Chitika Smowtion 468x60


Wednesday, March 28, 2012

ජැක්ලයින්ට ගරු නොකලැයි වෙළඳ සේවිකාවන් දෙදෙනෙක් අස් කරයි


ලාංකීය රූ රැජිනක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඉන්දියාවේ බොලිවුඩ් නිළියක් වූ ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් පසුගියදා වැලිසර පිහිටි අබාන්ස් හි Abstract (A- World) වෙළඳසැළට පැමිණි අවස්ථාවේ ඇයට ගරු නොකලැයි කියා එම අවස්ථාවේ ආයතනයේ සේවය කළ ආරක්ෂක නිළධාරිණියකුගේ හා වෙළඳ සේවිකාවකගේ සේවය අත්හිටුවා තිබෙනවා.

සන්ඩේලීඩර් පුවත්පතේ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ නෑනා කෙනෙක් වන ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් විසින් මේ බව ඊමේල් පණිවිඩයක් මඟින් ආයතනයේ කලමණාකාරීත්වයට දැනුම් දී ඇත්තේ අදාල සේවිකාවන් දෙදෙනාගේ 
 සේවය අත් හිටවන ලෙසයි.

රාජපක්ෂවරුන් බලයේ සිටිනතාක් මට අත තියන්න කාටවත් බෑ - මර්වින්


මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ සිටින තාක්, ඩී.ඒ රාජපක්ෂ පරපුර බලයේ සිටින තාක් කල් තමාට අත තියන්නට කාටවත් හැකියාවක් නැතැයි මර්වින් සිල්වා පවසනවා. 

තමා මැද මුලන වලව්වේ හැදුණු වැඩුණු පුද්ගලයකු බැවින් වැරදි නොකරන බවත්, හැකිතාක් පුණ්‍ය කටයුතුවල නිරත වන බවත් ඔහු සඳහන් කළේ ඊයේ අමාත්‍ය මර්වින් සිල්වාගේ උපන් දිනය නිමිත්තෙන් ඔහුට ආශීර්වාද කිරීමට කැලණිය රජ මහා විහාරයේ පැවති පින්කමකට සහභාගීවීමෙන්.

කැලණිය ආසනය පුරාම නව ආසන සංවිධායකවරයකු ගැන ‍පෝස්ටරයක් අලවා තියෙනවා. කවුරු මොන ‍පෝස්ටර් ඇලෙව්වත් කැලණිය ආසනයේ ශ්‍රී ල.නි.ප. ආසන සංවිධායක මමයි. මම කප්පම්, පගාගන්න පුද්ගලයෙක් නොවෙයි. එහෙම කළානම් මට බුදුන් වැඩිය පුරවරයට පය තියන්නවත් බැරිවෙනවා. කැලණිය රජ මහා විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදියි මින් මතුවට මම වැඩකරන්නේ. මාධ්‍ය මගින් මට මඩ ගැසුවත් කිසිම දවසක මාධ්‍යවේදීන් සමග මගේ කිසිදු අමනාපයක් නැහැ. මාධ්‍යවේදීන් ළඟ වැඩියි. මම ඈත වැඩියි. අපි සමීපයි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදු ප්‍රචාර සහ පළිගැනීමේ තර්ජන භයානක ලෙස ඉහළ යයි - අයි.එප්.ජේ.


ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට රුහැණිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලික ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදු ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය ( අයි.එප්.ෙජ්./ජා.ජා.ස) සිය දැඩි කණගාටුව පළ කරයි.
පසුගිය මාර්තු 22දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවෙහි දීර්ඝ කාලීන යුදධයේ අවසන් භාගයේ දී සිදු වූ පෘතූල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරමින් සහ රටෙහි ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර සාමය ඇති කිරීම සඳහා ප්‍රතිසංධානය සඳහා වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් වූ යෝජනාව සම්මතවීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත විය.

මරියතුමියගේ රූපය මතුවූ බව කියන ජේසුතුමාගේ පිළිමය


දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ආගමික භක්තිය වැඩිවන සිද්ධීන් පසුගිය කාලයේ වාර්තා වුණා.

බුදුපිළිම වලින් බුදුරැස් විහිදෙන බව පවසමින් මීට ටික කලකට පෙර බොහෝ දෙනා පොරකමින් බුදු පිළිම දෙස බලා සිටි අතර මරියතුමීගේ දේව ප්‍රතිමා වලින් කඳුළු ගලනා සිද්ධීන්ද වාර්තා වුණා.

මේ අතර නවතම සිද්ධිය වාර්තා වන්නේ හැඳල, නායකකන්ද දෙව්මැදුරින්.

එහි අල්තරයේ ඉහලින් ඇති කුරුසියේ සිටින ජේසු තුමාගේ ශරීරයේ මැද හරියේ මරිය මව්ගේ මුහුණේ චායාවක් මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.


ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදු ප්‍රචාර සහ පළිගැනීමේ තර්ජන භයානක ලෙස ඉහළ යයි - අයි.එප්.ජේ.


ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට රුහැණිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලික ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදු ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය ( අයි.එප්.ෙජ්./ජා.ජා.ස) සිය දැඩි කණගාටුව පළ කරයි.
පසුගිය මාර්තු 22දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවෙහි දීර්ඝ කාලීන යුදධයේ අවසන් භාගයේ දී සිදු වූ පෘතූල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරමින් සහ රටෙහි ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර සාමය ඇති කිරීම සඳහා ප්‍රතිසංධානය සඳහා වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් වූ යෝජනාව සම්මතවීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත විය.

ශ‍්‍රී ලංකා ධඡය යටතේ ලියාපදිංචි කළ ඉරාන නැව් මෙන්න


ඉරාන රාජ්‍ය නායකයාගේ ඉල්ලීම මත ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා ධඡය යටතේ ලියාපදිංචි කර ඇති වාණිජ නැව් 04ක් සහ දැනට ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින තවත් නැව් 03ක් පිළිබඳ තොරතුරු අප වෙත වාර්තා වී තිබේ.
ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාදකවලින් බේරීම සඳහා මෙම ඉරාන නැව් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝගය මත ශ‍්‍රී ලංකා වෙළඳ නැව් කාර්යාංශය විසින් ශ‍්‍රී ලංකා ධඡය යටතේ ලියාපදිංචි කර තිබේ. ජනාධිපතිවරයාගේ නියෝගය මත එසේ ලියාපදිංචි කළ නැව් 04 පහත සඳහන් පරිදි වේ.

කල්ලඩි පාලම ඉදිකිරිමේ කොන්ත‍්‍රාත්තුවත් බැසිල්ගේ හිතවතෙකුට


නැගෙනහිර යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කල්ලඩි පාලම ඉදිකිරීමේ උප කොන්ත‍්‍රාත්තුව මාගා ඉංජිනියරින් ප‍්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත පවරා දීමට බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා කටයුතු කරමින් සිටියි.
මාගා ආයතනයේ ප‍්‍රධානී කපිතාන් කුලරත්න මහතා බැසිල් රාජපක්‍ෂ මහතාගේ සමීපතම ව්‍යාපාරික මිතුරකු වන අතර, මේ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අදාළ මූලික කටයුතු සඳහා පමණක් ඉදිකිරිමේ කොන්ත‍්‍රාත් මුදලින් 5%ක අත්තිකාරම් මුදලක් ඇමතිවරයා විසින් ලබා ගෙන තිබේ.

උතුරේ අවතැන්වූවන් සඳහා වන සහන ව්‍යාපෘති ජුලි මාසයෙන් අවසන්


උතුරේ පළාතේ අවතැන්වූවන් හට පවත්නා ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා 2007-06-01 දින සිට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ කාර්යාලයේ අනුග‍්‍රහය ඇතිව නැවත පදිංචි කිරීම හා එම අයගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපෘතිය 2012-06-30 වැනි දිනෙන් අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳව මහකොමසාරිස් කාර්යාලය නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සමග ඇති කරගත් එකගතාවයන්ට අනුව එම කාර්යාලයේ මූල්‍ය අනුග‍්‍රහය යටතේ, අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, යහපත් දිවිපෙවතක් ලබා දීම හා අනෙකුත් පහසුකම් සැපයීම සඳහා සම්බන්ධීකරණය සහ ඉටුකිරීම පිණිස පවත්වාගෙන යනු ලැබීය. මෙම ව්‍යාපෘතිය මගින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම පිළිබඳ දත්ත එක්රැස්කොට විශ්ලේෂණය කොට මාසික ප‍්‍රගති වාර්තා සකසා එම වාර්තා ජාතික මට්ටමට සහ අවතැන්වූවන්ට සහන සැලසිය හැකි ආයතනවලට ලබා දීමද සිදු කෙරිණ.

සිරස සුසාරට දිනෙන් දිනම ඇණයක් වෙන මධූ


බදින්න ඉස්සෙලත් මෙහෙම වාතයක් වෙනව නම්....
අවුරුද්දක්වත් පවුල් කන්න වෙන්නෑ...
ඒක ෂුවර්.....සුසාර.

ලංකාවේ අංක එකේ රූපවාහිනිය වන ‘සිරස’ නාලිකාවේ විශේෂාංග අංශයේ ප‍්‍රධානී ‘මහනාමේ සූරසේන’ නොහොත් සුසාර දිනාල් ඔහුගේ අනියම් පාර්ශ්වයවන මධූ බෝගහවත්තට ලඟදීම නැවතීමේ තිත තැබීමට යන බවක් වාර්තා වේ.

මේ වනවිට දිසාඅධිකරණයේ විභාග වෙමින් පවතින සුසාරගේ හා ඔහුගේ බිරිඳගේ දික්කසාද නඩුව අවසන් වූ වහාම මධූව විවාහ කරගැනීමට සුසාර පොරොන්දුවී ඇති අතර මධූගේ ක‍්‍රියාකළාපය දිනෙන් දිනම සුසාරට ඇණයක් වෙමින් පවතින බව වාර්තා වේ.


මගේ දිවි ගැලවුවේ ජනපති - ජීවන්ගේ මස්සිනා


මගේ බෙල්ලෙන් අල්ලගෙන තල්ලුකරගෙන ගියා... 
කෑගහන්න උත්සාහ කළාම කට වහලා මට ගැහුවා... 

සුදු වෑන් රථයකින් රථයකින් පැහැරගෙන ගිය තමාට නිදහස ලැබුනේ ජනාධිපතිවරයාගේ හා  ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ  මැදිහත්වීම මත බව බස්‌නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ මස්‌සිනා වන සාගර සේනාරත්න මහතා පවසයි. 

ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බව පෙරේදා (26) රාත්‍රියේ සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක්‌ව නිදහස්‌ වී පැමිණි සේනාරත්න මහතාකියා සිටියි.

ව්‍යාජ මනෝ වෛද්‍ය ප්‍රවීන් ජයමහ අත්අඩංගුවට


මනෝ වෛද්‍යවරයෙකු , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු සහ ළමා මානසික සෞඛ්‍ය හා පෝෂණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ලෙස පෙනී සිටිමින් ජනතාව කාලයක් පුරා මුළා කල ප්‍රවීන් ජයමහ නොහොත්  ජේ එම් පී ජයමහ නමැති මගෝඩියා මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

මොහු මාධ්‍යවේදීන් නොමග යවමින් සිරිකත, බුදුසරණ වැනි පුවත් පත් වලටද ලිපි සපයමින් මුදල් ගෙවා රුපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන්ද පවත්වා තිබේ. 

මෙම වංචාවන්ට අමතරව ජනපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකුගේ හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපි ශීර්ෂ යටතේ මොහු ව්‍යාජ අස්සන් යොදා මහනුවර ධර්මරාජය ඇතුළු පාසල් ගණනාවකට ළමුන් ඇතුළත් කිරීම සඳහා කූට ලේබන සකසා තිබේ. 

ලොව වටිනාම කේක් ගෙඩිය ලංකාවෙන්


අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ සුපවේදී දිමුතු කුමාරසිංහ විසින් ලොව වටිනාම කේක් ගෙඩිය නිපදවීමට සමත්වී ඇත.මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 35 කි.

නිල්මැණික් දහයක්, රන් ආභරණ දහයක්, චොක්ලට් රස දහයක් ඇතුළත් මේ කේක්ගෙඩිය හදුන්වා ඇත්තේ "පයිරෙට්ස් ෆැන්ටසි" යන නමිනි. මුහුදු කොල්ලකරුවන් දස දෙනකු විසින් ඔසොවාගෙන එනු ලබන අයුරින් කැර ඇති මේ නිර්මාණය කාලතුවක්කුවක් මත තබා ඇත.

මේ කේක් ගෙඩිය අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ශ්‍රී ලංකා හා එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම් මේ කේක් ගෙඩිය බැලීමට ආ පිරිස අතර වෙයි. 


එම කේක් ගෙඩියේ ජායාරූප පහතින් බලන්න  


මහින්ද අබේසුන්දර දිනමිණ කර්තෘ ධුරයෙන් ඉවතට


මෙයට පෙර අප පුවතකින් හෙළි කර සිටියේ දිනමිණ කතෘවරුන් දෙදෙනෙකු අතර සිදුවූ පහර දීමක් පිළිබඳවයි.

මෙම පහරදීම හා තවත් අභ්‍යන්තර ගැටුම් කිහිපයක් හේතුවෙන් "දිනමිණ" ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා ඊයේ (27 වැනිදා) සිට එම ධුරයෙන් ඉවත් කර උපදේශක කර්තෘවරයකු ලෙස පත්කිරීමට ලේක්‌හවුස්‌ ආයතන පරිපාලනය පියවර ගෙන ඇත.

මේ පිලිබඳ දිනමිණ පුවත්පත කිසිවක් වාර්තා කර නොතිබුනත් ඇතැම් මාධ්‍යය වාර්තා කර තිබුනේ මහින්ද අබේසුන්දර මහතාට ලබා දී ඇත්තේ උසස්වීමක් බවයි






තොණ්ඩමන් ෂේප්කර ගැනීමට බැසිල්ගෙන් අල්ලසක් ?


ජනාධිපතිවරයා සමඟ මතබේදයක් ඇතිකරගෙන සිටින අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ආණ්ඩුව තුළ රඳවා ගැනීම සඳහා සාකච්ඡුා පවත්වන ආර්ථික සංවර්ධන බැසිල් රාජපක්ෂ මහතා පශු සම්පත් සහ ග‍්‍රාමීය ප‍්‍රජාසංවර්ධන අමාත්‍යාංශයේ කටයුතුවලට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබා දීමට එකඟත්වය පළකර තිබේ.
ලංකා කම්කරු ක්‍රොන්ග‍්‍රසයේ නායක මුත්තුසිවලිංගම් මහතා සමඟ ඊයේ (27) පස්වරුවේ පැවති සාකච්ඡුාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම එකඟත්වය පළ කර තිබේ.

දූෂිත ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ ලැයිස්තුව යට ගසයි


දූෂිත ක‍්‍රියාවලට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පලාත් සභා හා පළාත පාලන ආයතන මන්ත‍්‍රීවරුන්ගේ නාමලේඛනයක් ලබාදෙන ලෙස එම පක්ෂයේ මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම නොසලකා හැර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

පොලිස්පතිවරයා පොලිස් කොට්ඨාශ මට්ටමින් මෙවැනි වාර්තාවක් ඉල්ලා තිබුණද මෙතෙක් ඊට අදාළ ලැයිස්තුවක් සකස්කොට නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

මාලදිවයිනේ පාරක් සෑදීමේ කොන්ත‍්‍රාත්තුව නාමල්ගේ හිතවතෙකුට


මාලදිවයිනේ Addu දූපතෙහි කිලෝමීටර් 4.8ක් දිගැති මං තීරු දෙකක ඇස්පෝල්ට් කොන්ක‍්‍රීට් මාර්ගය ඉදිකිරීම සඳහා වන කොන්ත‍්‍රාත්තුව නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට හිතවත් ඉන්ටර්නැෂනල් කන්ට‍්‍රක්ශන් කන්සෝටියම් ප‍්‍රයිවට් ලිමිටට් වෙත ලබා දීමට තීරණය වී ඇත. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 9,900,000 (වැට් රහිත) කොන්ත‍්‍රාත් ගිවිසුමකට එළඹීමට නියමිතය.
2011 නොවැම්බර් මාසයේ මාලදිවයිනේ පැවැති සර්ක් සමුළුව සඳහා සූදානම් වෙමින් සිටි මාලදිවයින රජයේ ආණ්ඩුවSunset bridge වෙතින් ආරම්භවී Addu දූපතෙහි Maradhoo iy Feydhoo හරහා දිවෙන කිලෝමීටර් 4.8ක් දිගැති ඇස්කෝට් කොන්ක‍්‍රිට් මාර්ගයක් ඉදි කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ සහය ඉල්ලා තිබිණි. ඒ අනුව එම මාර්ගය ඉදි කිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන දහයක් නොයික්මවන ප‍්‍රදානයන් ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා රජය හා මාලදිවයින ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණ.

දූෂිත රියල් අද්මිරාල්ට ආර්යාවගේ රැකවරණ


රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බවට සාක්ෂි සහිතව තහවුරු වී ඇති ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජනරාල් (ඉංජිනේරු) රියල් අද්මිරාල් මහේෂ් ගුණසේකර (ගුණසේකර නානයක්කාර විජේරත්න වික‍්‍රමසිංහ ගුණසේකර වාසල මුදලිලාගේ ගාමිණී මහේෂ්) මහතාගේ තනතුර ආරක්ෂා කර දීම සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් වී සිටි.
ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කටයුතු අධීක්ෂණය කරන ලබන ආර්යාව එම දූෂිත අද්මිරාල්වරයා වෙනුවෙන් ඉදිරිපත් වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීම මතය.

Share this article with your friends