Chitika Smowtion 468x60


Monday, February 6, 2012

මලින් පිරී ගිය කුණ්ඩසාලේ මහමෙව්නා අසපුව


කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව මහනුවර, කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ පසුගිය පෙබරවාරි 4 වන දින රාත්‍රියේ වන්දනාවක් පැවැත්වුණා.

මෙම වන්දනාවේ තිබූ විශේෂත්වය වන්නේ ලක්ෂ ගණනක් වූ සමන්පිච්ච, නෙලුම්, මානෙල්, ඉද්ද, දාස්පෙතියා පමණක් නොව ඕකීඩ්, ලිලී, බාබන්ඩේසියා, කපුරු, ඇන්තූරියම්, කානේෂන්, ටියුලිප් සහ නුවරඑළියේ පමණක් දක්නට ලැබෙන මල් ද යොදාගනිමින් බෝ මළුව හා එම පූජා භූමියේ විවිධ ස්ථාන මල් වලින් වසා තිබීමයි.

විහාරස්ථානයේ විවිධ ගස් වටාද මල් අතුරා තිබුන අතර චෛත්‍යද මල් මාලා වලින් සරසා තිබුණා.

එම ජායාරූප පහතින්.

යුරේනි නොශිකාගේ උපන්දින සාදය


සාම්ප්‍රදායික උත්සව ක්‍රමයෙන් බැහැරවෙමින් සිය ජනිත් වික්‍රමගේ සිය උපන්දිනය සමරු අයුරු පසුගිය දිනක අප විසින් ලිපියක් පලකරනු ලැබුවා.පහත දැක්වෙන්නේ තවත් එවන් උපන්දින සාදයක්.මෙලෙස උපන්දිනය සැමරුවේ යුරේනි නොෂිකා විසිනුයි.

නර්මදාගේ හා පෙම්වතාගේ උපන්දින උත්සව




නර්මදාගේ අලුත් පෙම්වාතා ගැන මීට පෙර ලිපියකින් අප ඔබට දැන්වුවා. එම පෙම්වතාගේ උපන්දින උත්සවය පසුගියදා පැවැත්වුණා. වෝටර්ස් එජ් හිදී පැවති එම උත්සවයේ ජායාරූප පහතින්.



ජායරුපකරණය : නඳුන් බදුගේ

අහිංසකයන්ගේ ආරාමය සහ සොල්දාදුවන්ගේ ස්මාරකය - ක්‍රිශාන් රාජපක්ෂ


තරුණ ජීවිත ගණනාවකට වගකියූ සොල්දාදුවන්ට උත්තමාචාර හිමිවෙද්දී ඔවුන් විසින් මරාදැමූවන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකය නගර අලංකාරයට බාධාවක් වී ඇත. එය වඩා සංයුක්ත අදහසක් ලෙස මිනීමරුවන්ට භූමියේ උත්තමාචාරය සහ අහිංසකයන්ට උරුම මරණය පමණක් යනුවෙන් කියවිය හැකිය. ශ‍්‍රී ලංකා හමුදාව විසින් දකුණේදී සිදුකළ යුධ අපරාධයන්ට අහිංසකාරාමය නිහඩ සාක්ෂියකි. අහිසකාරාමය නම් වූ ස්මාරකය තුළ වූ සියලු සටහන් සහ සියලු දෑ කියා පෑවේ ඒ මිලේච්ඡත්වයයි.

ඔන්න බබෝ බිල්ලා - අජිත් දසනායක


දරුවෝ පුංචි කාලේ අඬන විටත්, කරදර කරන විටත් ල කෑම නො කන විටත් ඔවුන් අස්වැසීමට දෙමව්පියන්ට හොද කාරණයක් තිබුණේය. ඒ සෑම විටම දෙමව්පියන් දරුවන්ට කිව්වේ ඔන්න බබෝ බිල්ලා කියලා කියපු ගමන් දරුවෝ ඇඬීම නවත්තන්නෝය, කරදර නොකරන්නෝය, යස අපූරුවට කෑමත් කන්නෝය.
ඒත් දරුවෝ කිසිම දවසක බිල්ලන් ද දැක නැත. කිසි දිනෙක නොදැක්ක බිල්ලෙකු ගැන කියා දෙමව්පියෝ රිසිසේ දරුවන්ව නලවා ගත්තෝය.
ලාංකීය දේශපාලන පිටියට ද බිල්ලා යනු හොද මෙවලමකි ග. මාරුවෙන් මාරුවට බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ලංකාවේ ජනයාට කලින් කලට බිල්ලන් පෙන්නා ඇත්තේය. ලංකාවේ ජනයා ද බිල්ලාට බයේ නිහඬ වෙන ළමයින් වගේම නිහඬ වෙති. වර්තමාන ආණ්ඩුව ද ල , ජාතියේ ආඩම්බරකාර තාත්තා ද මේ වන විට බිල්ලා තියරිය රිසි සේ පාවිච්චි කරමින් සිටී. ලංකාවේ ළදරු ජනයා ද ජාතියේ ආඩම්බරකාර තාත්තා පෙන්නන බිල්ලන්ට බයේ මුළු ගැන්වෙන්නේය. ඉතින් ඒනිසාම පාලකයන්ට බිල්ලා තියරිය මරුය ල මසුරන් ය.

සන්ඩේ ලීඩ කුසල් පෙරේරා ගලවා අලූතින් වැඩ අල්ලයි


ප්‍රසිද්ධ දේශපාලන විචාරකයෙකු හා ප්‍රවීන මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා විසින් සන්ඩේ ලීඩ පුවත් පතට දිගටම ලියූ දේශපාලන කොලමය මෙවර එහි අලූත් පාලකයා වන නාමල් රාජපක්ෂ ගේ පැරණි රගර් පුහුණුකරු හා අලූත් ව්‍යාපාරික සගයා ගේ වුවමනාව මත ගලවා ඇත. කුසල් පෙරේරා විසින් ඉතා විවේචනාත්මකව රාජපක්ෂ පාලනයේ හමුදාකරණය හා දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කිරීම රාජපක්ෂ පාලනයට ප්‍රශ්නයක් වී ඇතැයි සන්ඩේ ලීඩ කාර්යාලීය තොරතුරු මාර්ග අප සමග පැවසුවේ ය.

නිදහස ගැන අදහසක් - රංචාගොඩ ළමයාගේ යාලු ළමයෙක්


ශ්‍රී ලංකාව ජාතික වශයෙන් වැදගත්කමක් දී සමරනු ලබන දිනය වන්නේ පෙබරවාරි 4 වැනිදා ය. (මේ හැර මද්දුම බණ්ඩාර හිස ගසා දැමූ දිනය 'වීර දිනය' ලෙසත්, 72 ව්‍යවස්ථාවෙන් ස්වෛරීත්වය ලද දිනය 'ජනරජ දිනය' ලෙසත්, සුනාමි දිනය 'ආපදා දිනය' ලෙසත්, ප්‍රභාකරන් මරා දැමූ දිනය 'විරු සමරු දිනය' ලෙසත් සමරනු ලැබේ.)
පෙබරවාරි 4 වැනිදාව මෙතරම් සුවිශේෂයෙන් සමරන්නේ 1948 දී එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව ති‍බූ ශ්‍රී ලංකාව, ජාතික ව්‍යාපාරයේ කේවල් කිරීම් සහ බ්‍රිතාත්‍ය සිය යටත් විජිත ප්‍රතිපත්ති ලිහිල් කිරීම් හමුවේ 'ස්වයං පාලන' අයිතිය ලබාගත් දිනය වන බැවිනි. කෙසේ වෙතත් මෙම දිනය 'නිදහස් දිනය' ලෙසය කැලැන්ඩර ගත වී ඇත්තේ.

ACME සමාගමේ කොටස් එක වර ඉහල ගොස් පහල ආවේ ඇයි ?


කොටස් වෙළඳ පොළ යනු රටක ආර්ථීකයට කෙලින්ම බලපාන ස්ථානයක් වන නමුත් දිනෙන් දින කොටස් වෙළඳ පොල හා ආශ්‍රිතව කෘතිමව මිල ඉහල පහල ගෙනයාම තුලින් සාමාන්‍ය ආයෝජකයන් වෙත ඒ පිළිබඳ හෙලිකිරීමේ ව්‍යපාරයක් අප ආරම්භ කලෙමු. 

ඒ හුදෙක්ම මෙම වෙළඳ පොළ හරහා අසරණ වන ජනතාව ඉන් මුදවා විධිමත් ලෙස මෙහි ආයෝජනය සඳහා මඟ පෑදීමටය. 

කොළඹ කොටස් වෙළඳ පොලෙහි ප්‍රධානීන් විසින් මෙසේ කෘතීමව මිල ඉහල පහල යෑම වැලැක්වීමේ අරමුණින් කිසියම් ක්‍රියාපටිපාටියක් හඳුන්වා දුනි. 


එය කෙටියෙන් නම් කිසියම් කොටසක මිල සියයට 10 වඩා මිල ඉහල ගිය හොත් එයට Price Band නොහොත් ගෝනි බිල්ලා තියරිය අදාල වන ලෙසයි. මෙම ගෝනි බිල්ලා අදාල වන කොටස් දින 5 යන තුරු සියයට 10 සීමාව නොඉක්මවා ඉහල හෝ පහල බැසිය නොහැක.එය එසේ වුවද කොටස් නියාමකයාට අනුව ගෝනි බිල්ලා සූත්‍රයට හසුවන්නේ අදාල සමාඟම් කොටසක ලැයිස්තුගත මුළු කොටස් ප්‍රමාණයෙන් දිනකදී කොටස් වෙළඳ පොලේ හුවමාරු වන ප්‍රමාණයද සලකා බැලීමෙනි. 

කෙසේ වෙතත් ගෝනි බිල්ලා සුත්‍රයේ නියම පදනම අද වන තෙක් කොටස් නියාමකයා විසින් ආයෝජකයන්ට පැහැදිලිව දන්වා නැති අතර එය ඔවුන්ට අවශ්‍ය පරිදි භාවිතා කරන බව දැනීමට ලැබේ. 

හිරුණිකා දේශපාලනයට පිවිසීමට තීරණය කරයි


මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව වාර්තා වෙනවා.

පියාගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තමා දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව සදහන් කර ඇත්තේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28වැනි සංවත්සරික උත්සවයට ලිපියක් යොමු කරමිනි.

එම ලිපිය මඟින් ඇය එම පක්‍ෂයේ සාමාජිකත්වය ඉල්ලා ඇති අතර පසුගිය සතියේ දී දේශපාලනයට පිවිසිම පිළිබඳ ශ්‍රී ලංකා මහජන පක‍ෂ නියෝජිතයින් සමග සාකච්ඡා ද පවත්වා තිබෙන බවටද වාර්තා වෙනවා.

යුවරාජ් සිං ට පිළිකාවක්


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ යුවරාජ් සිං පිළිකාවකින් පෙළෙන බව අනාවරණය වී තිබෙනවා. 

මේ වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය පැවති කාලය තුළදී ද යුවරාජ් දිගින් දිගටම කැස්සෙන් හා වමනය යාමෙන් පීඩා විඳ ඇති නමුත් ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් ගෙන තිබුනේ නැති අතර මීට මාස කිපයකට පෙර ඔහුගේ පෙනහලු වල ආබාධයක් අති බව හඳුනාගන තිබුනත් එය පිළිකාවක් බවට දැනන් හිටියේ නැහැ.

වෙඩි වැදුනු ලංකාවට අවේණික මුවා


වෙඩි වැදී තුවාල ලබා සිටි මුවකු අද උදෑසන අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

ලංකාවට අවේණික මුව විශේෂයක් වන "විල් මුවා" වර්ගයට අයත් මෙම මුවා හික්කඩුව වනජීවී කාර්යාලයේ මහතුන් විසින් රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හියාර සත්ව සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වනවිට මෙම මුව දෙන ගැබ්බරව සිට ඇති අතර වෙඩි ප්‍රහාරය හේතුවෙන් මුවදෙනගේ පිටුපස පෙදෙස සම්පූර්ණයෙන්ම පාහේ පුපුරාගොස් තිබෙනවා.

එම ජායාරූප පහතින්

ශාරුක් නැවතත් ලංකාවට


ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් නැවතත් ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීම් සඳහා ලැබුණු ආරාධනයක් බාරගැනීමට සුදානම් වන බව වාර්තා වේ.

2004 වසරේදී ශාරුක් ඛාන් මුල් වරට ලංකාවේ "ටෙම්ප්ටේෂන් 2004" නමින් ප්‍රසංගයක් පැවැත්වූ අතර එම ප්‍රසංගය පැවැත්වීමට පෙර සිටම ජාතික හෙළ උරුමය මගින් එයට විරුද්ධත්වය පලකලේ සෝම හිමියන් අපවත්වී වසරක් සම්පුර්ණ වන අවස්ථාවේ එය නොපවත්වන ලෙසයි.


නමුත් සංවිධායකයන් එය ප්‍රතික්ෂේපකරමින් කියා සිටියේ සෝම හිමිගේ අපවත් වී වසරක් පිරීමට පෙර දිනයේ එනම් දෙසැම්බර් 11 වන දින මෙය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.


Share this article with your friends