Chitika Smowtion 468x60


Monday, May 14, 2012

අන්ත්‍රාවයි..! ඔබේ දරුවා බිලිපූජාවෙන් බේරාගන්න


බිලිපූජාවන්ට දරුවන් පැහැර ගැනීමට ආ සුදුවෑන් මිනීමරුවන්ගෙන් පරස්පර කතා: අන්ත්‍රාවයි..! ඔබේ දරුවා බිලිපූජාවෙන් බේරාගන්න.

වාලච්චේනේදී බිලිපූජා සඳහා දරුවන් පැහැර ගැනීමේ සිද්ධියේ වැඩිදුර තොරතුරු 
අප වෙත වාර්තා වේ. මෙම තොරතුරු දැඩි ලෙස ප්‍රශ්නකාරී වේ.

පැහැර ගැනීමට තැත් කළ දරුවා වයස අවුරුදු 14 ක් වන අෂ්රොෆ් මොහොම්මදු අසිවිවහු කයිරාන් නමැති වාලච්චේන පල්ලිය පාරේ පදිංචි දරුවෙකි. මෙම දරුවා ආච්චි අම්මාගේ නිවසට පැමිණ සිටියදී එහි සිට කඩයට යෑමට පාරේ අයිනෙන් යද්දී අංක එන්.ඩබ්.-එන්.ඒ. 2918 දරණ කළු පැහැති නිසාන් හයිඒස් රථයකින් පැමිණි කණ්ඩායමක් දරුවාගේ කට වසා වෑන් රියට ඇද පිටුපස අසුනට උස්සා දමා ඇත. එවිටම රථයේ පිටුපස තිබූ ජනේලයක් විවෘත කර ගත් දරුවා ඉන් එළියට ඔළුව දමා කෑ ගසා තිබේ. ඒ සමගම පාරේ ගිය එම පවුලේ ඥාතියෙකු දරුවාගේ කෑ ගැසීම දැක ඔහුද කෑ ගසා අවට සිටි පිරිස් රැස් කරගෙන වෑන් රථයට පැන යාමට නොහැකි සේ අල්ලාගෙන තිබේ. එක් වරටම වෑන් රථය අද්දාගෙන යැමට නොහැකි වී තිබී ඇත්තේ ඔත්තු කරුවන් ලෙස සිටි දෙමළ ජාතිකයන් දෙදෙනා ඒ වන විට වෑන් රථයෙන් බැස සිටීමය.

වෑන් රියේ රියැදුරා ඇතුළු සිව් දෙනෙකු හිඳ තිබේ. රැස්වූ පිරිස වෑන් රියේ මිනීමරුවන්ට 'හොඳට සලකා' පොලීසියට බාර දී ඇත.

එසේ බාරදී ඇති සිව් දෙනා අතර සිංහල 2 ක් සහ දෙමළ 2 ක් වෙති. ඔවුන්ගේ නම් ගම් මෙසේය.

අප්‍රිකාවේ සුවිසල් භූගත ජල සංචිතයක්‌?


අප්‍රිකාව යනු ජල හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් ව ඇති රටවල් හා ප්‍රදේශ රැසකින් සමන්විත මහාද්වීපයකි.

ලෝකයේ විශාලතම කාන්තාර ප්‍රදේශ දැකිය හැක්‌කේ ද අප්‍රිකාවේ ය. එහෙත් ඒ මහාද්වීපයේ සුවිශාල භූගත ජල සංචිතයක්‌ ඇති බවක්‌ පසුගිය දා සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

මෙසේ අප්‍රිකා මහාද්වීපයේ දැකිය හැකි භූගත ජලධරවල ඇති ජල ප්‍රමාණය පොළොව මතුපිට දැකිය හැකි ප්‍රමාණය මෙන් සිය ගුණයක්‌ පමණ තරම් වේ. 


මේ දත්ත මත සකස්‌ කරන ලද සිතියමක්‌ මඟින් අදාළ භූ ජලධරවල පිහිටීම පෙන්වා දී ඇත.

මීලඟ ක්‍රීඩා නියෝජ්‍ය ඇමති නාමල් ද !!!!


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළඹෙන 16 දා නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් පිරිනැමීමට සැරසෙන බව රජයේ නිල නොලත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.

එසේම එම ආරංචි මාර්ග අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය බොහෝ දුරට නාමල් රාජපක්ෂ මහතාට ලැබීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.


වත්මන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එම ධුරයෙන් ඉවත්වන ලෙසද බලපෑමක් ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය වරයෙකු නොමැතිව අමාත්‍යංශය නව නියෝජ්‍ය අමාත්‍ය වරයා යටතේ පාලනය කිරීමට සැලසුමක් ඇති බවත් එම ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් දැනගන්නට ලැබෙනවා.

රයිගම් සම්මාන උළලේ නෙහාරා මාධ්‍යය මග හරියි


ඉකුත් සිකුරාදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති රයිගම් ටෙලි සමාන උළලේ ජනප්‍රියම නිළිය ලෙස සම්මාන ලැබුවේ නෙහාරා පිරිස්ය.

නමුත් ඇය සමානය ලැබීමත් සමග සමුහ ජායාරුප වලට පවා පෙනී නොසිටිමින් මාධ්‍යය මග හරිමින් ඉවත්ව යාම පිළිබඳව මේ වනවිට කතා බහක් ඇතිව තිබේ.

අප කල සොයා බැලීමකදී නිල නොවන ආරංචි මගින් අප වෙත වාර්තා වුයේ ජනප්‍රියම නිළිය තේරීම සඳහා වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ ආශා එදිරිසිංහ වෙත බවයි.

මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා - ලසිත් මාලිංගගේ ඉල්ලීම ඉවතට!


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප මෙයට පෙරහෙළි කළා.

පසුව මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා තිබුනේ තමා තමාව ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග ඒ පිලිබඳ සාකච්ජා කරන බවත්ය.

ඒ අනුව වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති අතර එහි ලසිත් මාලිංග අයත් වනුයේ පළමු ශ්‍රේණියටය.

නිධන් සඳහා බිලිදීමට ළමුන් පැහැරගනී ?


මරාණ්ඩුව වියරුවෙන්: නිධන් සඳහා බිලිදීමට ළමුන් පැහැරගනී: අද දවසට 3 යි: එක් සුදුවෑන් රථයක් සහ මිනීමරුවන් අල්ලා ගනී

නිධන් යනු තෙල් වගේ ස්වභාවික සම්පතක් බවත් හොරු හාරන්න කලින් රජය හෑරිය යුතු බවත් ආණ්ඩුවේ සන්ධාන පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ චීවරධාරී මන්ත්‍රී එල්ලාවල මේධානන්ද පවසද්දී නිධන් ගොඩ ගැනීම සඳහා බිලි දීමට පිරිමි දරුවන් තිදෙනෙක් සුදු වෑන් යොදවා පැහැර ගැනීමට කරන ලද උත්සාහයන් 3 ක් 
ඊයේ (13) එකම දිනයකදී උතුරින් සහ නැගෙනහිරින් වාර්තා වේ. මෙම බියකරු සිදුවීම් තුනෙන් එක් සිදුවීමක දී සුදුවෑන් රථය සහ මිනීමරුවන් පිරිස ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන තිබේ.

නැගෙනහිර වාලච්චේන පොලිස් කොට්ඨාශයේ සච්චියාර් පාරේදී වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙකු පැහැර ගෙන යාමට සුදු වෑන් මිනීමරුවන් උත්සාහ කරද්දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා වාලච්චේන පොලීසියට බාර දී තිබේ.

නිධන් යනු තෙල් වගේ ස්වභාවික සම්පතක්: හොරු හාරන්න කලින් රජය හෑරිය යුතුයි ?


නිධන් යනු තෙල් වගේ ස්වභාවික සම්පතක්: හොරු හාරන්න කලින් රජය හෑරිය යුතුයි - එල්ලාවළ මේධානන්ද වෘක්ෂ සුනඛයා අසූචි වලඳමින් දෙසයි-

රාජපක්ෂලාගේ අසූචි පවා වළඳන එල්ලාවල මේධානන්ද නම් ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයා අපූරු කතාවක් කර තිබේ. අද සති අන්ත පුවත් පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු රාජපක්ෂලාගේ හොරෙන් නිධන් හෑරිල්ල සාධාරණය කරයි. නිධන් යනු තෙල් වැනි පොළොවෙන් ලැඛෙන ස්වාභාවික සම්පතක් බව පවසයි.

"මම කියන්නේ රටේ තියන පුරාවස්තු ඒවා ජාතිය සතු දේවල් නිසා ආරක්ෂා කළ යුතුයි. නිධන් කියන්නේ වෙනම ජාතියක්. ඒ කියන්නේ පොළොව යට තියෙන සම්පත් මිස පූජනීය පුරා වස්තු නොවේ. මැණික් රත්තරන් වගේ දේවල් පොළොව යට තියෙනව නම් මමනම් කියන්නෙ රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල ඒවා රජයේ ආදායමට එකතු කර ගත යුතුයි."

ඔබ වහන්සෙ කියන්නෙ මේ පුරා වස්තු මේ නිධන් වස්තු වර්තමානයේදි ගොඩගන්න එක අවශ්‍යයයි සාධාරණයක් කියලද?

රදලියගොඩ නැවතත් පොලිස් දැලෙන් රිංගයි ?


පෙරේදා (12) පෙරවරු 10.20ට නුගේගොඩ මිරිහානේ පිහිටි කොළඹ දිසාව, බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මහතා හමුවීමට පැමිණ ඇති දැනට විවෘත වරෙන්තු යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිත ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ සහ තවත් පුද්ගලයකු දීර්ඝ වේලාවක් නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිට ඇත.
මෙසේ දීර්ඝ වේලාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මහතා මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකයේ (SCIB) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එස්.ඩී. කරුණාරත්න මහතා ගෙන්වා කිසිදු හේතුවකට සුදර්මන් රදලියගොඩව අත් අඩංගුවට නොගන්නා ලෙසට නියෝග කර තිබේ.

මර්වින් කළ දැවැන්තම ඉඩම් මංකොල්ලයක් හෙළි වෙයි ?


අමාත්‍ය මර්වින් සිල්වා විසින් කළ දැවැන්ත ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් මේවන විට හෙළිවී තිබේ.
කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පර්චස් 85ක ඉඩමක් හොර ඔප්පුවක් සාදා මෙලෙස ඔහු විසින් මංකොල්ල කා ඇතැයි පැවසේ.
මෙම ඉඩම් මංකොල්ලයට අමාත්‍ය මර්වින් සිල්වාට අමතරව මීරිගම විමලේ හෙවත් විමල් අත්තනායක, ගම්පහ නගර සභාවේ උප නගරාධිපති අජිත් බස්නායක හා ඔහුගේ ගොලයකු වන තරංග නවීන් වීරකොන් නැමැති පිරිස සම්බන්ධවී තිබේ.
මොවුන් එක්ව මෙලෙස මංකොල්ල කා ඇත්තේ කබ්රාල් නැමැති අයෙකුට අයත් ඉඩමක් බව පැවසේ.

පොලිස් පරීක්‍ෂක ඩග්ලස් නිමල්ගේ ඝාතනයට වගකිවයුතු නියෝජ්‍ය පොලිස්පතිවරයා කවුද?


2006 වසරේ අපේ‍්‍රල් මස 25 වන දින පෙරවරු 8.35 ට මාලඹේ අතුරුගිරිය ප‍්‍රදේශයේ තම පෞද්ගලික වෑන් රථයේ ගමන් කරමින් සිටියදී, නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද,
බොරැල්ල පොලිසියට අනුයුක්තව පිහිටා තිබූ විශේෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය භාරව සිටි පොලිස් පරීක්‍ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳගේ ඝාතනයට වගකිවයුතු නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස, වයඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාව හඳුනාගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත සැල කර සිටී.

Share this article with your friends