Chitika Smowtion 468x60


Friday, May 11, 2012

මහා කුඩ තොරණ, මාතර වෙසක් හා ලන්ඩන් වෙසක්



මහා කුඩ තොරණ
අනුග්‍රහය රේන්කෝ කුඩ සමාගම

ලන්ඩන් වල වෙසක් සැමරුම.
ජායාරූප එව්වේ: මහේෂ් රෙක්ස්

මාතර වෙසක් කලාපය.
ජායාරූප එව්වේ: රිෂාන් මධුශංක



දිනමිණට ලාභ වු බාල ගුවන් යානා තෙල්


පසුගියදා සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමෙන් මිලදී ගෙන මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet Oil) ටොන් 7,500 භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 14ක් හෙවත් මිලියන 140 ක්‌ වන බව තෙල් සංස්‌ථා මුදල් අංශය ගණන් බලා තිබෙනවා.

නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්‌තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ තවත් හේතුවක්.

ගෙනා ගුවන් යානා තෙල් ටොන් 20,000ක් අතුරින් ප්‍රමිතියෙන් තොර තෙල් ටොන් 7,500 ක්‌ වෙනම ටැංකියක අසුරා තිබී ඇති අතර ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්‍ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්නයක්‌ ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් සමාගමද වෙනම රසායනාගාර පරීක්‍ෂණයක්‌ සිදුකර තිබෙන අතර ඒවායේ හා භූමිතෙල් වල වෙනසක් තිබී නොමැත.

ලංගම බසය තල්ගසේ හැපේ


හලාවත - කුරුණෑගල මනලෙම්බුව සිට හලාවත නගරය දක්වා දිවෙන මගීන් ප්‍රවාහනය කරමින් තිබු හලාවත ඩිපෝවට අයත් ලංගම බස්රථයක් අද උදෑසන හලාවත මුගුනුවටවන ප්‍රදේශයේදී පාරෙන් එවතට පැන තල් ගසක ගැටී තිබෙනවා.

අනතුරට ලක්වී පුද්ගලින් 10 දෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට එතුලත් කර ඇති අතර එහි රියදුරුගේ තත්වය අසාධ්‍ය බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ජනතාවට ඕනේ නම් මම දේශපාලනයට එනවා- මාලක සිල්වා


ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට තමාගේ අදහසක් නොමැති බවත් ඒ වෙනුවට ව්‍යාපාර දියුණුකරගෙන සිටීම තමාගේ අරමුණ බවත් මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පෙරේදා පුවත්පතකට පවසා තිබුණා.

නමුත් තවත් පුවත්පතකට ඊයේ ඔහු පවසා තිබෙනේ ජනතාව ඉල්ලා සිටින්නේ නම් තමා දේශපාලනයට පිවිසෙන බවයි.


Samsung Galaxy S3 එළි දකී !


සැම්සුන් සමාගම විසින් ගැලැක්සි මාදිලියේ අළුත්ම දුරකථනය වන ගැලැක්සි S3 පසුගියදා ලන්ඩනයේදී එළි දැක්වුණා.

Android ICS 4 (ඇන්ඩ්‍රොයිඞ් අයිස් කී‍්‍රම් සැන්ඞ්විච්) මෙහෙයුම් පද්ධතියෙන් යුක්ත මෙය 8MP පසුපස කැමරාවක්, 1.9MP ඉදිරි කැමරාවක්, Quad-core 1.5 GHz (කෝර් 4 කින් යුත්ත) ඉතා වේගවත් processor එකක්ද, 1GB RAM එකකින්ද යුක්තයි.

720 x 1280 pixels resolution සහිතය. ගැලැක්සි S2 තිරයට වඩා 22% කින් විශාල 4.8 inches Super AMOLED තිරයකින් සමන්විතය. එය iPhone 4S වල 640 x 960 pixels, 3.5 inches ටවඩා වැඩි අගයකි.


ගැලැක්සි S3 හි විශේෂ අංග දෙකකි. උපාංගය වෙත දෑස යොමු කරගෙන සිටීම එහි ඉදිරිපස කැමරාව මගින් සන්නිවේදනය කරන අතර මෙලෙස සන්නිවේදනය කරන විටදී දුරකථනයේ තිරය නොනිමී තිබීම එකකි.

පුරවැසියාට එදිරිව පොලීසිය - නීතියට එදිරිව බලය


පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
- සුනන්ද දේශප්‍රිය

සියඹලාපිටිය නිදන් කොල්ලය වනාහී වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලනය පිස්මයක් විළසින් විශාලකර වර්ණ ගන්වා පෙන්වාලන බිහිසුණූ සංසිද්ධියකි.
විලච්චියේ සියඹලාපිටිය ගම්වාසින් පොදු වශයෙන් යුඇන්පීකාරයින් හෝ ආණ්ඩු විරෝධීන් හෝ නොවේ. ඔව්හු තමන්ගේ එදිනෙදා දිවි පෙවත කරගනිමින් ජිවත්වන නීති ගරුක පුරවැසියන් ය. පසුගිය මැයි පළවැනිදා රැයෙහි සිය වැව දෙසින් බැකෝ යන්ත්‍රයක හ ඇසී එතැනට ගිය තරුණ පිරිසකට වැව් පිටිය හාරමින් සිටි එස්ටීඑෆ් සෙබළුන් යැයි කියාගත් පිරිසක් පහර දුන්හ. මෙම පහර දීමට එරෙහිව ගමෙහි ගැහැනුන් සහ පිරිමින් එක්වූහ. එමෙන්ම සිය වැව් පිටිය හාරන්නේ නිදන් හොරුන් බව සැකකල ගම්මු හාර පන්සියයක් එක්ව මහත් ප්‍රති විරෝධයක් පෑහ. මෙම සිදුවීමට දින දෙක තුනක සිට එස්ටීඑෆ් යැයි කියාගත් පිරිස් සියඹලාපිටිය වැවට දිස්ටිය දාගෙන සිටින බව ගම්මු නිරීක්ෂනය කර තිබුණි.

දුමින්දගේ සැත්කම් කතාව ‘අතේ රෝලක්’


අංගොඩදී වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී බරපතළ සැත්කමක් සිදු කිරීමට නියමිත බවට මාධ්‍යවල පළ වී ඇති වාර්තා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලසුම් සහගතව පළ කරන ලද ප‍්‍රවෘත්තියක් බව අප ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කර සිටිමු.
දුමින්ද මන්තී‍්‍රවරයාගේ ඉවත් කරන ලද හිස්කබලේ කොටසක් නැවත සවි කිරීමේදී බරපතළ සැත්කමක් ලබන 19 වනදා සිදු කෙරෙන බව බොහෝ පෞද්ගලික මාධ්‍ය පළ කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මතය.

තිලංගට නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්නැයි බැසිල්ගෙන් බලපෑම්


නවක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදීමේදී තිලංග සුමතිපාල මන්තී‍්‍රවරයාටද නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාට යෝජනා කොට ඇති අතර, ශී‍්‍ර ල.නි.ප. මහලේකම් මෛතී‍්‍රපාල සිරිසේන අමාත්‍යවරයා මෙන්ම, කොළඹ දිස්ති‍්‍රක් නායක සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යවරයාද එම අදහස අනුමත කර තිබේ. කෙසේ වුවද අප වෙත වාර්තා වන පරිදි ජනාධිපතිවරයාගේ මෙතෙක් ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට ප‍්‍රබල නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා, එම තීරණය සාධාරණීකරණය කිරීමේ අරමුණින් තවත් මන්තී‍්‍රවරු කිහිපදෙනෙකුටද නියෝජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමීමට මූලික කාරණා 03 ක් හඳුන්වා දී ඇත.

මරාණ්ඩුව නගින්න හැදූ පුවක් ගහේ දෙබලක්


ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහල දැමීමට සූදානම් වෙද්දී ලෝකයේ බොරතෙල් මිල දැනට දින 6 ක් තිස්සේම පහල වැටෙමින් පවතී.

ඩොලර් 106 ට පමණ තිබූ බොර තෙල් බැරලයක් මේ වන විට ඩොලර් 96 කට පමණ අඩු වී තිබේ. දිනපතා ඩොලර් ශත 60, 50, 25 ආදී වශයෙන් මෙසේ දිනපතා මිල අඩුවෙමින් පවතී. වසර 22 කට පමණ පසු බැරල් මිලියන 379.5 ක් වැනි විශාලතම බොර තෙල් ප්‍රමාණයක් වෙළඳ පොළට පැමිණීමත්, යුරෝපයේ ඇතිවෙමින් පවතින දේශපාලන වෙනස් කම් ආදියත් හේතුවෙන් මෙසේ බොර තෙල් මිල කෙදිනක හෝ නොතිබූ අන්දමින් පහත වැටෙමින් පවතින බව මාධ්‍ය වාර්තා පවසයි. ආර්ථීක විශේෂඥයන් පවසන්නේ ජුනි මස දක්වාම මෙය පවතිනු ඇති බවයි.

මරා ආණ්ඩුව ඩෙංගු රෝගයත් කන්ට මාර්ගයක් කරගෙන

ආණ්ඩුවේ අක්‍රමවත් භාවය, නාස්තිය, දූෂණය හිලවු කර ගැනීමට මහජනයාට අසාධාරණ ලෙස බදු පනවමින්, නිදන් හාරමින්, කූට ලෙස විවිධාකරවලින් මුදල් ඉපැයීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටී. ඩෙංගු රෝගය බිල්ලට තබා සිදු කරන තවත් එවන් මුදල් ගසා කෑමක් ගැන අප වෙත ලැබුණු සිද්ධියකි.

පදවිය යනු කාලයක් පුරාවට ත්‍රස්තවාදී කලබලවලින් පීඩා විඳි ගොවි ජනතාව වෙසෙන අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ඈත කෙළවරේ පිහිටි ගම්මානයකි. මීට ටික කලකට පදවිය නගරය ආශ්‍රිත ව මහජන පරීක්ෂකවරු හා පොලිසිය එක් ව ඩෙංගු පරීක්ෂා කිරීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ අයෙක් කියා සිටියේ පෙර දැනුම් දීම් අනුව තමන් වත්ත පිරිසිදු කර තිබූ බවත් අනිත් පැත්ත හරවා තිබූ (කට යට පැත්තට හරවා) බෝතල් වගයක් තිබීම නිසා තමන්ට දඩ ගැසූ බවයි. මේ බෝතල් බල්ලෝ පූසෝ වැනි සත්තුන්ගේ ඇගේ වැදී අනෙක් පැත්ත හැරිය හැකි බවත්, එවිට ඩෙංගු මදුරුවෝ බෝවිය හැකි බවත් අනාවැකි න්‍යායක් දක්වා කොලයකට අත්සන් ගෙන ඇත. අඩුම වශයෙන් එම කොලයේ ඇත්තේ මොනවාද යන්න පැවසීමටවත් ඔවුන් කාරුණික වී නැත.

කඩු මහින්ද මහජනතාවගේ වෙසක් වසර 15 කින් ආපස්සට ගෙන ගිය බව ඇමැති චම්පිකගෙන් හෙලිවේ


කඩු මහින්ද හෙවත් මැදමූලන මරාගේ පාලනයෙන් ජනතාව සුඛිත මුදිත වී ඇතැයි පම්පෝරි ගැහුවද, ජනතාව වසර 15 කින් ආපස්සට ගොස් ඇති බව විදුලි බල ඇමැති චම්පික රණවක ඉංජිනේරු උපාසක මහතා අද කළ කතාවකින් හෙළිදරව් වේ. මොරටුව කටුබැද්දේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ අද උදේ පැවැති සමුළුවකදී ඔහු මෙසේ කීය.

"පසුගිය වසර 15 ක කාලයේ වෙසක් උත්සවය පැවති කාලසීමාව සැලකිල්ලට ගැනීමේදී, මෙවර මූලික වෙසක් දින 04 වන මැයි 05,06,07 සහ 08 යන දිනයන්හිදී සිදුවී තිඛෙන්නේ අඩු විදුලි පරිභෝජනයක්. පෙර වර්ෂවල වෙසක් කාලසීමාවේදී වෙසක් උත්සවශ්‍රීය හේතුවෙන් දෛනික පරිභෝජන රටාව මෙගාවොට් 1800ක් 2200ත් අතර අගයක් අරන් තිඛෙනවා. නමුත් පසුගිය වෙසක් දින 04 තුළ එම අගය පැවතුනේ මෙගාවොට් 1750ත් 2100ත් අතර අගයක්වීම සුවිශේෂී කරුණක්"

ආරක්ෂක ලේකම්වරයා විසින් සංවිධානය කරනලද බත් දන්සල


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන ලද වෙසක් මහා බත් දන්සැල කොළඹ බෞද්ධාලෝක මාවතේ දී පසුගියදා පැවැත්විණි.

එම අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, අයෝමා රාජපක්ෂ මහත්මිය හා යෝෂිත රාජපක්ෂ සහභාගී විය.

එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න 


Share this article with your friends