Chitika Smowtion 468x60


Monday, December 19, 2011

රනිල්- කරු සටනින් රනිල් දිනයි


7:15 pm 
කළබල කළ මන්ත්‍රීන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
නව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර විසින් කළබල කළ පිරිස අමතමින් ඉවත්වී යන්නැයි ඉල්ලා සිටිය අතර ඉන් පසු සියල්ලෝම ඉවත්වී ගියා.

ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 6.15ට පමණ උඩුමහලේ සිට පහළට පැමිණ සිරිකොත මන්දිරයෙන් පිටත් වී ගියේ අලාභහානි කැර තිබූ වාහන, ගල්ගසා කඩා බිඳදමා තුබු බුදුමැදුර ද, කඩා බිඳ දැමූ පක්ෂ මූලස්ථානයේ නාම පුවරුව ආදිය පිරික්සීමෙන් පසුවයි

මේ අතර පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ඇති වූ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රෝස් ප‍්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති බව ද වාර්තා වෙනවා.
5:22 pm 
සිරිකොතට දැඩි හානි  
පක්ෂ මූලස්ථානයේ නාම පුවරුව බිම දමා තිබෙන අතර ගේට්ටුව කඩා දමා පාක්ෂිකයින් සිරිකොතට ඇතුල්වී තිබෙනවා. ගල් මුල් වලින් පහර දීමෙන් පක්‍ෂ මූලස්ථානයේ සියළුම දොර ජනෙල් බිඳී ගොස් ඇති අතර සිරිකොත ඉදිරිපිට බුදුමැදුර ද කැඩී බිදී ගොස් තිබෙනවා.

පාක්ෂිකයන් විසින් පොලු මුගුරු රැගෙන පොලිසිය ඉදිරිපිටදීම පුද්ගලයින්ට පහරදී ඇති අතර පොලිසියේ 20ක් 30 ක් හැරුණුකොට කලබලය මැඩීමට පොලීසියේ අතිරේක බළඇණි කලබලය වී පැයකට පසුවද පැමිණි බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳ දෙරණ වීඩියෝව පහතින්

දෙදිනක් පුරා පැවැත්වුණු කලම්බු නයිට් රේස්


කොළඹ නයිට්‌ රේස්‌ (COLOMBO NIGHT RACE) මෝටර් රථ ධාවන තරග පසුගිය 167 හා 17 වනදා කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි.

කොළඹ ගලදාරී හෝටලය අසළින් ආරම්භ වී කොළඹ කොටුව ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පැවැති මෙම තරගාවලිය නැරඹීම සඳහා ක‍්‍රීඩා ලෝලීහු දහස් ගණනක් පැමිණ සිටියහ.

ඉසව් 19 කින් සමන්විත වු මෙම තරගාවලියසඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ධාවකයන්, ඉන්දීය හා මැලේසියානු මෝටර් රථ ධාවකයන් සහභාගී විය.

මෙම තරඟාවලිය පුරාවටම කැපිපෙනෙන දක්ෂතා ඉදිරිපත්කිරීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශුරි දිලන්ත මාලගමුව හා යතුරුපැදි අංශයෙන් ශ‍්‍රියාන් සැමුවල් සමත්විය.ඒ අනුව G.T 4 මෝටර් රථ ඉසව් දෙකේදීම මලයාසියානු රියැදුරන් අභිබවා යමින් මාලගමුව ජය ගත්තේය.

කලම්බු නයිට් රේස් ජායාරූප එකතුව




තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්න කව්ද අකමැති - බියංකා


වන්දනා හි හිරුණි, උත්පලාහි චතු, නිල්දිය රළ නිලූ හා අවසරයි පියාඹන්න මධුෂිකා ලෙස සතියේ සෑම දිනකම පාහේ ඔබේ ආලින්දයට ගොඩවෙන ඇය නමින් බියංකා ෆොන්සේකා. පසුගිය කාලයේ වැස්‌ස නුඹ වාගේ හි තාරකා හා බාගෙට නෑයෝ ඉල්මා ලෙසත් ඔබේ ආලින්දයට ඇය ගොඩ වැදුණා. තවද ස්‌වර්ණවාහිනියේ ගුඩ් ආෆ්ටර්නූන් ශ්‍රී ලංකා හි නිවේදිකාවක්‌ ලෙසත් ඔබ හමුවට එනවා. 
විටෙක නිවේදිකාවක්‌ ලෙසත් තවත් විටෙක නිර්මාණ රැසකින් රංගන ශිල්පිනියක ලෙසත් ඔබ හමුවට එන බියංකාගේ සැබෑ තොරතුරු මොනවාද කියා මේ වෙලාවේ ඔබ විමසනවා ඇති. මේ ඉඩකඩ ඒ වෙනුවෙනි.


බියංකා ඔබේ හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත් ?
මගේ නම බියංකා ෆොන්සේකා. පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. දැනට පදිංචිවෙලා ඉන්නේ කළුබෝවිල.

එතකොට කොහොමද නිළියක්‌ වුණේ ?
මම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ 2002 වසරේ නිරූපණ ශිල්පිනියක්‌ විදිහට. ඊට පසුව 2007 වසරේ සහාය අධ්‍යක්‍ෂ ප්‍රසන්න වනසිංහගේ බිරිඳගෙන් ආරාධනාවක්‌ ලැබුණා ටෙලි නාට්‍යයක්‌ නිර්මාණය කරනවා එයට සහභාගි වෙන්න කියලා. එතකොට මගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ රඟපාන්න. ඇයගේ බලකිරීම නිසා මට හිතුණා එක ටෙලිනාට්‍යයක රඟපාන්න ඕනෑ කියලා. අයි ලව් යූ ජෙනී කියන ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ.

ඔබට ලැබුණ මුල් අවස්‌ථාවෙන්ම ප්‍රයෝජනයක්‌ ගත්තා කියලා හිතනවාද?

ෂෙයෝන් නිසා ඉරේෂාට කලාවෙන් ඈත්වීට සිදුවෙලාලු


පසුගිය කාලයේදී ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් ලෙස පේ‍්‍රක්‍ෂකයන්අතර වැඩි ආකාර්ශනයක් දිනාගත් ඉරේෂා රණසිංහ මේ දිනවලටෙලිනාට්‍ය වල දක්නට නොලැබේඇය මෙසේ කලාවෙන් ඈත්වීසිටීමට තීරණය කර ඇත්තේ ඇගේ ආදණීය ෂෙයෝන් නිසා යැයිවාර්තා වේ.මවක් හැටියට ඉරේෂාගෙන් ෂෙයෝන්ට ඉටුවිය යුතුයුතුකම් බොහොමයක් ඇති බැවින් ඇය කලාවෙන් ඈත්වී වැඩිකාලයක් ෂෙයෝන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කළ බව දඇය පවසන්නීය.


ඉරේෂාගේ පුතු ෂෙයෝන් හසංජයට මේවන විට අවුරුදු එකහමාරක්වන බවත්දැන් ඔහුට මව අවශ්‍යම කාලය බවත් ඇයපවසන්නීය.කෙසේවුද ඇය ඉඩ ලැබුණු පුංචි විරාමයකදී තවත් අලූත් ටෙලිනාට්‍යකටත්සම්බන්ධවී ඇතැයි මේ අතර වාර්තා වේ.ඇගේ මේ අලූත් ටෙලි නාට්‍ය ‘අලූත් ගෙදර’ ලෙසනම්කර ඇති බවද පැවසේ.මේ අතර ඇය ‘පිනිබිඳු’ නම් මෙගා ටෙලියකට ද රංගනයෙන්දායකවී ඇතැයි ද වාර්තා වේ.

ගණිකා වෘත්තියට අපි ගෞරව කරන්න ඕන - ටෙලි නාට්‍ය නිළි නදීශා


ඉරිදා උදෑසන ස්වර්ණවාහිනී වැඩසටහනකට ටෙලි නාට්‍ය නිළි නදීශා හේමමාලි එක්වී සිටියා’ එහිදී එක් අවස්ථාවක ටෙලි නාට්‍ය නිළියන් ගණිකා වෘත්තියේ නියැළීම පිළිබඳ අසන ලද පැනයකට නදීශා පිළිතුරු සපයමින් කියා සිටියේ ලංකාවේ ගණිකා වන් නොසිටින්නට මිනිසුන්ට ලෙඩ හැදී පිස්සන් විය හැකි බවත් එබැවින් ගණිකා වෘත්තියට ගරු කළ යුතු බවත්ය. මේ අතරම ටෙලි නාට්‍ය වල ගණිකාවන් නැති බව ඇය කියා සිටියාය.ඇගේ කතා කණ්ඩය මෙසේය.
"ගණිකා වෘත්තිය කියන්නේත් වෘත්තියක් ඒකට අපි ගෞරව කරන්න ඕන’’’
අනෙක අපේ රටේ මිනිස්සු’’’’’ මේක ප්‍රසිද්ධ මාධ්‍යයකින් කියන්නම ඕන’’
මේ වෘත්තිය නැත්තම් අපේ රටේ මිනිස්සුන්ට ලෙඩ රෝග හැදිල පිස්සො වෙලා ඉඳීවි’’’’ අපේ ටෙලි නාට්‍ය නිෂ්පාදනවලට නම් අපි ගණිකාවො සම්බන්ධ කරගන්නෙ නෑනෙ’’ ඒක නිසා අපට කොහෙත්ම අදාලත්වයක් නෑ ඒ ගොල්ලො ගැන’’ ලොකුම ප්‍රශ්නයක් තියනව ඕක නිළියොද කරන්නෙ කියන එක’’ අද පඳුරකට පයින් ගැහුවොත් කීයක් කියයිද නිළියො කියල’’"




නදීශාගේ ඡායාරූප එකතුව මෙතනින් බලන්න





එප්පාවල එකම පවුලේ හතර දෙනෙකු කපා කොටා මරා දමලා


එප්පාවල, කටියාව යාය 01 ජනපදයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනකු ඉතා අමානුෂික අන්දමින් කපා කොටා ඝාතනය කර තිබේ. පෙරේදා (17 වැනිදා) රාත්‍රි කාලයේ සිදුවී ඇති මෙම අවාසනාවන්ත සිද්ධියෙන් අඹු සැමි යුවළක හා ඔවුන්ගේ මව හා පුංචි අම්මා ඝාතනයට ලක්‌ වී තිබේ.


මෙලෙස ඝාතනයට ලක්‌වී ඇත්තේ වර්ණපටබැඳිගේ මධුසංඛ පෙරේරා (23), දිසානායක නිලුකා චාන්දනි පතිරණ (23) යන අඹුසැමි යුවළ හා බිරියගේ මව වූ මන්නානි පතිරැන්නැහැ ලාගේ සීතා හේමලතා (55) සහ පුංචි අම්මා වූ මන්නානි පතිරැන්නැහැලාගේ මාලනී ස්‌වර්ණලතා (52) යන අයයි. මින් නිලුකා චාන්දනි ගැබිනියක බව ද හෙළිවී ඇත. ඝාතනයට ලක්‌වූ මාලනී ස්‌වර්ණලතා මෙම නිවසේ සිය මව සහ පියා සමඟ ජීවත්ව සිට ඇත. දෙමාපියන්ගේ වියෝවෙන් මාලනී තනිවූවාය. මේ නිසා ඇගේ තනියට මාලනීගේ වැඩිමහල් සොහොයුරිය වූ සීතා හේමලතාත්, ඇගේ දියණියත්, බෑණාත් පැමිණ ඇත.


මවක් වීමේ සිහිනය ළගදීම සැබෑ කරගන්නවා - සුජානි


ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි සුජානි මේනකාගෙන්බොහෝදෙනා නිතර නිතර විමසන මවක් වීමේසිහිනය ළගදීම සැබෑවක් බවට පත්වන බව ඇයපවසන්නීය.සතිඅන්ත පුවත් පතකට ඇය මේ බවපවසා තිබිණි. ලබන ජනවාරි 25 වැනිදාට සුජානි හාබිමල්ගේ විවාහයට වසර 4ක් වන බවත් ඇයපවසන්නීය.
හොඳ අවබෝධයකින් සහ ආදරයෙන්සහයෝගයෙන් බිමල් සමග ජීවත් වන බවත් සුජානි සඳහන් කර තිබේ.




Source : hotandfastnews.com

රාතී‍්‍ර මෝටර් තරගාවලියේදී ඩිලන්තට - ශී‍්‍රයාන්ට විශිෂ්ට දස්කම්


වේගය, භීතිය හා තරගකාරීත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකීය මෝටර් රථ ක‍්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරගාවලියේදී ඩිලන්ත මාලගමුව සහ ශ‍්‍රියාන් සැමුවල් ඉසව් දෙක බැගින් ජය ගැනීමට සමත්වුහ.කොළඹ ගලදාරී හෝටලය අසළින් ආරම්භ වී කොළඹ කොටුව ප‍්‍රදේශය 
කේන්ද්‍රකර ගනිමින් පැවැති මෙම තරගාවලියේ උණුසුම විද ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණි ක‍්‍රීඩා ලෝලීහු දහස් ගණනක් පසුදින පහන්වන තුරුම රැදී සිටියහ.

ඉසව් 19 කින් සමන්විත වු මෙම තරගාවලිය 17 පස්වරු 8.00 ට පමණ ආරම්භ වී අද අලූයම 5.30 දක්වා පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ නම ගිය ධාවකයන්, ඉන්දීය හා මැලේසියානු මෝටර් රථ ධාවකයන් සමග කළ තියුණු තරගයක ආශ්වාදය දහස් සංඛ්‍යාත මෝටර් රථ ලෝලීන්ටද සියැසින් දැකගැනීමේ අවස්ථාව සලසමිනි.

බැට් මෑන්ට චීන්නු පහර පිට පහර දීලා


පසුගිය දිනක චීනයේ සංචාරයක නිරත වුනු "ද ඩාර්ක් නයිට්"බැට්මෑන් චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය කි‍්‍රස්ටෝෆර් බේල් එහිදිඅමිහිරි අත්දැකීමකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.බේල් ගේඅළුත් ම චිත‍්‍රපටය වන ’ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ හි ප‍්‍රවර්ධනකටයුතු සඳහා චීනයේ සංචාරයක යෙදුනු බේල්, එරට ප‍්‍රසිද්ධකි‍්‍රයාකාරියෙකු වන චෙන් ග්වාන්චෙන් නිවාස අඩස්සියේරඳවා සිටින ලින්යී නගරයට ගොස් තිබේ.ඔහුගේ ගමනටසී.එන්.එන්. පුවත්සේවයේ මාධ්‍යවේදී කණ්ඩායමක් ද එක්වඇත.

චීනයේ ජනගහනය පාලනය කිරීමේ අරමුණින්බලහත්කාරයෙන් සිදුවන ගබ්සා පිළිබඳව හෙලි කිරීමෙන්අනතුරුවඅන්ධ කි‍්‍රයාකාරියෙකු වන චෙන් ග්වාන් චෙන් මෙලෙස නිවාස අඩස්සියේ රඳවාඇත.’ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ රූගතකිරීම් සඳහා මීට කලින් චීනයට පැමිණි අවස්ථාවේදී චෙන්ග්වාන්චෙන්ගේ කතාපුවත පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව හැඟීම්බර වී ඇති බේල් හටචෙන් ග්වාන්චෙන් හමුවීමට තැමැත්තෙන් පසුවී ඇත.

Share this article with your friends