Chitika Smowtion 468x60


Tuesday, August 28, 2012

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය කලින් පිටවෙයි !

රට පුරා මධ්‍යස්ථාන 2803 කදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ පැවැත්වු අතර, ඊට පෙනී සිටි සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ දහඅට දහස් හාර සිය දහඅටකි.එම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර කලින් පිටවී ඇති බව පැමිණිලි ලැබී ඇති අතර ඒ සඳහා සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.

ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවුයේ කා අතින්ද?

ගොසිප්9 කල සොයාබැලීමකදී හෙළි වුයේ එම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් එයට පෙර දිනයකදී ළමුන් වෙත ලබා දී ඇත්තේ බලංගොඩ බුද්ධජයන්ති මධ්‍යය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන එස්.සේනාධිර නම් ගුරු මහතෙකු විසිනි.


කොල්ලුපිටියේ ගල් දෙබොක්කාවේ හිරවුණ තරුණයාගේ ඇත්ත කතාව



"කොල්ලුපිටිය දුම්රිය මඟ ආසන්නයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිටුපසින් දුම්රියක් එනු දැක බියට පත්ව කලබල වී දුම්රිය පීල්ලට එපිටින් පිහිටි ගල්තලාවකට පැන්න අතර , එකවරම ඔහු ගල් දෙකක් මැද්දෙන් ඇතුලට එබී ගියා." 


මෙය පසුගිය 18 වැනිදා සිදු වූ හදිසි අනතුරක් සම්බන්ධයෙන් අන්තර්ජාලය වාර්තා කර තිබුනේ එලෙසිනි.නමුත් එම සිදුවීම පිලිබඳ එසේ වාර්තා කලත් සිදුවී තිබුනේ එයට හාත්පසින් වෙනත් දෙයකි.දිනේෂ් ශර්බා නම් එම 20 හැවිරිදි තරුණයාට රේල් පාර දිගේ ඇවිද ගොසින් දුමිරියට බියේ ගල් දේබොක්කාවට පැන්නේ නැත.


ඔහුට සිය දිවි නසාගැනීමේ අරමුණක් තිබුනේද නැත.තරුණයා ගල් දෙබොක්කාව හිරකොට තවත් ගල් දමා වසා දමා තිබුනේ තවත් නරුමයන් දෙදෙනෙකු විසින් දිනේෂ්ව මර දැමීමේ අදහසිනි.මේ ඔහුගේ කතාවයි.


ඔටාරාගේ සත්ව කරුණාවට පුජාගේ අතහිත

පිහිටක්‌ නැති වීදි සරණ සුනඛයන්ගේ සුබසාධනය, භාරකරුවන් යටතට පත්කිරීම සහ සුනඛ ගහනය මානුෂීය ලෙස පාලනය කිරීම යන අරමුණු ඉලක්කකරගනිමින් "ඔඩෙල් එම්බාර්ක්" සන්නම් නාමය වැඩසටහන 2007 වසරේදී ආරම්බ වූ අතර එය ක්‍රියාත්මක වුයේ ඔඩෙල් ව්‍යාපාර ජාලයේ හිමිකාරිනිය වන ඔටාරා ගුණවර්ධන මහත්මියගේ සංකල්පයකට අනුවය.

පසුගියදා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ඉන්දීය නිළි පූජා උමාශංකර් ඔඩෙල් හි සාප්පු සවාරියකට එක්වූ අතරවාරයේදී සුනඛයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පිහිටුවා "එම්බාර්ක්‌" විලාසිතා ව්‍යාපෘති වැඩසටහනට සහය දක්වා ඇති අතර පුජාගේ එම සාප්පු සවාරියේ ජයාරූප එකතුවක් බලන්න පහතින් 

ගායන ශිල්පි අමල් පෙරේරා ට ඇප

amal-pereraපොලිසි දෙකකින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ‍ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරාට අද (28) කළුතර අධිකරණ දෙකකින් ඇප නියම විය. පයාගල අද (28) තම මෝටර් රථය පදවමින් ගාලු පාරේ මාර්ග ගමනාගමනය අවහිර කිරීම, ආදායම් බලපත්‍රය, රක්‍ෂණ සහතිකය හා රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම යන කරුණු මත අද (28) අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් ජී. නාමල් පෙරේරා මහතා මෙම නඩුව වැඩි දුර විභාගය සැප්තැම්බර් මස 25 දිනට කල් තැබීය.

Share this article with your friends