මෙවර උසස් පෙළ ඉසෙඩ් අගය ගණනය කළ ආකාරය වැරදි බව පෙන්වාදුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සඛ්‍යාන විද්‍යාඥ, මහාචාර්ය ආර්.ඕ. තටිල් මහතාට ජීවිත තර්ජන එල්ලවී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සම්මේලනයේ සම ලේකම් ආචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා ප්‍රකාශ කළේ තටිල් මහතා වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කිසි විටෙකත් පසුබට නොවන බවයි.












ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ ක‍්‍රියාකාරිකයකු හා එහි වාමවාදී පාර්ශ්වයේ ඉදිරිපෙළ ක‍්‍රියාකාරිකයකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතාගේ බිරිඳ වන වෛද්‍ය චම්පා සෝමරත්න මහත්මිය පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට ලක් වූයේ ඇය කටුනායක ගුවන්තොටුපළේදී රහස් පොලිස් නිලධාරීන් විසින් රඳවාගෙන ප‍්‍රශ්න කරනු ලැබීම නිසාය.








