Chitika Smowtion 468x60


Thursday, December 29, 2011

උසස්පෙළ ප්‍රතිඵල ගැටලුව තවදුරටත්


උසස්පෙළ ප්‍රතිපලහි දිස්ත්‍රික් කුසලතාව සංශෝධනය කර නැවත නිකුත් කලද විවිධ පාර්ශව විභාග ප්‍රතිඵලය දෝෂ සහගතයයි තවමත් චෝදනා කරනවා.විදේශ සංචාරයට එක් වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නැවත දිවයිනට පැමිණියේ ඊයේ දිනයේය.

ඊයේ දිනයේ පැමිණි අමාත්‍යයවරයා කියා සිටියේ ප්‍රතිපල නිවැරදි බවත් ඉසෙඩ් ස්කෝර් අගය අනුව ලබාදුන් ශ්‍රේනිගතකිරීම් වල වරදක් ඇති බවයි.විභාග කොමසාරිස්වරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා විශේෂ සාකච්චාවක් පවත්වන බවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශකොට ඇත.

මෙවර විභාග ප්‍රතිඵලයේ දෝෂ සහිත අවස්ථා මේවන විටත් වාර්තා වෙමින් පවතී.


සංචාරක කර්මන්තය කඩා වැටීමේ දැඩි අවධානමක් – රවී කරුණානායක


ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ ප‍්‍රාදේශීය දේශපාලඥයෙකු තංගල්ල වෙරළ සංචාරක හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතික සංචාරයකු ඝාතනය කළේ යැයි කියන සිද්ධිය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටීමේ දැඩි අනතුරුදායක තත්ත්වයක් උදා වී තිබෙනවා. එම නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් ඔස්සේ විධිමත් සාධාරණ සහ අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් කර සංචාරක ව්‍යාපාරය රැක ගැනීමට ආණ්ඩුව වහාම ක‍්‍රියා කළ යුතු බව ඊයේ (28) කොළඹ විපක්ෂ නායක නිලනිවසේ පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ කියා සිටියේය.

ලක් හඬ ගුවන් විදුලිය CSN ආයතනයට පවරයිද ?


අයිටීඑන් ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන 'ලක් හඩ' ගුවන් විදුලිය ජනාධිපති පුත්‍රයින්ගේ කාල්ටන් ස්පෝට් නෙට්වර්ක් ආයතනයට පැවරීම සඳහා මේ දිනවල මූලික පිඹුරුපත් සකසමින් තිබේ.
එහි මුල් පියවරක් ලෙස ලබන වසර මුලදී ලක්හඩ ගුවන් විදුලිය වාණිජ ගුවන් විදුලියක් ලෙස පවත්වාගෙන යෑම සඳහා අයිටීඑන් ආයතනයෙන් වෙන් කිරීමට නියමිතය. ලක්හඩ දිගින් දිගට පාඩු ලබන බව හගවමින් මෙම ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීමට තීරණය වී ඇත.

රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙලට ගෝඨාභයගෙන් 'බාල්දියක්'


රූපවාහිනි ෙක‍ෂ්ත්‍රයේ කලාකරුවන් හා කාර්මික ශිල්පීන් දිරි ගැන්වීමේ අරමුණින් සංස්කෘතික අමාත්‍යාංශය විසින් හෙට (30) සන්ධ්‍යාවේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ 'රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල' ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විරෝධතාවයක් හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් තබා තිබේ.
රූපවාහිනී ෙක‍ෂ්ත්‍රයේ කලාකරුවන් උදෙසා ලක්බිම පුවත්පතේ අනුග්‍රහයෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 'සුමති ටෙලි සම්මාන' උළෙලට අභියෝගාත්මක ලෙස රජයේ අනුග්‍රහයෙන් මෙවැනි සම්මාන උළෙලක් වාර්ෂිකව පවත්වන ලෙස සංස්කෘතික ඇමැති ටී.බී. ඒකනායක මහතාට උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයාය.
ඒ අනුව එම අමාත්‍යාංශය විසින් විශාල වියදමක් හා ශ්‍රම සම්පත් යොදා ගනිමින් එම සම්මාන උළෙල හෙට පස්වරුවේ නෙළුම් පොකුණ රංග ශාලාව තුළ පැවැත්වීමට අනුමැතිය ගෙන ඒ සඳහා අදාළ සියලූ කටයුතු සංවිධානය කර තිබිණ.

අමල්ගේ දුක සැප බැලීමට මර්වින්


අතුරුදහන්වීමට ලක් වී දින ගණනකට පසු නිදහස ලැබීමෙන් අනතුරුව පවුල පිටින් සිංගප්පූරුවට පැන ගිය අමල් රොද්‍රිගූ මහතාගේ දුක සැප සොයා බැලීම සඳහා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ සිංගප්පූරුවට ගොස් තිබේ.
තමා පැහැරගෙන යෑමට මර්වින් සිල්වා අමාත්‍යවරයා සම්බන්ධ බවට, නිදහස ලැබීමෙන් පසු බේස් කරෝකේ රාත්‍රී සමාජ ශාලාවට පැමිණි අමල් රොද්‍රිගූ මහතා තම හිතමිතුරුන් සමඟ පවසා තිබිණ.

විමල් හා චම්පික ආණ්ඩුවට එරෙහි වෙයි ?


ආණ්ඩුවට එරෙහි සටන් පාඨ විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන අතට පත් වීමට ඉඩ නොතබා එවැනි විරෝධතාවයන් අතට ගෙන දියකර හරින්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විමල් වීරවංස හා චම්පික රණවක යන අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබේ.
එවැනි සටන් පාඨ තෝරා ගැනීමේදී ගැටුමක් ඇති නොවන පරිදි ෙක‍ෂ්ත්‍ර වෙන් කරගන්නැයි පවසා ඇති ජනාධිපතිවරයා, මෙවැනි දේ සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතුවලදී, පෞද්ගලික මාධ්‍ය යොදා ගන්නා ලෙසද උපදෙස් දී තිබේ.

ජංගම දුරකථන භාවිතය නිසා පිලිකා අවදානමක්


ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනූව ජංගම දුරකථන භාවිතය පිලිකා රෝගය ඉහළ යෑමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙරට ජනගහනය කොටි දෙකක් වුවත් භාවිතා කරන ජංගම දුරකථන ප්‍රමාණය දෙකෝටි දශලක්ෂයකි.  ඇතැම් පුද්ගලින් දිනයේ වැඩි වේලාවක් ජංගම දුරකථනය භාවිත කිරීම පිලිකා ඇතිවීමට හේතු වී ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශය සදහන් කරයි. එසේම රථවාහන අනතුරු බහුල වීමටද ජංගම දුරකථන භාවිතය වැඩිවීම හේතුවී තිබේ.

අහිංසක ළමයින්ගේ ප්‍රතිථල විකෘති කරලා – සරත් ෆොන්සේකා


“අහිංසක ළමයින්ගේ විභාග ප්‍රතිඵල විකෘති කරලා මේ ආණ්ඩුව නිකුත් කරනවා“ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා ඊයේ(28) ‍කොළඹ පෞද්ගලික ‍රෝහලකට රැගෙන ආ අවස්ථාවේදී මේ දිනවල දැඩි කතාබහට ලක්වන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමිනි.
එම අවස්ථාවේදී ඒ මහතා දැක්වූ සම්පුර්ණ අදහස මෙසේය.
“අහිංසක ළමයින්ගේ විභාග ප්‍රතිඵල විකෘති කරලා මේ ආණ්ඩුව නිකුත් කරනවා. ඒක තමයි රටේ ජනතාවට කරන සාධාරණය මේක හරියට කරන්න බැරි නම් සංවර්ධනයක් ගැන කතා කරන එක පිස්සුවක් සංවර්ධනය ගැන කතා කරනවා. කතාව දෝලාවෙන් ගමන පයින්”



උසස් පෙළ ප්‍රතිථල අවුල පිටුපස පෞද්ගලික විශ්වවිද්‍යාල කුමන්ත්‍රණකරුවන් – ජානිපෙ


මේ උසස් පෙළ ප‍්‍රතිඵල අවුල ඇති කළේ ජාතියට ‘‘ගේම් එකක්’’ දීමටයි. මේ රටේ විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාව තුළ අචල විශ්වාසයක් තිබුණා. ඒ දෙස ජනතාව බැලූවේ ‘‘රන් දෙවොලක්’’ දෙස බලන ආකාරයටයි. අද මේ ප‍්‍රතිඵල අවුලත් සමග ඒ රන් දෙවොලට තිබූ පූජනීයත්වය විනාශ වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදි පැවැත්වූ මාධ්‍ය හමුවකදී පියසිරි විජේනායක මහතා මේ බව පෙන්වා දුන්නේය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ විජේනායක මහතා මෙසේද පැවසීය.

ස්කලී (Gillian Anderson) ගේ ටී.වී එක ලාංකිකයෙක් සොරාගනී


එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්‍රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පන පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ දේපලක් යුතු ලෙස අත්පත්කර ගත්තේයැයි යන චෝදනාව මත එක් සැකකරුවෙකු කොළොඹ මහාධිකරණය විසින් ජනවාරි 4 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබේ.

රුපියල් මිලියන් 17.8 වටිනාකමින් යුතු මෙම දේපල වංචා කිරීමට සැකපිට රිමාන්ඩ් කරනු ලැබුවේ අනුර රත්න හේරත් නම් පුද්ගලයෙක්.




ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට

ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට 
අපේ දුක හැමදාම බන්දුලට අමතකද? 
බිඳ දමා මගෙ හීනේ 
ඇයිද ඔබ ෆන් ගන්නේ 
මට දෙන්න බුදු මාමේ 
ප්‍රතිඵලය පෙර වාගේ... 

එස්.බී. ට මල පනී


ගැලීලියෝට මොකක්හරි උනා... 
ගැලීලියෝ මැරුවද?


උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇත්තේ මතුවී ඇති උසස්පෙළ ගැටලුව නිසාවෙනි.

මාධ්‍ය මගින් මේ දිනවල නිතරම පාහේ අමාත්‍යවරයාගේ මුහුණ දැකගත හැකි වුවත් ඒ හැමවිටම අමත්‍යවරයා සන්සුන් හා සිනාමුසු මුහුණින් කරුණු පැහැදිලි කරනු ලබයි.

මාධ්‍යය මගින් දක්නට නොලැබෙන එස්.බී අමාත්‍යවරයා කෝපයට පත්වූ අවස්ථාවක් හා ගැලිලියෝ ගැලලි හා සොක්‍රටීස් ට මැදිවූ ගැටලුවකට මුහුණ පා සිටින අමාත්‍යවරයාගේ වීඩියෝවක් අප වෙත ලැබී 
තිබෙනවා.

අපි දෙන්නා ජීවිතේට කිසිම විදිහකින් එහෙම දෙයක් හිතෙන විදිහටවත් හිටියේ නෑ


පසුගියදා රන්දිව පුවත්පතට මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා.

පහතින් දැක්වෙන්නේ 
එහි එක් කොටසක් 

"ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට. 


විභාග කොමසාරිස් වාද පිටියේදී නා ගනී


උසස්පෙළ ප්‍රතිපල ගැටලුව සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පැවැත්වූ වාදපිටිය වැඩසටහනට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී විය.

එහිදී ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා නැගු ප්‍රශ්නයක් හමුවේ ප්‍රතිඵල ගණනය කරනු ලැබූ සුත්‍රය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට විභාග කොමසාරිස්වරයාට නොහැකි විනි.

එම ගැටලුවට පිළිතුරු දුන් ආකාරය දැක්වෙන වීඩියෝව බලන්න පහතින් 


Share this article with your friends