හදිස්සියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා නාරාහේන්පිට ඇපලෝ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වීමත් සමඟ ඊට අදාළ රෝහල් ගාස්තු ගෙවීමට වී.එෆ්.එම්. නාලිකාවේ අධ්‍යක්ෂ රිස්ලි ඉල්ලියාස් නොහොත් ‘මනිලොන්ඩරින් ඩිඩා’ මහතා ඉදිරිපත්වී තිබේ.
ශ‍්‍රී ලංකා රග්බි සම්මේලනයේ මහලේකම්වරයාද වන මනිලොන්ඩරින් ඩිඩා මහතා මේවනවිට ව්‍යාපාරික කටයුත්තක් සඳහා වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සමඟ මැලේසියාවට ගොස් සිටින අතර, ඔහු වෙනුවෙන් ඇපලෝ රෝහලට ගොස් බිල් ගෙවීමට ඉදිරිපත් වී ඇත්තේ වී.එෆ්.එම්. නාලිකාවේ ප‍්‍රධානියෙකු වන ඩිල්ශාන් හසන් නැමැත්තාය.