Chitika Smowtion 468x60


Wednesday, March 21, 2012

ස්වාමීන් වහන්සේලාගේ ඝාතනයේ සුලමුල පොලිස් සුනඛයින් සොයා ගනී


පොලිස් සුනඛයන්කම්කරුවන් පිරිසකට ඉව අල්ලයි. 
ඔවුන් මත්පැන් පානය කරමින් ඉදලා. 

කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේලා දෙනමක් සාහසිකයකුගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය වී ඇතැයි වාර්තා වේ. 

ඊයේ රාත්‍රීයේ විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන් වේ. 

එක් ස්වාමීන් වහන්සේ කෙනකු එම ස්ථානයේම මිය ගොස් සිට ඇති අතර අනෙක් ස්වාමීන් වහන්සේ රෝහලට ඇතුළත් කරද්දී මිය ගොස් ඇති වග වාර්තා වේ. 

සන්ධාන මන්ත්‍රී තවත් පිරිසක් එක්ක තරුණියක් රාත්‍රිය පුරාම දූෂණය කරලා


මන්ත්‍රීල ටික පංකාදු පහයි..
මෙහෙම දේවල් ලංකාවේ වෙනවද?

තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව දූෂණය කළ සන්ධාන පූජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක හා ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

19 දින පසුවරුවේ තරුණිය පැහැරගෙන මන්ත්‍රීවරයාට අයත් නිවසකදී තවත් පිරිසක් හා එක්ව රාත්‍රිය පුරාවට දූෂණය කල බවට තරුණිය අංකුඹුර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අංකුඹුර පොලීසිය විසින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අදාල අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරය කරයි.

ලංකාවේ ප්‍රථම ඩිස්නිලන්තය ගාල්ල හබරාදූවේ


ලංකාවේ ප්‍රථම ඩිස්නිලන්තය ගාල්ල හබරාදූව නගරයේදී පසුගියදා විවෘත වුණා.

මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100ක් වැයවී තිබෙනවා. එයින් මිලියන 20ක් නෙදර්ලන්තයේ පිකැස් පොන් ආයතනය ලබාදී ඇති අතර ඉතිරි මිලියන 80ක මුදල දරා තිබෙන්නේ ශ්‍රී ලංකා රජය විසින්.

ළමා හා වැඩිහිටියන් සඳහා නාන තටාකයක්, ගෘහස්ත හා එළිමන් ක්‍රීඩා සංකීර්ණයක්, සෙල්ලම් මිදුල් හා සීසෝ වලින් යුත් ළමා උද්‍යානයක් ඇතුළුව අංග රැසක් මෙම ඩිස්නිලන්තයෙන් දැකබලාගැනීමට පුළුවන.

තුලාවට ගිය බව කියන සෙනසුරු තවම ඉන්නේ කන්‍යා රාශියේ


පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සෙනසුරු මාරුවක් වන බවත් එයින් රටේ මහා පෙරලියක් වන බවත් ජ්‍යොතිෂවේදීන් පැවසීමත් සමඟ බොහෝ දෙනා උත්සාහ කළේ තම තමන්ගේ ලග්නයට එයින් වන සුබ අසුබ දැනගැනීමටයි.

සෙනසුරු ග්‍රහයා කන්‍යා රාශියේ සිට තුලා රාශියට මාරු වූ බව ප්‍රකාශ වූවත්, තවමත් එය දිස්වන්නේ කන්‍යා රාශියේ බව පැවසෙනවා. මේ දිනවල රාත්‍රී 10න් පසු නැගෙනහිර අහසේ අඳුරු කහ පැහැයෙන් කන්‍යා රාශිය තුළ පිහිටා තිබෙන සෙනසුරු පියවි ඇසින් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවයි පැවසෙන්නේ

බියර්සැල් අතරින් ගිය මහනුවර මෝටර් රථ තරඟය


අස්ගිරි මහනායක හිමිගේ දැඩි විරෝධය නොතකා පසුගියදා මහනුවර නගරයේ පැවති රාත්‍රී මෝටර් රථ ධාවන තරඟාවලිය අවස්ථාවේ නගරයේ හන්දි පුරා බියර්හල් දමා බියර් විකුණූ බව වාර්තා වෙනවා.

පළමු දිනයේදී මෙම බියර් හල් දක්නට නොලැබුනද දෙවන දිනයේ සවස 6.00 පමණවනවිට ලහිලහියේ බියර් හල් සවිකර පසුදින අලුයම් කාලය වනතුරු බීර අළෙවි කළ බවයි පැවසෙන්නේ.

සුරාබදු ආඥාපනතේ නීති උල්ලංඝනය කරමින් මෙම බීර ස්ටෝල්වල බීර අළෙවි කරන අයුරු දක්නට ලැබුන නමුදු මෙම බීර වෙළඳසැල් අසල මහනුවර පොලීසියේ ඉහලම පොලිස් නිළධාරීන්ද නිල ඇඳුම් සහිතව රැඳී සිට තිබෙනවා. ඒ සඳහා ඔවුන්ගෙන් කිසිදු විරෝධයක් එම බීර අලෙවිසැල් වලට එල්ල වී නැහැ.

මංජුල පිරිස් අනාවැකිය කිවේ කොල්ලුපිටියේ රිය අනතුර සිදු වූවායින් පසුවද?


පසුගිය 05 වන සඳුදා දින කොල්ලුපිටිය ගාලු පාරේදී ලංකාවට අසාමාන්‍යය රිය අනතුරක් වාර්තා වුනා.ඒ ගාලු පාරේ සිට ඩුප්ලිකේෂන් මාර්ගයට හැරවීමට තිබු අතුරු මාර්ගයකදී වාහන හයක් එකිනෙක ගැටීමයි.

මෙම රිය අනතුර මෙසේ සිදුවී තිබියදී එදින (05) දෙරණ රූපවාහිනියට පැමිණි ප්‍රවීන ජෝතිශ්‍යවේදී මංජුල පිරිස් මහතා "පාර කියන තාරුකා" නම් වැඩසටහන ඔස්සේ එම සතියට බලපාන අනාවැකියක් පැවසුවේය. පහතින් දැක්වෙන්නේ එම අනාවැකියයි.

"ඇතිවන්නා වූ ග්‍රහ යුද්ධ ග්‍රහ මාරු ග්‍රහ සංයෝග ආදියෙන් රටට අනාවැකියක් කිව්වොතින් ඉදිරි කාලයේදී බිහිසුණු රිය අනතුරු , ඒ කියන්නේ කවදාවත් අහල නැති ආකාරයේ පවා රිය අනතුරු සිද්ධ වියහැකි කාලයක් ඉදිරිය.

නිරෝෂාගේ ආදරය පැතූ තරුණයෙක් පොලිස් අත්අඩංගුවට


ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනිගේ ආදරය පතා එන තරුණයෙකු කුරුඳුවත්ත පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම තරුණයා අයගේ රසිකයෙකු වන අතර ය පසුපස මාස 18 ක කාලයක් තිස්සේ හඹාගොස් තිබෙනවා.

ඒ අනුව ඇය සහභාගී වන සාම සංගීත ප්‍රසංගයකටම යාමට එම තරුණයා පුරුදු වී තිබෙනවා.නමුත් මෙම තරුණයාගෙන් සිදුවන කරදරය දිනෙන් දින ඉහල යාම හේතුවෙන් ඔහු පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට නිරෝෂා විරාජිනී තීරණය කොට තිබෙනවා.

ඇමෙරිකාවට එරෙහිව ජී.එල්. චීනයේ සහාය ඉල්ලයි


උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුලූවට ඉදිරිපත් කොට ඇති යෝජනාව පරාජය කිරිම සඳහා අප‍්‍රිකානු රටවල සහාය ලබාදෙන්නැයි විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් නොහොත් ජිනීවා ලොස් පීරිස් මහතා චීනයේ විදේශ අමාත්‍යවරයාගෙන් අද පෙරවරුවේ ඉල්ලීමක් කර තිබේ.
ජී.එල් අමාත්‍යවරයා අද දහවල් මෙම ඉල්ලීම කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

ජනාධිපතිගේ ආරක්ෂක ලොක්කෙක් මැනික් හොරෙන් ගෙනිහින් මාට්ටු


මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා පකිස්ථාන සංචාරයට ගිය අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව බාරව ගිය ආරක්ෂක ප‍්‍රධානියා නීත්‍යානුකූල නොවන අයුරින් මැනික් ගල් කිහිපයක් රැගෙන ගොස් එරට රේගු නිලධාරින් වෙත මාට්ටු වී තිබේ. එහෙත් වහාම එයට මැදිහත් වී ඇති එරට ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් වලකා නිදහස් කරගෙන තිබේ.
මෙම කාරණය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැත.

ජී.එල් ගේ භෝජන සංග‍්‍රහයට 47 න් 7 යි.


ජිනීවා මානව හිමිකම් සමුලූව නියෝජනය කරන රටවල් 47 හි නියෝජිතයින්ට රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සඳහා පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ආරාධනා කර තිබුණද ඒ සඳහා සහභාගී වී ඇත්තේ රටවල් 7ක නියෝජිතයින් පමණක් බව ජිනීවා හා ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජී.එල්. පීරීස් අමාත්‍යවරයා විසින් ඊයේ රාත‍්‍රියේ මෙම භෝජන සංග‍්‍රහය පවත්වා ඇත.


Source - lankanewsweb.com

Share this article with your friends