Chitika Smowtion 468x60


Wednesday, July 4, 2012

ලංකාවේ සාර්ථක වූ ඇපල් වගාව


ඇපල් වගාවක් කී සැනින් අපට සිහිවන්නේ ඔස්ට්‍රේලියාව, ඒංගලන්තය වැනි ඉතා සෞම්‍ය, ශීත දේශගුණයන් පවතින යුරෝපා රටවල් වල ඇපල් වතුයි.

නමුත් මේ ඇපල් වගාව ඇත්තේ කොත්මලේ කඩදොර වටම්දොර ප්‍රදේශයේ යූ.ජී. සෝමදාස මහතාගේ ගෙවත්තේයි.

මෙතෙක් ලංකාවේ මෙලෙස ඇපල් වගාවක් සිදු නොවුන අතර කෑමට ගෙනා ගෙඩි කිහිපයකින් ලබාගත් බීජ පැල කරමින් මුලින්ම ඇපල් වගාව සාර්ථක වේදැයි අත්හදා බැලු සෝමදාස මහතා පවසන්නේ ඉතාමත් සාර්ථකව ලංකාව තුල ද ඇපල් වගා කල හැකි බවයි.

ඉන්දියන් රියලිටි වැඩසටහනේ සනත් ජයසුරියගේ තෙවන නැටුම


ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිත බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

සනත්ගේ පළමු නර්තනයට එම තරඟයේ විනිශ්ච මණ්ඩලය විසින් ඉහල ප්‍රතිචාරයක් ලැබුන අතර ලකුණු 30 කින් 27 ක් ලබා ගැනීමට සනත් හා ඔහුගේ නර්තන සහයිකාව වන සුචිත්‍රා ට හැකිවුනා.


ඉන් පසුව එම තරඟයේ සනත්ගේ දෙවන නර්තනය බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක ජනප්‍රිය ගීත වලට අනුව පසුගිය (24) වනදා ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ ලකුණු 24 ක් ලබා ගනිමින්.

පෙරේදා (02) දිනයේ සනත් ජයසුරිය හා සුචිත්‍රා "සල්සා" නර්තනය ක්‍රමය යටතේ නර්තනයේ යෙදුන අතර එයට විනිශ්ච මණ්ඩලයේ එතරම් හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ නැහැ.



පිටිදුවේ සිරිධම්ම හිමිට පෝද්දලදී ප්‍රහාරයක්


පිටිදූවේ සිරිධම්ම හිමියන් ගැන ලිපි ගණනාවක් මීට පෙර අප වෙබ් අඩවිය විසින් පළ කර තිබෙනවා. සමාජයේ ආන්දෝලනයක් ඇති කළ චරිතයක් වූ උන්වහන්සේ සෝවාන් හා සකෘදාගාමී වූ බව පැවසීම, ටී ෂර්ට් ඇඳන් සිටි ජායාරූප ප්‍රසිද්ධියට පත්වීම, තමන්ගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ ඇති බව පැවසීම ආදිය ඒ අතර ප්‍රධාන වුණා. නමුත් මේ සියල්ලම උන්වහන්සේ ප්‍රකාශ කළේ හුදෙක් ලාබ ප්‍රසිද්ධිය සඳහා පමණක් බව උන්වහන්සේ විසින්ම පසුගියදා ප්‍රකාශකොට තිබු බව අප වාර්තා කළා.

තමා ඉදිරියට එනවිටදී 
පුද්ගලයන් දමනය වන බව පැවසු පිටිදුවේ සිරිධම්ම නොහොත් සිරි සමන්තබද්‍ර හිමිට අද පෝද්දල කාසිදෙණිය ප්‍රදේශයේදී ජනතා විරෝධය මතුඋනා. ඒ අනුව පොද්දල කාසිදෙණිය ප්‍රදේශයේ සංවිධානය කොට තිබු ධර්ම දේශනාව ඉවත දමා සිරිධම්ම හිමිට එතනින් ඉවත්වීමට සිදු වුයේ නිර්මල බුදු දහම විකෘති කරන්නට බණ දේශනා කිරීමට ඉඩ නොදෙන බව පවසමින්. 


Share this article with your friends