොලෙහි මේ දින වල සිදුවෙන අංක මැජික් වංචාව තාක්ෂණික ගේමක්ද?


පසුගිය දින කිහිපය තුලදී කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවූ විවිධ වංචා සිද්ධීන් පිළිබඳ අප විසින් වාර්තා කරනු ලැබුවා.

නමුත් දැනටත් එවාහි අඩුවක් දකින්නටද නැත. තව දුරටත් මෙහි සිදුවන වංචා පිළිබඳවත් සිදුවුනු වංචා පිළිබඳවත් අපගේ පාඨකයින් දැනුවත් කිරීමට මෙවැනි ලිපි ඵල කිරීමට බලාපොරොත්තු වෙමු.

පසුගිය මාසයේ කොළඹ කොටස් හුවමාරුව සඳහා අළුතින් මෘදුකාංගයක් හඳුන්වාදෙනු ලැබුවා. මෙය නිර්මාණය කර තිබුනේ Millenium IT (මිලේනියම් අයිටී) (ලන්ඩන් කොටස් වෙළඳපොළට අයිති ශ්‍රී ලාංකීය සමාගමක් ) නැමැති සමාගමක් වන අතර මෙය හඳුන්වාතිබුනේ Automated Trading System 7 නොහොත් ATS 7 යන කෙටි නාමයෙනි.

දිනකට රුපියල් බිලියන එකකට වැඩි ප්‍රමාණයක් හෝ කිහිපයක් වටිනාකමින් යුතු කොටස් හුවමාරු වුවද මෙම මෘදුකාංග පද්ධතිය සවිකල දිනයේ පටන් දිනකට රුපියල් බිලියනයකින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් දැනට දිනකට හුවමාරු වේ. තවද එම ආයතනය විසින් ලන්ඩන් නුවර කොටස් වෙළඳ පොළටද මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දී ඇති අතර එදින පටන් එම කොටස් හුවමාරුවේද යම් යම් පද්ධති දොෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත. 

සුප්‍රීම් කෝට් එකටත් මේජර් ජනරාල්ලා පත් නොවුණොත් පුදුමයි


ඇතැම් විනිසුරුවන් තනතුරේ ගරුත්වය කවරක්දැයි නොදන්නා බව හිටපු මහාධිකරණ විනිසුරු පී.බී. වරාවැව මහතා අප්වසනවා. ඔහු එසේ පැවසූවේ පසුගියදා කොළඹදී පැවති උපහාර උළෙලක් අමතමිනි.

හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැවට උපහාර දැක්වීම වෙනුවෙන් තරුණ නීතිවේදීන්ගේ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

උපහාර උළෙල අමතමින් හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ටී. එම්.පී.බී. වරාවැව මෙසේ පැවසීය.

"දැන් මේ විනිශ්චයකාරවරුන්ට එහෙම ආත්ම ශක්තියක් නැහැ. තමන් ඒ තනතුරේ ගෞරවය කියන්නේ, මොකක් ද කියලා දන්නේ නැහැ. ස්වාධීනත්වය දන්නේ නැහැ. සාධාරණත්වය දන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ, මොන දේවාලේ හරි වැදලා තමන්ගේ කාර්ය කරගන්න තමයි ඒ ගොල්ල බලන්නේ, විනිශ්චයකාරවරයෙක් තුළ සාධාරණත්වය කියන දේ ඇතුළේ තියෙන්න ඕන ඒ සාධාරණත්වය කියන එක නැත්තනම් කොහොමටවත් අනෙක් මිනිස්සුන්ට සාධාරණත්වයක් ඇති වෙන්නේ නැහැ. අවංකභාවය තියෙන්න ඕන. නිර්භීතභාවයක් තියෙන්න ඕන.

පාර්ලිමේන්තු රැස්වීම් සජීවී විකාශය ඉදිරියේදී


කථානායක චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක පවසනවා.

මේ වන විට වෙනත් රටවල පාර්ලිමේන්තු රැස්වීම් සජීවිව සිදුකරන අතර ඒවා පිළිබද අධ්‍යයනය කරමින් සිටිනවා. එම සජීවි විකාශනය සඳහා වෙනමම රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරනවා ද නැතිනම් දැනට කි‍්‍රයාත්මක රූපවාහිනී නාලිකාවක් ඔස්සේ එය විකාශනය කරන්නේද යන්න පිළිබද අවසන් තීරණයක් තවමත් ගෙන නැහැ.

වැලිකඩ ෆැෂන් ෂෝ අතරේ කාන්තාවන්ට අතවර



පසුගියදා පැවති කාන්තා දිනයට සමගාමීව වැලිකඩ බන්ධනාගාරයේ විලාසිතා දැක්මක් පැවැත්වුණා. අත්අඩංගුවේ සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනියන් ඇතුළු සුරූපී කාන්තා රැඳවියන් පිරිසක් මේ සඳහා සහභාගී වුණා. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියයි.

මෙම නිරූපණ තරඟයට පුහුණු කිරීමේ මුවාවෙන් බන්ධනාගාරයේ ජේෂ්ඨ නිළධාරීන් දෙදෙනෙක් විසින් අත්ඩංගුවේ සිටි සුරූපී කාන්තා රැඳවියන් පිරිසක් අ
වශ්‍ය ලෙස ස්පර්ශ කරමින් ලිංගික අතවරයට ලක් කර ඇති බව වාර්තා වෙනවා. 
ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිණියන් ඇතුලු පිරිසක් මෙම සිද්ධියට මුහුණපා තිබෙනවා. මෙම කාන්තා රැඳවියන් පිරිස නිරූපණ තරඟයට ඉදිරිපත් කිරීමට පෙර එම නිරූපණ තරඟ පුහුණුවීම් කර ඇත්තේ අදාල බන්ධනාගාර නිළධාරියා හා තවත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසිනි.

ජනපති පාපන්දු ගහපු හැටි


එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ, දේශපාලන නායකයන් ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සඳහා පසුගියදා දියතලාව හමුදා පුහුණු පාසලේ වැඩමුළුවේදී පැවැත්වුණා. 

"අපේ ගමන" ලෙස නම්කර තිබූ ඒ එම වැඩමුළුවට සමගාමීව ක්‍රීඩා ඉසව් ද පැවති අතර එහිදී ජනාධිපතිතුමා පාපන්දුවකට පහර දීමට සැරසුනේ මෙලෙසින්.

නිර්මලාට "හඬ" දෙන්න ඔබත් දායක වන්න


ඇය කිසිදු හඬක්‌ නොනගා අපට "සුබ උදෑසනක්‌ වේවා" යි කීවාය.
මෙය හතර බීරී කථාවකැයි ඔබට සිතෙනු ඇත.

සත්තකින්ම......
එය එවැනි කථාවක්‌මය. ඇය බිහිරිය. නැතිනම් ශ්‍රවණාබාධිතය. එනිසාම ඇය කථා කිරීමට නොදන්නීය. තේරෙන භාෂාවෙන්ම කියයි නම් ගොළුය.
ඇය අපට සුබ උදෑසනක්‌ වේවායි කීවේ හස්‌ත භාෂාවෙනි. තමන්ට ඇවැසි දේ කියන්නට ඇය දෑත් ඇඟිළි ඒ මේ අත නෙක අයුරින් විහිදන්නීය.

එය මට පෙනුනේ පිච්ච මලක්‌ සුළඟේ නැලවෙන්නාක්‌ මෙනි. පිච්ච මලට හඬක්‌ නැත. නමුත් එය හැඩෙන් අඩු නැත. ඔහේ සුළඟේ වැනෙමින් සුන්දරත්වයේ, සියුමැලි බවේ, අහිංසක දඟකාර බවේ සුවඳ කැවූ කථාවක්‌ නිහඬව කියයි.
ඇයද පිච්ච මලක්‌මය. දෛවය විසින් ඇයට හඬක්‌ දී නැතිද, එයට ද හිලව් වන්නට මෙන් රුව දී ඇත. ලැ-ජාව මුසුවූ බැල්මකින් අපේ පැමිණීමට සිනහවකින් ස්‌තුති කරන අතරම ඇය, ගෙදර බඩපිස්‌සියට හිමි අහිංසක දඟකාර බවකින් අක්‌කලා සහ අම්මාට තමන්ගේ භාෂාවෙන් මොනවාදෝ පවසන්නීය. සුළඟේ වැනෙන පිච්ච මලත්, හස්‌ත භාෂාවෙන් කථාකරන ඇයත් අතර වෙනස කිම...

අපට අවැසි නුදුරේම දිනයක මේ "පිච්ච මල" අපට ඇගේ හඬින්ම "සුබ උදෑසනක්‌ වේවා" යි කියනු ඇසීමටය.

කුවේට් තානාපතිතුමා තවමත් නිහඬයි - ජනපති නන්දා මාලිනිය අමතයි


පසුගිය පළමු වැනිදා අපේ අග‍්‍රගණ්‍ය කලාකාරියක වූ නන්දා මාලිනියට කුවේට් ගුවන්තොටේ දී සිදුකළ අපහාසය පිළිබඳ පුවත් මේ දිනවල සෑම මාධ්‍යයකම පාහේ පළවෙමින්, ඇසෙමින් ඇති බව කාහටත් නොකිවමනාය. 

මෙම සිදුවීම පිළිබඳව සියල්ලන්ට ම ඇත්තේ කුතුහලයක් පමණි. ඒ නම් මෙවැනි මහා අපහාසයකට මුලපිරුවේ කව් ද ? ඒ කුමකට ද යන්නය. 

නන්දා මාලිනිය මාධ්‍ය වලට පවසා තිබුණු අන්දමට මෙම "ඔබයි රම්‍ය සඳ කිරණ" ප‍්‍රසංගය පැවැත්වීමට එම සංවිධායකයින් කටයුතු යොදා තිබී ඇත්තේ කිසිදු හව්හරණක් නැතිව කුවේටයේ අතරමං වී සිටින අහිංසක කාන්තාවන් පිරිසක් අපේ මව්බිමට ගෙන්වා ගැනීමට හා සාමණේර භික්ෂූන් වහන්සේලා 55 නමකට ශිෂ්‍යත්ව පිරිනැමීම උදෙසාය. මෙහි අරමුණ ඉතා අගය කොට සැලකිය යුත්තකි. 

වතුපිටිවල රෝහලට අනුර දැක්වූ දායකත්වය වසන් කිරීමේ නියෝගයක්


වතුපිටිවල මූලික රෝහලේ අලුතින් ඉදිකළ අනුර බණ්ඩාරනායක අනුස්මරණ සායන මධ්‍යස්ථානය හා ලේ බැංකුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පසුගිය 09 වැනි සිකුරාදා විවෘත කරන ලද අතර, එය ගොඩනැගීම සඳහා බණ්ඩාරනායකවරුන්, විශේෂයෙන් අනුර බණ්ඩාරනායක මහතා දැක්වූ දායකත්වය සඳහන් නොකරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළින් ද රාජපක්‍ෂවරුන්ට එරෙහිව නැග එන විරෝධය හමුවේ යළිත් බණ්ඩාරනායකවරුන් සමග සබඳතාවයක් ඇති බව පෙන්වීමට ජනාධිපතිවරයා උත්සාහ දරණ බවත්, වතුපිටිවල රෝහලේ මෙම විවෘත කිරීම එම දේශපාලන ව්‍යාපෘතිය සඳහා යොදා ගත් බවත් පැවසීය. එහෙත් බණ්ඩාරනායකවරුන්ට වාසිසහගතවන ආකාරයට කිසිදු ප‍්‍රවෘත්තියක් පල වීමට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා ජනාධිපති මාධ්‍ය අංශයට උපදෙස් දි තිබූ බවද ඔහු සඳහන් කළේය.

සුදුවෑන් මිනීමරුවන් බේරාගැනීමට ගෝඨාගේ ලේකම් ඇවිත්


කොලොන්නාව නගරසභාවේ සභාපති රවින්ද්‍ර උදේශාන්ත මහතා පැහැරගෙන යෑමට පැමිණි සුදුවෑන් කල්ලියේ මිනීමරුවන් හතරදෙනා බේරාගැනීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික සහකාර ලූතිනන් කර්නල් නිව්න්හැල්ල මහතා පෙරේදා (10) පස්වරුවේ සිවිල් ඇදුමින් සැරසී සාමාන්‍ය වාහනයකින් වැල්ලම්පිටිය පොලීසියට පැමිණ තිබේ.


කොලොන්නාව සභාපතිවරයා ඝාතනයට පැමිණි මිනීමරුවන් සිව්දෙනා ප‍්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන වැල්ලපිටිය පොලීසියට භාරදී තිබූ අතර සාධාරණයක් ඉටුකරගැනීම සඳහා ඊයේ රාත‍්‍රිය වනවිටත් ප‍්‍රදේශවාසීන් පොලීසිය වටකොට සිටියහ.

ජිනීවා ගිය මාධ්‍ය ලොක්කෝ සියලූ දෙනා අනාගෙන


ජිනීවා මානව හිමිකම් සැසිය වාර්තා කිරීම සඳහා මීට සතියකට පමණ පෙර රජය විසින් ජිනීවා නුවරට රැගෙන ගිය ප‍්‍රවීන මාධ්‍යවේදීන් කිසිවෙකු රට වෙනුවෙන් තම වගකීම නිසිපරිදි ඉටුකර නැතැයි ජනාධිපතිවරයා චෝදනා කර සිටී. එම තත්ත්වය යටතේ වහාම ජනීවා නුවරට ගොස් ලංකාවට වාසිදායකවන පරිදි මාධ්‍ය මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා, ‘ද නේෂන්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ මාලින්ද සෙනවිරත්න මහතා ගෙන්වා සිදුකළ සාකච්ඡාවේදී ඉහත කරුණද සඳහන් කර තිබේ.

ගෝඨා සුදුවෑන් මිනීමරු කල්ලිය මෙහෙයවන බව අතටම හසුවේ


පුද්ගලයින් පැහැගෙන ගොස් ඝාතනය කිරීමේ සුදුවෑන් මෙහෙයුම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකරන බවට පසුගිය කාලය පුරා විකල්ප වෙබ් අඩවි වලින් වාර්තා කළ අතර එම වාර්තා මුලූමනින්ම සත්‍ය බව ඊයේ වැල්ලම්පිටියේදී තහවුරු විය.
සන්ධානය යටතේ පවතින කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැහැරගෙන යෑමට පෙරේදා (10) පස්වරුවේ පැමිනි සුදුවෑන් රථයක් හා සන්නද්ධ පිරිසක් ප‍්‍රදේශවාසින් විසින් අල්ලාගැනීමෙන් පසු මෙම සුදුවෑන් කල්ලිය පිළිබද තොරතුරු රාශියක් හෙළිවී ඇත.

ජනක රත්නායකට එරෙහි දූෂණ ගැන පියවර ගෙන නැහැ


ලංකා බැංකුවට අනුබද්ධ ආයතනයක්වන ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ හිටපු සභාපතිවන ජනක රත්නායක මහතාගේ සේවාකාලය තුල සිදුවූ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ලංකා බැංකුවේ අභ්‍යන්තර විගණන අංශයෙන් කළ විමර්ශණයකට වසර දෙකක් පමණ ගතවී ඇතත් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව පියවර ගෙන නැති බව හෙළිදරව් වේ.
ද ෆිනෑන්ස් ආයතනය සතු කොටස් අයථා පරිහරණය සහ ඉඩම් සම්බන්ධ අයථා ගනුදෙනුද මර්චන්ට් බැංකුවේ කම්පියුටර් දෘඩාංග සේවා සැපයීම වෙනුවෙන් ‘කම්පියුටර් අයිලන්ඞ්’ නම් ආයතනයට කළ ගෙවීම්, අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ඉහළ දැමීම, සභාපතිවරයා ලෙස ඔහුගේ වැටුප වරින් වර ඉහල දමා ගැනීම වැනි චෝදනා රැසක් රත්නායක මහතාට එල්ලවී තිබේ. ‘කම්පියුටර් අයිලන්ඞ්’ නැමති ආයතනය ජනක රත්නායක මහතාට හිමි පෞද්ගලික ආයතනයකි.

Share this article with your friends