ජනාධිපති සමාව ලබා සිරගෙදරින් එලියට පැමිණ සිටින සරත් ෆොන්සේකා මහතාට තව දුරටත් ඉතිරිව ඇති නඩු වලින් තීරණාත්මක නඩුවක් වන ඉකුත් ජනාධිපතිවරණ සමයේදී හමුදාවෙන් පළා ගිය සෙබළුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව මේ මස 21 වැනිදා සිට දිගටම විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය. සෙබළුන් 10 දෙනෙකු රාජ්ය පාක්ෂික භාවයෙන් මුදා, වැටුප් හා නවාතැන් ලබාදී ලඟ තබාගැනීම යන චෝදනාව ඇතුළු චෝදනා 41 ක් යටතේ සරත් ෆොන්සේකාට සහ ජනාධිපතිවරණ සමයේ ඔහුගේ ලේකම්ව සිටි බි්රගේඩියර් සේනක සිල්වාට එරෙහිව මෙම නඩුව ගොනු කොට ඇත.
මෙම නඩුව
ඊයේ (07) කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති සමාව ලැබීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා ප්රථම වරට අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. නමුත් ෆොන්සේකා මහතාගේ ලේකම්ව සිටි සේනක සිල්වා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු අසනීප බව අධිකරණයට දන්වා සිටියේ ය.මෙම නඩුව
මෙම නඩුව මේ වන විට ටිරාන් අලස් විසින් දුෂ්කර තත්ත්වයකට පත් කර තිබේ. ඊට පසුබිම් කාරණා ගොඩ නැගෙමින් ඇත්තේ මෙලෙසය.